Pages

Sunday, December 30, 2012

එක වල්ලෙ පොල්... පෙරටුගාමී, මනෝ, සාලි, බාහු, JVP...

දෙමළ සහ මුස්ලිම් ජාතිකයන්ට එරෙහිව සිංහල ජාතිවාදය ක‍්‍රියාත්මකයි
December 29, 2012 at 8:38 am | Lanka C News.
දෙමළ සහ මුස්ලිම් ජනතාවට විරුද්ධව ජාතිවාදයක් කි‍්‍රයාත්මක වන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප‍්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ මහතා සඳහන් කරයි. යුද්ධය අවසන් වූ පසු රටේ සියලූම ජනතාවගේ බලාපොරොත්තු වූයේ බියෙන් සැකෙන් තොරව සියලූම ජාතීන් එක්ව ජීවත්වීමට බවද ඔහු පවසයි. එහෙත් මේ වනවිට දෙමළ තරුණයන් කිසිදු හේතුවක් නොමැතිව අත්අඩංගුවට ගෙන කිසිදු චෝදනාවක් ඉදිරිපත් නොකර පුනරුත්ථාපනය කිරීමට කටයුතු කරමින් සිටින බවද ඔහඑු සඳහන් කළේය. එයට උදාහරණයක් ලෙස ඔහු සඳහන් කළේ යාපනය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයන් සිදුකළ සාමකාමී උද්ඝෝෂණයට පහරදී ශිෂ්‍යයන් 04 දෙනකු අත්අඩංගුවට ගෙන පුනරුත්ථාපනය කිරීමට කටයුතුයි.

මීට අමතරව මුස්ලිම් ජනතාවට අයත් සිද්ධස්ථානවලට පහරදෙමින් සහ මුස්ලිම් ජනතාවට පහර දෙමින් මුස්ලිම් ජනතාවටත් ජාතිවාදය කි‍්‍රයාත්මක කරමින් සිටින බවද ඔහු සඳහන් කළේය.

සිදුවන සියලූම කටයුතු වලට වගකිව යුත්තේ ආණ්ඩුව බවත්, මේ නිසා වහාම රට තුළ සිදුවන මෙම කි‍්‍රයා නවතා දැමීමට ආණ්ඩුව කටයුතු කළ යුතු බවද ඔහු පවසා සිටියේය.

‘සිංහල ජාතිවාදීන් වහා නවතිනු’ – මනෝ…; ගෝඨාභයටත් චෝදනා
December 30, 2012 at 12:02 am | Lanka C News.
කොලඹ ආශ්‍රිතව වෙසෙන මුස්ලිම් සහ දෙමළ ජනතාවට එරෙහිව සිංහලයන් විසින් ජාතිවාදී ක්‍රියාකාරකම් වල නිරතව ඇතැයි චෝදනා කරන ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පක්ෂයේ නායක මනෝ නේෂන් වහාම එම ක්‍රියාමාර්ග නවතා දැමිය යුතු යැයි පවසයි.දෙමළ මුස්ලිම් සහයෝගීතාවය නැමති සංවිධානයකින් කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පවසා තිබේ. කොලඹ මුස්ලිම් සහ දෙමළ ජනගහනය වැඩි වී ඇතැයි සිංහල ජාතිවාදී කොටස් චෝදනා කරන බව පවසන මනෝ ගනේෂන් මෙය අද ඊයේ ඇති වූවක් නොව නිදහසට පෙර සිටම පැවති තත්වය යැයි ද පවසයි.නැගෙනහිර 3% ක් වූ සිංහල ජනගහනය දැන් 30% ක් දක්වා වැඩිවූයේ කෙසේ දැයි ඔහු වැඩිදුරටත් ප්‍රශ්න කරයි.
ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මෙම ජාතිවාදී ක්‍රියාකාරකම් සහ දෙමළ මුස්ලිම් ජනයාට සිදු වන අතවර වහා නැවැත්වීමට කටයුතු කල යුතු  යැයිද ඔහු පවසයි.

කෙසේ වෙතත් එල්ටීටීඊ ක්‍රියාකාරකම් පැවති සමයේ එල්ටීටීඊය මගින් සිංහල ජනතාවට මෙන්ම දෙමළ ,මුස්ලිම් ජනතාවට එරෙහිව කෲර ක්‍රියාකාරකම්වල නිරතවද්දී පවා ඒ පිලිබඳ නෑසූකන්ව එල්ටීටීඊ බෙදුම්වාදය වෙනුවෙන්  පෙනී සිටි මනෝ ගනේෂන් මේ නගන චෝදනා කිසිඳු පදනකම් නැති හුදු තමාගේ දේශපාලන පැවැත්ම සහ රට අස්ථාවර කිරීමේ උවමනාවෙන් සිදුකරන ප්‍රකාශ බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.එල්ටීටීඊය විනාශ කිරීමෙන් පසු කිසිඳු ප්‍රචණ්ඩ ක්‍රියාවක් ඇතිවීමට ඉඩ නොදී පවත්වාගැනීමට ශ්‍රී ලංකා ආරක්ෂක අංශ සමත්ව සිටින වටපිටවක සහ දශක කිහිපයක් තිස්සේ කොලඹ සහ අවට ප්‍රදේශවල දෙමළ ජනයා සිංහල ජනයා අතර නිදැල්ලේ දෙමළ වීම නිසා විශේෂිත වූ කිසිඳු පීඩාවකින් තොරව  සහජීවනයෙන් ජීවත් වන වටපිටාවක මනෝ ගනේෂන්ලා සිදුකරන මෙවැනි ජාතිවාදී ප්‍රකාශ නිසා එයට  ඉමහත් හානියක් සිදුවන බවද ඔවුහු පෙන්වා දෙති.
- යටියන ප්‍රදීප් කුමාර

0 comments: