Pages

Sunday, September 7, 2014

මධ්‍යස්ථ මතධාරී භික්ෂු නායකත්වයක් - නව සංඝ සභාවක්

රටට මේ මොහොතේ මධ්‍යස්ථ මතධාරී භික්ෂු නායකත්වයක් අවශ්‍ය වී ඇති බැවින් ශ‍්‍රී ලංකා ජාතික සංඝ සභාව නමින් නව සංවිධානයක් පිහිට වූ බව සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ කාරක සංඝ සභික ආචාර්ය මැදගම ධම්මානන්ද හිමියෝ පවසති.

කොළඹ මාලිගාකන්දේ විද්‍යෝදය මහ පිරිවෙනේ පරිවේනාධිපති බළන්ගොඩ සෝභිත,අමරපුර නිකායේ මහා නායක තිරිකුණාමලේ ආනන්ද,දෙහිවල නැදිමාල බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂක කිරම විමලජෝති,මහාචාර්ය කෝන්ගස්තැන්නේ ආනන්ද,ශාන්ති පදනමේ සභාපති කොටපොළ අමරකිත්ති යන නාහිමිවරු ජාතික සංඝ සභාව නියෝජනය කරන සභාපති මණ්ඩලය සදහා අයත් වෙති.


සෙසු නිලධාරී මඩුල්ලට ප‍්‍රධාන ලේකම් මහාචාර්ය ඉදුරාගාරේ ධම්මරතන,මූල්‍ය ලේකම් හපුතලේ පඤ්ඤාරාම,සංවිධායක ලේකම් ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මැදගොඩ අභයතිස්ස,උප ලේකම් ගොම්බැද්දල දමිත යන හිමිවරු පත්ව සිටිති.විධායක සභාවට කණුමුල්දෙණියේ චන්ද විමල,මහාචාර්ය මාගම්මන පඤ්ඤානන්ද,මහාචාර්ය මුවඇටගම ඤාණානන්ද,මහාචාර්ය අගලකඩ සිරි සුමන,මහාචාර්ය පාතේගම ඤාණිස්සර,ශාස්ත‍්‍රපති හැඩිගල්ලේ විමලසාර යන හිමිවරු අයත් වෙති.කාරක සභිකවරුන් ලෙස පත්ව ඇත්තේ තලගල සුමනරතන මහාචාර්ය උණුවතුරබුබුලේ මහින්ද,කෑගල්ලේ රතනසාර,ආචාර්ය කහගල සාරනන්ද,මහාචාර්ය මල්වානේ චන්දරතන,කථිකාචාර්ය කපුගොල්ලෑවේ ආනන්දකිත්ති,ආචාර්ය මොරගොල්ලේ උපරතන රජවැල්ලේ සුභූති,ආචාර්ය කුලන්වියේ රතනසිරි,ආචාර්ය මාකොළ මංගල යන හිමිවරුන්ය.


http://lankacnews.com/sinhala/news/121749/

0 comments: