Pages

Monday, August 20, 2012

නැගෙනහිර සිංහලයා රැකගමු !

නැගෙනහිර කියන්නෙ පෙර උඩරට රාජ්‍යයේ කොටසක්. සස්‍රීක කෘෂි පද්ධතියක් සහ පුළුල් ලෙස පැතිරුණු බොදු වෙහෙර විහාර සංකීර්ණ සහිත, රහතුන් වැඩසිටි ගල් ලෙන් සහිත, බොදු උරුමයේ සාක්ෂි බොහොමයක් ඇති ප්‍රදේශයක්. එල්ලාවල මේධානන්ද හාමුදුරුවො ලියපු, 'උතුරු නැගෙනහිර හෙළ බොදු උරුමය' කියන පොතේ මේ ගැන සෙල්ලිපි, ඡායා රූප සහිතව, හොඳින් පැහැදිලි කරල තියෙනවා. යුද්ධයට පෙර, නැගෙනහිර පලාතෙ ඉඩම් වල අයිතියෙන් 50%කට වඩා තිබුනෙ සිංහලයන්ට. නමුත්, අද ඔවුන් ඉතා අසරණ වෙලා. ඔවුන්ගෙ උරුමය රැකගන්න නායකත්වය දෙන්න පෞර්ෂවත් සිංහල නායකයෙක් නැගෙනහිරින් බිහිකරගනිමු. නැගෙනහිර සිංහලයා තනි නොකර රැකගමු ! ඔවුන්ට ශක්තියක් වෙමු ! උවදුරකදී ඔවුන්වෙත ඉක්මනින් ලංවෙන්න, දිරිදෙන්න, ඔවුන් රැකගන්න වැඩපිලිවෙලක් හදමු !

ඒ සඳහා අප සමඟ සම්බන්ඳ වන්න.
deneth.harinna@gmail.com

2 comments:

Unknown said...

නැගෙනහිර සිංහලයා රැකගනිමු.. ඒ ඔබේ සිරස්තලයයි නමුත් පහලින් කියවා යද්දී මා හට හැඟුනේ ඔබේ මාතෘකාව සිංහල බෞද්ධයා රැක ගනිමු ලෙස නිවැරදි විය යුතු බවයි.. මක්නිසාදයත් සිංහල කාතොලික /ක්‍රිස්තියානි/ දමිළ සහ සිංහල ජාතිය වූ ආගමක් අදහන්නේ නැති පිරිසත් නැගෙනහිර සිංහලයාට අයත් වන නිසයි..

මේ රට සිංහල බෞද්ද කිතුනු දමිළ මුස්ලිම් අප සියල්ලන්ගේ රටයි..
p.s-- ජාතිවාදය ඇවිස්සීම අරමුණක් නොවේ..

Deneth said...

සොයුර, නැගෙනහිර පළාතේ සිංහලයො බොහොම අසරණ වෙලා. ඔවුන්ට දමිළ නිලධාරී වාදයෙන් සහ දමිළ, මුස්ලිම් දේශපාලනයෙන් බොහෝ බැට කනව. 1965 සිට පදිංචි වෙලා ඉන්න මිහිඳුපුර සිංහලයන්ට, ඔවුන්ගෙ වාසස්ථාන අහිමි කරන්න හදනව. නමුත්, නැගෙනහිර කියන්නෙ, එදා කන්ද උඩරට රජ්‍යයට අයිතිව තිබූ, එයින් පාලනය වූ එහි කොටසක්. සෙනරත් රජු, බටහිර ආක්‍රමනිකයන්ගෙන් බැට කන මුස්ලිමුන්ට එහි පදිංචි වෙන්න ඉඩ දුන්න, පරම්පරා 3න් සිංහල ජාතියට බද්ධ වෙන පොරොන්දුව පිට. එදා ඉදල පොරොන්දු කඩල පුරුදු මුසල්මානුවො, ඒ පොරොන්දුවත් කඩකලා. ඔවුන් අද නැගෙනහිර බොදු උරුමය වනසනව (දඹුල්ල ගැන ගොඩක් වදවෙන කට්ටිය මේව ගැන මොකද කියන්නෙ දන්නෙ නැහැ.../http://denethharinna.blogspot.com/2012/06/blog-post.html යන ලිපිය කියවන්න). යුද්ධයට පෙර, නැගෙනහිර පලාතෙ ඉඩම් වල අයිතියෙන් 50%කට වඩා තිබුනෙ සිංහලයන්ට. සිංහලයන්ගෙ ඉඩ කඩම් ව්‍යාජ ඔප්පු හදල කොල්ල කනව(ත්‍රිකුණාමලයේ අවනඩුව/http://denethharinna.blogspot.com/2012/08/blog-post_17.html සහ මිහිඳු පුරය සිංහලයන්ට අහිමි කිරීමේ කතාවේ ඇතුල් පැත්ත/http://denethharinna.blogspot.com/2012/08/blog-post_19.html යන ලිපි කියවන්න).

මම මේ පිළිබඳව කරුණු ඉදිරිපත් කලේ සමස්ථ සිංහලයා ගැනම. නමුත්, නැගෙනහිර වගේම, හෙල සංස්කෘතිය ගොඩනැගුවෙ හෙල බොදුනුවො. ඔවුන් අධ්‍යාපන, රැකියා, දේපල ආදී හුදු පෞද්ගලික වාසි තකා, තම දැය සමය පාවා දුන්නෙ නැහැ. ඒ ඓතිහාසික කරුණු පිළිගෙන, හෙල බොදු සංකෘතියට බද්ධ වෙලා මේ රටේ සියලු දෙනාට ඉන්න පුලුවන්. නමුත් ඒ ඓතිහාසික උරුමය විකෘර්ති කරන්න, විනාශ කරන්න නම්, රට, දැය, සමයට ආදරය කරන හෙල බොදුනුවන්ගෙන් නම් ඉඩක් ලැබෙන්නෙ නැහැ.