අරුණළු ක්‍රමයෙන් පැතිර යමින් පැවතිණි. ත්‍රිකුණාමල වැසියන් එළඹුණු නව දිනයට සූදානම් වන ආකාරයක් තවම දක්‌නට නැත්තේ නගරය පුරා ජනශූන්‍ය බවක් දිස්‌වුණු බැවිනි. නැගෙනහිර පළාතේ අගනුවරට ජීවිතයේ ප්‍රථම වතාවට පිවිසි මට අතීතයේ සිද්ධි මතක්‌විය. ඒ ත්‍රිකුණාමලය නගර මධ්‍යයේ බුදු පිළිමයක් තැන්පත් කළ පසු කොටි හිතවාදීහු හර්තාල් කළ අන්දමත් පිළිම වහන්සේට එල්ල වූ අත්බෝම්බ ප්‍රහාරයත් සිහිවිය. දැන් ඒ කොටි හර්තාල් ඉතිහාසයට එක්‌වී ඇතත් උතුරු නැගෙනහිර බුදු පිළිම විරෝධය නම් නතර වී නැත. උතුරු මහ ඇමැති සී.වී. විග්නේශ්වරන් දෙමළුනි නැගිට්‌වි" නොඒසේනම් "එළුග තමිල්" යනුවෙන් උද්ඝෝෂණ පැවැත්වුවේද මේ බුදු පිළිම විරෝධය හරහා ජාතිවාදය අවුලන්නටය.
ත්‍රිකුණාමලය නගර මධ්‍යයෙන් ගමන් කළ අප කෙළින්ම ගමන් කළේ කෝනේශ්වරම් කෝවිල වෙතය. එතැනට ගියේ කෝවිල වැඳ පුදා ගැනීමට නොව නැගෙනහිර අහසෙන් හිරු මතුවනු දැකබලා ගැනීම සඳහාය. ඉර සේවය දැක ගැනීමේ මහත් උනන්දුවක් පැවැතියේ අපේ ගමන් සගයකු වූ මංගල අයියාටය. මංගලත් තිවංකත් ඉර සේවය ඡායාරූපයට ගැනීමට උනන්දු වුවද මම කෝවිල් භූමියේ සක්‌මන් කරමින් සිටියෙමි. පූසාරිවරු කිහිපදෙනකු පෙරවරු 6.30 ට පැවැත්වෙන පූජාවට ලහි ලහියේ සූදානම් වෙමින් සිටියහ.
බැතිමතුන් සියල්ලන්ටම කලින් පැමිණ සිටියේ මහළු දෙමළ කතකි. ඇය පුලාසනියක් විය. බැතිමතුන්ගේ සිඟමන් යෑදීම
රැකියාවක් වශයෙන් කරන්නේද යන හැඟීම ඇතිවූයේ ඇය මෙතැනට පැමිණියේද ත්‍රිරෝද රථයකින් වීම නිසාය. කවරක් නමුත් භූමිය තවමත් බැතිමතුන්ගෙන් හිස්‌වූ නිසා ඇයටද රුපියල් විස්‌සක් ලබාදී අපි යළි ගමන ආරම්භ කළෙමු.
නිලාවේලි වෙරළේ නවාතැන්පළට යැමට ප්‍රථම අපේ අවශ්‍යතාවය වූයේ ගිරිහඬු සෑය වන්දනා කිරීමය. ඒ සඳහා ත්‍රිකුණාමලයේ සිට සැතපුම් විසි නවයක් ගමන් කළ යුතුය. එම සැතපුම් විසිනවය ගමන් කළ විට මුහුදු වෙරළබඩ පිහිටි තිරියාය ගම්මානය හමුවේ. ත්‍රිකුණාමලය දිස්‌ත්‍රික්‌කයේ නැගෙනහිර කඩ්ඩුකුලම්පත්තුව ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයේ තිරියාය ගම පිහිටා ඇත. ත්‍රිකුණාමල පුල්මුඩේ මාර්ගයේ 27, 28 සැතපුම් කණු අතරින් හැරී තිරියාය ගමට පිවිසිය හැක.
අප තිරියායට පිවිසෙන විට එහි පැවැතියේ ජනශූන්‍ය ස්‌වභාවයකි. අප පිළිගන්නට පැමිණි අමුත්තෝ වූ කලී බලු රංචුවක් පමණකි. වාහනයෙන් බැස ඉදිරියට යනවිටත් බලු රංචුව අපට මඟ පෙන්වමින් ඉදිරියට ඇදෙන්නට විය. ගිරිහඬු සෑය බෞද්ධයන්ට අමතක වී ඇත්දැයි සිතුණේ එහි තිබුණු පාළු ස්‌වභාවය නිසාය. කුඩා සාමණේර හිමිනමක් තවත් පුද්ගලයකු සමඟ යම් වැඩක නිරත වෙමින් සිටින අයුරු දක්‌නට ලැබිණි. විහාර මාර්ගයේ තිබූ එකම වෙළෙඳපළද වසා දමා තිබිණි.
දහතුන්වන සියවසට අයත් පූජාවලියේ සඳහන් වන අන්දමට ලක්‌දිව නැගෙනහිර වෙරළෙහි තිරියාය නමින් හැඳින්වෙන ස්‌ථානයේ පිහිටි ස්‌ථූපය හිටුවන ලද්දේ තපස්‌සු භල්ලුක වෙළෙඳුන් දෙදෙනා විසිනි. ඔවුන් විසින් බුදුන් වහන්සේට ප්‍රථම දානය පූජා කළ අවස්‌ථාවේ උන්වහන්සේගෙන් ලැබුණු කේශ ධාතු තැන්පත් කොට මෙම ථූපය ඉදිකළ බව පූජාවලියේ කියෑවේ.
තපස්‌සු භල්ලුක විසින් නිදන් කළ කේශ ධාතුන් පිළිබඳව බෞද්ධ රටවල් කිහිපයක තරගයක් පවතින බව රහසක් නොවේ. බුරුම බෞද්ධයන් පිළිගන්නේ තපස්‌සු භල්ලුක විසින් ඉදිකළ චෛත්‍යය ස්‌වදගොන් චෛත්‍යය බවකි.
කවරක් නමුත් තිරියාය වටදාගෙය 1951 වසරේදී කණින ලදී. එහිදී සත්වැනි අටවැනි සියවස්‌වලට අයත් සංස්‌කෘතික සෙල්ලිපියක් හමුවිය. එහි සඳහන් පරිදි මෙම ස්‌ථූපයේ පෞරාණික නාමය වූයේ ගිරිකණ්‌ඩි චෛත්‍යයයි. බුදුන් වහන්සේට ප්‍රථම දානය පූජා කළ ත්‍රපෂ්‍ය සහ වල්ලික (තපස්‌සු භල්ලුක) යන වෙළෙඳුන් විසින් මෙම චෛත්‍ය කළ බව එහි සඳහන් වේ.
පඩිපෙළ් නගිමින් තිරියාය වටදාගෙයට පිවිසෙන විට මහ සයුර හොඳින් දර්ශනය වෙයි. අතීතයේ මෙහි කැණීම් සිදුකරනවිට තිරියාය වටදාගේ වටමළුව අඩි 79 ක විෂ්කම්භයකින් යුක්‌ත වී ඇත.
භූමිය පුරා බෞද්ධ කොඩිවලින් සරසා තිබුණද එහි දක්‌නට ලැබුණේ පාළු ස්‌වභාවයකි. ඒ වන්දනාවට කිසිම උවැසි උවසුවකු පැමිණ නොසිටීම නිසාය. නිරන්තරව බෞද්ධ ජනයා වැල නොකැඩී ඇදී එන ස්‌ථානයක් ලෙස ගිරිහඬු සෑය හැඳින්විය නොහැකිය. නමුත් සිංහල බෞද්ධයන් මේ ස්‌ථානවලට නිරන්තරව පැමිණිය යුතුය. එය මේ ස්‌ථාන තවත් චිරාත් කාලයක් ආරක්‌ෂා වීම සඳහා පැහැදිලිව බලපාන කරුණකි.
ගිරිහඬු සෑය මලින් පුදන්නට අපට මල් නොතිබුණද මහත් භක්‌තියෙන් යුතුව මේ බෞද්ධ උරුමය වන්දනාමාන කළෙමු. පැරණියෝ රුවන්වැලිසෑය මලින් වසා මලින් පිදු ආකාරයටම මේ වෙහෙරටද පුද පූජා සිදු කරන්නට ඇත. දෙවැනි පරාක්‍රමබාහු රජ විසින් විසුද්ධි මග්ගයට ලියන ලද පාලි පොතෙහිද ගිරිකණ්‌ඩ මහා විහාරය ගැන සඳහන් වේ.
පඩිපෙළ දිගේ උඩට යනවිට බිම තිබූ පොල්ලක් රැගෙන ගියේ සෙල්ලමට මෙනි. එයත් රැගෙන යළි පහළට බසින විට චෛත්‍ය ආරක්‌ෂාව වෙනුවෙන් සිටින සිවිල් ආරක්‍ෂක භටයාගේ සිය අඩුම කුඩුම රැගෙන ඉහළ නගින අයුරු දක්‌නට ලැබිණි. මාදුටු ඔහු "මොකද පොල්ලක් අරගෙන" යෑයි සිනහසෙමින් විමසා සිටියේය. නිකම් අරගෙන ගියා යෑයි කීවෙමි. ඔව් පොල්ලක් අරගෙන යන එක හොඳයි. කැලේ ඉන්න මුවෙක් උඩට යන අයට අනිනවා සමහර වෙලාවට ඌ මටත් ඇන්නා යෑයි ඔහු ප්‍රකාශ කළේය.
අප යළි පහළට යනවිටත් බලු රංචුව එතැනම විය. මේ කණ්‌ඩායම සමඟ යළි ගමන්අරඹුවෙමු. වාහනය අසලට ගියද බලු රංචුව අප පසුපස්‌සෙන් විය. මොවුන් බඩ ගින්නේ සිටින බව අවබෝධවුවත් මේ කණ්‌ඩායමට දීමට කිසිවක් අප සතු වූයේ නැත. කඩයක් සොයා ගැනීමට තවත් කිලෝ මීටර් ගණනාවක් යා යුතු බව එතැන සිටි අයෙක් අප සමඟ පැවැසීය. ඉදින් කවරක් කරන්නද? වාහනයට නැග්ගද උන් වාහනය ඇතුළටම වගේ හොම්බ දමා ඉව කරන්නට විය. බලු රංචුවට බිස්‌කට්‌ටුවක්‌වත් ලබාදීමට නොහැකිව මුසප්පු සිත් ඇතිව අපි නැවත ත්‍රිකුණාමලය බලා ගමන් ඇරඹුවෙමු. හිරු රශ්මිය අධික වීම නිසා තිරියාය මාර්ගය උණුසුමෙන් දැවෙන්නට විය.
චතුර පමුණුව
http://www.divaina.com/2017/05/21/feature20.html

0 comments:
Post a Comment