Pages

Sunday, July 3, 2016

දුලබ වනසතුන් දඩයම් කළ සාද් ශරාෆ් මස් වැද්දා පොලීසියට භාර වෙයි

COVER-Flat
දඩයම් කිරීම තහනම් වූ දුර්ලභ ගණයේ වනසතුන් දඩයම් කළ සාද් ශරාෆ් නමැත්තා අද (03) පැමිණ පන්විල පොලීසියට භාර වී තිබෙන බව වාර්තා වනවා.

ඔහු තමන් සතුව තිබූ පිස්තෝලයක් සහ වායු රයිෆලයක්ද පොලීසියට බාර දී ඇති බව මාධ්‍ය වාර්තා පවසයි.

නකල්ස් රක්‍ෂිතයේ වෙසෙන දුර්ලභ ගණයේ වනසතුන් දඩයම් කිරීම සම්බන්ධයෙන් මොහුට චෝදනා එල්ල වුණා. ඔහු තමන් විසින් එලෙස මරා දමන ලද වනසතුනගේ ඡායාරූපද ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවියට මුදා හැර තිබිණි.

සැකකරු සමග අද දිනයේදී තවත් දෙදෙනෙකු මෙලෙස පන්විල පොලීසියට භාරවී තිබෙන අතර මේ වන විට සැකකරවන් 5 දෙනෙකු පමණ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

http://www.colombotoday.com/3535-3/

0 comments: