Pages

Monday, July 18, 2016

සංහිඳියාවේ ඇත්ත කථාව - යාපනය විශ්වවිද්‍යාලයේ දෙමළ ශිෂ්‍යයන් වෙස්‌ නැටුමට කඩාවැදී සිංහල සිසුන්ට පහර දීලා!

යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් දෙපිරිසක්‌ අතර පෙරේදා (16 වැනිදා) ඇති වූ ගැටුමකදී සිසුන් විසිපස්‌දෙනකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ.

මෙම ගැටුම හේතුවෙන් යාපනය විශ්වවිද්‍යාලය දින නියමයක්‌ නොමැතිව තාවකාලිකව වසා දැමූ බව එම විශ්වවිද්‍යාලයීය පාලනාධිකාරිය පවසයි.


එම විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ පළමු වසර සිසුන් පිළිගැනීමට සංවිධානය කර තිබූ උත්සවයකදී මෙම ගැටුම හටගෙන තිබේ.

එම පිළිගැනීමේ උත්සවයේ මෙතෙක්‌ පැවැති ක්‍රමය වී ඇත්තේ කොටසක්‌ සිංහල ක්‍රමයටත්, අනෙක්‌ කොටස දෙමළ ක්‍රමයටත් පැවැත්වීමයි. මෙම ගැටුමට මූලික හේතුව වී ඇත්තේ සිංහල සංස්‌කෘතික වෙස්‌ නැටුම දෙමළ සිසුන් විසින් පැවැත්වීමට ඉඩ නොදීම බව වාර්තා වේ.

පිළිගැනීමේ උත්සවයේදී වෙස්‌ නැටුම් පැවැත්වීමට ඉඩ නොදෙන බව ද පසුගිය දිනෙක දෙමළ සිසුන් විසින් සිංහල සිසුන්ට කියා තිබේ. කෙසේ වෙතත් මෙතෙක්‌ පවත්වාගෙන ආ ක්‍රමය නිසා සිංහල සිසුන් එම විරෝධය නොතකා වෙස්‌ නැටුම පැවැත්වීමට පියවර ගෙන ඇත. එම නර්තනය පැවැත්වෙන අතරතුර දෙමළ ශිෂ්‍යයන් එම ස්‌ථානයට කඩාවැදී සිංහල සිසුන්ට පහර දී ඇතැයි පැවසේ.

ගැටුම සමථයට පත්කළ නොහැකි තැන සිංහල සිසුන් ද දෙමළ සිසුන්ට පෙරළා පහර දී ඇති අතර එහිදී දෙමළ සිසුන් එම ස්‌ථානයෙන් ඉවත්ව ගොස්‌ තිබේ. එහෙත් නැවත ගල්, මුල්, යකඩ පොලු අතැතිව එම ස්‌ථානයට පැමිණ ඇති දෙමළ සිසුන් සිංහල සිසුන්ට පහර දී ඇති අතර තුවාල ලැබූ සිංහල සිසුන් රෝහල්ගත කර ඇත.

අනතුරුව විද්‍යා පීඨයේ සිසුන් පොලිස්‌ ආරක්‍ෂාව මධ්‍යයේ නේවාසිකාගාර තුළට යවනු ලැබුවද දිගින් දිගටම තත්ත්වය අයහපත් වීම හේතුවෙන් දැඩි පොලිස්‌ ආරක්‍ෂාව මැද සිංහල සිසු සිසුවියන් බස්‌ රථ මගින් වවුනියාව දක්‌වා රැගෙන ඒමට කටයුතු කර ඇත.

ඊයේ (17 වැනිදා) වන විට යාපනය විශ්වවිද්‍යාලය වටා පොලිස්‌ විශේෂ කාර්ය බළකාය යොදවා ආරක්‍ෂාව තර කර තිබිණි.

මෙම සිද්ධිය ආවරණය කිරීමට ගිය විද්යුත් හා මුද්‍රිත මාධ්‍යවේදියකුට ද දෙමළ සිසුන් විසින් බාධා කර ඇත.

http://www.divaina.com/2016/07/18/news01.html

සබැඳි ලිපි -
[
ආචාර්ය්‍යවරුන් බලා සිටියදීම යාපනය විශ්ව විද්‍යාලයේ සිංහල සිසුන්ට ජාතිවාදී ප්‍රහාරයක්! සිසු ජීවිත අනතුරේ!http://denethharinna.blogspot.com/2016/07/blog-post_92.html
]

0 comments: