Pages

Wednesday, June 21, 2017

බෞද්ධ භික්‌ෂූන්ට ඇති අභියෝග හමුවේ තවදුරටත් නිහඬව සිටිය නොහැකියි! රට, දැය, සමය වෙනුවෙන් චීවරයේ කාහල අස්‌ගිරි නාදය රැව් දෙයි!

ජාතිවාදී හැඟීම් අවුස්‌සන ඇතැම් දේශපාලනඥයන්ගේ ප්‍රකාශ සම්බන්ධයෙන් රජය කිසිදු පියවරක්‌ නොගෙන ඊට ප්‍රතිචාර දක්‌වන භික්‌ෂූන් වහන්සේලා නිහඬ කිරීම සඳහා රජය දරන උත්සාහයට බලවත් අප්‍රසාදය පළ කරන බව සියම් නිකායේ අස්‌ගිරි පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥනරතන හිමියෝ නිවේදනය කර සිටියි.

සියම් මහා නිකායේ අස්‌ගිරි පාර්ශ්වයේ කාරක සංඝ සභා රැස්‌වීමේදී ගත් තීන්දු පිළිබඳව අස්‌ගිරි නාහිමියන් රජය වෙත නිකුත් කරනු ලැබූ සම්පූර්ණ නිවේදනය මෙසේය.

අප මාතෘභූමියටත්, සිංහල ජාතියටත්, සම්බුද්ධ ශාසනයටත්, යම් අභියෝගයක්‌ පැමිණි කල එහි ආරක්‍ෂාව වෙනුවෙන් බෞද්ධ භික්‌ෂූන් වහන්සේ හැම කල්හිම ජීවිත පරිත්‍යාගයෙන් යුතුව ක්‍රියා කළ බව අප කවුරුත් දන්නා කරුණකි. වර්තමානය වන විට ශ්‍රී ලංකාව තුළ සිංහල ජාතියටත්, බෞද්ධ භික්‍ෂූන් වහන්සේටත් මුහුණ දීමට ඇති අභියෝග හමුවේ තවදුරටත් නිහඬව සිටීම යෝග්‍ය නොවන බව අපගේ හැඟීමයි. එය භික්‌ෂුන් වහන්සේ සතු ඓතිහාසික වගකීම පැහැර හැරීමක්‌ වනවා සේම, අනාගතයේ පිළියම් කළ නොහැකි ගැටලු රාශියකට අපට මුහුණ දීමට එය තුළින් ඉඩකඩ සැකසෙනවා ඇත. මේ නිසා අප අස්‌ගිරි මහා විහාරයේ කාරක මහා සංඝ සභාව පහත සඳහන් කරුණු කෙරෙහි සංහිඳියාවෙන් යුතු සමාජයක්‌ ගොඩනැඟීමට ප්‍රයත්න දරන ජනාධිපතිතුමන්, අගමැතිතුමන් ප්‍රමුඛ රජයේ අවධානය යොමු කරනු කැමැත්තෙමු. 

ගලගොඩඅත්තේ ඥානසාර භික්‍ෂුවගේ ආවේගකාරී හැසිරීම් රටාව හා අදහස්‌ ප්‍රකාශන ශෛලය අප කිසිසේත් අනුමත නොකරන නමුත්, උන්වහන්සේගේ මතවාදය බැහැර නොකරන්නෙමු. උන්වහන්සේ ඉදිරිපත් කරන කරුණුවල සත්‍ය අසත්‍යතාවය සොයා බලා පිළියම් කරනු වෙනුවට එම සිදුවීම් උපයෝගී කරගනිමින් සමස්‌ත භික්‍ෂු සමාජයම අවඥවට ලක්‌ කරමින් වාමාංශික යයි කියාගන්නා සහ බෞද්ධ පරිසරයක හැදුන වැඩුන දේශපාලනඥයන්ද, සමාජ ක්‍රියාකාරීන් හා විවිධ සංවිධාන කිසිදු ගෞරවයකින් තොරව භික්‌ෂූන් වහන්සේලා විවේචනය කරමින්, නම පමණක්‌ කියමින්, ආමන්ත්‍රණය කරමින් ප්‍රවෘත්ති සාකච්ඡා නිවේදන හා ලිපි පළකිරීම් අප තරයේ හෙළා දකින අතර අපගේ සිංහල හා බෞද්ධ සංස්‌කෘතිය තුළ අතීතයේ පටන් පැවත එන පරිද්දෙන් බෞද්ධ භික්‍ෂූන් වහන්සේ නමක්‌ සිය නමින් ඇමතිය හැක්‌කේ වැඩිහිටි භික්‌ෂුවකට පමණක්‌ය යන්න ද මෙහිදී සිහිපත් කරමු.

ජාතිවාදී හැඟීම් අවුස්‌සන ඇතැම් දේශපාලනඥයන්ගේ ප්‍රකාශ සම්බන්ධයෙන් රජය කිසිදු පියවරක්‌ නොගෙන ඊට ප්‍රතිචාර දක්‌වන භික්‌ෂූන් වහන්සේලා නිහඬ කිරීම සඳහා රජය දරන උත්සාහයට අපගේ බලවත් අප්‍රසාධය පළකරන අතර මේ නිසා ඉදිරියේදී රට තුළ නොසන්සුන්කාරී පසුබිමක්‌ ඇතිවුවහොත් ඒ සම්බන්ධ සම්පූර්ණ වගකීම දැඩිසේ අවධාරණය කරමු.


පවත්නා නීති රීති වෙනස්‌ කිරීමට යැමෙන් අර්බුදකාරී වටාපිටාවක්‌ සමාජය තුළ ඇතිවීමට හේතුවක්‌ වන බවක්‌ ද පෙනී යයි. සිංහල හා බෞද්ධයන් එල්ලකරගෙන සිදුකරනු ලබන නව නීති රීති හඳුන්වා දීමට යැම මෙම අර්බුදයට මූලිකම හේතුවයි. එබැවින් පවත්නා නීති රීතිවල යම් වරදක්‌ තිබේ නම් පමණක්‌ ඒ පිළිබඳ සාකච්ඡා කොට තීරණයකට එළඹිය යුතු නමුත් පවත්නා නීති රීති, ගැටලුකාරී තත්ත්වයන් ප්‍රමාණවත් බව අපගේ හැඟීමයි. ජාතික සංහිඳියාවට මුවා වී සිදුකරනු ලබන රක්‍ෂිත හා ඒ ආශ්‍රිත ඉඩම් මංකොල්ලය, උතුරු නැඟෙනහිර පුරාවස්‌තු විනාශ කිරීම, වහා නතර කිරීමට රජය කටයුතු කළ යුතු බව වහා අවධාරණය කරන අතර මේ සඳහා ජනාධිපතිතුමාගේ මැදිහත්වීම තවදුරටත් සිදුවිය යුතු බව අවධාරණය කරමු. භික්‌ෂූන් වහන්සේලා අතීතයේ සිට වැඩ වාසය කරමින් දියුණුවට පත් කළ ඓතිහාසික සිද්ධස්‌ථාන පාලනයට පුරාවිද්‍යා විෂය භාර අමාත්‍යවරයා අත්තනෝමතිකව කටයුතු කරමින් පෞරාණික සිද්ධස්‌ථාන ආරක්‍ෂා කිරීම හා සංවර්ධනය පසෙක තබා එම ස්‌ථාන සංචාරක පාරාදීසයන් බවට පත් කිරීමට ගනු ලබන ක්‍රියාමාර්ගය වහා නතර කළ යුතු බව දැනුම් දෙමු.

සිංහල ජාතිය වඳ කිරීමට ඇතැමුන් ගන්නා උත්සාහයන් පිළිබඳව පුවත්පත් සහ විද්යුත් මාධ්‍ය මගින් විවිධ වාර්තාවන් පළ කරන අතර ඒවගේ සත්‍ය අසත්‍යතාව සොයා නිසි පියවර ගැනීම රජයේ සුවිශේෂ වගකීමක්‌ බව සිහිපත් කරමු. නිරන්තරයෙන් සිංහල බෞද්ධ ජනතාව මෙන්ම භික්‌ෂූන් වහන්සේලා අප දැනුවත් කරන අතර ඒ අනුව බුදුදහමට එරෙහිව බෞද්ධයන් කියාගන්නා පිරිස්‌ මෙන්ම අන්‍යාගමිකයන් විසින් කරනු ලබන විවිධ ප්‍රකාශන හේතුවෙන් බොහෝ සේ පාරම්පරික බෞද්ධ චර්යාධර්මවලට අනුකූල සිංහල සමාජය වියරුවට මංපෙත් විවර කරන මෙහෙයුමක්‌ ක්‍රියාත්මකව පවත්නා බව දැනගන්නට ඇත. එසේම බුදුදහම හා බෞද්ධ සංස්‌කෘතිය විකෘති කරන ප්‍රකාශන පාලනය කිරීම සඳහා රජය මගින් කෙටුම්පත් කර ඇති බෞද්ධ ප්‍රකාශන නියාමන පනත් කෙටුම්පත වහාම සම්මත කොට ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙසද අවධාරණය කරමු. ලංකාවේ බෞද්ධ ජනතාව නිරන්තරයෙන්ම අන්‍යාගම්වලට ගරු කරමින් එසේම ඒවායේ පැවැත්ම සඳහා කටයුතු කළ පිරිසක්‌ බව මෙරට සියලු අන්‍යාගමිකයන් තරයේ සිත් තබාගත යුතු කරුණකි. එවැනි සහනශීලීත්වයක්‌ ලබාදුන් බෞද්ධ හර පද්ධතියට නිගරු කරන අන්‍යාගමික ක්‍රියාවන් අපි තරයේ හෙළා දකිමු. එබැවින් දේශීය හා විදේශීය කුමන්ත්‍රණ තුළින් සිංහල බෞද්ධයාට සිදුවන මෙම අසාධාරණ හමුවේ
ත්‍රෛනිකායික මහ නාහිමිවරු ප්‍රමුඛ මහා සංඝරත්නයත්, දේශහිතෛෂී ජනතා බලවේගයත් එක්‌සත්ව කටයුතු කිරීමේ වැදගත්කම අවධාරණය කර සිටිමු.

සංඝ සභා සම්මතයෙන් සකස්‌ වූ මෙම නිවේදනය අස්‌ගිරි විහාර පාර්ශ්වයේ මහා නායක ස්‌ථවිරයන් වන මා විසින් පිළිගෙන ප්‍රකාශයට පත් කරමි.

සමන්තී වීරසේකර
http://www.divaina.com/2017/06/21/news45.html

Pic Source

සබැඳි ලිපි -

සැබෑ අන්තවාදීන් කවුද? අලුත්ගම සිදුවීමේත් ඇත්ත සඟවන්නේ ඇයි? 

පළමුව හිමියන්ට පහර දී, සුදු ඇඳි බොදු පෙරහැරට උස් ගොඩනැඟිලිවල සිට සංවිධානාත්මකව ගල්, ගඩොල් වලින් පහර පිට පහර දෙමින් අරඹන, මූසලු ජිහාඩයේ බේරුවල කැඩපත! හකීම්ගේ මිත්‍යාවට එරෙහිව සැම දැනුවත් කරමු! වීඩියෝ සාක්ෂි සහිතයි (Video Evidence Available)



https://www.youtube.com/watch?v=D2-iHCMN4QY&feature=youtu.be

කුරගල, මාණික්කමඩු ආදී වැනසෙන බොදු උරුමය ගැන සැවොම නිහඬ ඇයි? 

මාණික්‌කමඩු - මුසළු දේශපාලකයන් හා නිලධාරීන් වළකන, මුසලු ජනව්‍යාප්තියට යටවන, රජුන් පිදූ මුසලුවන් කොල්ලකන දීඝවාපියේ බොදු උරුමය... අශ්රොෆ් ඩෝසර් කළ දීඝවාපි විනාශයේ දෙවන කොටස...
http://yukthiyawenuwen.blogspot.com/2017/05/blog-post_45.html

පුරාවිද්‍යා නීති අවලංගුයි.. ඓතිහාසික කුරගල පුදබිමේ ඉස්ලාම් අන්තවාදීන් යළි ඉදිකිරීම් අරඹයි!
http://yukthiyawenuwen.blogspot.com/2017/01/blog-post_44.html

වනය වනසන මුස්ලිම්කරණය - බද්දුද්දීන්කරණය නව උපක්‍රමයකින් - වන මායිම් වෙනස් කරති!
http://yukthiyawenuwen.blogspot.com/2017/03/blog-post_59.html

මුසලුවන්ට හිරිහැර වන බවට අසත්‍ය පතුරා බොදුනුවන්ට පහරපිට පහර ගසන්නේ ඇයි?

සබැඳි ලිපි -
[
ලේ මස් ඇට නහර වලට කාවැදි සිංහලයාගේ සහජීවනය
http://denethharinna.blogspot.com/2014/06/blog-post_6189.html
සිංහලයා ජාතිවාදියෙක්ද?
http://denethharinna.blogspot.com/2012/06/blog-post_09.html
දඹුල්ල ගැන ගොඩක් වදවෙන කට්ටිය මේව ගැන මොකද කියන්නෙ දන්නෙ නැහැ...
http://yukthiyawenuwen.blogspot.com/2012/06/blog-post.html
1915 සිංහල - මරක්‌කල කෝලාහලයේ ඇත්ත මොකක්ද?
http://yukthiyawenuwen.blogspot.com/2013/04/1915.html
]

සබැඳි ලිපි කියවන්න. බෙදා හරින්න. මිතුරන් දැනුවත් කරන්න. 

SHARE & AWARE!

බොදුනුවන් ඉලක්ක කරමින් ගෙනයන මේ අසත්‍ය ප්‍රචාර වලට එරෙහි වන්න. යුක්තිය වෙනුවෙන් මතවාදීව සටන් වදින්න!

0 comments: