Pages

Sunday, January 4, 2015

ISIS හොල්මන් නැගෙනහිරෙන් මතුවෙයි? නැගෙනහිර ඇවිලෙන මුස්‌ලිම් මූලධර්මවාදී ගින්න...05

ඒ රැය ගෙවී ගියේය. ගෙවුණු රැයේ සිරුරට ලබා දුන් සැපදායක නොවූ එහෙත් එතරම්ම ගැටලුවක්‌ නැති නින්දකින් පසු අවදි වූ අපි උදැසනම මුතූර් නගරයෙන් පිටව යැමට සැරසුනෙමු.

අපේ ගමන් සගයා මෝටර් රථයේ තත්ත්වය පිරික්‌සමින් සිටී. මුස්‌ලිම් මූලධර්මවාදයේ හොල්මන් සහිත සැඟවුණු භීෂණයකින් යුතු මුතූර් නගරයේදී කිසිදු අතුරු ආන්තරාවකින් තොරව මදුරුවකුටවත් නොදැනී රැයක්‌ ගෙවන්නට පරිසරය සකසා දුන් අපේ අලුත් මිතුරාද හිමිදිරියේම අවදිව අපට සහාය වන අතරේ අලුත් දිනයේ අප යන මඟ පිළිබඳ කෙටි පැහැදිලි කිරීමක්‌ කරමින් සිටී.

"අයියේ.. ඔයාලා වෙරුගල් යනවනේ.. ඒ පැත්තට යන්න.. යන ගමන් වෙරුගල් සීමාවේ තියෙන කාවන්තිස්‌සපුර මහින්දපුර ගම්මාන දිහා බලන්න. ඒ වගේම අද නැගෙනහිර ක්‍රියාත්මක මුස්‌ලිම් මූලධර්මවාදයේ පතුළටම කිමිඳී ඉන්න රාජ්‍ය නිලධාරී මෆියාව ඒ ගම්මාන මඟහැරලා ඊචලන්පත්තු මුස්‌ලිම් ගම්මානයේ සිට සංවර්ධනය ක්‍රියාත්මක කරලා තියෙන විදිහත් බලන්න..

දෙහිවත්ත, වාන්ඇළ සහ පන්සල්ගොඩැල්ල වගේ කොටි ත්‍රස්‌තවාදයෙන් හෙම්බත් වෙනකන් ගුටි කාපු සිංහල මිනිස්‌සු ඉන්න ගම්වලටත් යන්න.. ඒ මිනිස්‌සු අද ත්‍රස්‌තවාදය නැතත් මුස්‌ලිම් මූලධර්මවාදය නිසා කිසිම හව්හරණක්‌ නැතුව කොන්කෙරුණු අසරණයන් පිරිසක්‌ වගේ ජීවත් වෙන විදිහත් රටට පෙන්නන්න..

මම මේ කතා කරන්නේ ජාතිවාදයක්‌ නෙමේ අයියේ.. ඇස්‌ දෙකට පේන්න තියෙන ඇත්ත.. මේ රටේ සිංහල, මුස්‌ලිම් ජනතාව අතරේ කවදාවත් මේ වගේ බෙදීමක්‌ තිබුණේ නැහැ.. අපේ සාම්ප්‍රදායික මුස්‌ලිම්වරු, සිංහලයන් වගේම අනෙක්‌ සියලු ජාතීන් එක්‌ක සමගියෙන්, සහයෝගයෙන් ජීවත් වුණා. 

පොඩි කෙළීට අතට වීදුරු වළල්ලක්‌, මාලයක්‌ ගන්න, කොලුවට බෝලයක්‌, විසිල් එකක්‌ ගන්න මොහිදින් නානගේ තොරොම්බල් කරත්තය එනකම් බලාගෙන හිටිය අෙන්‍යාන්‍ය වශයෙන් බැඳුණු සරල සමාජයක්‌ මේ රටේ තිබුණේ.. ඒත් දැන් ඒක නැහැ.. රටේ හිටිය සාම්ප්‍රදායික මුස්‌ලිම්වරුන් යට කරගෙන අද මූලධර්මවාදය ඉස්‌මතු වෙලා.. ඇතැම් සාම්ප්‍රදායික මුස්‌ලිම්වරුනුත් ඒ මූලධර්මවාදයේ ගොදුරු වෙලා..

මේ වෙනකොට ලෝක මුස්‌ලිම් කලාපයක්‌ බිහි කිරීම හෙවත් මුස්‌ලිම් අධිරාජ්‍යයක්‌ ගොඩනැගීමේ මෙහෙයුම අතට අරගෙන ඉන්නේ අයි.එස්‌.අයි.එස්‌. ත්‍රස්‌තවාදීන්.. ඔවුන් මොනතරම් බිහිසුණු ම්ලේච්ඡයන් පිරිසක්‌ද කියන එක පහුගිය දවස්‌වල වාර්තා වුණු සිදුවීම්වලින් තහවුරු වුණා. අයි.එස්‌.අයි.එස්‌. ත්‍රස්‌තවාදය බිහි වෙන්නේ සුන්නි මුස්‌ලිම්වරුන් අතරින්.. 

අයියේ.. ඔයා දන්නවද? අද නැගෙනහිර ඉන්න මුස්‌ලිම්වරුන්ගෙනුත් අති බහුතරය සුන්නි මුස්‌ලිම්වරුන්.. අපි කවුරුත් නොදැන හිටියට මේ වෙනකොට නැගෙනහිර මුස්‌ලිම්වරුන් අතරේ සමහර අවස්‌ථාවල ෂරියා නීතිය පවා ක්‍රියාත්මක වෙනවා.. ඒ වගේම තමයි පහුගිය කාලේ ඇතැම් ජාත්‍යන්තර ඔත්තු සේවා ප්‍රකාශ කළා ශ්‍රී ලංකාව තුළ ජිහාඩ් අන්තවාදීන් ස්‌ථානගත වෙලා ඉන්නවා කියලා.. ඒක ඇත්ත වෙන්න ඇති..

ඒත් අයියේ ඊටත් එහා තියෙන බරපතළම තත්ත්වය තමයි ඔය කියන ජිහාඩයට වඩා මුස්‌ලිම් මූලධර්මවාදී අධිරාජ්‍යයක සිහිනයක්‌ දකින අයි.එස්‌.අයි.එස්‌. ත්‍රස්‌තවාදය සුන්නි මුස්‌ලිම්වරුන් බහුතරයක්‌ සිටින නැගෙනහිර බිමෙන් ඉස්‌මතු වීමේ අවදානමක්‌ තිබීම.. ඒ ත්‍රස්‌තවාදයේ හොල්මන් අද නැගෙනහිර බිමේ තියෙනවා.. අපේ මිනිස්‌සුන්ට ඒක දැනෙන්නේ නැහැ අයියේ.. 

හැමෝම ඉන්නේ දේශපාලන පාට කණ්‌ණාඩි දාගෙන අන්ධ වෙලා.. හැබැයි එහෙම දෙයක්‌ ඇති වුණු දවසට අවුරුදු තිහක්‌ බැට කාලා ප්‍රභාකරන්ගෙන් ගැලවුණා වගේ අපට ලෙහෙසියෙන් ගැලවෙන්න ලැබෙන්නේ නැහැ.. අවුරුදු තිහක්‌ නෙමේ අවුරුදු සීයක්‌ ගිහිල්ලවත් ආපස්‌සට හැරිලා අපේ වැරදි නිවැරදි කරගන්න පුළුවන් වෙයිද කියන එකයි ප්‍රශ්නේ.. අද නැගෙනහිර ලියෑවෙමින් තිබෙන්නේ ඒ තරම්ම දරුණු සාතන්ලාගේ කතාවක්‌ අයියේ.."

වේලාව උදැසන හයද පසුවී තවත් අඩහෝරාවක්‌ පමණ ගෙවී ගොස්‌ තිබේ. මේ උදාවී ඇත්තේ අපේ අලුත් මිතුරාට සමුදී අප පිටත්ව යායුතු මොහොතය. තවත් පමා විය නොහැක. මුතූර් නගරයේ රජයේ කාර්යාලයක පුංචි කොනක්‌ රහසේ නවාතැන කර ගත් අප ඒ පිළිබඳ කිසිවකුටත් දැන ගැනීමට ඉඩක්‌ නොතබාම පිටව යා යුතුව ඇත. ඉතිං අපි ඒ කෙටි මතකය පමණක්‌ ඉතිරි කරගෙන යළි ගමන් ඇරඹුවෙමු.

අපේ ගමන් සගයා සුපුරුදු ලෙසම රථයේ සුක්‌කානම අතට ගෙන සිටී. පෙරදා රැයේ සැක මුසු දැස්‌ අතරින් මා ඇවිද ගිය මුතූර් නගරය ඔස්‌සේ ඇදුණු රථය පැය භාගයක්‌ පමණ ගෙවී යද්දී ඉද්ද ගැසුවාක්‌ මෙන් සේරුනුවර දෙසට විහිදී ඇති ඒ මාර්ගයට ගැනීමට ඔහු සමත් විය.

මූලධර්මවාදය සමග ක්‍රියාත්මක රාජ්‍ය නිලධාරි මෆියාවක්‌ හමුවේ කිලෝමීටර් තිහ හතළිහක පරතරයක්‌ තුළ දියුණුවේ සහ නොදියුණුකමේ වෙනස මැනවින් දකින්නට ඇති ඒ මඟේ ගමන් ඇරඹූ අප රථයේ වේගය දැන් ඇඟට පතට නොදැනීම පවනට බඳු වී තිබේ. හීනියට මරණය ගැන සිහිවන මේ රිය ධාවනය අපේ ගමන් සගයාගේ සංසාරගත පුරුද්දක්‌ වැනිය.

බන්දු මල්ලීත්, චන්ද්‍රසෝම මහතා සහ කපිලත් දෑස්‌ වසාගෙන පසු පස අසුනේ නිහඬවම සිටිති. ඒ බියකට නොව ගෙවුණු රැයේ ඉඳ හිට කැඩුණු නින්දේ පහස මඳකට හෝ විඳ ගනු පිණිසය. මේ සුපිරි මාර්ගයේ වේගයෙන් ඉදිරියට ඇදෙන රථයේ සිටම මම යළිත් ඇස්‌ මානයේ ඇති හාත්පස වෙත බැල්මක්‌ හෙළුවෙමි.

පෙරදා ගොම්මන් අඳුර සමග අප මුතූර් වෙත පැමිණෙද්දී දුටු දසුන් දැන් වඩාත් පැහැදිලිව පෙනෙන්නට තිබේ. තැනක උස්‌ වූ මහා ගොඩනැඟිලිය. තවත් තැනෙක කිසිදු අඩුපාඩුවක්‌ නොවන සේ එකම මොඩලයකට තැනූ ලස්‌සන නිවාසවලින් යුතු ගම්මානය. ඒ සමග ඉස්‌ලාමයේ අනන්‍ය ලක්‍ෂණ කිසිත් අඩු නොවන සේ ගමින් ගම ඉදිකෙරුණු පල්ලි ය. ඒ සෑම තැනකම ආරාබි අකුරින් යමක්‌ සටහන් කෙරුණු පුවරුද දක්‌නට ඇත. අඩුවකට ඇත්තේ ඉස්‌ලාමයේ ජන්ම කේන්ද්‍රය වූ මක්‌කම වැනි බිමක්‌ මෙහි දක්‌නට නොවීමය. 

පෙනෙන්නට ඇති සියල්ලෙන් ගම්‍ය වන්නේ අද මෙරට ක්‍රියාත්මක මුස්‌ලිම් රාජ්‍ය නොවන සංවිධානවල මැදිහත්වීම මත අරාබි සල්ලි තුළින් මේ සුරපුරය ඉදිකර තිබෙන බවකි. එහෙත් ගැටලුව වන්නේ නොදියුණුකම, දුප්පත්කම සහ අසරණ බව ශ්‍රී ලංකාවේ තැන් තැන්හි විසිර තිබියදී, දැනගැනීමට ඇති පරිදි නැගෙනහිර මුස්‌ලිම්වරුන් අරබයා පමණක්‌ මෙසේ සෘජු ආධාර සේ ආරාබි සල්ලි පොදි පොම්ප වීමය.

ශ්‍රී ලංකාවේ නැගෙනහිර මුස්‌ලිම් ප්‍රජාව ඉලක්‌ක කර මේ මුදල් විසි කෙරෙන්නේ කුමන අරමුණකින් විය හැකිද? නැගෙනහිර යනු මෙරට ඇති වෙනම රාජ්‍යයකැයි අද මුස්‌ලිම් මූලධර්මවාදයේ අන්තයට ගොස්‌ ෂරියා නීතියේ සිරවී මිනිස්‌ බෙලි කපමින් ලෙයට ලෙය සොයන ඇතැම් අරාබි රටවල් සිතා සිටින්නේද?

ප්‍රභාකරන්ගේ තිස්‌වසරක යුද්ධයේ මරණීය අත්දැකීම් බහුල ශ්‍රී ලාංකික පුරවැසියන් ලෙස රට ඉදිරියේ මතුවෙමින් තිබෙන මේ නව අභියෝගය අප සිහි නුවණින් වටහාගත යුත්තකි. නමුත් අප කරමින් සිටින්නේ කුමක්‌ද? අවදානමට පෙර සූදානම වෙනුවට බලය සහ බලය වෙනුවෙන්ම බලය ලබා ගැනීම සඳහා කුලල් කා ගැනීමය.

එහිදී ඇතැමුන් රට ඉදිරියේ ඇති විවිධ අභියෝගයන්හි කොටස්‌කරුවන් වී සිටින බවක්‌ද පෙනෙන්නට ඇත. සැබවින්ම ජාතික මට්‌ටමින් මතුවෙමින් තිබෙන ව්‍යසනයක්‌ හමුවේ අප ජාතියක්‌ වශයෙන් මේ ඇද වැටී සිටිනුයේ කෙතරම් පහත් තැනකටද? එය අප උපන් මේ පිං බිමේත්, ජාතියේත් අවාසනාවක්‌ම නොවන්නේද?

රථයේ වේගය සමග නැගෙනහිර ඉදිවන අරාබි ලෝකයේ පෙනෙන්නට ඇති භෞතික සටහන් එකිනෙක පසුවී යද්දී නොදැනීම පැයක පමණ කාලයක්‌ ගෙවී ගියේය. හරියටම කිව හැකි මතකයක නොවූ එකී කාලය තුළ සේරුනුවර පසුකර කාවන්තිස්‌සපුර හා මහින්දපුර යන ගම්මාන සීමාවට අප ගෙන එන්නට අපේ මඟ පෙන්වන්නා සමත් වූවේය. 

මම ඒ ගම්මාන දෙස බැලුවෙමි. ගෙවුණු පැයක පමණ කාලය තුළ දැන් යළිත් ඒ වෙනස පැහැදිලිවම පෙනෙන්නට ඇත. නැගෙනහිර ගොඩනැගෙන අරාබි ලෝකය පෙනෙන මානයේ ඇති කාවන්තිස්‌සපුර සහ මහින්දපුර යනු සැබැවින්ම නොදියුණු බවේ කේඬෑරිකම සමග එහි වෙසෙන මිනිසුන්ගේ අසරණ බව මනාව මතුවී තිබෙන ඉසව්වකි. 

කතා දෙකක්‌ නැත. අද ඒ මිනිසුන්ට අත් වී තිබෙන දුක්‌ත ඉරණම දැස්‌ අඳ අයකු වුව එහි ඇවිද ගියහොත් මහ පොළොවේ ඇති කර්කශ බව මගින් දෙපතුල්වලට දැනුම් දෙන්නේය. එය එතරම් කටුක වූවකි. එහෙත් එගම් ඇත්තේද කිලෝමීටර් තිහ හතළිහකට එපිටින් අරාබි සුරපුරයක්‌ ගොඩනැඟී තිබෙන මුතූර් - සේරුනුවර - වෙරුගල් මහ මඟ අද්දරමය. 

අද නැගෙනහිර පුරා ක්‍රියාත්මක මුස්‌ලිම් මූලධර්මවාදය සමග වන රාජ්‍ය නිලධාරි, ජාතිවාදී මෆියාවේ තරම දැන ගැනීමට කාවන්තිස්‌සපුර හා මහින්දපුර යන ගම්මාන දෙක දැකීමද ප්‍රමාණවත් වන්නකි. තවත් කියන්නට දෙයක්‌ නැත. ඒවා දැන් ඇටසැකිලිය. ඉතින් නාඩි වැටෙන්නේ ද නැත. හැබැයි මේ ගම්මානවල දැනුදු සිටින්නේ කොටි ත්‍රස්‌තවාදයට ජීවිත පූජා කළ අපේ මිනිසුන්මය. 

එහි අළුයට සැඟවී තිබෙන මුස්‌ලිම් මූලධර්මවාදයේ ගිනි යම් ලෙසකින් අනාගතයේ දිනක ඇවිලී ගියහොත් මේ බිමේ ඒකීයභාවය වෙනුවෙන් මුල්ම ජීවිත පූජාව කරන්නට සිදු වන්නේද මේ මිනිසුන්ටය. නමුත් අද ඒ සඳහා ඔවුන් තුළ ශක්‌තියක්‌ නම් ඉතිරිව නැත. නැගෙනහිර පුරා ක්‍රියාත්මක මුස්‌ලිම් මූලධර්මවාදය සමග වන රාජ්‍ය නිලධාරි මෆියාව ඉතා උපක්‍රමශීලීව ඒ මිනිසුන් උපන් බිමේදීම කල්ලතෝනින් පිරිසක්‌ බවට පත් කර අවසන්ය.

අද දවසේ යහපාලනය, ප්‍රජාතන්ත්‍රවාදය, සංවර්ධනය, විධායකය සහ බඩගින්න වැනි දේ ගෙන වට්‌ටියක තබාගෙන නන් දොඩවන අතරේ බල ලෝබය සමඟ රට වටේ යමින් ජාතිකත්වය සහ දේශප්‍රේමය හිරිවට්‌ටන මිනිසුනේ දැනගනිල්ලා මේ බිහිවෙමින් තිබෙන්නේ මීට වසර අසූවකට පෙර ඉන්දීය මුස්‌ලිම් ලීගයේ නායකයාව සිටි රහමන් අලි චෞද්රිගේ සැලසුමේ තිබූ පරිදි ශ්‍රී ලංකාවේ නැගෙනහිර බිම පුරා ගොඩනැඟෙන නසිරිස්‌ථානයම ය.

මේ මොහොත වන විට ජනාධිපති මහින්ද සමග සිටි රිෂාඩ් බදියුදීන් ආදී ලෙසින් වූ මෙරට මුස්‌ලිම් දේශපාලනය මහින්දගෙන් ගැලවී පිටතට යන්නේද ඒ සිහිනය සමගය. වෙනම ම වූ පරිපාලනයක්‌ යන්න මෑත ඉතිහාසයේ සිට ශ්‍රී ලාංකීය මුස්‌ලිම් දේශපාලනයේ එක්‌ ප්‍රබල අරමුණක්‌ වූ බව රටට රහසක්‌ නොවන්නේය. 

අපි කාවන්තිස්‌සපුර සහ මහින්දපුර ගම්මානද පසුකර ඉදිරියට ගියෙමු. අරුමයකි. කිලෝමීටර් දෙකක්‌වත් අපට එසේ ගමන් කරන්නට ඉඩක්‌ නොලැබිණි. මහින්දපුර ගම්මානයේ අවසන් කෙළවරින් ඇරඹෙන ඊචලන්පත්තු මුස්‌ලිම් ගමේ සිට යළිත් අරාබි සුරපුරය ගොඩනැගී තිබුණේ විශ්මිත ලෙසිනි. 

ඒ සියල්ල දැසින් දකිමින් අපි වෙරුගල් දක්‌වාම ඉදිරියට ගියෙමු. මහමඟ මායිමේ සිට මුහුදු සීමාව දෙසට විහිදී ඇති විශාල ගල්වැටිය නිසාම වෙරුගල්වලට ඒ නම ලැබුණේද යන්න මම නොදනිමි. මේ ගල්වැටිය දුටු විගසම යළිත් ඒ අතීතය මගේ සිහියට නැඟෙන්නට වූයේ බොහෝ මතකයන්ද සමගිනි.

මාවිල්ආරුවෙන් ඇරඹුණු කොටි ත්‍රස්‌තවාදීන්ගෙන් නැගෙනහිර මුදා ගැනීමේ සටනේදී මේ වෙරුගල් භූමිය ජයගන්නට අපේ රණවිරුවෝ කළ කැපකිරීම් අසීමිත වූහ. වෙරුගල් මුදා ගැනීමේ ප්‍රහාරවලදී ගුවන් හමුදා සංග්‍රහයක්‌ නිසි ලෙස ත්‍රස්‌තවාදීන්ට ලබා දීමට මෙකී ගල්වැටිය බාධාවක්‌ වීම එයට හේතු විය.

අපි වෙරුගල් ගඟ හරහා අලුතින් ඉදිවී ඇති පාලම මත රථය නවතා මොහොතකට ඒ බිමට පා තැබුවෙමු. අපේ ගමන් සගයා තවත් අපූරු කතාවක්‌ මට කියන්නට වූයේ ඒ මොහොතේය. 

"අයියේ.. දන්නවද වැඩක්‌. අද නැගෙනහිර ක්‍රියාත්මක මූලධර්මවාදී මුස්‌ලිම් රාජ්‍ය නිලධාරි මෆියාව සේරුනුවර වගේම ඒ අවට තියෙන මහින්දපුර, දෙහිවත්ත, නලපොළ, කාවන්තිස්‌සපුර වගේ සිංහල ගම්මාන ගණනාවකට මේ වෙරුගල් ගඟෙන් පානීය ජලය දෙන්න ජල යෝජනා ක්‍රමයක්‌ සැලසුම් කරලා තියෙනවා. ඒක ජල යෝජනා ක්‍රමය ආරම්භ කරන්න සියල්ල සූදානම් වෙලා අවසන්. 

ඒත් මේ වෙරුගල් ගඟේ තියෙන්නේ කලපු ජලය මිශ්‍ර වෙච්ච ලුණු වතුර. මේකට වෙරුගල් ගඟ කිව්වට මාවිල්ආරු සොරොව්ව ඇරියොත් විතරයි මේකේ වතුර ගලාගෙන යන්නේ. අනිත් හැම වෙලේම තියෙන්නේ කලපු වතුර. ඒ ලුණු වතුර තමයි, මෙහේ ඉන්න නිලධාරින් සිංහල ජනතාවට පොවන්න හදන්නේ. හැබැයි ඒක ක්‍රියාත්මක වුණොත් මේ වතුර බීලා ඒ ගම්මානවල ඉන්න මිනිස්‌සු වකුගඩු ලෙඩ්ඩු වෙන එක කාටවත් වළක්‌වන්න බැහැ. 

සිංහල ගම්මානවලට එහෙම කළාට මේ නිලධාරින්ම එකතු වෙලා අද කිලෝමීටර් ගණනාවක්‌ දුර ඉඳන් මහවැලි ගඟෙන් වතුර අරගෙන මුතූර්වලට දෙන්න හදනවා. මුතූර් දක්‌වා මේ වෙනකොටත් දාල තියෙන ඒ ජලනළ මාර්ගය එන්නේ සිංහල ගම්මාන මැදින්. හැබැයි මහවැලි ගඟේ වතුර ඒ ගම්වලට ලැබෙන්නේ නැහැ. 

මුතූර්වලට වතුර දෙන ඒ ජලයෝජනා ක්‍රමය ආරම්භ කරලා දැන් මැෂින් පවා හයිකරලා ඉවරයි. ඒක තියෙන්නේ නීලපොළ මහවැලි බන්ට්‌ එක ළඟ. අපි එහෙට යමු. මම අයියට පෙන්වන්නම්. මේ සිද්ධි වෙන්න යන්නෙත් උපක්‍රමශීලීව නැගෙනහිර ඉන්න සිංහල ජනතාව විනාශ කිරීමේ වැඩපිළිවෙළක්‌. මෙන්න මේවයි අයියේ ජාතිවාදී වැඩ කියන්නේ. ඒත් අපි මේ ජරා වැඩ ගැන කොතනක හරි කතා කළොත් ජාතිවාදී ලේබල් ඇලවෙන්නේ අපේ ඇඟේ.."

ඔහුගේ ඒ කතාව අසන අතරේම මම වෙරුගල් පාලමේ ඇන්දට බරවී ඒ ගඟ දෙස බැලුවෙමි. කියන්නට දෙයක්‌ නැත. ඒ ගඟේ තැනින් තැන යාන්තමින් දිය පිරී ඇත. එය මඩකරියන් ඇල්ලීමට නම් මරු තැනක්‌ බව කුඩා කල වෙල් ඉපනැලිවල දුව පැන හැදුණු මගේ සිහියට ආවේය. මේ සිදුවෙමින් තිබෙන්නේ කුමක්‌ද යන්න සිතා ගැනීමට පවා නොහැකිය. 

ඒ අවිනිශ්චිත බවද සමගින් වෙරුගල් පාලම අසලින් රථය හරවාගෙන අපි යළිත් සේරුනුවර දෙසට එන්නට ගමන් ඇරඹුවෙමු.

තවත් කොටසක්‌ ලබන සතියේ 

සමන් ගමගේ
http://www.divaina.com/2014/12/28/feature14.html

සමන් ගමගේ
http://www.divaina.com/2014/12/21/feature09.html

පෙර ලිපි -
කොළපාට තලප්පා දාගෙන ඉන්න අමුතුම කණ්‌ඩායමක්‌ මේ පැත්තේ ගැවසෙනවා නැගෙනහිර ඇවිලෙන මුස්‌ලිම් මූලධර්මවාදී ගින්න...04http://denethharinna.blogspot.com/2015/01/04.htmlමේ අව් අස්‌සේ දිලෙන මූතුර් වල "ගිනි පුපුර්" - නැගෙනහිර ඇවිලෙන මුස්‌ලිම් මූලධර්මවාදී ගින්න...03http://denethharinna.blogspot.com/2015/01/03.htmlනැගෙනහිර ඇවිලෙන මුස්‌ලිම් මූලධර්මවාදී ගින්න - 02 එදා කොටින්ගෙන් බැට කෑ අපි අද මූසලු මූලධර්මවාදීන්ට ගොදුරු වෙලා...http://denethharinna.blogspot.com/2014/11/02.htmlනැගෙනහිර සිංහල ගම් වසා නැගෙන මුස්‌ලිම් මූලධර්මවාදයේ ගිනි දලු 01http://denethharinna.blogspot.com/2014/11/blog-post_74.html

සබැඳි ලිපි කිහිපයක් -
[
ඇමරිකානු රහස්‌ ලියවිල්ලෙන් ලෝක පාතාල කණ්‌ඩායමක්‌ සමඟ ගනුදෙනු කළ මෙරට මුස්‌ලිම් දේශපාලනඥයකු ගැන හෙළි වේhttp://denethharinna.blogspot.com/2014/06/blog-post_4018.htmlලාංකීය මුසලු ත්‍රස්තයෝ ලොව පුරා? මහනුවර හුසේන් ඉන්දියාවේදී කොටු වූ පසු මෙමස දෙවැනි ලාංකික අල්ඛයිඩා මුසලුවා මැලේසියාවෙන්http://denethharinna.blogspot.com/2014/05/blog-post_1051.htmlජාත්‍යන්තර සබඳකම් ඇති ඉස්‌ලාමීය සංවිධාන 13 ක්‌ සහ අන්තවාදී සංවිධාන 4 ක්‌ කොළඹ ක්‍රියාත්මකයි - ඇමරිකානු රහස්‌ ලියවිල්ලක්‌ හෙළි කරයි! විකිලික්ස්, ඉන්දියානු සහ ඇමරිකානු ඔත්තු සේවා දිගින් දිගටම හෙළි කලත් ආණ්ඩුවට නිදි!http://denethharinna.blogspot.com/2014/05/13-4.htmlමෙරට ඔත්තු සේවා මුසලු ත්‍රස්තවාදය හමුවේ නිදි. පාකිස්‌තාන් ත්‍රස්‌ත ජාලයට සම්බන්ධ නුවර මුසලු ත්‍රස්තවාදියා ඉන්දියාවේදී දැලේhttp://denethharinna.blogspot.com/2014/05/blog-post.htmlමුසලු අන්තවාදයේ හෙවනැලි රටපුරාම??? බේරුවලදී ද්‍රවිඩ බසින් කතාකරන මැර ප්‍රහාරයකින් එස්‌ටීඑෆ් දෙදෙනා රෝහලේhttp://denethharinna.blogspot.com/2014/03/blog-post_8206.html
ග්‍රෑන්ඩ් පාස් සිද්ධියේ තිත්ත ඇත්ත - මුසලු අන්තවාදයේ අති බිහිසුණු ව්‍යාප්තවාදය
http://denethharinna.blogspot.com/2013/08/blog-post_18.html
ජාතිය වඳ කිරීමේ මහා කුමන්ත්‍රණ - සිංහලයන් බහුතර පෙදෙස්වල බෙදාහැරීමට, පකිස්ථානයෙන් ගෙනා සූදුරුවලට වඳ බෙහෙත් දාලාhttp://denethharinna.blogspot.com/2014/02/blog-post_19.htmlඅනාගතය අසුභයි! නින්දවූර් යුද පිටියක්‌! මුසලු අන්තවාදීහු පොලිසියට පහර දෙති! අසාධ්‍ය ලෙඩුන් සිටි ගිලන් රථ පවා අහුරමින් පැය 36ක් පාර වසති.http://denethharinna.blogspot.com/2013/11/36.htmlසමන්තුරේ මුසලු අන්තවාදියෝ STF සෙබළුන්ට පහර දෙතිhttp://denethharinna.blogspot.com/2013/11/stf.htmlරටම භයානක අනතුරක හෙලන අනුරපුරෙන් මතු වූ "වහාබ්වාදයේ" අනතුර හඳුනාගනිමු!http://denethharinna.blogspot.com/2013/11/blog-post_9294.htmlඅනුරාධපුර පැවති හජ් උත්සවයකදී 'තවුහීඞ්' අන්තවාදීන්ගෙන් ඉස්ලාම් කාන්තාවන් 100කට අධික පිරිසකට හිංසාhttp://denethharinna.blogspot.com/2013/10/100.htmlමුස්‌ලිම් ත්‍රස්‌ත සංවිධානයක්‌ යාපනයේ කඳවුරු බැඳගෙන - ඉන්දීය බුද්ධි අංශ හෙළි කරයිhttp://denethharinna.blogspot.com/2013/08/blog-post_7836.htmlලංකාවට ඉස්ලාම් ත‍්‍රස්තවාදී අනතුරක් අත ළඟ – ඉන්දියාවhttp://denethharinna.blogspot.com/2013/07/blog-post_4173.htmlඅල්කයිදා සහ තලේබාන් ශ්‍රී ලංකාවේ තහනම්http://denethharinna.blogspot.com/2013/06/blog-post_19.html
ශ‍්‍රී ලංකාවේදී අල්කයිඩා සංවිධානයට සාමාජිකයන් බඳවා ගැනීම්
http://denethharinna.blogspot.com/2013/04/blog-post_1787.html
ශ්‍රී ලංකාවේ හිස ඔසවන ජිහාඩ්
http://denethharinna.blogspot.com/2013/02/blog-post_1190.html
අල්කයිඩා, ජිහාඞ්, තලේබාන් උතුරු නැගෙනහිර ක්‍රියාත්මක බව ඇත්ත | ආණ්ඩුව පිළිගනී
http://denethharinna.blogspot.com/2013/01/blog-post_21.html
අල්කයිඩා ඇතුළු ත‍්‍රස්ත සංවිධාන 100ක් තහනම්
http://denethharinna.blogspot.com/2013/01/100.html
“වහාබි සලාෆි” අන්තවාදීන්ට එරෙහිව නැඟී සිටින්න – බොදු බල සේනා
http://denethharinna.blogspot.com/2013/01/blog-post_27.html
මෙරට ඉස්‌ලාම් මූලධර්මවාදය පැතිරවීම සඳහා කටයුතු කරන සංවිධාන සහ පුද්ගලයන් ගැන රජය වහා සොයා බැලිය යුතුයි
http://denethharinna.blogspot.com/2013/01/blog-post_5916.html
අල්කයිඩා, ජිහාඩ් යන තාලිබාන් ජාත්‍යන්තර ත්‍රස්‌ත කල්ලි උතුරු නැගෙනහිර හොල්මන් කරති
http://denethharinna.blogspot.com/2013/01/blog-post_7864.html
මන්නාරමේ මාධ්‍යවේදීන්ට ජිහාඩ් තර්ජන
http://denethharinna.blogspot.com/2013/01/blog-post_7864.html
ජාත්‍යන්තර මුස්ලිම් අන්තවාදය සහ මුස්ලිම් පාතාලය සමඟ අත්වැල් බැඳගත් පකිස්තාන මාෆියා ජාලයක් ශ‍්‍රී ලංකාවේhttp://denethharinna.blogspot.com/2013/05/blog-post_8482.html
අන්තවාදී මූසළු මොහොමඩ්ලාගේ ගුණ වයන නපුංසක සිංහල මොහොමඩ්ලාට...
http://denethharinna.blogspot.com/2013/02/blog-post_9237.html
]

2 comments:

Anonymous said...

@දෙනෙත් හරින්න!
ඇයි මේ ලිපි ටික දැන් දාන්නෙ?මහරජාට කඩේ යන්නද?ඔය කියන බදුද්දීන්ල, හකීම්ල, අතාවුල්ලල නෙමේද ඔය කියන ෂරියා මුස්ලිම් කලාපය ඇතිකලේ?ඇයි ඒකාලෙ සමන් ගමගේ ල මේවට විරුද්ධ උන් නැත්තෙ? රිෂර්ඩ් බදුද්දීන්ල උසවි වලට ගල් ගැහුවෙ, කැලෑ එළි කරල තම්බියො පදිංචි කළේ, හකීම්ල නීති විද්‍යාලයට හොරෙන් ළමයි දැම්මෙ, ඔය කියන ආශ්චර්යමත් දේශප්‍රේමී මහරජාගෙ කාළෙ නෙමෙයිද? බෞද්ධයන්ගෙ ප්‍රශ්න එකකවත් මහරජා විසඳුවද?

@දෙනෙත් හරින්න!, දෙනෙත් වහගෙන කඩේ යන්න එපා!

දෙනෙත් හරින්න ! said...

අපි කිසිවිටෙක කඩේ නොගියෙමු! නොයන්නෙමු! සත්‍ය පමණක් වාර්ථා කරමු! මෛත්‍රීගේ කාර්යාල කඩනවාට එරෙහි වූවා සේම නැගනහිර මූසලු අන්තවාදය පිළිබඳවද වූ දිවයින ලිපි පෙල පමණක් උපුටා දැක්වූයෙමු! ඊට සම්බන්ඳිත පැරණි ලිපිද පළ කළෙමු! එහිදී අපට මුල් වන්නේ රටයි.ජාතියයි! නැතහොත් මහින්දද මෛත්‍රීද යන වග නොවේ!

ආයුබෝවන්! කාටවත් රිදවීමට නොව, රිදෙන අය වෙනුවෙන් ඇත්ත කීමට... රට, දැය, සමය වෙනුවෙන්, බැඳෙන්න අප සමඟ!

- දෙනෙත් හරින්න! -