Pages

Wednesday, August 15, 2012

සිංහල බෞද්ධයින්ගේ ව්‍යාපාර ශක්තිමත් කරමු !!!

http://www.facebook.com/photo.php?fbid=282534611854592&set=a.275926039182116.62280.275626122545441&type=1

වසර දහස ගණනක් අභිමානවත් අයුරින් රැකගෙන ආ මේ බිමේ සිංහල බෞද්ධ උරුමය, ආධිපත්‍ය ක්‍රමයෙන් ගිලිහෙමින් පවතී. එය ඉක්මන් කිරීමට‍ මහත් වෙහෙසක් දරන්නේ මුසල්මානුවන් විසිනි. ඔවුහු ශ්‍රී ලංකාවේ වෙළඳ ආර්ථිකය සියතට ගනිමින් සිටිති. ඒ සඳහා ප්‍රබල දායකත්වයක් ලබා දෙන්නේ සිංහල බෞද්ධ අප විසින්මය! එමෙන්ම ඒ සඳහා මෙරට සිංහල බෞද්ධ ව්‍යාපාරික ප්‍රජාවද අඩු වැඩි වශයෙන් වගකිව යුතුය. මුසල්මානු ව්‍යාපාරිකයන් ඔවුන්ගේ වෙළඳාමේ සාර්ථකත්වය උදෙසා ගෙන ඇති ක්‍රියා මාර්ග , අපගේ ව්‍යාපාරිකයන් 90%ක් භාවිතා නොකරම ඉවත දමා ඇත. මේ නිසා බොහොමයක් සිංහල බෞද්ධයන්ගේ ව්‍යාපාර , සුළු ලාභයක් ලබන සිල්ලර වෙලඳාමකට සීමාවී ඇත. නමුත් බහුතර මුසල්මානුවන්ගේ ව්‍යාපාර , අධික ලාභ ලබන තොග වෙලඳාමය. මෙහි ඇති රහස කුමක්ද? ශ්‍රී ලංකාවේ ඉතා සුළු ජන කොට්ඨාශයක් වන මුසල්මානුවන්, බහුතර ජනතාවට බඩු වෙළඳාම් කරමින් ලාභ උපයන්නේ ඇයි? බහුතරයක් වූ සිංහල බෞද්ධයන්ගේ ව්‍යාපාර වලට අර ජාතියේ පාරිභෝගිකයන් ආකර්ෂණය නොවිමට හේතු මොනවාද? මෙම ප්‍රවනතාවය සිංහල බෞද්ධයාට ඉදිරියේදී කෙසේ බලපායිද යන්න පිළිබඳව අපි මේ ලිපියෙන් විමර්ශනාත්මකව විමසා බලමු.

ආගන්තුක සත්කාරය
---------------------
රොබට් නොක්ස් නම් ඉංග්‍රීසි ජාතික සිරකරුවාට අනුව, අපි ආගන්තුක සත්කාරයෙන් ලෝකයේ ඉහල ස්ථානයක සිටියෙමු. නමුත් අද අප, විශේෂයෙන්ම ව්‍යාපාර කටයුතු වලදී, බොහෝ විට මුසල්මානුවන්ට වඩා ඉතා පහලින් සිටින බව අකැමැත්තෙන් වුවද පිළිගත යුතුය. උදාහරණයකට රෙදි වෙළඳ සැලක් ගතහොත්, මුස්ලිම් වෙළද සැලකදී, කුමන හෝ පාරිභෝගිකයකු වෙළඳ සැලේ ඇති සියලුම රෙදි එකිනෙක ගෙන පෙන්වන්න කීවද, ඔවුහු කිසිදු පැකිලීමකින් තොරව ඒ සියල්ල පෙන්වති. අවසානයේ එක ඇඳුමක් හෝ මිලදී නොගෙන යන්නට ගියද, කිසිදු අමනාපයක් නොදක්වා, ඉතාම සුහදශීලිව, “නැවත එන්න” යයි පවසමින් පාරිභෝගික සිත දිනාගෙන සමුදෙති. නමුත් අප සිංහල ව්‍යාපාරිකයෝ එසේ සියලු රෙදි එකිනෙක පෙන්වන්නට මැලිකමක් දක්වති. එමෙන්ම දෙතුන් වතාවක් තෝරා, ඇඳුමක් මිලදී නොගතහොත්, ඇතැම්විට පාරිභෝගිකයාට දොස් පවරන අවස්ථාද ඇත! එවිට නිරායාසයෙන්ම ඉතා සුහදශීලි මුස්ලිම් ව්‍යාපාරිකයා ලඟට පාරිභෝගිකයා ඇදී යාම සිදු වේ. අප පළමුවෙන්ම, වෙලඳාමේදී මෙම ආගන්තුක සත්කාරය, එසේත් නොමැති නම් සුහදශිලිත්වය, ඉතා ඕනෑකමින්, උපරිමයෙන් පවත්වාගෙන යා යුතුය.

නව විලාසිතා
-------------
සිංහල බෞද්ධ ව්‍යාපාරිකයන්ගේ තවත් දුර්වලතාවයක් ලෙසින් පෙන්වා දිය හැක්කේ, නව විලාසිතාවන්ට අනුකුලව - විශේෂයෙන්ම ඇඳුම් පැළඳුම් ක්ෂේත්‍රයේ- ක්‍රියාත්මක නොවීමයි. නමුත් මුසල්මානුවෝ, පැරණි ඒවා අලෙවි වුවත් නැතත්, නව විලාසිතාවන්ගෙන් ඇඳුම් පැළඳුම් ඇනවුම් කරති. කවදත් අලුත් දෙයට කැමති පාරිභෝගිකයා මේ හේතුවෙන් මුස්ලිම් වෙළඳසල තෝරාගනී. තමන්ගේ පරණ භාණ්ඩ අලෙවි කිරීමෙන් පසුව නව භාණ්ඩ තොගය ඇනවුම් කිරීමට‍ බලා සිටීම නිසාවෙන් සිංහල බෞද්ධ ව්‍යාපාරිකයාට තමන්ගේ පාරිභෝගිකයන් දිගුකාලිනව තබාගෙන සිටිමට අසීරු වී ඇත.

අඩු ලාභය - වැඩි වෙළඳාමට හුරු වෙමු.
---------------------------------------
විශේෂයෙන්ම අප රටේ සිංහල බෞද්ධයන්ගේ පොදු ජාතික හැඟීමක් නොමැති නිසාවෙන් සහ ආර්ථික බරින් පිඩිත නිසාවෙන්, ශත පනහක හෝ රුපියලක ලාභය වෙනුවෙන් එක් වෙළඳසලක් අත්හැර වෙනත් එකක් සොයා යාමට ජනතාව පෙළඹී සිටිති. බොහෝ මුස්ලිම් ව්‍යාපාරිකයන් සිල්ලර බඩු අලෙවි කරන්නේද තොගමිල යටතේය. ඔවුන් “ඉතා අඩු “ලාභයක් යටතේ වැඩි වෙළඳාමක්” මගින් තම ව්‍යාපාර ශක්තිමත් කරගෙන ඇත. නමුත් අප සිංහල බෞද්ධ ව්‍යාපාරිකයෝ බොහෝ දෙනෙක්, මස් රාත්තලම එකවර ඉල්ලන්නාක් මෙන් එක් වරම අධික ලාභ ලැබීමට උත්සාහ දරමින් සිටිති. එයද දිගු කාලීනව ව්‍යාපාරය කඩා වැටීමට හේතුවකි. එම නිසා අඩු ලාභයක් යටතේ වැඩි වෙළඳාමකට ජාතිය වෙනුවෙන් ඔබත් වහ වහා අනුගත වෙන්න!

අපේ සල්ලි දෙන්නේ කාටද?
----------------------------
සිංහල බෞද්ධයා බොහෝ විට කිසිදු පැකිලීමක් නොමැතිව, සොයා බැලීමකින් තොරව, ඕනෑම වෙළඳ සැලක් තුලට ගොස් තම අවශ්‍යතා සපුරා ගනියි. නමුත් ඔබ මොහොතක් සිතන්න මුස්ලිම් ජාතිකයන් සිංහල බෞද්ධ කඩයකින් තේ උගුරක්‌ හෝ බොනවාද? නැත! ඔවුහු මුස්ලිම් වෙළඳ සැලක් හෝ හෝටලයක් සොයා යති. ඒ ඔවුන් අප රට තුලා ජාතියක් ලෙස කුඩා නිසා ඇතිවූ එකමුතුවයි, මුදල් පිටට නොදී රැක ගැනීමයි. එසේ නම්, අප ජාතියක් ලෙස එකමුතු වීමේ වරද කුමක්ද? අපි සිංහල වෙළඳ සැලක් සොයා නොයන්නේ ඇයි? මෙය ජාතික අඅවශ්‍යතාවයක් නොවේද? ඔවුන් අප නිසා උපයා ගත් මුදලින් කෙදිනකවත් පන්සල් තනන්නේ නැත. ඔවුහු තමන් සිටින සෑම නගරයකම, ගමකම පල්ලියක් සාදති. අති නවීන නිවාස ඉදි කරති. අති නවීන යාන වාහන මිලදී ගනිති. අපේ සල්ලි වලින් ඔවුදු පොතුවිල් මුහුදු මහා විහාරය ඩෝසර් කරති! කුරගල බෞද්ධ උරුමය විනාශ කරති! ඔවුන් විසින් විනාශ කල අපේ උරුමයන් මේ ලිපියේ පෙන්වා දෙන්නට ගියහොත් එය ඉතාමත් දිගු ලැයිස්තුවක් වේවි! නමුත් මා මතු කරන්න උත්සාහ ගන්නේ ඔවුන් අපගේ උරුමයක් විනාශ කරන්නේ අපේම මුදල් වලින්ය යන කාරණයයි. අපි සියතින්ම අපේ ගෙල සිඳ ගන්නවා නොවේද? අපි අපේ මුදල් ඔවුන්ට‍ ලබා දෙන්නේ ඇයි? මුසල්මානුවන් ළමයින් 10-15 නඩත්තු කරද්දී, සිංහල බෞද්ධයන් එක දරුවකු නඩත්තු කල නොහැකිව සමෘද්ධි කුපන් ඉල්ලමින් සිඟමන් යදින්නේ අපේම වරදින් නොවේද? අපේ මුදල් සිංහල බෞද්ධ ව්‍යාපාරිකයන් අතට පත් කලේ නම් නැවත වක්‍රාකාරයෙන් එම මුදල්, පන්සලේ පින්කමේදී , මගුල් උත්සවයකදී නැත්නම් අවමගුලක් ආදී පොදු කටයුතු වලදී, නැවත අප අතටම පත් වනවා නොවේද? අපේ මුදල්, අප සංස්කෘතියට ඉඳුරාම පටහැනි, අප ජාතියේ උරුමය විනාශ කරන්නට තැත් දරන අය අතට පත් කිරීමෙන් අපට අත්වි ඇති ඉරණම ඔබට‍ වැටහෙනවා ඇතැයි සිතමි.

මුළු මහත් ලෝකයම විශ්ව ගම්මානයක් වී ඇති යුගයක, සැම අතින්ම ධනවාදය රජ කරමින් සිටී. එවන් යුගයක රටක වෙළඳ ඒකාධිකාරය ප්‍රභල භූමිකාවක් වීම වැළැක්විය නොහැක. එනම් වත්මන් ශ්‍රී ලංකාවේද සමාජ, ආර්ථික, දේශපාලන ක්රිකයාවන් එකිනෙකට වෙන්කළ නොහැකි සේ බැඳී පවතී. මිට දශක කිපයකට පෙර ආර්ථික හා දේශපාලන කටයුතු වෙන් වෙන් වශයෙන් විග්‍රහයන්ට බඳුන් කලද, අද එය ගසට පොත්ත මෙන් බැඳී පවතී. ආර්ථිකයෙන් තොර දේශපාලනයකුත්, දේශපාලනයෙන් තොර ආර්ථිකයකුත් කිසිදු රටක දක්නට නොලැබේ. මෙහිදී දක්නට ලැබෙන ප්‍රභල සාධකයක් නම් වත්මන් සමාජයේදී, ප්‍රචාරණයට තුලින් ලබා ගන්නා ප්‍රසිද්ධියට දේශපාලනයේදී මුල්තැන හිමි වීමයි. වත්මන් සමාජයේ, මූල්‍ය ශක්තියක් නොමැතිව දේශපාලනයේ නිරත විය නොහැක. කිසියම් ගමක වේවා, නගරයක වේවා, රටක වේවා, ආර්ථිකමය අතින් එම සමාජ ස්ථරයේ ශක්තිවන්තයෝ දේශපාලන බලය සියතට ගනිමින් සිටිති. ඒ සඳහා අවශ්‍ය ඕනෑ තරම් උදාහරණ වත්මන් ශ්‍රී ලංකා දේශපාලන ක්ෂේත්‍රයේදී දැකගත හැක.

දයාබර සිංහල බෞද්ධ සහෝදර වරුනි! අප ජාතියක් ලෙස තවදුරටත් මෙරට නැගී සිටින්නට නම් අවදි විය යුතුය. අප ජාතියේ මුතුන් මිත්තෝ වසර දහස් ගණනක්, මේ බිමේ සැම බිම අඟලක්ම තම ලෙයින් තෙත් කරමින්, මේ බිමේ මතු මතුවටත් උපදිනා තම පරම්පරාවේ අනාගත දු පුතුන් වෙනුවෙන් මේ බිම රැක ගත්හ. ඒ ඔවුන්ගේ වර්තමානයයි. වත්මන් සිංහල බෞද්ධයිනි! අප ජාතියේ මුතුන් මිත්තන්ට කෘත ගුණ දැක්වීමක් ලෙසත්, ජාතියේ අනාගත දු දරුවන් වෙනුවෙනුත් මේ බිමේ සිංහල බෞද්ධ උරුමය අප සුරැකිව තබා ගත යුතුය. අපගේ දු දරුවන්ට කශේරුකා කෙලින් තබාගෙන මේ බිමේ සැරිසැරීමට පසුබිම අප විසින් ගොඩ නැගිය යුතුය. මේ උතුම් කර්තව්‍යය සඳහා වර්තමාන සමාජ ප්‍රවණතා ඔස්සේ ක්‍රියාත්මක වෙමින්, අපෙන් ගිලිහී මුසල්මානුවන් අතට පත්වෙමින් යන ආර්ථික සුක්කානම, අප විසින් අත්පත් කරගෙන සුරක්ෂිත කල යුතුය. ජාතියේ නාමයෙන්, ඉහත පෙන්වා දුන් දුර්වලතා මගහරවා ගනිමින්, ඒ සඳහා වහ වහා කැපවිය යුතුය. නැතහොත්, මුදල් මත තීරණය වන ඉදිරි සමාජයේදී, ඔවුන් අප රටේ පාලන බලය අත්පත් කරගනු ඇත. මුසල්මානු වෙළඳාම ශක්තිමත් කරන මේ අති භයංකර නින්දෙන් අප වහා අවදි විය යුතුය. සිංහල බෞද්ධ ව්‍යාපාර ශක්තිමත් කිරීමේ ජාතික මෙහෙවරට අප අත ගැසිය යුතුය. නැතහොත් වැඩි ඈතක නොගොස්, මුසල්මානුවන් ඉදිරියේ එදා අනගාරික ධර්මපාලතුමන් කි පරිදි, අප ජාතියේ දුවා දරුවන්ට ඇටි කෙහෙල් කෑ උගුඩුවන් සේ බලා හිඳින්නට සිදුවනු ඇත!!!
තෙරුවන් සරණයි!!!

උපුටා ගැනීම - හෙළනෙත
http://www.facebook.com/pages/%E0%B7%84%E0%B7%99%E0%B7%85-%E0%B6%B1%E0%B7%99%E0%B6%AD-Hela-Netha/275626122545441

6 comments:

Anonymous said...

This site and your effort is appreciated, but we need more practical way to go to Sinhala community, very few will read this, but even that few percentage will not accordingly , we will unite and make a more practical approach for this.

Deneth said...

Thank you ! We are working on it in practical way. Lets join with us. Suggest & share your ways with us.
උපන් බිමෙහි අසරණ වන, ඉතිහාසය ගොඩ නැගූ උරුමකරුවන්ගේ එම විශිෂ්ට උරුමය වෙනුවෙන් නැගීසිටීමේ සංවිධානය වීමේ අවශ්‍යතාව තදින්ම දැනෙමින් පවතී. ඒ සඳහා කැපවන හෙළ බොදු තරුණ බලකායක්ද, ඔවුනට මඟ හෙලිකරන, ගිහි පැවිදි වියත් මඬුල්ලක්ද, අවැසි ශක්තිය ලැබදෙන වෘර්ථිකයන් පිරිසක්ද සමඟ සවිමත්, නොහැරෙන ගමනකට මුල පුරුමු අපි මෙසේ !
වනසන්න සතුරු බල,
නංවන්න ජය කෙහෙළි,
රැක ගන්න මේ දෙරණ,
එක්වන්න අපි සමඟ !

Anonymous said...

ek wanna yaye kiya namata kiya pamanak nohaaaaaaakiya mandha rate anagathaya viduth madhyanam e sanadaha kapawena apa a deya kriyawen oppu kALA UTHU BAWENUTH DENETH HARINNA YANA YANA KIYAMANA SABAWATA DENETH ARAGENAMA KIYA UTHU BAYENITHMAYA

Anonymous said...

SULU WARADAK WELA TIYENAWA WACHANA WALA PODI WENASAK EYATA SAMAWENNA MAMATH DENETH PIYAGENAMA .....DENETH HARINNA KIUYE. VERY SOORY.COM

Anonymous said...

Classic blog! Truth spoken. Well done bro!!!

Deneth said...

Thx for the courage given...!