Pages

Tuesday, September 16, 2014

ෆෝමියුලා ධාවන ශූර ශූමාකර් රෝහලේ සිට ගෙදර යයි

කෝමා තත්ත්වයක්‌ හේතුවෙන් රෝහල්ගතව සිටි ෆෝමියුලා මෝටර් රථ ධාවන ශූර මයිකල් ශූමාකර්ව රෝහලේ සිට ජිනීවාහි ඇති නිවස වෙත රැගෙන ඒමට ඔහුගේ පවුලේ උදවිය කටයුතු යොදා තිබේ.

හත්වතාවක්‌ ෆොමියුලා ලෝක ශූරතාව දිනා සිටින ශූමාකර් ඉකුත් වසරේ දෙසැම්බර් මසදී ප්‍රංශයේ ඇල්ප්ස්‌ කඳු වැටියෙහි හිම මත ලිස්‌සා යැමේ නිරතව සිටියදී ඇද වැටීමෙන් කෝමා තත්ත්වයට පත්විය. ඒ අනුව ශූමාකර් සිය මාස 7 ක කාලයක්‌ තිස්‌සේ කෝමා තත්ත්වයෙන් පසුවූ බව සඳහන් වන අතර මේ වන විට එම තත්ත්වයෙන් මිදී සිටින බවද සඳහන් වේ.

ශූමාකර්ගේ කළමනාකාරවරිය ලෙසින් කටයුතු කරන සෙබින් කෙම් මාධ්‍ය නිවේදනයක්‌ නිකුත් කරමින්, ශූමාකර්ව නිවසට රැගෙන ගියද නිවසේ සිට ඔහුට වැඩිදුරටත් ප්‍රතිකාර කිරීම සිදුකෙරෙන බව සඳහන් කර තිබේ.

45 හැවිරිදි වියේ පසුවන ශූමාකර් යථා තත්ත්වයට පත් කිරීම සඳහා තවත් කලක්‌ ගතවනු ඇතැයි ඔහුට ප්‍රතිකාර කරනු ලබන වෛද්‍යවරුන්ගේ අදහස වී තිබෙන බවද සඳහන් වේ.

http://www.divaina.com/2014/09/15/sports04.html

සබැඳි ලිපි -
[
ප්‍රකෝටි ගණන් මුදලින් දුප්පතුන් සැනැහූ දැන් මරණය සමඟ පොරබදන ලෝක ෆෝමියුලා ධාවන ශූරයා - ෂූමාකර්http://denethharinna.blogspot.com/2014/01/blog-post_10.html
හිම මත හිස ගැටුණු 'ෆෝමියුලා වන්' ධාවන ශූර මයිකල් ෂූමාකර් ජීවිතයත් මරණයත් අතර සටනකhttp://denethharinna.blogspot.com/2014/01/blog-post_7734.htmlෆෝමියුලා ශූරතාව 7 වතාවක් දිනූ මයිකල් ෂූමාකර් හිම මත ලිස්සීමේදී හදිසි අනතුරකින් කෝමා තත්වයේ.. මොළයේ සැත්කමක්http://denethharinna.blogspot.com/2013/12/7.html
]

0 comments: