Pages

Thursday, September 11, 2014

ඩෙල්ෆ්ට්‌ දූපතෙනුත් බොදු උරුමය මතුවේ!

පුරාවිද්‍යා වටිනාමකින් යුත් ස්‌මාරක රැසක්‌ සහිත යාපනය ඩෙල්ෆ්ට්‌ දූපතේ නව සංරක්‍ෂණ ව්‍යාපෘතියක්‌ ක්‍රියාත්මක කිරීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.

ඩෙල්ෆ්ට්‌ දූපතේ ඇති පුරාවිද්‍යා වටිනාකමකින් යුත් බෞද්ධාගමික නටඹුන්, පැරණි හින්දු කෝවිල්, කොරල් ගල්වලින් නිර්මිත සීමා ගල් ප්‍රාකාර, බයෝ බැබ් ගස ද, ඕලන්ද සමයට අයත් බළකොටුව, පරෙව් කූඩුව, ප්‍රදීපාගාරය, අශ්ව අභිජනන මධ්‍යස්‌ථානය, අශ්වගාල ලෙස භාවිතා කළ ගොඩනැගිල්ල සහ අධිකරණ සංකීර්ණය මෙම ව්‍යාපෘතිය හරහා සංරක්‍ෂණය කිරීමට නියමිතය.

මතු පරපුර වෙත දායාද කිරීමත් හා දෙස්‌ විදෙස්‌ සංචාරකයන්ගේ සිත් ඇද ගන්නා ස්‌ථානයක්‌ බවට පත් කිරීම මේවා සංරක්‍ෂණය කිරීමෙහි මූලික අරමුණ බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක මහතා පැවසීය.

රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ඉල්ලීමකට අනුව උරුමයක උල්පත පදනමේ නිර්මාතෘ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක මිලින්ද මොරගොඩ හා එම පදනමේ මහ ලේකම් ආර්. ඒ. ඩී. සිරිසේන මහතාගේ මැදිහත්වීමෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් මෙම ව්‍යාපෘතිය ආරම්භ කර ඇත.

ලසිත දුමින්ද

http://www.divaina.com/2014/09/10/news06.html


Pic Source

0 comments: