Pages

Thursday, July 14, 2016

PEACE කියා ත්‍රස්තවාදය වැපිරූ ඉස්ලාම් රූපවාහිනිය බංග්ලාදේශයේ තහනම්! ලංකාවේ යහතින් වැඩ!

sakirr5පීස් ටී.වී. නම් වන ඉස්ලාමීය ආගමික රූපවාහිනී නාලිකාව තහනම් කිරීමට බංග්ලාදේශ රජය සූදානම් වන අතර එයට ආසන්නම හේතුව වී ඇත්තේ පසුගියදා ඩකා අගනුවර අවන්හලකට එල්ලවූ අයි.එස් ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්ත ප්‍රහාරයයි.

මෙම නාලිකාවේ ප්‍රචාරය වන අදහස් අතිශයින්ම අන්තවාදී වන බවත්, ඒ හරහා එරට මුස්ලිම් තරුණ පරපුර නොමග යන බවත් මෙම තීරණයට හේතු දක්වමින් බංග්ලාදේශ රජය ප්‍රකාශකර ඇත. පැය විසිහතර පුරා විකාශය වන මෙම නාලිකාව ඩුබායි සිට ඉංග්‍රීසි හා උර්දු බසින් රටවල් ගණනාවක විකාශය කරන්නක් වන අතර මෙහි හිමිකරු වන්නේ ඉන්දියාවේ මුම්බායි නගරයේ සිට ක්‍රියාත්මක වන ඉස්ලාමීය පර්යේෂණ පදනමයි. එහි නිර්මාතෘවරයා වන ආචාර්ය සකීර් නායික් නමැත්තා ඉස්ලාමීය රැඩිකල් ජිහාඩ්වාදය ප්‍රචලිත කරන දේශකයෙකු වශයෙන් ප්‍රකටව සිටින අතර බ්‍රිතාන්‍යය ඇතුළු රටවල් කිහිපයක් ඔහු අසාධු ලේඛණයට ඇතුළත් කර එම රටවල්වලට ඇතුළුවීම තහනම් කර ඇත.

බංග්ලාදේශ ප්‍රහාරය සිදුකළ ත්‍රස්තයන්ගේ ආධ්‍යාත්මික නායකයා වී ඇත්තේ සකීර් නායික් වන අතර ප්‍රහාරයට පැමිණි රෝෂන් ඉමිතියාස් නමැත්තා ප්‍රහාරයට පෙර දින විටෙක සියළු මුසල්මානුවන් අමරණීය ත්‍රස්තවාදීන්ය යන සකීර් නායික්ගේ ප්‍රකාශය මුහුණු පොතට එක්කර තිබුණු බවද පැවසෙයි.

ඉන්දියාවේ කේරළයේ මුස්ලිම් තරුණයන් 15 දෙනෙකු පමණ අයි.එස්.අයි.එස් ත්‍රස්තයන් සමග එක්ව ඇති බවට පසුගියදා ඉන්දීය මාධ්‍ය වාර්තා කිරීමත් සමග ඉන්දියාව තුළු දැඩි කැළඹීමක් ඇතිව තිබෙන අතර සාකිර් නායික් සම්බන්ධයෙන්ද ඉන්දීය බුද්ධි අංශවල දැඩි අවධානය යොමුව ඇතිබව පැවසෙයි. බංග්ලාදේශයේ අයි.එස් ප්‍රහාරය සිදුවන අවස්ථාවේ සෞදි අරාබියේ සිටි ඔහු නැවත වරක් ඉන්දියාවට පැමිණීම කල්මරමින් සිටින බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ත්‍රස්තවාදී මාතවාද ප්‍රවර්ධනය කිරීම හේතුවෙන් (පීස් ටීවී) අන්තවාදී අගමික නාලිකාව තහනම් කිරීමට බ්‍රිතාන්‍ය, කැනඩාව, ඉන්දියාව, චීනය මෙන්ම බංග්ලාදේශය, මැලේසියාව වැනි මුස්ලිම් රටවල් පවා ක්‍රියාකරද්දී 30 වසරක් ත්‍රස්තවාදයෙන් බැට කෑ ශ්‍රී ලංකාව තුළ මෙම නාලිකාව සැටලයිට් රූපවාහිනී සේවා හරහා යහමින් විකාශනය කෙරෙයි.

http://www.colombotoday.com/82296449565-2/

0 comments: