Pages

Saturday, January 31, 2015

බොදුනුවන්ගේ සිත් රිදවූ, කුරගලේ බොදු උරුමයට එරෙහි යහපාලන වාරණය

මේ වන විට නව රජයක්‌ බලයට පත්ව ඇත. ගතවූ කාලය මාසයකටත් අඩු නමුත් සැලකිය යුතු වෙනස්‌කම් කීපයක්‌ ඉටුකරන්නට සමත්ව ඇත. ගෙවී ඇති යන්ත්‍ර කොටස්‌ නැවත අළුතින් පුරුද්දා නව සායම් වලින් ඔපවත් කරන ලද වාහනයක්‌ ලෙසට මේ නව රාජ්‍ය වාහනය පාරට දමා ඇත. එහෙත් මේ වාහනය යන්නේ කොතනටදැයි කිසිවෙක්‌ ප්‍රශ්න නොකරන්නේය. එයට හේතුව නව වාහනයකින් නව ගමනක්‌ යැම ආශ්වාද ජනක සිදු වීමක්‌ බැවිනි. යන්නේ යහ පාලනය නමැති අරමුණකින් බැවින් එය තවත්ආශ්වාද ජනකය. කෙසේ වෙතත් මේ යහ පාලනය තුළ සිදු නොවිය යුතු බොහෝ දේ සිදු වෙමින් තිබේ. එකක්‌ නම් මුස්‌ලිම් මූලධර්මවාදීන්ගේ යළි නැගිටීමයි. මේ සඳහා ආසන්නතම උදාහරණය වාර්තා වන්නේ කූරගලිනි. එම ඓතිහාසික සිද්ධස්‌ථානයට ප්‍රවිශ්ට වීම තහනම් කරමින් භික්‌ෂූන් වහන්සේ නමකට හා උන්වහන්සේගේ අනුගාමිකයන්ට විරුද්ධව උසාවි වාරණයක්‌ ගැනීම එම සිද්ධියයි.

කූරගල ඓතිහාසික සිද්ධස්‌ථානය ප්‍රාග් මානවයාගේ විශේෂ ජනාවාසයකි. එසේම බුද්ධ කාලයේ සිට ක්‍රමිකව විකාශනය වූ බෞද්ධ ගල්ලෙන් තපෝවනයකි. මේ උතුම් භූමිය යටත් විජිත සමයේදී වනගතව තිබියදී ඒ ස්‌ථානයට ඇතුළු වී සිය මඩු කූඩාරම් ඉදි කරමින් 1923 න් පසුව මුස්‌ලිම් දේවාස්‌ථානයක්‌ ස්‌ථාපිත විය. පසුගිය වසර අනූදෙක තුළදී මේ මුස්‌ලිම් ආක්‍රමණය නිසා බෞද්ධ ආරාමයෙහි පැවති බුදු පිළිම සඳකඩ පහන් හා සිරි පතුල් පොඩිපට්‌ටම් වූ බව ඉතිහාසයේ සටහන්ව ඇත. 1971 දී මේ ස්‌ථානය පුරාවිද්‍යා රක්‌ෂිතයක්‌ ලෙසට නම් කරන ලදී. නමුත් එයට සමගාමීව මුස්‌ලිම් අනවසර ඉදි කිරීම් වර්ධනය වූයේ හිටපු බළන්ගොඩ මන්ත්‍රී අබුසාලි මහතාගේ මැදිහත් වීමෙනි. පසුගිය කාලයේදී මේ ආක්‍රමණයට එරෙහිව බෞද්ධ සංවිධාන කළ මැදිහත් වීමද නීති මාර්ගයෙන් ක්‍රියාකිරීමද නිසා අනවසර ඉදි කිරීම් 19 ක්‌ ඉවත් කල යුතු බවට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව තීරණය කරන ලදී. ඒ අනුව පසුගිය කාලයේදී එම ඉදි කිරීම් වලින් සියයට අනූපහක්‌ පමණ ඉවත් කළද හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතාගේ මුස්‌ලිම් ජන ඇඟෑලිකම් නිසා ප්‍රධාන පල්ලිය සහ සොහොන් ඉවත් කිරීමට පුරාවිද්‍යාවට නොහැකි විය. කෙසේ වෙතත් නැවත බෞද්ධ වන්දනාමාන කටයුතු ආරම්භ කර ගැනීමටත් සංචාරයකයන්ට අවශ්‍ය නිස්‌කලංක පරිසරය එහි ඇති වීමත් හේතු කොට ගෙන කූරගල චිර ප්‍රසිද්ධ විය. වසර දසදහසක්‌ පැරණි මානව ඇටසැකිල්ලක්‌ මේ ස්‌ථානයෙන් හමුවීම නිසා කූරගල ජාත්‍යන්තර ලෙසටද අද ප්‍රසිද්ධියට පත්ව තිබේ.

කූරගල ඓතිහාසිකත්වය සුරක්‌ෂිත කිරීමට කැපවූ බොහෝ බෞද්ධ සංවිධාන වෙයි. ජාතික බලවේග විසින්ද මේ කාර්යයට දක්‌වන ලද දායකත්වය විශාලය. නව රජය පත්වීමත් එහි වැඩි බරක්‌ එක්‌සත් ජාතික පක්‌ෂයට හිමි වීමත් නිසා නැවතත් ඔවුන්ට හිතවත් මුස්‌ලිම් පිරිසට නව ජවයක්‌ ලැබුණා සේය. ජන අනුපාතයටත් වැඩිමනත්ව මුස්‌ලිම් ඇමැතිවරු පත්කර ගන්නා ලද්දේ එබැවින් විය හැකිය. කෙසේ වෙතත් අපගේ දැඩි අවධානයට යොමු වන්නේ නීත්‍යානුකූලව බෞද්ධයන්ට හිමිවිය යුතුව තිබෙන කූරගල ඓතිහාසික සිද්ධස්‌ථානය යළිත් මුස්‌ලිම් අන්තවාදීන්ගේ ග්‍රහණයට අසු කිරීම සඳහා නීතිය අවභාවිතා කළ ආකාරයයි.

මේ සිද්ධිය ඇරඹෙන්නේ කූරගල ජෙයිලානි පල්ලියේ මුස්‌ලිම් භාරකාරත්වය විසින් සිය වාර්ෂික වන්දනාමාන සමය වශයෙන් 2015 -01 -21 සිට 2015-2-21 කාලය ප්‍රකාශ කිරීමත් සමගය. ගිය දෙසැම්බර් මාසයේදී සිංහල රාවය විසින් සංවිධානය කරන ලද පූජ්‍ය ගංගොඩවිල සෝමහිමි පින්කම කූරගල දී පවත්වන ලද අවස්‌ථාවේදී පොලිසිය විසින් ඊට බාධා කරන ලද්දේ ඉහළ නියෝගයකින්ය. ඒ ක්‍රමයම මෙහිදී අනුගමනය කරන ලදී. පූජ්‍ය වටද්දර ඥාණිස්‌සර හිමි පුරාවිද්‍යා කාර්ය භාර නිලධාරිනිය හිටපු පුරාවිද්‍යා රැකවල් කරු හීන් මහත්මයා සහ එම්.ජී. විෙ-රත්න යන අයගෙන් ප්‍රකාශ ලබා ගත් කල්තොට පොලිසිය බළන්ගොඩ උසාවියෙන් 2015- 01- 21 දින වාරණ නියෝගයක්‌ ලබාගන්නා ලදී. ඒ රිෂානා අබුසාලි මැතිණියගේ ඉල්ලීමක්‌ මත යයි පවසති. පූජ්‍ය යක්‌කලමුල්ලේ පවර හිමි ඇතුළු සිංහල රාවය සංවිධානයේ සාමාජිකයන්ට කූරගලට ඇතුළු වීම වලක්‌වාලමින් මෙම වාරණය ගෙන තිබුණි. නමුත් සිංහල රාවය සංවිධානයේ සභාපති පූජ්‍ය අක්‌මීමන දයාරතන හිමියන්ගෙන් අප කළ විමසුමකදී පැහැදිලි වූයේ මේ ආසන්න කාලවකවානුව තුළදී කූරගල යැම සඳහා කිසිම සැලසුමක්‌ නොතිබූ බවයි. එම තොරතුර සමාජ ජාලා වෙබ් අඩවි තුළ ප්‍රචාරය වූ පුවතක්‌ පමණක්‌ බවයි. මෙයින් පැහැදිලි වන්නේ රිෂානා අබුසාලි මැතිණියගේ ඉල්ලීම මත කල්තොට පොලිසිය හිතාමතාම ස්‌වාමීන් වහන්සේලාට එරෙහිව නීතිය අතට ගත් ආකාරයයි. මෙහිදී අනාවරණය වන වැදගත්ම කාරණය වන්නේ බුදුගල පුරාවිද්‍යා සහකාර වසන්තා ඉනද්‍රානි මහත්මිය විසින් කල්තොට පොලිසියට කිසිදු ප්‍රකාශයක්‌ ලබා දී නොතිබූ බවයි. ඇය පැහැදිලි කරන පරිදි කල්තොට පොලිස්‌ ස්‌ථානාධිපති කේ.ඒ.පී. පෙරේරා දුරකතන ඇමතුමක්‌ මගින් ප්‍රකාශයක්‌ ඉල්ලා සිටි අතර පසුව පොලිස්‌ කොස්‌තාපල්වරු දෙදෙනෙක්‌ ඇය හමුවට එවා ඇත. මෙහිදී තම ආයතන ප්‍රධානියා වූ අධ්‍යක්‌ෂ ජනරාල්වරයාට කතා කළ ඇය එවැනි ප්‍රකාශයක්‌ ලබා දිය හැකි දැයි විමසා තිබේ. නමුත් එයට අවසරයක්‌ අධ්‍යක්‌ෂක ජනරාල්වරයාගෙන් ලැබී නොමැත. ඒ අනුව ප්‍රකාශයක්‌ ලබාදීම ප්‍රතික්‌ෂේප කර තිබේ. එවැනි තත්ත්වයක්‌ මත උසාවිය හමුවේ සාවද්‍ය දැනුම්දීමක්‌ සිදුව තිබේ. 

කූරගල අනවසර ඉදිකිරීම ඉවත් කිරීමට කටයුතු කළ යුතු බවට මීට පෙර පුරාවිද්‍යා අධ්‍යක්‌ෂක ජනරාල්වරයාට නියෝගයක්‌ නිකුත් කර තිබෙන්නේ එවකට සිටි බළන්ගොඩ මහෙස්‌ත්‍රාත් වරියයි. ඒ අනුව ඉදිකිරීම ඉවත් කිරීමට පියවර ගැනුණු අතර ආර්. ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ මැදිහත් වීම මත 1990 දී මුස්‌ලිම් පිරිසට ලබා දුන් විකල්ප ඉඩම් වලට ඔවුන් යායුතු විය. මෙවර ඔවුන්ගේ උත්සවය වෙනුවෙන් 2015-01-12 දින අධ්‍යක්‌ෂක ජනරාල් වරයා ලබා දුන් අවසරය සහිත ලිත ලියෑවිල්ලේ මේ බව අවධාරණය කර තිබුණි. (04/කූරගල මුස්‌ලිම් දේවස්‌ථානයට විකල්ප ඉඩම් ලබාදී ඇති බැවින්ද එම විකල්ප ඉඩම් මෙම ස්‌ථානයට ආසන්නයේ පවතින බැවින්ද ලිපියේ සඳහන් අනෙකුත් අවශ්‍යතාවයන් පුරාවිද්‍යා රක්‌ෂිතය තුළ සිදු කිරීමේ අවශ්‍යතාවයක්‌ නොමැති බව පෙනේ.)

එහෙත් ඔවුන්ගේ ප්‍රධාන පල්ලිය ඉවත් නොකෙරුණු අතර එය ඉවත් කිරීම සඳහා පසුගිය කාලයේදී වෑයම් කළ නමුදු හිටපු ජනාධිපතිවරයාගේ ඉල්ලීම මත අත්හිටුවා ඇත. කූරගල පුරාවිද්‍යා රක්‌ෂිතයෙන් පුරාවිද්‍යා නෂ්ඨාවශේෂ තිබෙන ගල්ලෙන ඇරුණු කොට අනෙක්‌ කොටස්‌ අස්‌ගිරි පාර්ශවයේ මහානායක ස්‌වාමීන් වහන්සේලා වෙත පවරා දී ඇත. ඒ අනුව බෞද්ධයන්ට මෙහි ඇතුල් වීමටත් වන්දනා මාන කිරීමටත් කිසිදු බාධාවක්‌ නැත. එසේ තිබියදී පොලිසිය විසින් උසාවිය ද නොමග යවමින් ගන්නා ලද වාරණය නීත්‍යානුකූල නොවේ. එය බෞද්ධයන්ගේ මූලික අයිතිවාසිකම් කඩකිරීමකි. පැහැදිලිව ප්‍රකාශ කළ යුත්තේ පොලිසිය මෙහිදී මුස්‌ලිම් පාර්ශවය වෙනුවෙන් පක්‌ෂපාතීව කටයුතු කළ ආකාරයයි. මීට ඉහත කීප වාරයකදීම බෞද්ධයන් සිය වන්දනා මානයට කූරගල තරණය කරද්දීද පොලිසි රාශියකින්ම කුළුපොළු සහිත හමුදාවන් ගෙනවුත් බියවැද්දූ ආකාරය අපට අමතක නොවේ. මෙහි යටි අරුත නම් බෞද්ධයන් ම්ලේච්ඡයන් ලෙසට ජාත්‍යන්තර වශයෙන් ප්‍රසිද්ධියට පත් කිරීමට මුස්‌ලිම් අයට තිබෙන වුවමනාවට පොලිසිය අනියමින් සහයෝගය දැක්‌වීමයි. එසේම ඉදිරියේදී බෞද්ධයන්ට කූරගල තරණයට එරෙහිව ස්‌ථිර වාරණයක්‌ ගැනීමේ බලාපොරොත්තුවක්‌ ද තිබිය හැකිය. දිගින් දිගටම මෙවැනි සිදු වීම් වාර්තා වීම සැබවින්ම බෞද්ධයන්ගේ සිත් රිදවන්නකි. යහපාලනයට මුවාවී යළිත් මුස්‌ලිම් අන්තවාදය හිස එසැවීමට ඉඩදුනහොත් එහි විපාක විදින්නට සිදුවන්නේ සමස්‌ත රටටයි. දේශපාලකයන් වරන් වර වෙනස්‌ වෙමින් ආවා ගියාට රටේ හොඳ නම රැක ගැනීමට නම් මෙවැනි කුමන්ත්‍රණයන් පරාජයට පත්කළ යුතුමය.

මතුගම සෙනෙවිරුවන්
http://www.divaina.com/2015/02/01/feature11.html

සබැඳි ලිපි -
[
කූරගල කැණීමේ දත්ත විශ්ලේෂණ කටයුතු ඇරඹේhttp://denethharinna.blogspot.com/2014/10/blog-post_1.html
මහින්දාගමනයට එහා ඓතිහාසික යක්ෂ, නාග, දේව හෙළ විභූතිය කුරගලින්http://denethharinna.blogspot.com/2014/06/blog-post_28.html
දත්තගේ පර්වතය (කූරගල) - මංත්‍රී අබුසාලිගේ බොරු පැමිණිල්ල හමුවේ 1939 දී පවා තහවුරු වූ පුරවිද්‍යා උරුමය ජනපති අණින් මුසලුවන්ට???http://denethharinna.blogspot.com/2014/06/1939.html
කූරගලට වුණ දේ රුවන්වැලියටත් වෙයිද?http://denethharinna.blogspot.com/2014/06/blog-post_4168.html
‘කූරගල මානවයා’ කාලනීර්ණය - සංඝාරාමය කි‍්‍රපූ යුගයේ! ඓතිහාසික ගල්ලෙන් ප‍්‍රාග් ඓතිහාසික අවධියේදී මානවයාගේ වාසස්ථානhttp://denethharinna.blogspot.com/2014/05/blog-post_7669.html
ප්‍රාග් ඓතිහාසික මානව යුගයේ සාධක රැසක්‌ කූරගල කැණීම්වලින් හමුවෙයි
http://denethharinna.blogspot.com/2013/05/blog-post_21.html
කුරගල බොදු පින් බිමක්! මුසළු වැසිකිළි, සොහොන් ඉවත්කළ විට ඉපැරණි උරුමය මතුවේ!
http://denethharinna.blogspot.com/2013/05/blog-post_17.html
මුසලුවන් වැසිකිළි ඉඳිකර වැනසූ මහා උරුමය - කුරගල - ආදී මානවයාගේ ජය බිමක්
http://denethharinna.blogspot.com/2013/05/blog-post_3170.html
ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් මානවයන් ආහාරයට ගත් බව සැලකෙන බෙල්ලන් කූරගලින් හමුවෙයි
http://denethharinna.blogspot.com/2013/05/blog-post_8.html
කූරගල ශ‍්‍රී පාද දිවා ගුහාව නැවතත් බෞද්ධයින්ට
http://denethharinna.blogspot.com/2013/05/blog-post_5944.html
මුසලුවන් වැනසූයේ මහා උරුමයක් - කූරගල කැණීම්වලින් ප‍්‍රාග් ඓතිහාසික පුරාවස්තු හමුවේ
http://denethharinna.blogspot.com/2013/05/blog-post_6.html
කූරගල කැණීම්වලින් ප‍්‍රාග් මානවයාගේ වගතුගත් හෙළිවේ
http://denethharinna.blogspot.com/2013/04/blog-post_8538.html
කූරගල මුස්ලිම් පල්ලිය ඉවත් කරන්නේ නෑ - ජගත් බාලසූරිය
http://denethharinna.blogspot.com/2013/04/blog-post_1747.html
කුරගල බොදු පිම්බිමේ අතීතය සොයා පුරාවිදු කැණීම්
http://denethharinna.blogspot.com/2013/04/blog-post_9769.html
අහිමි කෙරුමට සැරසෙන බොදු උරුමය "කුරගල" රැකගැනුමට, විරු දරුවනි ඔබ සූදානම්ද?
http://denethharinna.blogspot.com/2013/01/blog-post_25.html
දඹුල්ල අනවසර පල්ලිය, මුහුදු මහා විහාරය ඩෝසර් කිරීම, කූරගල බොදු බිම ආදිය පිළිබඳ මුස්ලිම් අන්තවාදයේ නිරුවත සැකෙවින්...
http://denethharinna.blogspot.com/2012/07/blog-post.html
]

4 comments:

Anonymous said...

ඔය ආරම්භය පමණි,අවසානය කොයිබටදැයි ඔබම සිතන්න මන්ද යත්,යහ පාලනයට ඔබද ඔට්ටු ඇල්ලු බැවිනි.

DE said...

ඔය හාදයත් යහ පාලනේ ඇම්ඩොන් කෙනෙක් නේද? දැන් මේවා ලියන්නේ රෙදි ඇඳගෙනද?

අජිත් කුමාරගේ බ්ලොග් දර්ශකය said...

කෝ මහින්ද මුස්ලිම් අන්තවාදය දැක දැකත් ඊට දුර්වල ප්‍රතික්‍රියාවක් දක්වමින් වැඩි ගනනක් නොගෙන හිටිය කියලනේ ඔබ ඇතුළු යහපාලන ජාති හිතෛශී කණ්ඩායම යහපාලනේට පක්ෂ උනේ. දැන් යහපාලනේ රනිල් වික්‍රමසිංහ උන්නැහේව අගමැති කරලා මුස්ලිම් අන්තවාදීන්ට ඇමතිකම් දීල ඔය පටන්ගත්ත විතරයි. වෙනසක් කරන්න ගිහිල්ල කබලෙන් ලිපට වැටුන එක නේද උනේ. දැන් ඉතින් වෙන හරිය බලාගන්න පුලුවන් ඕවට විරුද්ධ වෙන්න යද්දී සියළු සිංහල බෞද්ධ සංවිධාන ජාතිවාදී සංවිධාන කියලා ලේබල් ගහලා මර්ධනය කරනකොට. යහපාලනේට කඩේ ගිය බොරු සිංහයො දැන් කෝ. කෝ චම්පික? කෝ රතන? යහපාලන සිංහල බෞද්ධයන්ට සනීපද දැන්? ඉස්සරහට තව හොඳ දේවල් බලාගන්න පුළුවන් වෙයි.

දෙනෙත් හරින්න ! said...

දුරාවබෝධය නැති කරගනු පිණිසය!

බොදුනුවනට හැර අපි කිසිවෙකුට කඩේ නොගියෙමු! පාලනය මහින්දගේද, මෛත්‍රීගේද යන්න අපට අදාල නොවේ. මෛත්‍රී සුභ අනාගතයක් යටතේ කරන හොඳද, ගෝඨාභය මූසලු අන්තවාදයට එරෙහිව කරන සටනද අපි එක හෙලා අනුමත කළෙමු! අපේ ස්ථාවරයේ කිසිඳු වෙනසක් නැති! එදත්, අදත්, හෙටත් සිහළ බොදුනුවනට සිඳුවන අසාධාරණ හමුවේ අපි කොන්දේසි විරහිතව හැසිරෙමු! පන්හිද මෙහෙයවමු! වීදියේ, පන්සලේ, සිප් හලේ, වැඩපලේ නිරතුරුව සටන් වඳිමු!