Pages

Saturday, December 29, 2012

අපේ ආගම සමඟ සෙල්ලම් කිරීම සුළු කටයුත්තක්ද? මෙම සුළු කටයුතුවල ප්‍රථිවිපාක රටට අනතුරු දායක වනු ඇත-අසාද් සාලිගෙන් රජයට අනතුරු

බොදු බලසේනා යන සිංහල සංවිධානය මගින් සහ අනිකුත් සිංහල ජාතිවාදීන් මගින් මුස්ලිම්වරුන්ට එරෙහිව සිදුකරන අරාජික කටයුතු දෙස රජය නිහඬව බලා සිටින්නේ මුස්ලිම්වරුන් තම අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීමට අවි අතට ගන්නා තෙක්ද යන්න යනුවෙන් විමසා සිටින මුස්ලිම් දෙමළ ජාතික පෙරමුණ, මුස්ලිම්වරුන්ව එම තත්වයට පත් කරන්න එපා යැයි ඉල්ලීමක් කර ඇත.

මෙය පුංචි ප්‍රශ්නයක් යැයි සිතා රජය එය නොසලකා හැරිය හොත් එහි ප්‍රථිඵල අනතුරුදායක වනු ඇති බව මුස්ලිම් දෙමළ ජාතික පෙරමුණේ සභාපති මෙන්ම කොළඹ මහ නගර සභාවේ හිටපු නගරාධිපති වන අසාද් සාලි රජයට අනතුරු අඟවා ඇත.

මෑතක සිට මුස්ලිම් ජාතිකයන්ට එරෙහිව සිදුකරන මර්දනයන් වර්ධනය වී ඇත. උදාහරණයක් ලෙස පසුගිය ඉරිදා ඇඹිලිපිටියේදී සිංහල කණ්ඩායමක් විසින් මුස්ලිම් ව්‍යාපාරිකයෙකුට පහරදීමේ සිද්ධිය පෙන්වාදිය හැක. ඇඹිලිපිටිය පොදු වෙළඳ පොලෙහි මුස්ලිම් වෙළඳ සැල් දෙකක් ඇත. ඉන් එක් වෙළඳ සැලක සිටි ව්‍යාපාරිකයින්ට සිංහල කණ්ඩායම් විසින් පහරදී ඇත. එම පහරදීම කලේ ඇයි? කුමක් වෙනුවෙන්ද? බොදු බලසේනා යන සිංහල සංවිධානයත් අනෙකුත් සිංහල ජාතිවාදීනුත් මුස්ලිම් ජනතාවට එරෙහි මර්දනය අඛණ්ඩව සිදුකරයි. නමුත් ඔවුන්ට එරෙහිව රජය කිසිඳු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැත. මේ පිළිබඳව රජය ක්‍රියාමාර්ගයක් ගනීවිදැයි දන්නේ නැත.

දඹුල්ල පල්ලියට එල්ල කල ප්‍රහාරයට මූලික වී කටයුතු කළ භික්ෂුන්ට එරෙහිව රජය කිසිඳු ක්‍රියාමාර්ගයක් ගත්තේ නැත. ඔවුන්ව අත් අඩංගුවට ගැනීමට ප්‍රමාණවත් සාක්ෂි ඇත. නමුත් රජය කිසිඳු ක්‍රියාමාර්ගයක් ගත්තේ නැත. මුස්ලිම් ජනතාවට එරෙහි ප්‍රචණ්ඩත්වයන් සිදුවන අවස්ථාවල පාලක පක්ෂයේ සිටින මුස්ලිම් අමාත්‍යවරුන්, මන්ත්‍රීවරුන් ආරක්ෂක ලේකම්වරයා වෙත ගොස් පැමිණිලි කරයි. ඔහුට පැමිණිලි කිරීමේ ඇති ප්‍රයෝජනය කුමක්ද? මුස්ලිම් පල්ලි කඩා දැමීම, මුස්ලිම් ව්‍යාපාරිකයින්ට පහරදීම, මුස්ලිම් ජාතිකයින්ගේ හලාල් ආහාර තහනම් කළ යුතුය යන සිංහල ජාතිවාදීන් සිදුකරන අරාජික කටයුතු සියල්ල සුළු සිද්ධීන් යැයි ආරක්ෂක ලේකම් පවසයි. අපේ ආගම සමඟත්, ජනතාවගේ ජීවනය සමඟත් සෙල්ලම් කිරීම සුළු කටයුත්තක්ද? මෙම සුළු කටයුතුවල ප්‍රථිවිපාක රටට අනතුරු දායක වනු ඇත. එබැවින් මුස්ලිම් ජනතාවට එරෙහි මර්දනයන් මෙරට තුළ මින් ඉදිරියට සිදු නොවිය යුතුය.

ඒ සඳහා රජය නිසි ක්‍රියාමාර්ග ගත යුතුය. එවැනි කටයුතු සිදුකරන අයට එරෙහිව දඬුවම් ලබාදිය යුතුය. මුස්ලිම් ජනතාවට එරෙහිව ක්‍රියාත්මක කර ඇති මර්දන කටයුතු දෙස රජය නිහඬව බලාසිටීම තුලින් රජය බලාපොරොත්තු වන්නේ මුස්ලිම් ජනතාවද තම අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීමට අවි අතට ගත යුතු බවද? එපා. කිසි විටෙකත් අපව එම තත්වයට තල්ලු කරන්න එපා යනුවෙන් මුස්ලිම් ජාතිකයින්ට එරෙහිව රජය සිදුකරන මර්දනයට විරෝධය දක්වා අදහස් දැක්වීමේදී අසාද් සාලි පවසා ඇත.

http://www.srilankaxnews.com

3 comments:

Anonymous said...

මේක නම් අනියම් වශයෙන් යුද්ධය ප්‍රකාශ කිරීමක්. කරුණාකරලා ආණ්ඩුවේ පාලකයන් මේක සුළුවෙන් තකා බැහැර නොකළ යුතු බරපතල කාරණාවක් බව කල්පනාවට ගන්න. ඔබලාගේ සුළු අතපසුවීමක් පසු කලෙක දී යලිත් නිවැරදි නොකළ හැකි මහා විනාශයක් විය හැක.

මට දැන ගැනීමට ලැබුනා ශුද්ධවූ යුද්ධයක් ගැන. කරුණාකර මතක තබා ගත්තොත් හොඳයි මුස්ලිම් මිනිසුන් බලවත් වූ කලෙක දැන් ඔවුන් විඳින ආගමික නිදහසත්, ජීවත්වීමේ නිදහසත් පෙරලා ඔවුන්ගෙන් අපිට ලැබෙන්නේ නැහැ. අපිට ඔවුන්ගේ ආගමට සම තැන ලබාදීමේ ඔලුවේ අමාරු ඔවුන්ට නැහැ. බලමු ඒ වෙනකොට ඔය සර්වාගමික අච්චාරු හැලියට වෙන දේ. බෙල්ලන්විල මහාචාර්ය හිමියි, කඹුරුගමුවේ පච වජිර හිමියි එකතු වෙලා ITN එකයි අගමැතිතුමයි ඔක්කොම එකතු වෙලා මේ කරපු විච්චුම්බර විලම්බීත ඒ වෙනකොට කොහොම වලංගු වෙයිද කියල...

Anonymous said...

උඹල ඉස්සෙල්ලම කුරගලින් අයින්වෙලා හිටපල්ලා

Anonymous said...

ඈ! එතකොට ඔයගොල්ලො අර දීඝවාපිය,කූරගල එහෙම දාන සෙල්ලම මොනවගේ එකක්ද?.. ඔය සෙල්ලම් වලට ඔන කරන සල්ලිත් ඉතින් ගන්නෙ මයෙහිතේ අපේ පොකට් එකෙන්ම තමා....අපේ ආගමත් ඉතින් ඔය එක එක අයට ඔන විදියට සෙල්ලම් දාන්න හදපු එකක් නම් නෙවේ.