Pages

Tuesday, June 13, 2017

විල්පත්තු මුසලු ව්‍යාප්ත්වාදයේ මූල්‍ය ශක්තිය කටාරයෙන්! ලංකාවේ අන්තර්ජාතික පාසල්වල ඉස්ලාම් අන්තවාදය උගන්වයි!

කටාර් රාජ්‍ය මගින් ලංකාවට එවන ලද මුදල් සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් කරන්නැයි හෙල බොදු සවිය සංවිධානය විසින් පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කරයි.

මෙම ඉල්ලීම ඇතුලත්ව අද දිනයේ පොලිස් මූලස්ථානය වෙත බාර දෙන ලද ලිපිය මෙහි දැක්වෙයි.

පොලිස්පතිතුමා,
පොලිස් මූලස්ථානය,
කොටුව.

කටාර් රාජ්‍ය මගින් ලංකාවට එවන ලද මුදල් සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් කරන්න.

මේ වන විට ජාත්‍යයන්තරය තුළ කටාර් රාජ්‍යය පිළිබද විවිධ අදහස් මත පලවීමට පටන් ගෙන තිබේ. අපට ද රටක් ලෙස විවිධ අදහස් කටාර්
රාජ්‍යය සම්බන්ධයෙන් පැවැතිය ද නොබැදි හා මිතුරු ප්‍රතිපත්තියක් ඇතිකරගෙන යා යුතු බැවින් ඒ පිළිබද විශේෂ අවධානයක් යොමු නොකරන ලදි. එනමුත් දැන් දැන් කටාර් රාජ්‍යය ගැන වැඩි අවධානයක් යොමු කළ යුතු හේතු ගණනාවක් නිර්මාණය වෙමින් තිබේ. විටෙක කෙන්නියා හා සිරියා රාජ්‍යය චෝදනා කරන්නේ සිය රටවල අන්තවාදය පෝෂණය කරන්නට ඉස්ලාම් භක්තිකයන් කටාර් රාජ්‍යය භාවිතා කර ඇති බවටය. ඉස්ලාම් සුන්නි නිකායට අයත් රටවල් බොහෝ ප්‍රමාණයක් හා ඉස්ලාම් නොවන රටවල් කිහිපයක් මේ වන විට කටාර් රාජ්‍යයට සම්බාධක පනවා ඇත්තේ අන්තාවදීන් පෝෂණය කරන්නට අවශ්‍ය රැකවල් හා සහය ලබා දෙන බවට චෝදනා කරමිනි.

එසේම ලෝකයේ දරුණු ත්‍රස්තවාදයන් ලෙස සලකන අල්කයිඩා, ජිහාඩ්, අයි.එස්.අයි.එස්, හමාස්, වහබිවාදය වැනි අන්තවාදි සංවිධානවලට මුදල් හා වෙනත් සහයෝගය ලබා දෙමින් අන්තවාදය පෝෂණය කළ බවට චෝදනා කටාර් රාජ්‍යයට එල්ල වේ. අප රටට ද කටාර් රාජ්‍යය විවිධ කාලවකවානුවල දී ආධාර උපකාර කර ඇති අතර අපගේ කල්පනාවේ හැටියට ලංකා රජය එම ආධාර පිළිබද කිසිම රහස් විමර්ශනයක් කර නොමැත.

2014-12-21 වන දින මන්නාරමේ ඉදි කරන ලද 2500ක ප්‍රමාණයක් සිටිය හැකි ලංකාවේ විශාලම මුස්ලිම් පල්ලි ඉදිකර ඇත්තේ කටාර් රාජ්‍යයේ අනුග්‍රහය මත වේ. එපමණක් ද නොවේ. විල්පත්තු ජාතික වනෝද්‍යානයේ නිවාස 200ක් ඉස්ලාම් භක්තිකයන් උදෙසා ඉදිකිරීමට 2013 ජුලි මාසයේ දි කටාර් රාජ්‍යය විසින් අරමුදල් සපයන ලදි. මෙහි බරපතල සැකය වනුයේ මෙම ඉදිකිරීම් සම්බන්ධව විවිධ පාර්ශව චෝදනා කරද්දී එවකට පාලකයින් කිසිත් නෑසුනා සේ සිටීමයි.

එසේම විල්පත්තු වන විනාශයට වගකිව යුතු අය සමග කටාර් රාජ්‍යයේ ඇමතිවරයෙකු සම්බන්ධතා පවත්වා ඇති බවට ද චෝදනා එල්ල වේ. එසේම පූනානි ප්‍රදේශයේ ඉදිවෙන ලංකාවේ විශාලම විශ්වවිද්‍යාලය ගැන ද, මරදාන ප්‍රදේශයේ ඉදිවෙන රූපවාහිනි ආයතනය පිළිබඳවද තොරතුරු අපට දැනගන්නට ලැබී තිබේ. මේ සියල්ල විදේශ ආධාර මත සිදුවන ඉදිකිරීම්ය. එසේම ලංකාවේ අන්තර්ජාතික පාසල්වල ඉස්ලාම් අන්තවාදය උගන්වනවාදැයි සැකයක් ඇති බවට අප රටේ අධිකරණ ඇමතිවරයා ප්‍රකාශ කිරීම බරපතල සැකයට තුඩු දෙන්නකි. එසේම අයි.එස්.අයි.එස් සංවිධානයේ මීළඟ ඉලක්කය ආසියාතික රටක් බවත් සදහන් වේ. මෙම කාරණා සියල්ල සලකා බලා කටාර් රාජ්‍යය විසින් ලංකාවට එවන ලද ආධාර හා ලංකාවේ පුද්ගලයන් සමග පවත්නා සම්බන්ධතා පිළිබඳ සියුම් නිරීක්ෂණයක් කිරීම අපගේ ජාතික ආරක්ෂාවට වැදගත් වන බව සිහි කිරීමට කැමැත්තෙමි. එසේම ලැබුණා වූ හා ලැබෙන්නා වූ කටාර් හා ඉස්ලාම් රටලවල ආධාර යොදවන්නේ කුමක් සදහා ද ඒවායේ අරමුණු පිළිබදවද විධිමත් විමර්ශනයක් කරන මෙන් ඉතා ඕනෑකමින් ඔබ තුමාගෙන් ඉල්ලා සිටිමු.

තෙරුවන් සරණයි! - බුදුගල ජිනවංස හිමි - සභාපති
Lanka C News

Pic1 Source
Pic2 Source

0 comments: