Pages

Monday, July 25, 2016

වෙරළු, බණ්‌ඩක්‌කාවලින් දියවැඩියාව සුව කරගනිමු!

වසර 300 කට වඩා පැරැණි නවගමුවේ පාරම්පරික සිංහල වෙද පරපුරේ වෙද මාතාවක්‌ වූ තලංගම හෙලේනා පෙරේරා මහත්මියගේ මිනිබිරිය වන චාන්දනී වික්‍රමාරච්චි මහත්මිය සර්වාංග රෝග සඳහා මෙන්ම දියවැඩියාව, පිළිකාව, ඇදුම සහ හතිය, අංශභාගය, ආතරයිටිස්‌ යන රෝග සඳහා 100% ක දේශීය වූ ප්‍රතිකාරයක්‌ හඳුන්වා දී ඇති වෛද්‍යවරියකි. විවිධ රෝගවලට ගෙදරදී ප්‍රතිකාර කර ගැනීම සඳහා ඉතා අඩු මුදලක්‌ වැය වන, ගෙදරදීම සාදා ගත හැකි ශාඛසාරමය ඖෂධ හඳුන්වාදීම මේ තීරය ඔස්‌සේ ඇය සිදු කරන්නීය. 
වෛද්‍ය - චාන්දනී වික්‍රමාරච්චි

ප්‍රශ්නය - දියවැඩියාව සුවකළ නොහැකි නමුත් පාලනය කරන්නට පුළුවන් රෝගයක්‌ බව බටහිර විද්‍යාව කියනවා. එහෙත් ඔබේ ස්‌ථාවරය වන්නේ දියවැඩියාව පාලනය කරනවාට අමතරව සුවපත් කරන්නටත් පුළුවන් බවයි. දියවැඩියාව වැළඳුණාම අග්න්‍යාශයේ ඉන්සියුලින් නිපදවෙන සෛල ක්‍රමයෙන් දුර්වල වී මියයනවා. ඉන්සියුලින් නැවත ඇති කිරීමට නම් එම සෛල පණගැන්විය යුතු බවත්, තෝරාගත් ආහාර සහ ඖෂධ වර්ගවලින් මෙම පණ ගැන්වීම සිදුකළ හැකි බවටත් ඔබ තර්ක කරනවා. පසුගියදා අප මේ සාකච්ඡාව මගින් පැහැදිලි කළේ දෛනිකව වෙරළු ආහාරයට ගැනීමෙන් දියවැඩියාව පාලනය කරන ආකාරයයි. එහිදී පාඨකයන් රැසක්‌ අපෙන් විමසා තිබුණා දිනකට වෙරළු ගෙඩි කෙතරම් ආහාරයට ගත යුතුද කියන එක....

වෛද්‍ය වික්‍රමාරච්චි මහත්මිය - ඔව්. දිනකට හොඳට ඉදුණු වෙරළුගෙඩි 15 ක්‌ විතර ආහාරයට ගත යුතුයි. උදේ, දහවල්, සවස ඕනෑ වෙලාවක කමක්‌ නැහැ. හැබැයි රාත්‍රියට ආහාර ජීර්ණය වීම ප්‍රමාද නිසා රෑට වෙරළු කෑවොත් ප්‍රතිඵල එන්නේත් ප්‍රමාදවෙලා. දියවැඩියා රෝගියා මුලින්ම තම රුධිර සීනි වාර්තාවක්‌ ගත යුතුයි. ඊටපසු සති දෙකක්‌ මේ විදියට වෙරළු කෑ යුතුයි. ඉන්පසු රුධිර සීනි වාර්තාවක්‌ ගත යුතුයි. එවිට පෙනී යනවා රුධිර සීනි මට්‌ටම කොතරම් පහත බැහැලාද කියන එක. හැබැයි මේ අතර ආහාරවලින් පරෙස්‌සම් විය යුතුමයි. උදේට තම්බන ලද ඇට වර්ගයකුත්, රතු බාස්‌මතී බත් කෝප්ප භාගයකට තෙල් නොදමා දෙවැනි හෝ තුන්වැනි පොල් කිරෙන් (දියාරු කිරෙන්) ඉවූ එළවළුවක්‌, මැල්ලුමක්‌, බෝංචි, මෑ, මුං වැනි ඇට වර්ගයක්‌ සමඟ කුඩා මාලු කැබැල්ලකුත් හොඳටම ප්‍රමාණවත්. රෑට එළවළු සුප් එකක්‌ වැනි දෙයක්‌ තමයි සුදුසු. මෙහෙම තුන් මාසයක්‌ කරන විට හාරසියයට හාරසිය පනහට රුධිර සීනි තිබූ අයගේ සීනි මට්‌ටම 90 ට 100 ට අඩු වෙනවා. මෙය ඔබ අත්හදා බැලිය යුතුමයි. ඕනෑනම් බටහිර බෙහෙත් බොන අතර මේ ක්‍රමයත් අනුගමනය කරගෙන ගිහින් එක අවස්‌ථාවකදී බටහිර බෙහෙත් සම්පූර්ණයෙන්ම නවත්වලා වෙරළු සහ ක්‍රමවත් ආහාර මගින් ඉදිරියට යන්න පුළුවන්.

ප්‍රශ්නය - එතකොට නිට්‌ටාවට සනීප වෙන එක...

වෛද්‍ය වික්‍රමාරච්චි - ඒක වෙන්නෙ මෙහෙමයි. ඔය විදියට කාලයක්‌ යනකොට අග්න්‍යාශයේ අක්‍රියකාරී සෛල ඉතා පුංචියට යළි ප්‍රාණවත් වෙන්න පටන් ගන්නවා. ඉතා සුළුවට ඉන්සියුලින් නිෂ්පාදනය වීම ඇරැඹෙනවා. මෙහෙම අවුරුද්දක්‌ විතර යනකොට ශරීරයට ප්‍රමාණවත් ඉන්සියුලින් නිපදවීම සිදු වෙනවා. එතකොට ඔබට පුළුවන් සාමාන්‍ය ජීවිතයක්‌ ගත කරන්න. හැබැයි මා කියූ ආහාර වට්‌ටෝරුවෙන් නම් පිට පනින්න එපා. පුළුවන් තරම් කොළ වර්ග කන්න. කෙඳි සහිත ආහාර ගන්න. එළවළු කියන එක කොයික කෑවත් වරදක්‌ නැහැ. හැබැයි අනවශ්‍ය විදියට මිරිස්‌, පොල්කිරි, තුනපහ, තෙල් දමලා කකාරවලා හදන්න එපා.

ප්‍රශ්නය - දියවැඩියා රෝගයට ගුණ දෙන සරල දේවල් තව තිබෙනවාද? ඒ කියන්නේ වැඩි මිලක්‌ නොගෙවා ගෙවත්තෙන් කඩාගන්න පුළුවන් දෙයක්‌?

වෛද්‍ය වික්‍රමාරච්චි - ඔව්. බණ්‌ඩක්‌කා කියන විශ්වකර්ම එළවළුවත් දියවැඩියාව සුවපත් කරන්නට හොඳම ඔසුවක්‌. උයා ගන්නට තරම් ප්‍රමාණවත් ගණනට මෝරපු අඟල් 6 ක්‌ විතර දිග බණ්‌ඩක්‌කා කරල් දෙකක්‌ ගන්න. ඊළඟට මෙය සෝදා පිරිසිදු කර අඟල් භාගයේ කැබලිවලට කපන්න. කැපුවට පස්‌සෙ ඒවා සෝදන්න එපා. ඉන්පසු කෝප්පයකට වතුර පුරවා එම කැබලි ටික දමා කෝප්පය පිරෙන්න වතුර දමන්න. කෝප්පය පීරිසියකින් වසා සිසිල් ස්‌ථානයක රැයක්‌ එළිවන තුරු තබන්න. ඊටපසු උදෙන්ම හිස්‌බඩ බණ්‌ඩක්‌කා කැබලි ඉවත් කර වතුර ටික පානය කරන්න.

ඉන්පසු දහවල් 10 ට විතර කොත්තමල්ලි මිටක්‌ කබලේ දමා යන්තම් බැදගන්න. එයට වතුර කෝප්පයක්‌ දමා කෝප්ප භාගයට සිඳගෙන පානය කරන්න. සීනි මීපැණි වගේ දේවල් මිශ්‍ර කරන්න එපා. දහවල් තුනටත් මෙවැනි කොත්තමල්ලි වඩියක්‌ බොන්න. පසුදින උදේ බණ්‌ඩක්‌කා වතුර බී කොත්තමල්ලි ප්‍රතිකාරයත් කරන්න. මේ විදියට මාසයක්‌ ප්‍රතිකාර කර ඔබේ රුධිර සීනි ප්‍රමාණය පරීක්‍ෂා කර ගන්න. සීනි අඩුවෙලා තිබෙන හැටි ඔබටම බලා ගන්න පුළුවන්. මා කලින් කිවූ ආහාර වට්‌ටෝරුවම අනුගමනය කරන්න. ඒ කියන්නේ රතු බාස්‌මතී, එළවළු, කොළ වර්ග, කව්පි, කඩල, මුං වැනි ඇට වර්ග සහ මාළු. හරක්‌ මස්‌ කන්න එපා. මත්පැන්, සිගරැට්‌ වහාම නතර කරන්න. රෑට නිදි වරන්න එපා. උදේ පාන්දර නැගිටින්න. අත්‍යවශ්‍ය නම් මිස දහවල් නින්ද එතරම් හොඳ නැහැ. 

ප්‍රශ්නය - බණ්‌ඩක්‌කා ශරීරයට බලපාන්නේ කොහොමද?

වෛද්‍ය වික්‍රමාරච්චි - මේ එළවළුව කිහිප ආකාරයකින්ම ශරීරයට ගුණදායක බලපෑමක්‌ කරනවා.

1. බණ්‌ඩක්‌කාවල තිබෙන කැලරි ප්‍රමාණය ඉතාම අඩුයි. බණ්‌ඩක්‌කා ග්‍රෑම් 100 කටම තියෙන්නේ කැලරි 30 යි. මෙහි අධි සංතෘප්ත මේද වර්ග හෝ කොලෙස්‌ටරෝල් අඩංගු නැහැ. ශරීරයට ගුණදායක කෙඳි, ඛනිජ ද්‍රව්‍ය, විටමින් යනාදිය මෙහි තිබෙනවා. ශරීරයේ අනවශ්‍ය ස්‌ථුලභාවය නැති කරගන්නට බණ්‌ඩක්‌කා ඉවහල් වෙනවා.

2. බඩවැල හරහා ගමන් කරන ආහාර වර්ගවල ක්‍රමවත් ගමනටත්, ඒවා දිරවීම පහසු කිරීමටත්, අවශ්‍ය වන ඵමජසක්‌ටැ නමැති නානු වර්ගය හෙවත් මැලියම් වර්ගය මෙහි තිබෙනවා.

3. මෙහි විටමින් A බහුලයි. එසේම ශරීරයේ විෂ නසන ඊeඒ ජ්රදඑeබැල ඞ්බඑයසබ සහ කමඑeසබ යන ද්‍රව්‍ය බණ්‌ඩ ක්‌කාවල තිබෙනවා. ඇස්‌වල පෙනුම වර්ධනය කරන්නට මේ ද්‍රව්‍යවලට පුළුවන්.

4. පූර්ව ගර්භණී සමයේ සිටින මවුවරුන්ට බණ්‌ඩක්‌කා ඉතාම වැදගත්. අමු බණ්‌ඩක්‌කා කරල්වල තිබෙන දෙක්‌එe නමැති සංඝටකයට පුළුවන් දරු කලලයේ තත්ත්වය වර්ධනය කරන්නට. බණ්‌ඩක්‌කා අමුවෙන් හීනියට ලියා සම්බෝල හදා කෑම මේ කාලයේ දී වැදගත්. 

5. තුවාලයක්‌ වූ විට රුධිරය වියළීමට බලපාන ණ විටමින් මෙහි තිබෙනවා. අස්‌ථි සවිමත් කරන්නට ණ විටමින්වලට පුළුවන්.

6. යකඩ, කැල්සියම්, මැග්නීසියම් සහ මැන්ගනීස්‌ මෙහි තිබෙනවා.

මේ පිළිබඳ උපදෙස්‌ සඳහා 
0759061771 අංකයට කතා කරන්න

සාකච්ඡා කළේ, අශේන් රඹකොස්‌වැව
http://www.divaina.com/2016/07/24/feature07.html

0 comments: