මෙම වේදිකාවට සහ ප්‍රදේශයේ ආරක්‍ෂාවට පොලිස් නිලධාරීන් යොදවා සිටියදීත් මේ ආකාරයට පාතාල කණ්‌ඩායම් පැමිණ වෙඩි තැබීම් සිදු කර නිරුපද්‍රිතව පලා යැම පිළිබඳව ප්‍රදේශවාසීහු දැඩි අප්‍රසාදය පළ කර සිටිති.
මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබූ රැස්‌වීම සඳහා කොලොන්නාවේ විශාල පිරිසක් පෙරේදා රාත්‍රි කාලයේ සිට උමගිලිය ක්‍රීඩාංගණයේ සැරසිලි කරමින් සිට ඇත.
ඒ අවස්‌ථාවේ කළු පැහැති ජීප් රථ දෙකකින් සහ වෑන් රථයකින් පැමිණ ඇති විසිදෙනකුගෙන් පමණ සමන්විත පාතාල කණ්‌ඩායමක් හතර අතට වෙඩි තබා තිබේ.
සිද්ධිය වූ ස්‌ථානයේ වැටී තිබී ටී 56 හිස් පතරොම් උණ්‌ඩ 18ක් පොලිසිය මගින් සොයා ගෙන ඇත.
කොලොන්නාව, ප්‍රදේශයේ එක්‌තරා දේශපාලනඥයකු සමග සිටින දෙමටගොඩ පාතාල කල්ලියක නායකයා ඇතුළු සගයන් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව පොලිස් පරීක්‍ෂණවලින් හෙළි වී තිබේ.
ඊයේ සවස් වනතුරුත් මෙම සිද්ධියට සම්බන්ධ සැකකරුවන් කිසිවකු අත්අඩංගුවට ගෙන නොතිබිණි.
වැල්ලම්පිටිය පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ පවත්වා ගෙන යයි.
හේමන්ත රන්දුණු, ඔරුවල - සරත් ද සිල්වා
http://www.divaina.com/2014/12/25/news03.html
Pic Source
0 comments:
Post a Comment