ලංකාවාසී බෞද්ධ ජනයාට මිහින්තලය වැදගත් වන්නේ මිහිඳු මහ රහතන් වහන්සේ ඇතුළු පිරිස හා දේවානම්පියතිස්‌ස මහ රජතුමා ඇතුළු දෙපිරිස හමු වූ ඓතිහාසික භූමිය වීම නිසාම නොවේ. වංස කතාවේ ෙච්තියගිරිය, සෑගිරිය ලෙස හැඳින්වූ මිහින්තලය නම් වූ ශේෂ කඳු පන්තිය ආශ්‍රිතව ගොඩනැගුණු අති විශාල බෞද්ධ ආරාමය ලක්‌දිව බුදු සසුන ස්‌ථාපිත වීම කෙරේ බලපෑ ප්‍රධාන මධ්‍යස්‌ථානයක් වීම යන කාරණාව හේතුවෙන් ලංකාවාසී බෞද්ධ ජනයාගේ නොමඳ පූජනීයත්වයට පත්වූහ.
ඓතිහාසික මිහින්තලා මහ සෑය, අම්භස්‌ථල දාගැබ, කණ්‌ටක දාගැබ ප්‍රධාන කොට ඇති අති විශාල දාගැබ් ප්‍රමාණය මෙන්ම බෝධිඝර, දාන ශාලා, ආරාමික ගොඩනැඟිලි, ආරෝග්‍ය ශාලා හා අනෙකුත් ආරාමික නටබුන් අතීත ෙච්තියගිරියේ සුවිශේෂත්වය හා දියුණුව අද දක්‌වාම නිහඬව කියාපායි.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසිවන සියවසේ මුල් අවධියේ සිටම මිහින්තලය ආරාමික නටබුන් කෙරේ දැක් වූ උනන්දුව කැපී පෙනේ. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ධූරයට පත් කීර්තිමත් පුරාවිද්‍යාඥයා වූ මහාචාර්ය සෙනරත් පරණවිතානයන් මිහින්තලයේ නටබුන් පරීක්‌ෂා කිරීමට විශේෂ උනන්දුවකින් කටයුතු කළේය.
පරණවිතාන ශූරීන් විසින් මිහින්තලයේ කණ්‌ටක දාගැබේ සිදු කළ පර්යේෂණ ඇසුරින් මෙතැන් සිට මෙම ලිපිය දිගහැරණුයේ ගාල්ල පුරාවිද්‍යා කාර්යාලයේ පුරාවිද්‍යා පර්යේෂණ සහකාර බුද්ධි නාගොඩ විතාන මහතා සමඟ කළ සාකච්ඡාවක් ඇසුරිණි.
මෙම දාගැබ සොයා ගන්නා විට එහි උඩ කොටස් කඩා වැටී පස් කන්දක් සේ තිබී ඇත. 1934 ට පෙර වාර්තාවල දාගැබ හඳුන්වා තිබුණේ 'කිරිබඩපව්ව' නමිනි. නමුත් මෙම දාගැබේ නියම නම කණ්‌ටක දාගැබයි. දාගැබට වයඔ දිගින් පිහිටි ශිලා ලේඛනයක මෙම නම සඳහන්ව ඇත.
දාගැබේ කැණීම් කටයුතු 1934 දෙසැම්බර් මාසයේ දී ආරම්භ කර ඇති අතර එම කාර්ය 1935 ජුනි මස අවසානය දක්‌වා සිදුකර ඇත. කැණීම් ආරම්භ කිරීමට පෙර දාගැබක කිසිදු සලකුණක් පෙනෙන්නට නොතිබූ බව පරණවිතාන මහතා පවසයි. මෙය මහ ගස් වැවුණු කඳු ගැටයක් ලෙස දිස් විය.
කණ්‌ටක දාගැබ කවුරුන් විසින් ඉදිකරන ලද්දක් දැයි සඳහනක් නැත. නමුත් ක්‍රිස්‌තු පූර්ව 119- 109 රජ කළ සද්ධාතිස්‌ස රජුගේ පුත් ල-ජතිස්‌ස රජු මෙම දාගැබට 'ගල් කඤ්චුකයක්' තැනවූ බව මහාවංසයේ සඳහන් වේ. ඒ අනුව මුල් දාගැබ ල-ජතිස්‌සට පෙර සිටි රජ කෙනෙක් ඉදිකරන්නට ඇත. ඒ අනුව දාගැබ සද්ධාතිස්‌ස රජුගේ හෝ දුටුගැමුණු රජුගේ නිර්මාණයක් විය යුතුය. දුටුගැමුණුට පෙර එළාර රජු රජ වී සිටි බැවින් ඔහුගේ කාලයේ දී මිහින්තලයට අනුග්‍රහයක් නොලැබෙන්නට ඇත. එහෙත් මහාවංසය පවසන ආකාරයට මිහින්තලා මහ සෑයට එළාර රජුගේ රථයෙන් සිදු වූ හානියට පිළියම් වශයෙන් එම දාගැබේ විනාශ වූ කොටස නැවත පිළිසකර කිරීම ගැන පුවතක් සඳහන් වේ. දේවානම්පියතිස්‌ස රජුගේ සොහොයුරු උත්තිය රජුගේ කාලය හැරෙන්නට එළාර රජුට පෙර සිටි සෙසු සොහොයුරන්ගේ කෙටි පාලන කාලවලදී මෙවන් අනුග්‍රහයක් මිහින්තලයට ලැබුණ බවට සාක්‌ෂි නැත. එහෙත් උත්තිය රජු මිහිඳු රජුගේ භෂ්මාවශේෂ තැන්පත් කර සෑගිරියේ මෙන්ම දිවයිනේ විවිධ ප්‍රදේශවල දාගැබ් ඉඳිකළ බව මහාවංසය සඳහන් කරයි. (මහාවංසය 20 පරිච්ඡේදය 46 ගාථාව) එහෙත් මිහින්තලයෙන් මිහිඳු සෑය ලෙස මිහිඳු මහ රහතන් වහන්සේගේ භෂ්මාවශේෂ තැන්පත් කොට ඉදි කළ දාගැබක් හඳුනාගෙන ඇති බැවින් කණ්‌ටක දාගැබ උත්තිය රජුගේ කෘතියක් විය නොහැකිය.
දේවානම්පියතිස්‌ස රජතුමා මිහින්තලයේ කණ්‌ටක දාගැබ අවට අට සැට ලෙන් කරවා මිහිඳු මහ රහතන් වහන්සේට පූජා කළ විස්‌තරයක් මහාවංසයේ සඳහන් වුවත් කණ්‌ටක දාගැබ එතුමා කළ බවට සඳහනක් නැහැ. එසේ නම් නිසැක වශයෙන්ම කණ්‌ටක දාගැබ දුටුගැමුණු රජුගේ හෝ සද්ධාතිස්‌ස රජුගේ කාර්යයක් විය යුතුයි බුද්ධි නාගොඩ විතාන මහතා කියන්නේය.
පරණවිතාන මහතා කණ්‌ටක දාගැබේ කළ කැණීම් කටයුතු අතිශය අසීරු කටයුත්තක්. අද මෙන් හෙළි පෙහෙළි නොවූ ගන වනාන්තරයේ වෙසෙමින් ඉතා අඩු පහසුකම් යටතේ කළ පර්යේෂණ කටයුතු බෙහෙවින් අගය කළ යුතුයි දාගැබ මත තිබූ දැවැන්ත ගස් ඉවත් කොට සළපතල මළුව මතුකර ගැනීම සඳහා මතුපිට සිට අඩි 30 ක් පමණ ගැඹුරට කැණීම් කටයුතු සිදු කිරීමට එතුමාට සිදු වුණා. කැණීම් කර ඉවත් කරන ලද පස් වෙනත් නටබුන් යට නොවනසේ දාගැබට දකුණින් හා උතුරින් වූ කඳු බෑවුම්වලට බහාලූ බව එතුමාගේ වාර්තාවේ සඳහන් වෙනවා. සුන්බුන් ඉවත් කළ පසු දාගැබ ගර්භයේ පහළ කොටසුත් මළුවට සම්බන්ධ කොට එකමත එක ඉඳිකර තිබූ පේසා වළලු තුනත් සිව් දිශාවේ වූ වාහල්කඩ (ආයක) හතරක් මතුකරගත හැකි වුණා. දිවයිනේ වෙනත් කිසිදු දාගැබකින් ආරක්‌ෂා වී නොතිබූ ආකාරයෙන් මෙම දාගැබේ වාහල්කඩ දෙකක් හා පේසා වළලු තුනක් ආරක්‌ෂා වී තිබූ බව පරණවිතාන මහතා සඳහන් කරනවා. දාගැබ මතුකර ගන්නා විට එහි උස අඩි 40 ක් පමණ ශේෂව තිබූ අතර වට ප්‍රමාණය අඩි 425 ක් වී යෑයි සඳහන් වෙන බව බුද්ධි නාගොඩ විතාන මහතා පවසන්නේ පරණවිතාන ශූරීන් විසින් කළ පර්යේෂණයේ දුෂ්කර බව පවසමිණි.
පේසා වළලුවල මුහුණත සමහර කොටස් හුණු ගලින් බැඳ තිබී ඇත. ඉහළම පේසාව, ගල් ඇතිරූ මළුවේ සිට අඩි දහයකුත් අඟල් නවයක් උසින් පිහිටා ඇත. ඉහළම පේසාව මතින් ගර්භය ආරම්භ වේ. ගර්භයේ ද යට කොටස් එනම් ඉහළම පේසාව මට්‌ටමේ දී මුහුණතට හුණුගල් අල්ලා ඉඳිකොට තිබූ බව පරණවිතාන මහතා තම වාර්තාවේ සඳහන් කරයි. මුළු දාගැබට පසු කාලයේ දී ගඩොල් කඤ්චුකයක් එකතු කිරීමෙන් විශාල කර ඇතැයි පරණවිතාන මහතා විශ්වාස කළේය. එසේම මෙම දාගැබට ල-ජතිස්‌ස රජු ගල් කඤ්චුකයක් ඉදි කළේ යෑයි මහාවංශයේ වන සඳහන මතුකරන පරණවිතානයන් එසේ ඉදිකරන ලද ගල් කඤ්චුකය මෙය විය හැකි බවට අනුමාන කරයි. පරණවිතානයන්ගේ සියුම් කැණීම් කටයුතුවලදී දාගැබේ ගර්භයෙන් හා පේසා වළලු මුහුණතෙන් මතුකරගත් හුණු බදාම කොටස් ආරක්‌ෂා කර ගැනීම සඳහා ද කටයුතු සිදු කර ඇත.
පරණවිතානයන්ගේ කැණීම් කටයුතුවලදී මතුකරගත් දාගැබේ වාහල්කඩ හතර ගැන විශේෂයෙන් එතුමාගේ වාර්තාවේ සඳහන් කර ඇත. ඒ ගැන බුද්ධි නාගොඩ විතාන මහතා මෙසේ කීවේය.
දකුණු හා නැඟෙනහිර වාහල්කඩ ඉතා හොඳින් ආරක්‌ෂා වී තිබුණ වාහල්කඩ දෙකයි. උතුරු වාහල්කඩ මදක් විනාශ වී තිබුණත් එය නැවත ප්‍රතිසංස්‌කරණය කළ හැකි මට්‌ටමක වූ බව එතුමා සඳහන් කර තියෙනවා. නමුත් බස්‌නාහිර වාහල්කඩ නැවත අලුත්වැඩියා කළ නොහැකි තරමට කැඩී බිඳී ගොස් තිබූ බව එතුමාගේ වාර්තාවල සඳහන් වෙනවා. කණ්‌ටක චෛත්‍යයේ විශේෂත්වය වන්නේ දැනට ඉතිරි වී ඇති හොඳම වාහල්කඩක් මෙහි තිබීමයි. ඒ ගැන පරණවිතානයන් සඳහන් කරන්නේ මෙසේය. -කණ්‌ටක චෛත්‍යයේ වාහල්කඩ විචිත්‍ර කැටයමින් යුක්‌තය. බිත්ති හිස පිහිටි ඉහළම ලීස්‌තරයට යටින් ඇත්තේ ගණ රූ පෙළකි. ඊට යටින් ඇත්තේ හංස රූ පෙළකි. ගල් ඇල්ලූ කොටසට ඉහළින් ඇති ගඩොල් බැම්මේ බොකු තනා ඇත. හැම බොක්‌කකම දෙපස බිත්ති කණු දෙකකි. හුනෙන් හෝ ඇසුරුම් මැට්‌ටෙන් හෝ තැනූ දේවතා පිළිමයක් හැම බොක්‌කකම තිබී ඇති බව පෙනේ ඒ පිළිම සමහරක කොටස් තවම දැකිය හැකිය. අසල සුන්බුන් මැද තිබී සම්බවුණු සමහර පිළිම හිස් අතර අත්කම් හැටියට බොහෝ වටිනාකමින් යුතු ඇඹුම් මැටි පිළිම හිස් දෙකක් ද විය. ඒ පිළිම ද මුළු වාහල්කඩද පෙර විවිධ වර්ණයෙන් සායම් කර තිබී ඇති බව පෙනේ. අදත් තැනින් තැන ඒ සායම් ලකුණු දක්‌නට ඇත.
කණ්‌ටක දාගැබේ වාහල්කඩෙන් හමුවන ඉහත කී ගණ රූප සිත් ඇදගන්නා සුලුය. එහි නිරූපනය වන වාමනයන්ගෙන් සමහරු සංගීත භාණ්‌ඩ වාදනය කරති. එකෙක් නාගයෙකු සමඟ ක්‍රීඩා කරයි. තවෙකෙක් හිසින් සිටියි. ඔවුහු විවිධ ඉරියව් දක්‌වති. සමහර වාමනයන්ට සත්ව හිස් ඇත. ඒ අතර අශ්ව, වල් ඌරු, වානර ආදී හිස් සහිත වාමනයන් මෙම වාහල්කඩ ගණ රූප අතර සිටින බව පරණවිතාන මහතා පවසයි. මෙම ගණ රූප පේළිය මැද දක්‌නට ලැබෙන එක් දළයක් කැඩී ගිය ඇත් හිසකින් යුත් ගණ රූපයක් කෙරේ පරණවිතානයන්ගේ නිරීක්‌ෂණ යොමු විය. මෙහි දක්‌නට ලැබෙන ඇත් හිසක් සහිත ගණ රුව වෙත දෙපසින් විවිධ දෑ අතින් ගත් ගණ රූප පෙළක් වෙයි. මෙම කැටයම සැළකිල්ලට ගත් පරණවිතානයන් එය ගණ දෙවියන්ගේ කැටයමක් යෑයි හඳුනා ගත්තේය.
අපගේ පෞරාණික නටබුන්වලට වන නිදන් හොරුන්ගේ තර්ජන අතීතයේ ද අඩුවක් නැතිව තිබූ බව පරණවිතාන මහතා කියයි. කණ්‌ටක දාගැබද නිදන් හොරුන්ගේ ග්‍රහණයට ලක් වී ඇත. නිදන් හොරුන් හෑරූ වළට යටවී තිබී ගලින් තැනූ කරඬු විශාල සංඛ්‍යාවක් පරණවිතාන මහතාගේ පර්යේෂණවලදී සොයාගනු ලැබීය. එම කරඬු දාගැබ් ආකාරයෙන් නිමවා තිබූ බවත් ඒවායේ ශ්‍රද්ධාවන්තයන් පූජා කළ නොයෙක් වස්‌තුවූ බවත් පරණවිතාන මහතා තම වාර්තාවේ සඳහන් කරයි.
කණ්‌ටක චෛත්‍යයෙන් පාදාගත් ඉතා වටිනා වාහල්කඩ කිහිපය ආරක්‌ෂාකර ගැනීම සඳහා පරණවිතාන මහතා ඉතා උනන්දුවෙන් කටයුතු කළේය. වාහල්කඩේ පහළ කොටස් ගලින් නිර්මාණය කර ඇතත් උඩ කොටස නිර්මාණය කර තිබුණේ ගඩොලෙනි. බොහොමයක් දාගැබ්වල වාහල්කඩේ ඉහළ ගඩොල් ඉදිකිරීම් සියල්ල විනාශ වී ගොස් ඇති හෙයින් කණ්‌ටක දාගැබේ වාහල්කඩෙන් උඩ කොටස පිළිබඳව ලැබෙන සාක්‌ෂි ඉතා වැදගත් ලෙස පරණවිතාන මහතා සැලකීය. කැණීමෙන් පසුව ඇදහැලෙන පළමු වර්ෂාවෙන්ම ඇදවැටෙන බවට අනුමාන කළ වාහල්කඩේ උඩ කොටසේ ගඩොල් බැමි ආරක්‌ෂා කිරීමට එතුමා පොල්අතු වහලයක් කඩිනමින් ඉඳි කළේය.
වඩා හොඳින් ආරක්‌ෂා වී තිබූ නැඟෙනහිර වාහල්කඩේ සංරක්‌ෂණ කටයුතු එතුමා පළමුව ආරම්භ කරනු ලැබීය. ගඩොල් අතරට ඇදී ගොස් තිබූ විවිධ ගස්‌වැල්වල මුල් ඉතා පරිස්‌සමින් උදුරා දමා හිස් කුස්‌තූරවලට බදාම කවා බුරුල් වූ ගඩොල් නැවත ශක්‌තිමත් කර ඇත. එසේම වෙනත් ක්‍රමවලින් අලුත්වැඩියා කළ නොහැකි කොටස් ගලවා පරණ ද්‍රව්‍යම හැකි තරම් දුරට පාවිච්චි කර නැවත බැඳීම සිදුකර ආරක්‌ෂා කිරීමට කටයුතු කර ඇත. එසේම මැද තිබූ බුරුල් වූ ගඩොල් හා බුරුල් වූ පස් ඉවත් කර ඒවාට කොන්ක්‍රීට් යොදා නැවත ශක්‌තිමත් කරන ලද්දේ පිටතට නොපෙනෙන ආකාරයෙන් යෑයි පරණවිතාන මහතා තම වාර්තාවේ සඳහන් කර ඇත. තවද වාහල්කඩ සංරක්‌ෂණය කිරීමේ දී නොයෙක් රටා කපා තිබූ බදාම කැබලි ද බැම්මේ බොකුවල තබා තිබුණු අලංකාර ඇඹුම් මැටි පිළිම කැබලි ද නැවත ඒ ඒ නියමිත ස්‌ථානවලම තබා සිමෙන්තියෙන් සවිකර ඇත. මේ සඳහා යොදාගත් අලුත් බදාමය පැරණි බදාමයට ගැළපෙන පරිදි පාට කරනු ලැබූ බවද එතුමා වැඩි දුරටත් සඳහන් කරයි.
වාහල්කඩ දෙපස වූ කැටයම් කණු පුපුරා තිබූ හෙයින් සුන්බුන් ඉවත් කළ පසු වර්ෂා කාලයේ දී ඇදවැටේ යෑයි සැක කළ පරණවිතානයන් එම කණු නැවත ශක්‌මත් කිරීමට කටයුතු කළේය. එම කණුවල අභ්‍යන්තරයට වානේ කූරු ගිල්වා ඒවා ශක්‌තිමත් කළේ පිටතට නොපෙනෙන අන්දමටය. පුරාණයේ එම කණු මත තිබූ ඇත් රූප කැටයම් බිම වැටී තිබී එතුමාට කැණීම් කටයුතුවලදී හමුවී තිබුණි. පෙර කී කණුව ශක්‌තිමත් කළ පරණවිතානයන් බිම වැටී තිබූ ඇත් රූප පෙර තිබූ පරිදිම කණුවෙහි මුදුනෙහි සවි කළේය. වාහල්කඩ ඉදිරිපස තබූ ගලින් නෙළුE පූජාසනය නිදන් හොරුන්ගේ කුරිරු පහර දීමට හසුව විනාශ වී තිබූ බව එතුමා සඳහන් කරයි. පසුව එම පූජාසනය හා එයට සම්බන්ධ සියලු ගල් කැබලි එක්‌කර පුරාණයේ තිබූ අයුරින්ම නැවත ස්‌ථාපිත කළේ යෑයි පරණවිතාන මහතා තම වාර්තාවේ සඳහන් කළේය. මේ ආකාරයෙන් නැඟෙනහිර වාහල්කඩට කළ සංරක්‌ෂණ ප්‍රතිකර්ම සියල්ලම අනෙක් වාහල්කඩවලටද කිරීමට එතුමා අතපසු නොකළේය. එහෙත් උතුරු වාහල්කඩ සංරක්‌ෂණයේ දී මහත් වෙහෙසක් දැරීමට සිදු වූයේ එය බෙහෙවින් විනාශ වී දුර්වල වී තිබූ නිසා බව එතුමා කියයි. මේ හේතුව නිසා එම වාහල්කඩ අංක යොදා ගලවා නැවත සවිකිරීමට එතුමාට සිදුවිය. මෙය ඉතා ප්‍රවේශමෙන් හා සැලකිල්ලෙන් කළ යුතු කාර්යයක් වූයේ වාහල්කඩ ඉඳිකර තිබූ හුණුගල් කොටස් බෙහෙවින් දිරා ගොස් තිබූ නිසා යෑයි එතුමා සඳහන් කළේය.
පරණවිතාන මහතා 1934 දී ආරම්භ කළ කැණීම් හා සංරක්‌ෂණ කටයුතු 1936 පමණ වන විට අවසන් කොට තිබුණා. මිහින්තලා කණ්‌ටක දාගැබ කැණීම් කොට සංරක්‌ෂණය කිරීමේ කාර්ය සඳහා එතුමා ගත් උත්සාහය මෙම වාර්තාවලින් මනාව පැහැදිලි වෙනවා. පරණවිතාන මහතා සිදු කළ විශිෂ්ට කැණීම හා සංරක්‌ෂණ කටයුතු අතර මිහින්තලා කණ්‌ටක චෛත්‍ය කැණීම් හා සංරක්‌ෂණ කටයුතු ද සුවිශේෂ කාර්යයක් බව බුද්ධි නාගොඩ විතාන මහතා සඳහන් කළේය.
පරණවිතානයන් මිහින්තලේ කණ්‌ටක දාගැබේ කළ පුරාවිද්‍යා පර්යේෂණ
ලලිත් චාමින්ද
http://www.divaina.com/2017/05/07/feature03.html

0 comments:
Post a Comment