1505 දී ලොරෙන්සෝ ද අල්මේදාගේ නායකත්වයෙන් යුතු පෘතුගීසි නාවුක කණ්‌ඩායම ලංකාවට ගොඩබැස ඇත්තේ දැන් අප පිටකොටුව නමින් හඳුන්වන අනර්ඝ මල්වත්තකින් සහ වැව් කඩිත්තකට ඔබ්බෙන් (පිටුපසින්) පිහිටා තිබූ මනරම් කුඩා ස්‌වාභාවික වරායට බව ඉතිහාසය සාක්‍ෂි දරයි. එම සුන්දර තොටුපළ කොළොං තොට ලෙස එකල හැඳින්වූයේ කැලණිගඟ මුහුදට වැටුණු කැලණි තොට නිසා බව ජනප්‍රවාදයේ කියෑවෙන අතර සමහරු කියන්නේ එහි තිබූ විශාල කොළොං හෙවත් කොළ අඹ ගස නිසා මෙයට කොළඹ තොට (Harbor with leafy mango trees) කියූ බවයි.
අද ඉතා ජනාකීර්ණ ගොඩනැඟිලි බහුල ගෙන්දගං රස්‌නය දෙන කොන්ක්‍රීට් වනාන්තරයක් වුවද එදා පිටකොටුව සහ කොළොංතොට ආශ්‍රිත පරිසරය ඉතා සිත් ගන්නා සුලු මනරම් මල් වත්තකින් තණකොළ පිට්‌ටනියකින් සහ වැවකින් සමන්විත විය.
එවකට කෝට්‌ටේ රජවූ 8 වැනි පරාක්‍රමබාහු රවටා ගසා ගත් වංචනික ගිවිසුම මත පෘතුගීසීන් තම බලකොටුව සහ ආධිපත්‍යය මේ වරාය සහ ඒ අවට පුරාත් මුහුදුබඩ තීරයේත් පතුරාගත් අතර කොළොංතොට කොළඹ හෙවත් කළම්බු (ඤකදපඉද) ලෙස නම් කළහ. කොටුවෙන් පිට ප්‍රදේශය පිටකාටුව ලෙස සිංහලුන් අමතන්නට වූ අතර ඉන්දියාවේ කේරළයෙන් මෙහි පැමිණි වෙළෙන්දන් ඔවුනගේ රටේ තිරුවනාපුරම් නගරයට ආසන්න කෝලම් වෙරළට ආසන්නයේ ඇති පෙටා (ඡැඑඒය) නැමැති කුඩා වරාය සහ නගරය සිහිවන්නට මෙම පිටකොටුවට පෙටා කියා නම් තැබීය. පෘතුගීසීන් මෙන්ම පසුව 1656 දී ඔවුන් පන්නාදමා කොළඹ අල්ලාගත් ලන්දේසීන්ද මෙම පෙදෙස වෙළෙඳ කලාපයක් බවට පත් කරගත් අතර ඔවුහු අප රට තුළ වවන්නට ආරම්භ කළ කුරුඳු, පොල්, රබර් වැනි දේ නැව් ගත කිරීමට කොළඹ වරාය භාවිත කළහ.
1796 දී ඉංග්‍රීසීන් විසින් කොළඹ අල්ලාගත් අතර ඔවුන් 1815 දී උඩරට රජුන් සමග ගැසූ ගිවිසුමෙන් අනතුරුව කොළඹ නගරය ඔවුනගේ අගනුවර ලෙස නම් කරන ලදී. ඒ වන විට සම්පූර්ණයෙන්ම වෙළෙඳ කලාපයක් බවට පෙරළී තිබූ කොළඹ තව තවත් දියුණු වී දමිළ, යෝනක, මැලේ, කොච්චි, ඉන්දියන්, චීන, අරාබි, බෝරා, ලන්සි වැනි විවිධ ජාතීන්ට අයත් මිනිසුන් ගැවසෙන බහු ජන කලාපයක් බවට පත්විය.
තම නිෂ්පාදන සහ කෘෂි ද්‍රව්‍ය විදේශීය වෙළෙඳුන්ට විකුණණ පිණිසත් නැව්ගත කොට පිටරට පටවනු පිණිසත් සීතාවකින්, සබරගමුවෙන්, ඈත රුහුණෙන් ගැල් සහ තවලම් පිටින් ගැමියෝ සහ කුලී කරත්තකාරයෝ කොළඹට ඇදී එන්නට වූහ. එසේ එන මිනිසුන් තම ගැල් නිදහස් කොට ගවයන් දිගේලි කර ගිමන් හැරියේ දවටගහ නමැති ප්‍රදේශයේ බව ඉතිහාසය පවසයි. එහි පැවැති විශාල වැව නිසා ඔවුන්ට පහසුවෙන් කොළොම් තොටට ළංවීමට හැකි නොවූ අතර හරකුන් දවටගහ පාමුල දිගේලි කොට ඔරු පාරු මගින් ඔවුන් වරාය ආසන්නයට පැමිණ මල්වත්තේ දිගාවී විවේක සුවයෙන් හිඳිමින් සුද්දන්ගේ සුද්දියන්ගේ රැඟුම් මෙන්ම ඉන්දියන් සහ මලයාලම් කාරයන්ගේ නූර්ති නාගඩම් නාටක රසවිඳිමින් සිටි බව පැරණි වාර්තාවල සඳහන්වේ. එකල එංගලන්තයෙන් නැටුම් කණ්‌ඩායම් සහ ඉන්දියාවෙන් සර්කස් කණ්‌ඩායම් මෙහි පැමිණ කොළඹ තොටුපළ ඉදිරිපිට මල්වත්තේ සහ තණ පිට්‌ටනියේ තම සෙල්ලං පෙන්වා ඇත. අදටත් මල්වත්ත පාර යනු ඒ උද්‍යානයට ගිය මාවතයි. ඇස්‌වාට්‌ටුව අසළ ඇති දවටගහ පල්ලිය අයත් භූමියේ එදා ඒ විශාල දවටගහ පිහිටා තිබුණි. කුණු කසළ එක්‌ව අද අපිරිසිදුවට ජරාවාසයට පත්වී ඇති බේරේ වැව එදා ගැමියන්ගේ පිපාසය නිවූ සුනිල දියදහරක් හා ගිමන නිවන ජල තටාකයක් තිබී ඇත.
එදා සුද්දන්, සුද්දියන් සෙල්ලං පෙන්වූ, මහා පරිමාණයේ කෘෂි නිෂ්පාදන වෙන්දේසි වුණ ගම්පෙරළියේ යුගාන්තයේ, සඳහන් වන පියල්ලා, සයිමන්, කබලානලා තම ව්‍යාපාරවලට අත්පොත් තැබූ අලංකාර තණ පිට්‌ටනිය මත කෙලෝනියල් ක්‍රමයට ගොඩනැඟිලි ඉදිවී පිටකොටුව තනිකරම සුන්දරත්වයෙන් ඈත්වී ගොසිනි.
මිත්‍ර ශ්‍රී කරුණානායක
http://www.divaina.com/2016/07/24/feature01.html

0 comments:
Post a Comment