ඔබ දන්නවාද, තමන්ගේ ජීවිතය පවා අවධානමකට ලක්කරගනිමින් ලෝකයට නව නිර්මාණ බිහිකරන්නට පෙළඹුනු නව නිපැයුම්කරුවන් මේ ලෝකයේ සිටිනවා. අයිෆල් කුළුණෙන් බිමට පනින්නට, අන්තරායකාරී විකිරණ වලට නිරාවරණය වෙන්නට වගේ දේවල් වලට මේ අය බය වුනේ නැහැ. මේ පහතින් දැක්වෙන්නේ ඒ වගේ තමන්ගේම නිර්මාණ නිසා ජීවිතය පවා අහිමිකරගත් නව නිපැයුම්කරුවන් කිහිප දෙනෙක් ගැනයි.
1. Henry Smolinski
ඔහු ඉංජිනේරුවරයෙක්. ඒ වගේම ඔහු පියාඹන කාරයක නිර්මාණකරුවෙක්. Ford Pinto මෝටර් රථයකට Cessna Skymaster...