
1966 සැප්තැම්බර් 22 වැනි දින හසලකදී උපත ලද වීර ගාමිණී හෙවත් ගාමිණී කුලරත්න පස්‌දෙනකුගෙන් යුත් පවුලේ දෙවැන්නා විය.
හසලක ප්‍රදේශයේ ගොවියකු වූ වයි. බී. බබානිස් ගාමිණීගේ පියා වූ අතර 1980 දී ඔහු මිය ගියේය. වයි. බී. ජුලියට් නමැති සිය මෑණියන් ද සෙසු සොහොයුරන් සහ සොහොයුරිය සමග ගාමිණී ජීවත් වූයේ හසලක ප්‍රදේශයේ කුඩා නිවෙසකය.
සාමාන්‍ය සෙබළකු ලෙස සේවයට බැඳුණු ගාමිණී කුලරත්න මිය යන විට ලාන්ස් කෝප්‍රල්වරයකු ලෙස සේවය කරමින් සිටියේය.
ගාමිණී රණවිරුවා සිය ජීවිතය පුදා අලිමංකඩ හමුදා කඳවුරේ 1500 කට ආසන්න හමුදා සෙබළුන්ගේ ජීවිත බේරාගනු ලැබුයේ 1991 ජුලි මස 14 වැනි දිනයේදීය.
මෙම වීර ක්‍රියාව වෙනුවෙන් මෙම රණවිරුවා "පරම වීර විභූෂණ" සම්මානයෙන් පිදුම් ලැබීය. පසුව ඔහු සිහිවීමට පිළිරූ දෙකක්‌ද ඉදිකරනු ලැබිණි. ඉන් එකක් ඔහු දිවි පිදූ අලිමංකඩ හමුදා කඳවුර අසල ඉදිකෙරුණු අතර අනෙක් පිළිරුව ඔහුගේ ගම් ප්‍රදේශය වූ හසලක නගරයේ ඉදිකර තිබේ.
රට දැය වෙනුවෙන් සිය දිවි පිදූ හසලක ගාමිණී කුලරත්න රණවිරුවා රටට මෙන්ම දැයට ද මහත් අභිමානයකි.
හසලකදී පුෂ්පෝපහාර දැක්‌වීමක් අද පෙරවරුවේ
හසලක වීර සෙබළා දැයෙන් සමුගෙන මෙම මස 14 වැනි දිනට වර්ෂ 25 ක් සපිරේ. ඒ වෙනුවෙන් හසලක නගරයේ ඉදිකොට තිබෙන වීර ගාමිණී පිළිරුවට පුෂ්පෝපහාර දැක්‌වීම සඳහා සංචාරක සංවර්ධන, ක්‍රිස්‌තියානි ආගමික කටයුතු හා ඉඩම් අමාත්‍ය ජෝන් අමරතුංග මහතාගේ උපදෙස් පරිදි ඔහුගේ මාධ්‍ය ලේකම්, බස්‌නාහිර පළාත් සභාවේ හිටපු අමාත්‍ය ලෝරන්ස් මාදිවල මහතා ඇතුළු එම අමාත්‍යාංශයේ නිලධාරීහු පිරිසක් එදින පෙ.ව. 10.00 ට හසලක වීර ගාමිණී පිළිරුව අසලට පැමිණෙන්නට නියමිතය.
හසලක වීර ගාමිණී සෙබළාගේ මෑණියන් සහ පවුලේ අයද මෙම උත්සවයට සහභාගි වන අතර, පාසල් දරු දැරියන් සඳහා අභ්‍යාස පොත් ප්‍රදානයක් ද මෙම අවස්‌ථාවේදී සිදු කිරීමට නියමිතය.
සටහන හා සේයාරූ - ගොකරැල්ල - රණවීර මනුකුලසූරිය
http://www.divaina.com/2016/07/14/news20.html
0 comments:
Post a Comment