Pages

Saturday, December 22, 2012

නැගෙනහිර අපේ උරුමය රැකගන්නේ කෙසේද? - How can We Protect Our Eastern Heritage?

දෙටුගැමුණු මහ රජ දවස, හෙළ දෙරණ එක්සේසත් කළ මහ නිරිඳුන්ට සහ තුන් සිංහලේ මහ විරුවන්ට බත සැපයූ මහා සහල් නැළිය වෙල්ලස්සයි. ප්‍රෞඪ උඩරට රාජධානිය යටත් කරගැනුමට අපරිමිතව වෙහෙසුනු බ්‍රිතාන්‍යයන්ට, යටත් විජිත වලදී ලද නින්දිත, භයන්කර පිළිපහර දී ඔවුන් භීතියෙන් මුසපත් කළ, කඳුරට දළදා හිමිසඳු ආසිරි මැද 1815 වනතුරු පාලනය වූ මහා සරුබිම වෙල්ලස්සයි. වත්මන දිගාමඩුල්ලයි. හෙවත්, සස්‍රීක නැගෙනහිරයි! කුරුස යුධ වලින්, සයුරේ වෙළඳ සටනින් නයාට අඳුකොල සේ වී, බටහිර ජාතීන්ගෙන් බැට කෑ, මියැදුනු, මුසල්මානුවන්ට මේ සරුබිම වසන්නට 1629 දී අවසර දුන්නේ සෙනරත් නිරිඳුන්ය. ඒ, තුන් පරම්පරාවකින් සිහල ජාතියට බද්ධවන පොරොන්දු මතය. පොරොන්දු කැඩුවා පමණක් නොව, ඇතැම් අන්තවාදී මුසල්මානුවෝ, එය තම නිජ බිම බවට අද වාද කරති. සියවස් තුන හමාරක ඔවුන්ගේ උරුමය ගැන දොඩන මේ ආගමික උන්මත්තකයෝ, එදා හෙළ විරු දන ඩා, රුහිරු, දිවි මත ගොඩනැගුනු අසමසම මහා උරුමය වනසා දමමින් සිටිති. ඒ, මිත්‍යා ඉතිහාසයක් මවා පැවුමට, විශිෂ්ඨ මහා උරුමය ඔවුන්ට විසල් බාධාවක්ව ඇති බැවිනි.

සෙනරත් දිසා
නායක පුරාවිදු කොමසාරිස්ට අනුව, මෙරට පුරාවිදු ස්මාරක ගණන දස ලක්ෂයකට වැඩිය. පුරාවිද්‍යා චක්‍රවර්තී මේධානන්ධ හිමියන්ගේ 'උත්තර පස්ස, පාචීන පස්ස බොදු උරුමය' පර්යේෂණ කෘතියට අනුව නැගෙනහිර ඇති අපේ උරුමය විස්මිතය. ඉන් විසල් කොටසක් වෙල්ලස්සේ, දිගාමඩුල්ලේ තවමත් සුරැකිව පවතී. 

තුන් ලොවට ගුරු බුදු හිමි සඳු බඳු මහ වෙහෙරක, මෙත් කරුණා විහිදන සෙල් බුදු රුවක, සසරක පැවතුම ලඝු කොට කියන සඳකඩ පහණක, තඹුරු කුසුමක දඬු සේ නිමැවූ කැටයමින් අලංකෘත, සවිමත් ගල් කණුවක, මහ නිරිඳුන් විධිමත්ව සැකසූ, බුදු පුතුන්ට සෙවණ දුන් ආරාම පද්ධතියක අගය, මේ අන්තවාදීහු කෙසේනම් දනිත්ද? 


වසර දෙදහස් පන්සියයක ලිඛිත ඉතිහාසයේ මහා විරු නිරිඳුන්ගේ සහ රටවැසියන්ගේ සවියෙන්, බැතියෙන් ගොඩනැගුනු මහා උරුමය කේන්ද්‍ර ගතව ඇති පාචීන පස්ස අපේ උරුමය වැනසෙන්නට 
දී බලාසිටුම අද අපේ යුතුකමද? වගකීමද? වනගතව, පාෂාණගතව, සැඟව ඇති මේ මහා උරුමය රැකගැනුමට අද අප සමත් නොවුනහොත්, මාගේ ආදරණීය ඥාතිවරුණි, විසිහය සියවසක මහා උරුමය දස වසරකින් වැනසෙනු ඇත. අන්තවාදයෙන් වැනසුන ඇෆ්ගන් භාමියන් උරුමය ඊට එක් නිදසුනක් පමණි. අදටත් මාලදිවයිනේ, පකිස්ථානයේ සිල්ලරට විකිණෙන බොදු උරුමය දෙනෙතට එක් කරන්නේ කඳුලකි. නුදුරු අනාවක, නැගෙනහිරදී, බුදු රුවට මිල නියම කෙරෙනා අයුරු, මිල හෙට්ටු කෙරෙනා අයුරු, විදේශීයයන්ට විකිණෙන අයුරු බලාසිටුමට අපේ දෑස් අවාසනාවන්ත වුහොත්?

ඩෝසර් කෙරුනු මුහුදු මහ වෙහෙර රැකගැනුම වෙනුවෙන්, ඩෝසර් කෙරුනු දීඝවාපී පරිවාර චේතිය රැකගැනුම වෙනුවෙන්, ඩෝසර් කෙරුනු මොට්‌ටයාගල දාගැබ රැකගැනුම වෙනුවෙන්, ඩෝසර් කෙරුනු සෙනවිරත් පිරිවෙන රැකගැනුම වෙනුවෙන්, ඩෝසර් කෙරුනු සාගම මහ සෑරඳු රැකගැනුම වෙනුවෙන්, එවැනි ක්‍රමවත් වැඩපිළිවෙලක් තවමත් ක්‍රියාත්මක නොවීම පුදුමයකි. සිහල වැඩි ඡන්දයෙන් බලයට පත්වූ, 2/3කට වඩා ව්‍යවස්ථාදය
යේ මහ බලයක් හිමි, දේශප්‍රේමී යැයි පැවසෙන රජයක්, ප්‍රාදේශීය මුසල්මානු අන්තවාදී දේශපාලකයන්ට බියෙන්, වැනසෙන උරුමය ගැන නිහඬව සිටීම ඛේදයකි. 

අගනුවර සිට, අසිංහල අන්තවාදීන් මැද ඇති මේ උරුමය රැකුමට ඇති එකම පිළියම, ඒ උරුමය ගොඩනැගි, අතීත විරුවන්ගේ වත්මන් පරපුර, ඒ බොදු උරුමය කේන්ද්‍ර වනසේ ඒ පළාත් තුළ යළි පදිංචි කෙරුමයි. යුද්ධයෙන් බැටකමින්, ජාති විශුද්ධකරණයට ලක්ව, ත්‍රස්තයන් එලවා දැමූ සිහල ජනයා ඒ භූමි තුළ යළි ස්ථානගත කෙරුමයි.


අන්තවා
යෙන් වැනසුනු අවසන් බොදු බිම සාගම සෑය වියයුතුයි. සිහල ඡන්දයෙන් මැතිසභය තුළ සුඛ විහරණ ලබන නාමික සිහල මන්ත්‍රීවරුනි, එලඹෙන මැතිවරණයේදීත් වරම් ලැබගැනුමට අවැසි නම්, වහ වහා මෙය කළ යුතුය. එසේ නොවුවහොත්, නුඹේ අසුනද අහිමිවනු ඇත. ඒ වෙනුවෙන් නොබියව වැඩ කරන, දිවි පුදා උරුමය රකින, මහ විරු තරුණ පිරිසක් වත්මන සැදීපැහැදී සිටින බැව් අසන අපි නුඹ සැමට මතක් කරන්නෙමු!

- බුද්ධික මල්ලවආරච්චි -


ලියුම්කරුගේ තොරතුරු සත්‍යාපනය කෙරෙන බොහෝ තොරතුරු අප සතුය. ඉන් ලිපි කිහිපයක සබැඳීන් පහතින්... 

- 'දෙනෙත් හරින්න!' අපි -

[
දඹුල්ල අනවසර පල්ලිය, මුහුදු මහා විහාරය ඩෝසර් කිරීම, කූරගල බොදු බිම ආදිය පිළිබඳ මුස්ලිම් අන්තවාදයේ නිරුවත සැකෙවින්...
http://denethharinna.blogspot.com/2012/07/blog-post.html
දෙවනගල බොදු පින් බිම වටා මුසලු ව්‍යාපරිකයකු වැටක් ගහලා...http://denethharinna.blogspot.com/2013/05/blog-post_9325.html
මුසළු අන්තවාදීහු නැගෙනහිර තවත් දාගැබක් වනසතිhttp://denethharinna.blogspot.com/2013/05/blog-post_4581.html
මුසළු අන්තවාදීන් අතින් වැනසෙන අපේ උරුමයේ තවත් දිගුවක්
http://denethharinna.blogspot.com/2013/04/blog-post_5928.html
අන්තවාදයෙන් වැනසෙන බොදු උරුමය, අරාබි තෙල් සහ මුස්ලිම් ව්‍යාපාර වර්ජනය පිලිබඳ කාලීන විග්‍රහයක්...
http://denethharinna.blogspot.com/2012/10/blog-post_23.html
දඹුල්ලේ බොදු උරුමයේ ඇත්ත මොකක්ද?
http://denethharinna.blogspot.com/2012/05/blog-post_45.html
මුහුදු මහා විහාරය ඩෝසර් කිරීම
http://denethharinna.blogspot.com/2012/06/blog-post.html
අක්කරෙයිපත්තුවේ වැනසූ ඉපැරණි දාගැබ (මොට්‌ටයාගල දාගැබ) - මුස්ලිම් අන්තවාදයේ ඊළඟ ගොඳුර කුමක්ද?
http://denethharinna.blogspot.com/2012/09/blog-post_11.html
http://denethharinna.blogspot.com/2012/09/2.html
අන්තවාදයේ නවතම බිල්ල - මුසල්මානුවන් වැනසූ අනුරපුර සෙනවිරත් පිරිවෙන
http://denethharinna.blogspot.com/2012/09/blog-post_8.html
]

0 comments: