Pages

Tuesday, December 18, 2012

දියවඩන නිලමේ මාළිගාව කොල්ල කනවා...!



දළඳා මාළිගාවේ දියවඩන නිලමේවරයා සහ බෞද්ධ කටයුතු නියෝජන්‍ කොමසිර්ස්වරයා එක්තු වී බෞද්ධයන්ගේ මුදුන් මල් කඩක් වන් දළදා මාළිගාවේ දේපල කොල්ල කමින් සිටින්නේ යයි බොදු බල සේනා සංවිධානය චෝදනා කරයි. එම සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලබොඩඅත්තේ ඤාණසාර හිමියන් කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් මේ අදහස් පල කලේය.

”දියවඩන නිළමේ කියන්නේ රටේ සමස්ත බෞද්ධයන්ගේ නායකයා. දළදා වහන්සේගේ ගිහි භාරකාරයා. අද මේ රටේ බෞද්ධයන්ට, බෞද්ධ උරුමයන්ට හානිකර දේවල් සිද්ධ වෙලා තියෙනවා. ඒත් දියවඩන නිළමේ නෙමෙයි කටක් ඇරියේ. ඒ වෙනුවට උන්නැහේ මොකද කරන්නේ…? මේ උත්තම තනතුර පාවිච්චි කරලා, ඒ තනතුරට නොගැළපෙන ආකාරයේ විශාල ක්‍රියාදාමයක නියැලී ඉන්නවා. දළදා වහන්සේ උදෙසා විවිධ රජවරු  මැති ඇමතිවරු  පූජා කරපු ඉඩකඩම් විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒවායේ නෛතික තත්ත්වයනුත්, පූජා කිරීමේ අරමුණුත් එකිනෙකට වෙනස්. හැබැයි එක ඉඩම් වර්ගයක් තියෙනවා, ඒවාට කියන්නේ ‘රාජකාරී ඉඩම්’ කියලා. පවතින නීතිය අනුව ඒ රාජකාරී ඉඩම් බදු දෙන්නත්, විකුණන්නත් පුළුවන්. හැබැයි මේ ඉඩම් බදු දුන්නාට, විකුණුවාට ඒ බදු දෙන හෝ විකුණන මුදලට සමානම මුදලක් දළදා මාළිගාව නමින්, දළදා වහන්සේට කැප කරලා බැංකුවේ තැන්පත් කරන්න ඕන. නමුත්, අක්කර දෙකක් වටිනා මාළිගාවේ විහාර සන්තකයේ ඇති ඉඩමක් පෞද්ගලික සමාගම් සමග එකතු වෙලා පවතින නීති ප්‍රකාරව දළදා වහන්සේ වෙනුවෙන් ලක්ෂ තුනක භාරයක් සහිතව මිලියන පහළොවකට විකුණලා තිබෙනවා. දැන් ගැටලුව තිබෙන්නේ ලක්ෂ 150ට විකුණපු ඉඩමට දළදා වහන්සේ වෙනුවෙන් ලක්ෂ තුනක භාරයක් තිබ්බම, ඉතුරු  මුදලට මොකද වුණේ කියන එකයි. ඒ වගේම තවත් අක්කර කිහිපයක ඉඩමක් තිබෙනවා, ඒ ඉඩම වෙනුවෙන් නීති ප්‍රාකාරව ලක්ෂ තුනක් තැන්පත් කරලා, ඒ ඉඩමේ එක පර්චසයක් අවමය රුපියල් 50,000/- බැඟින් විකුණා තිබෙනවා. එපමණක් නොවෙයි ඒ ඉඩම්වල තිබුණු වටිනා  ගස්කොළන් කපා දමා ඉවත් කර තිබෙන අතර ඒවායින් ලැබුණු මුදල්වලටත් මොකද වුණේ කියලා විශාල ගැටලුවක් තිබෙනවා. මේ සිද්ධ වෙලා තියෙන අක්‍රමිකතා දෙකක් විතරයි. තවත් බොහෝ දේවල් අපිට වාර්තා වෙලා තියෙනවා. මේ ඉඩම් විකුණන්න අත්සන් කරන්නේ මේ දියවඩන නිලමේවරයයි, බෞද්ධ කටයුතු නියෝජ්‍ය කොමසාරිස්වරයයි. දෙයියනේ ඇහැ කන තියෙන මිනිහෙකුට තේරෙනවා ශාසනාලයක් තිබිච්ච රජවරු  පූජා කරපු ඉඩම්, පෞද්ගලික සමාගම් එක්ක එකතු වෙලා මේ විදිහට සින්නක්කරව කට්ටි කරලා විකුණන්න මේ හොරු  දෙන්නට තියෙන සදාචාරාත්මක අයිතිය මොකක්ද කියලා. බුද්ධ භෝග කොල්ලකන මේ  සිස්ටම් එකත් නියමෙටම හදල තියෙනව. එක හොරෙක් ඉන්නව මාළිගාව ඇතුළෙ. ඒ හොරා එළියට පේන්නෙ නෑ… ඒ හොරා තමයි බෞද්ධ කටයුතු නියෝජ්‍ය කොමසාරිස්. ඒ  හොරා ඉන්නෙත් මහ හොරාගෙ උදව්වට. ඒ නිසා බොහෝ විට පේන්නෙත් මහහොරාගෙ වැරදි විතරයි. මොනා වුණත් මේ හොරු  දෙන්න කරන්නෙ එකම හොරකමමයි.

දැන් කෙනෙකුට අහන්න පුළුවන් මේවා සිද්ධ වෙද්දී මහානායක හාමුදුරුවරු  පොල් ගෑවාද කියලා?  සැබැවින්ම උන්වහන්සේලාට මේවාට එරෙහිව මුකුත් කරන්න තරම් බලයක් නෑ… මහානායක තනතුර අද හරියට නාමික විධායකයක් වගේ. උන්වහන්සේලා උපදේශකවරුන්ගේ තත්ත්වයට ඇදවැටිලා තියෙනවා. ඒ දෙන උපදේශයක්වත් මේ බෞද්ධ නාමධාරී නිලධාරීන් බලධාරීන් විසින් පිළිපදින්නේ නෑ. ඒ නිසා උන්වහන්සේලාට දොස් පරවලා වැඩක් වෙන්නේ නෑ. වරද තියෙන්නේ බලය හිමි පිරිස් තුළයි. මේ හරක් මෙන්න මේ විදිහට කටයුතු කිරීම ඇතුළේ නේද අද අපිට ගම්පොළ නගරය අහිමි වෙලා තියෙන්නේ…? එතකොට අපි අද කෑ ගහනවා අන්‍යාගමිකයන් ඉඩම් කොල්ලකනවා කියනවා… බෞද්ධ උරුමය විනාශ කරනවා කියලා. මේ නිලධාරීන්ගේ අදූරදර්ශී වැඩපිළිවෙල නිසා නේද අද එවන් තත්ත්වයක් නිර්මාණය වෙලා තියෙන්නේ…? බෞද්ධ සිද්ධස්ථාන වටේ ඉස්ලාම් භක්තිකයො රොක් වුණාම ඒ මිනිස්සු සඳකඩපහණේ අගය අඳුනන්නේ නෑ… මුරගලේ අගය අඳුනන්නේ නෑ… බෝධියේ – දාගැබේ – බුදුපිළිමයේ අගය අර්ථය අඳුනන්නේ නෑ… ඉතිං ඒවා විනාශ කරනවා. ඒ තත්ත්වයට අද බෞද්ධ උරුමය ඇද දැම්මේ කවුද? අපේ උපාසක අම්මලා තමන්ගේ ගෙවල් දොරවල් පවා හදාගන්නේ නැතුව මාළිගාවේ දළදා ප්‍රදර්ශන පෙන්වනකොට ගිහිල්ලා තමන්ගේ කණකර ආයිත්තම් ටික ගලවලා එවෙලේම පූජා කරනවා දළදා වහන්සේට. තමන්ගේ ඉඩට බත්පිඬ නොදා පින්පුරනවා අපේ මිනිස්සු. එහෙව් එකේ මේ ජෝඩුව මොකක්ද කරන්නේ…? දළදා වහන්සේගේ නාමයෙන් දළදා මාළිගාව සතු දේපොළ සියල්ල තමන්ගේ අම්මගෙන් අප්පුචගෙන් ලැබුණු පෞද්ගලික බූදලයක් කරගෙන දළදා මාළිගාව පෞද්ගලික සමාගමක් විදිහට පවත්වා ගෙන යනවා. මේ ලැබෙන මුදල්වලින් මේ අය අද වෙනතුරු  අඩුම තරමින් මේ රටේ බෞද්ධ අධ්‍යාපනය නඟා සිටුවන්න මොනවාද කරලා තියෙන්නේ කියලා විමසන්න ඕන. දුප්පත් බෞද්ධයො වෙනුවෙන් මොනවාද කරල තියෙන්නෙ. සමස්ත රට වැසියා වෙනුවෙන් නෙමෙයි, අඩුම තරමේ මධ්‍යම පළාතටවත් මොනවාද කරලා තියෙන්නේ…?”

වැඩිදුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ, ”1931දී සුද්දන් විසින් හැදූ විහාර හා දේවාලගම් පනත අනුව තමයි මේ විදිහට මේ ඇත්තන්ට කටයුතු කරන්න ඉඩ ලැබිලා තියෙන්නේ. පනතට අනුව මේ ඇත්තෝ නිවැරදි වෙන්න පුළුවන්. නමුත් එහෙම කරන්න කිසිම සදාචාරාත්මක අයිතියක් නෑ. දොෂාභියෝගයක් වෙනුවෙන් අපේ රටේ ව්‍යවස්ථාදායක අලුයම දෙක වෙනකල් වෙහෙස වී වැඩ. නමුත්, මේ තරම් යුහුසුළුව වැඩ කරන මොවුන්ට නිදහස ලැබුණත් තවමත් මේ නීති පද්ධතිය අපිට ගැළපෙන විදිහට වෙනස් කරගන්න නොහැකි වී තිබෙනවා. අපි කියනවා සුද්දා හදපු විහාර හා දේවාලගම් පනතට සංශෝධනයක්වත් එපා. එය වීසි කර දමන්න. අපිට ගැළපෙන ක්‍රමවේදයක් බොදු බල සේනාවෙන් අපි හදා දෙන්නම්. වහාම එය ක්‍රියාවට නංවන්න. මෙතෙක් විකුණා දැමූ දළදා මාළිගාව සතු විහාර දේපොළ යළිත් පවරා ගන්න. දැනට බදු දී ඇති සහ බදු දෙන්නට තිබෙන දළදා මාළිගාව සතු දේපොළ පිළිබඳ විධිමත් වාර්තාවක් රටට හෙළිදරව් කරන්න. මේ ඉන්න දියවඩන නිළමේවරයාගේ දූෂණ අක්‍රමිතකා සම්බන්ධයෙන් අපේ අනුදැනුමත් ඇතිව විධිමත් පරීක්ෂණයක් පවත්වන්න. තනතුරේ ගෞරවය ආරක්ෂා වීම සඳහා අඩුම තරමේ ලැජ්ජා බය ඇති, ශාසනාලයැති ගුණ යහපත් සිංහල බෞද්ධයෙක් පත්කරන්න. මේ දියවඩන නිළමේ තනතුර උඩරටට විතරක් සීමා වෙච්ච දෙයක් නොවෙයි මොකද දළදා වහන්සේ අපි හැමෝගෙම මුදුන් මල්කඩයි. කරුණාකරලා මේ දියවඩන නිළමේවරයා මේ ධූරයෙන් ඉවත් කරන්න. ඔහු ප්‍රසිද්ධියේ ජාතියෙන් සමාව ගත යුතුයි” යයි ද උන්වහන්සේ පැවසුහ.

http://lankacnews.com/sinhala/news/87199/

3 comments:

Anonymous said...

මට මෙතනදි මගේ ඇත්ත ප්‍රොෆයිල් එක යොදාගත නොහැකිවීමම දුක් වෙනවා. බ්ලොග් ලියන එක හොඳයි. නමුත් අන්තවාදය වැපිරීම භයානකයි. මොකද අන්තවාදය නිසා රටක් වැන සෙන්න පුලුවන්. ආසියාවෙම මියන්මාරය, බංගලාදේශය, ඇෆ්ගනිස්තානය අතරට ශ්‍රී ලංකාව ගෙන්න ගන්න එපා. උදාහරණයකට ඉන්දියාව ගන්න. රටෙ අඩුම ගානේ 1500ක් විතර තියෙනවා ගෝත්‍ර. ඒ ගෝත්‍ර අතරේ ගැටුම් තිබ්බත් වර්ගවාදය ගන්න යන්න එපා. මේ වැඩෙන් කෙරෙන්නේ වර්ගවාදය අවුලන එක. මේ රටේ ජීවත් වෙන කොට අපි ශ්‍රීලාංකිකයෝ කියන හැඟීම විතරක් හිතාගෙන කටයුතු කරන්න! නැත්තම් මම මුස්ලිම්, ඔයා බවුද්ධ, මම ක්‍රිස්තියානි කියලා කීයන්නේ නැතුවේ මං සිංහල, ඔයා දෙමල වගේ දේවල් කියාගෙන බ්ලොග් ලියන්න එපා.! අනික ආගම් වලට බයින්න යන්නත් එපා. සින්හල බවුද්ධ වෙච්ච මට නම් තවම මුසල් මානුවෙක් ලියන බවුද්ධ හෝ සිංහල ජාතියට පහර ගහණ වෙබ් එකක් තියා බ්ලොග් එකක්වත් හම්බවෙලා නෑ.

ඒක නිසා වර්ගවාදය අවුස්සන්න යන්න එපා. දැන් ඉතින් යුද්ධෙත් ඉවරනේ. මේ යන විදිහට යන්න දෙන්න. අද විතරක් නෙමේ බුද්ධාගම විනාශ වුනේ. කොටිහ්ට් විනාශ කලා. ඉස්සර ආක්‍රමණ වලිනුත් විනාශ් වුනා. මෙච්චර හොඳට බ්ලොග් ලියන ඔයා මී ගන තව ටිකක් හිතලා ඊලඟ සැරේ ලියන්න ගන්න.

Anonymous said...

මේ යන විදිහට යන්න දෙන්න :D
maru idea eka... oya hala ne da

Anonymous said...

na machan..man nan kiyanne mehema post daana eka hondai.
anthawaada anthawaada gaga aha kana piyagena iwasapuhama muslim ewun kare naginwa.iwaswanawa iwasanawa kiyala hitiyanan issra rajjuru waru(dutugamunu rajathuma) ai satan kare?buddhagama beraganna.sinhala jaathiya rakaganna.

danuwath keerima wadagath.wish you all the best admin