Pages

Saturday, July 16, 2016

ආචාර්ය්‍යවරුන් බලා සිටියදීම යාපනය විශ්ව විද්‍යාලයේ සිංහල සිසුන්ට ජාතිවාදී ප්‍රහාරයක්! සිසු ජීවිත අනතුරේ!

13718794_1729471543961766_8366920747920406790_nයාපනය විශ්ව විද්‍යාලයේ විද්‍යාපිඨ සිංහල සිසුන්ට අද දහවල් ප්‍රහාරයක් එල්ලවී තිබෙන බව වාර්තා වනවා. විශ්ව විද්‍යාලයට නවක සිසුන් පිළිගැනීමේ උත්සවයක් අතරතුරයි මෙම ප්‍රහාරය සිදුව තිබෙන්නේ.

13692677_1729471473961773_328768886970974439_nවිද්‍යාපීඨ සිංහල ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කර තිබුණු මෙම පිළිගැනිම සදහා උඩරට වෙස් නැටුම් කණ්ඩායමක් සහභාගී කරවාගෙන තිබෙන අතර දමිළ සිසුන් එයට විරෝධය පළකර තිබෙනවා. අනතුරුව එම ස්ථානයට කඩා වැදුණු කාලා පීඨ දෙමළ සිසුන් විසින් විශ්ව විද්‍යාල ආචාර්ය්‍යවරුන් බලා සිටියදීම පහරදීම සිදුකර තිබෙන අතර වීදුරු කඩා බිද දමමින් විශ්ව විද්‍යාල ගොඩනැගිවලටද හානිකර තිබෙනවා.

පහරදීමෙන් සිසුන් රැසකට තුවාල සිදුවී ඇති අතර එම අවස්ථාවේ සිසුන් හතර දෙනෙකු රෝහල්ගත කළ බවයි විශ්ව විද්‍යාල සිංහල ශිෂ්‍ය සංගමය ප්‍රකාශ කරන්නේ.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් විශ්ව විද්‍යාල පාලනාධිකාරිය නිහඩ පිළිවෙතක් අනුගමනය කරන බවත්, යළිත් වරක් පහරදීමක් සිදුවෙතැයි සිංහල සිසුන් දැඩි භීතියකින් පසුවන බවත් ශිෂ්‍ය සංගමය වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

http://www.colombotoday.com/879555-6588/

0 comments: