Pages

Saturday, December 6, 2014

දුමින්දාගමනය සිදුවූ උඳුවප් පොහොය අද

දොළොස්‌ පොහොයාවලියේ අවසන් පොහොය ලෙස සැලකෙන්නේ උඳුවප් පොහොයයි. මෙය උඳු මාසය ලෙසද හැඳින්වේ. උඳු වපුරා ඵල නෙළා ගන්නා මාසය වශයෙන්ද උඳුවප් මඟ නම් කරනු ලැබේ. වසරක්‌ පුරා දිගු ගමන යෙදී ඉදිරි වර්ෂය කෙසේ සකස්‌ කර ගන්නේද යන්න සම්බන්ධයෙන් කඩඉමක්‌ වශයෙන් මෙය නම් කරනු ලැබේ. දැහැමි දිවි පෙවෙතකට පසුබිමක්‌ සකසා සංසාරයෙන් එතෙරවීමට මාර්ගය කෙටිකර ගැනීමට මෙය අතිශය අනුබලයක්‌ කරගෙන ඇති ආකාරය ද තීරණය වේ. 

සඟමිත් තෙරණියගේ ලංකාගමනය ජය ශ්‍රී මහ බෝධියේ දක්‌ෂිණ ශාඛාව ලක්‌දිවට වැඩම කරවීම ලක්‌දිව මෙහෙණි සස්‌න පිහිටුවීම, කාන්තා සමාජයේ විමුක්‌තිය උදාවීම, අනුරාධපුරයේ ප්‍රභාව ඇතිවීම, සමාජයේ පෙර නොවූ විරූ ප්‍රබෝධයක්‌ උදාවීම යන කරුණු උඳුවප් පොහොයේ සිදුවූ වැදගත් සිදුවීම්ය. ජය ශ්‍රී මහ බෝධියේ දකුණු ශාඛාවක්‌ ලක්‌දිවට වැඩමවීමත් එම ශාඛාව අනුරපුර මහමෙව්නාවේ රෝපණය කිරීමත් නිසා උඳුවප් මහ පොහොය ඉහළ තලයක පවතී. 

අදත් ශ්‍රී මහා බෝධියේ පහස ලැබීමෙන් අනතුරුව කෙතරම් පහන් සංවේගයක්‌ දනවන්නේද? බෝධිය ස්‌පර්ශකොට නොව දැකීමෙන් අප කොතරම් චිත්ත ප්‍රීතියක්‌ ලබන්නේද? මෙරට භික්‌ෂුණි ශාසනය බිහිවීමට සඟමිත් තෙරණිය හේතු සාධක වූයෙන් සමාජයේ විසිරී පැතිරී සිටි කාන්තා පක්‌ෂය එක තැනකට රෝක්‌ත කිරීමට අතිශයින්ම ඉවහල් විය. 

ගොතටුව පාරමිතා ශ්‍රී මහා බෝධිමළු විහාරාධිපති, ශාස්‌ත්‍රපති, පණ්‌ඩිත අරම ධම්මතිලක නාහිමි
http://www.divaina.com/2014/12/06/news09.html

Pic Source

0 comments: