Pages

Sunday, September 7, 2014

අල්ලහු අක්බර්! - ආගමේ නාමයෙන් පැතිරෙන පිළිකාව - මූසල මුසලු අන්තවාදය

අයි. එස්‌. අයි. එස්‌. සංවිධානය යළිත් වරක්‌ ඇමරිකාවට එරෙහිව ක්‍රියාත්මක වී ඇත. එනිසාම ඔබාමාගේ පාලන තන්ත්‍රය නැවත සලිත වී තිබේ. ඇමරිකානු උප ජනාධිපති ජෝ බයිඩන් නම් ප්‍රකාශ කරන්නේ අයි.එස්‌.අයි.එස්‌. සටන්කාමීන් අපායේ දොරටුව තෙක්‌ කැඳවා ගෙන යන බවයි. ටයිම්ස්‌ සඟරාවේ සේවය කළ ස්‌ටීවන් ස්‌කොට්‌ලොµa සුන්නි අන්තවාදීන් විසින් සති කිහිපයක්‌ ඇතුළත දෙවැනියට බෙල්ල කපා මරා දැමුණු ඇමරිකානුවාය. ඔහු ඇමරිකා මෙන්ම ඊශ්‍රායල් පුරවැසිකම හිමිව තිබූ යුදෙව්වෙකි. සිරියාවේදී ස්‌ටීවන් පැහැර ගැනීමට ලක්‌ වූ විට ඔහුගේ යුදෙව් අනන්‍යතාව හෙළි නොකිරීමට ඊශ්‍රායල් ආරක්‍ෂක අංශ කටයුතු කළේය. නමුත් 31 හැවිරිදි ස්‌ටීවන් ටයිම්ස්‌ සඟරාවේ නිදහස්‌ මාධ්‍යවේදියකු ලෙස කටයුතු කළේය. ටයිම්ස්‌ සඟරාවට සිය මියගිය සගයා පිළිබඳ ලිපියක්‌ද ඔහුගේ වෙබ් අඩවියේ පළකර ඇත. එහි සඳහන් වන්නේ ස්‌ටීවන් යුද ගැටුම්වලින් පීඩා විඳින, හඬක්‌ නැති ජනතාවට හඬක්‌ වූ බවයි. නමුත් යළිත් ස්‌ටීවන්ට හඬ නඟන්නට නොහැක්‌කේ ඔහුගේ බෙල්ල කපා දමා ඇති නිසාය. ස්‌ටීවන්ගේ මරණයෙන් පසු මාධ්‍යය ඇමතූ බරක්‌ ඔබාමා මේ කෲර ඝාතනය හෙළාදැක්‌කද අයි.එස්‌.අයි.එස්‌. ත්‍රස්‌තයන්ට එරෙහිව දැඩි පිළිතුරක්‌ ලබා නොදීම ගැන ඇමරිකානු මාධ්‍යවල කතාබහට ලක්‌ විය. නමුත් උප ජනාධිපති ජො බයිඩන් නම් මේ ත්‍රස්‌තයන්ට අපායේ දොරටු විවෘත කරන බව පැවසීම ගැන සී.එන්.එන්. රූපවාහිනි සාකච්ඡාවට පැමිණි හිටපු සී.අයි.ජී. ප්‍රධානියකුගේ ප්‍රශංසාවට ලක්‌විය.

මුස්‌ලිම් අන්තවාදීන් අනිත් ඝාතනය වූ දෙවැනි යුදෙව් මාධ්‍යවේදියා ස්‌ටීවන්ය. ඔහු දෙවැනියා වන්නේ කෙසේද? මීට පෙර 2002 පෙබරවාරි 01 වැනිදා ද වොල් ස්‌ට්‍රීට්‌ ජර්නල් පුවත්පතේ දකුණු ආසියානු කලාපයේ ප්‍රධානියා ලෙස කටයුතු කළ ඩැනියල් පර්ල්, අල්ඛයිඩාවරුන් විසින් බෙල්ල කපා මරා දමන ලදී. ඩැනියල් පර්ල් අතුරුදන් වූයේ පකිස්‌තානයේදීය. එක්‌දරු පියෙකු වූ ඩැනියල් ඝාතනය වන විට 38 හැවිරිදි වියේ පසු විය. මොහුගේ ගෙල සිඳිණු ලැබූ පුද්ගලයා අහමඩ් ඕමාර් සහීඩ් ෂේක්‌ පසුව අත්අඩංගුවට ගැනුණු අතර 2007 මාර්තු මාසයේදී එල්ලා මරා දැමිණි. අහමඩ් ඕමාර් පකිස්‌තාන සම්භවයක්‌ ඇති බ්‍රිතාන්‍ය ජාතිකයෙකි.

ස්‌ටීවන්ගේ ගෙල සිඳ දැමුවේ මාධ්‍යවේදී ඡේම්ස්‌ ෆොලී ඝාතනය කිරීමෙන් සති දෙකකට පසුවය. ජෝන් නමැති බ්‍රිතාන්‍ය ජාතික ජිහාඩ් සාමාජිකයන් ඔහුගේ බෙල්ල කපා දමනා අයුරු ලොව පුරා ප්‍රචාරය විය. ඇත්තෙන්ම මෙම වීඩියෝ පටයේද ස්‌ටීවන් ප්‍රදර්ශනය කරනු ලැබීය. තැඹිලි පැහැති ඇඳුමින් සැරසී සිටි ස්‌ටීවන් පෙන්වා අයි.එස්‌.අයි.එස්‌. සංවිධානය ඇමරිකාවට අනතුරු ඇඟවූයේ තවදුරටත් ගුවන් ප්‍රහාර එල්ල කළ හොත් මොහුගේද හිස සිඳෙනු ඇති බවයි.

ඡේම්ස්‌ ෆොලී ඝාතනය වීමෙන් පසුවද ඇමරිකාව ඉරාකයේ ඇමෙර්ලි නගරයේ සිර වී සිටින තුර්කි සම්භවයක්‌ ඇති ෂියා මුස්‌ලිම්වරුන් විසිදහසක්‌ බේරා ගැනීම පිණිස අයි.එස්‌.අයි.එස්‌. ඉලක්‌ක වෙත ගුවන් ප්‍රහාර එල්ල කළේය. එම ප්‍රහාර නිසා කුර්දි හමුදාවන්ට මේ නගරය ආරක්‍ෂා කර ගැනීමට හැකිවීය. නමුත් අවාසනාව වූයේ ස්‌ටීවන්ට තම ජීවිතය පුදන්නට සිදුවීමය.

ඡේම්ස්‌ ෆොලී ඝාතනය කරන දර්ශන ඇතුළත් වීඩියෝවේ ස්‌ටීවන් ප්‍රදර්ශනය කළ විට ම්යාම් හි වෙසෙන ඔහුගේ මව අයි. එස්‌.අයි.එස්‌. නායක අබුබකර් බැග්ඩෑඩිට ආයාචනා කළ සිටියේ තම පුතා නිදහස්‌ කරන ලෙසය. එහෙත් ඒ ආයාචනා පිළිගැනීමට මේ ත්‍රස්‌ත නායකයා සූදානම් නැත. ඇත්තෙන්ම මොහු බින්ලාඩන්ටත් වඩා දරුණු ත්‍රස්‌තයෙකි.

ඡේම්ස්‌ ෆොලී වයඹදිග සිරියාවේදී අතුරුදන් වූයේ 2012 නොවැම්බර් 22 වැනිදාය. ස්‌ටීවන් අතුරුදන් වන්නේ 2013 අගෝස්‌තු 04 වැනිදා සිරියාවේ ඇලෙණෝ නගරයේදීය. මේ නගරය තුළ බලය අල්ලාගෙන සිටින්නේ ජනපති බෂාර් අල් අසාද්ට එරෙහිව සටන් කරන ජිහාඩ්වරුන්ය. සිරියානු අරාබි කාන්තාරයේදී මේ මාධ්‍යවේදියා ඝාතනයට ලක්‌ වන්නේ ඉකුත් 02 වැනිදාය. අයි.එස්‌.අයි.එස්‌. සංවිධානය ඇමරිකාවට තම දෙවන පණිවුඩය එවන්නේද මේ ඝාතන වීඩියෝව හරහාය. පළමු පණිවුඩය ලැබෙන්නේ අගෝස්‌තු 19 වැනිදාය. ඒ ඡේම්ස්‌ ෆොලීගේ ගෙල සිඳින වීඩියෝවත් සමඟය. ස්‌ටීවන් තමා මරා දැමීමට පෙර ප්‍රකාශ කරන්නේ "මම මේ ගුවන් ප්‍රහාරවල දඬුවම ගෙවනවා" යනුවෙනි. මේ මාධ්‍යවේදීන් දෙදෙනා ඝාතනය වූවත් ඇමරිකාව ගුවන් ප්‍රහාර නතර කරන්නේ නැත. මනුෂ්‍ය ශිෂ්ඨාචාරය නැවත ගල් යුගයට ඇදගෙන යන්නට හෝ ඊනියා ආගමික අධිරාජ්‍යය පිහිටුවීමට අබුබකර් බැග්ඩෑඩිට කිසිවිටත් ඉඩ දිය යුතු නැත. ඇත්තෙන්ම මෙම සුන්නි වහාබ්වාදය මුළු ලොවම නැවත තුන්වැනි ලෝක යුද්ධයක්‌ සඳහා ඇදගෙන යන්නේ දැයි සැක සිතේ.

අබුබකර් බැග්ඩෑඩි පාලනය කරන ප්‍රදේශය මහා බ්‍රිතාන්‍යයටත් වඩා විශාල භූමි ප්‍රදේශයකි. මේ ප්‍රදේශය තවදුරටත් විශාල වුවහොත් සිදුවන්නේ කුමක්‌ද? ස්‌ටීවන් ඝාතනය කිරීමෙන් පසුව තවත් ඇමරිකානු භටයන් 350 ක්‌ ඉරාකය වෙත යෑවීමට ජනාධිපති ඔබාමා අවසර දී ඇත. එහෙත් ඉරාකයේ ඉලක්‌ක වෙත ගුවන් ප්‍රහාර එල්ල කර පමණක්‌ අයි.එස්‌.අයි.එස්‌. ත්‍රස්‌තයන් විනාශ කළ නොහැක. අනිවාර්යයෙන්ම සිරියාවේ ඉලක්‌ක වෙතද පහර දිය යුතුය. ඇමරිකාවට ඉරාකයේ භූමිය පිළිබඳ නිසි තොරතුරු හා දත්ත තිබේ. නමුත් සිරියාවේ ඉලක්‌ක පිළිබඳව නිසි තොරතුරු හා දත්ත නොමැත. බෂාර් අල් අසාද් සමග එක්‌ව අබුබකර් බැග්ඩෑඩි විනාශ කිරීමට ඔබාමා පාලනය කැමති නැත. නමුත් සිරියානු පාලනයේ සහාය නොමැතිව මේ කටයුත්ත කිරීම ඉතා දුෂ්කරය.

ඇමරිකානු ආරක්‍ෂක ලේකම් ඩක්‌ හේනල් හෙළිකරන තොරතුරුවලට අනුව ඇමරිකානු පුරවැසියන් 100 දෙනෙක්‌ අබුබකර් බැග්ඩෑඩිගේ ත්‍රස්‌ත සංවිධානයට එක්‌ව සිටියි. ඇමරිකාවේ ඩෙල්ටා ගුවන් සේවයේ යානා පිරිසිදු කරන පුද්ගලයකු ලෙස සේවය කළ සෝමාලි - ඇමරිකානුවකු වන 29 හැවිරිදි අබ්ඩිරහමාන් මුහමඩ් පසුගියදා මරණයට පත්විය. ඩග්ලස්‌ ආතර් මැකේන් නමැති ඇමරිකානුවාද සිරියාවේදී ඝාතනය විය. මේ දෙදෙනාම අයි.එස්‌.අයි.එස්‌. සාමාජිකයෝය. එනිසාම ඇමරිකාවට මේ සුන්නි වහාබ්වාදී ප්‍රශ්නය බලවත් හිසරදයක්‌ බවට පත්ව ඇත. ඉරාකයෙන් භාගයක්‌ද සිරියාවෙන් භාගයක්‌ද පාලනය කරන මෙම පිරිස්‌ මුස්‌ලිම් ආගමේ නාමයෙන් මිනී මරයි. ලොව පුරා මධ්‍යස්‌ථ මුස්‌ලිම් ප්‍රජාව මේ අන්තවාදයට එරෙහිව දැන් දැන් කතා කිරීමට පටන් ගෙන ඇත.

ඩොලර් බිලියන ගණනින් වැයකරමින් සුන්නි වහාබ්වාදය පෝෂණය කළ සවුදි අරාබියට පහරදීමට අයි.එස්‌.අයි.එස්‌. සංවිධානය සූදානම් වන බවටත් පසුගිය දිනක මාධ්‍ය වාර්තා පළ විය. එය සැබවින්ම දෛවයේ සරදමකි. තෙල් සල්ලි නිසා වහාබ් යක්‍ෂයා බිහි විය. එම යක්‍ෂයාම සවුදි අරාබිය විනාශ කිරීමට සැරසේද?

චතුර පමුණුව 

http://www.divaina.com/2014/09/07/forign.html

0 comments: