Pages

Sunday, May 10, 2015

විල්පත්තු වනය අවට කැලෑ කැපීම හා හෙළි පෙහෙළි කිරීම තහනම් - ජනපති

විල්පත්තු වනය අවට කැලෑ කැපීම සහ ඉඩම් හෙළි පෙහෙළි කිරීම වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කිරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද නියෝග කර තිබේ.

එම ප්‍රදේශවල නිති විරෝධීව කැලෑ කැපීම් හා ඉඩම් පවරා ගැනීම් සිදුකරන්නේ නම් ඔවුන්ට එරෙහිව වහාම නිතිය ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපතිවරයා අදාළ අංශවලට උපදෙස් දී ඇත.

එසේම මේ පිළිබඳ ව වහාම අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයාට නියෝග කර තිබේ.

තවද එම ප්‍රදේශවල සියලු රාජ්‍ය නිලධාරින්ට ද ඒ පිළිබඳව දන්වා ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක සඳහන්ය.

විල්පත්තු වනය විනාශ කරමින් රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා විසින් එම ප්‍රදේශවල මුස්ලිම් ජනතාව පදිංචි කරන බවට බොදුබල සේනා සංවිධානය විසින් දිගින් දිගටම චෝදනා කරන ලදී.

කෙසේ වෙතත් අමාත්‍යවරයා අදාළ චෝදනා බැහැර කරමින් කියා සිටියේ එය ඔප්පු කළහොත් තමන් තනතුර අතහැරීමට සුදානම් බවයි.

මෙවන් වාතාවරණයක් යටතේ ජනාධිපතිවරයා මෙම නියෝගය ලබාදී ඇත.

අද දෙරණ

Pic Source

සබැඳි ලිපි - 
[ඇමැතිගේ බලයට නීතිය යටව සිදුකරන නවතම මහා වන විනාශය - මන්නාරමෙනුත් ඇවිලෙන විල්පත්තුවේ ගින්නhttp://denethharinna.blogspot.com/2014/05/blog-post_10.html
යුද්දෙත් ඉවරයි සන්නාර් රක්‍ෂිතයත් ඉවරයි. මුසලු ව්‍යාප්තවාදයේ නැවතුම කොතැනද?http://denethharinna.blogspot.com/2014/05/blog-post_7519.htmlවිල්පත්තුවෙන් පත්තු වූ රක්‍ෂිත වන විනාශයhttp://denethharinna.blogspot.com/2014/04/blog-post_3649.htmlවිල්පත්තු මුසලු ආක්‍රමණය - බලන් කඩතුරා හැර දෑසේ!http://denethharinna.blogspot.com/2014/04/blog-post_2205.htmlවිල්පත්තුවෙන් යන්න ඕන්නම් අක්කර 40ක් දෙන්නhttp://denethharinna.blogspot.com/2014/04/40.htmlඔබටත් ඉඩමක් ඕනෑනම්, රජයේ ඉඩමක බලෙන් පදිංචි වෙන්න! විල්පත්තු අනවසර පදිංචිකරුවන්ට මරිච්චිකට්‌ටුවෙන් අක්‌කර 50 ක්‌http://denethharinna.blogspot.com/2014/04/50.htmlවිල්පත්තුවේ තාවකාලික නිවාස 73ක්! මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න හමුවේ පිරිස පැටලේ. ගොලුවේ. පරස්පර කතා රැසක්! බද්යුදීන් පසුබසී...http://denethharinna.blogspot.com/2014/04/73.html
නැහැ කිව් අනවසර ඉඳි කිරීම් දැන් අනවසර වෙලා! අධිකරණ නියෝග ලද විගස විල්පත්තු අනවසර පදිංචි කරුවන් ඉවත් කරනවා - වන ඇමැතිhttp://denethharinna.blogspot.com/2014/04/blog-post_9313.htmlවිල්පත්තු සංහාරය - HOUSING COMPLEX - WILPATTU NATIONAL PARKhttp://denethharinna.blogspot.com/2014/04/housing-complex-wilpattu-national-park.htmlපාකිස්තානුවන් ආනයනය කර විල්පත්තුවේ පදිංචි කිරීමට බදුර්දීන් සුදානම්http://denethharinna.blogspot.com/2014/04/blog-post_7213.html
විල්පත්තුව පත්තුකරන දේශපාලන ඉඩම් හොරුhttp://denethharinna.blogspot.com/2014/03/blog-post_4994.html
අන්තවාදයෙන් මුසපත් වී උරුමය වැනසීම නොහොත් විල්පත්තුවේ ඉඩම් කොල්ලයhttp://denethharinna.blogspot.com/2014/03/blog-post_7055.htmlවසර 30000 ට එහා ඉපැරැණි ශිෂ්ටාචාර නෂ්ඨාවශේෂ වනසමින් ඇමැතිට හිතවත් පවුල් 150ක්‌ විල්පත්තුවේ බලෙන් පදිංචි වෙති. ඇමැතිවරයාගෙන් කෑම බීම!http://denethharinna.blogspot.com/2014/03/30000-150.htmlමුලතිව් යළි උණුසුම්! දමිළ ගම් මැද මුසලිමුන්ට පමණක් කලාප. දමිළ විරෝධය!http://denethharinna.blogspot.com/2014/01/blog-post_2967.htmlමුසලුවන්ට දහස් ගනණ් රජයේ සශ්‍රීක වන ඉඩම්. සිහලුන්ට අයිතිව තිබූ ඉඩම්වත් නැහැ. පාලකයෝ නිදි.http://denethharinna.blogspot.com/2013/08/blog-post_8346.html
සිහළුන්ගේ හිමි ඉඩම් අයිතිය නොදෙනා... රජයේ ඉඩම් ලක්ෂ ගණනින් මුසලුවන්ට බෙදනා...
http://denethharinna.blogspot.com/2013/04/blog-post_6041.html
උතුරෙන් මුසලුවන්ට අක්කර 1500ක්. පන්නා දැමූ සිහලුන්ට බිම් අඟලක් නැහැ.
http://denethharinna.blogspot.com/2013/04/1500.html
රිෂාඞ් බදුර්දීන්ගෙන් මුසළුවන්ට පමණක්‌ වෙන් වූ කලාප උතුර - නැගෙනහිර
http://denethharinna.blogspot.com/2013/03/blog-post_12.html
මුලතිව් රක්ෂිතයෙනුත් අක්කර 1300ක් බිලි
http://denethharinna.blogspot.com/2013/03/1300.html
මුස්ලිම් ජනතාව නැවත පදිංචි කිරීමට රිෂාඞ් බදුර්දීන් වන සංහාරයක
http://denethharinna.blogspot.com/2013/03/blog-post_6737.html
මන්නාරමේ අවතැන්වූ සිංහලයන් 8170 න් පදිංචිකරවා ඇත්තේ 847 පමණයි
http://denethharinna.blogspot.com/2013/04/8170-847.html
උතුරේ රජයේ ඉඩම්වල කොටි පවුල් පදිංචි කරවලා
http://denethharinna.blogspot.com/2013/04/blog-post_16.html
]

දුම්වැටි සඳහා නව බදු ක්‍රමයක්

10615469_741812899220999_5364972176645972481_n copyදුම්වැටි සඳහා නව බදු ක්‍රමයක් හඳුන්වාදීමට ආණ්ඩුවේ අවධානය යොමුව තිබෙන බවට වාර්ථාවේ. ඒකාබද්ධ මත්ද්‍රව්‍ය නිරාවණය මෙහෙයුම් කමිටුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(08) සවස රැස්වු අවස්ථාවේ ඒ පිළිබඳ දීර්ඝව සාකච්ඡා කෙරුණු බවයි ජනාධිපති මාධ්‍ය අංශය පවසා ඇති බවට වාර්ථාවේ.

නීති විරෝධි මත්පැන් සම්බන්ධයෙන් පෙර වැරදි 03කට වඩා ඇති තැනැත්තන්ට අනිවාර්යෙන් සිරදඩුවම් ලබාදීම සඳහා නව පටිපාටියක් සකස් කිරීමට ද මෙහිදී සාකච්ඡා වී තිබෙනවා.

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වුවන් පුනරුත්ථාපනය කිරීම සඳහා ද නව වැඩපිළිවෙලක් හඳුන්වාදීමටයි යෝජනා වී ඇත්තේ. පාසල් දරුවන් ඉලක්ක කර ගනිමින් මත්ද්‍රව්‍ය නිවාරණ යාන්ත්‍රණයක් සකස් කිරීමට ද මෙහිදී අවධානය යොමු වී තිබෙනවා. මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳ විශේෂ සතියක් ප්‍රකාශයට පත්කිරීම, සාකච්ඡාවට ගැනුණු තවත් කරුණක්. පූජ්‍ය මාදුළුවාවේ සෝභිත සහ පූජ්‍ය අතුරලිියේ රතන යන හිමිවරුන් ද අමාත්‍යංශය ලේකම්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ ආරක්‍ෂක ප්‍රධානීන් ද මෙම සාකච්ඡාවට සහභාගි වී ඇති බවට වාර්ථාවේ.

http://lankafocusnews.com/?p=40828

ජාතික කොඩිය විකෘති කර ප්‍රදර්ශනය කළ සැකකරුවන් අත්අඩංගුවට ගන්නැයි නියෝග

Sinhale-Kodiya-N-www.nethfm.com-18
1815 වාරියපොළ සුමංගල හිමියන් එසවූ සිංහලේ කොඩිය
ජාතික කොඩිය විකෘති කර ප්‍රදර්ශනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් වහාම අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්‌ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා ඊයේ (08 දා) නියෝග කර ඇති බවට වාර්ථාවේ.

සිද්ධියට අදාළ පැමිණිල්ල කැඳවනු ලැබූ අවස්‌ථාවේදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව දක්‌වා සිටි කරුණු දැක්‌වීමක්‌ කෙරෙහි සැලකිලිමත් වෙමින් මහෙස්‌ත්‍රාත්වරයා එලෙස නියෝග කර ඇත.

මෙම පැමිණිල්ලට අදාළව කුරුඳුවත්ත පොලිසිය මගින් සිදුකළ පරීක්‍ෂණ තමන් වෙත භාරගත් බව දන්වා සිටි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව තවත් පුද්ගලයන් කීපදෙනකුගෙන් ප්‍රකාශ ලබාගෙන සටහන් කර ගැනීමට ඇති බවත් එම තොරතුරු මත සැකකරුවන් හඳුනාගෙන අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරියේදී ඉදිරිපත් කරන බවත් පවසා ඇති බවට වාර්තාවේ.

ඉදිරිපත් වූ කරුණු කෙරෙහි සැලකිලිමත් වූ මහෙස්‌ත්‍රාත්වරයා සිදධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙසට නියෝග කරමින් පැමිණිල්ල ලබන ජුලි 13 දා නැවත කැඳවන ලෙසට නියෝග කර ඇති බවට වාර්ථාවේ.

http://lankafocusnews.com/?p=40822

ප.ලි.
සිදුවන දෑ ජුගුප්සාජනකය. එහි සිටි යමෙක් සිංහලේ කොඩිය, ජාතික කොඩිය ලෙස අර්ථදක්වා හෝ පවසා තිබේද? පොලිසිය, උසාවිය නොමඟ යවන්නේ ඇයි?

Pic Source & Related Story

පූජ්‍ය ගලගම අත්ථදස්සි නා හිමියන් අස්ගිරි පාර්ශවයේ මුලසුනට

සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ අභිනව මහා නායක හිමියන් ලෙස පූජ්‍ය ගලගම අත්ථදස්සි නා හිමියන් ‍තොරා පත් කරගෙන ඇත.

අද රැස්වූ සංඝ සභාවේ භික්ෂූන් වහන්සේ 18 දෙනෙකුගේ එකඟතාවය මත අස්ගිරි මහා විහාරීය මංගල උපෝසථාගාරයේ පැවති විශේෂ සංඝ සභා රැස්වීමේදී තොරා පත් කර ගැනීමට තීරණය කර ඇත.

http://lankafocusnews.com/?p=40789

Pic Source

ගලගම අත්ථදස්‌සි අනුනාහිමියෝ අස්‌ගිරි පාර්ශ්වයේ මහනායක ධුරයට 

සියම් මහා නිකායේ අස්‌ගිරි පාර්ශ්වයේ අභිනව මහා නායක හිමියන් ලෙස ගලගම අත්ථදස්‌සි අනුනායක හිමියෝ අස්‌ගිරි කාරක සංඝ සභාව මගින් ඒකච්ඡන්දයෙන් පෙරේදා 08 දා පත්කරනු ලැබූහ.

මහා නායක පදවිය සඳහා වෙනත් හිමි නමක්‌ ඉදිරිපත් නොවීම නිසා අත්ථදස්‌සි හිමියන් ඒකමතිකව පත්කර ගනු ලැබූහ.

අස්‌ගිරි පාර්ශ්වයේ අනුනායක ධුරය හොබවනු ලැබූ අත්තදස්‌සි හිමියන් මේ වන විට අනුපස්‌වැනි වියේ පසුවෙති.

මාතලේ ගලගම පදිංචිව සිටි කුලතුංග මුදියන්සේලාගේ ඩිංගිරි බණ්‌ඩා නිලමේතුමා හා තෙන්නකෝන් මුදියන්සේලාගේ පිංචි අම්මා කුමාරිහාමි දම්පතින්ට දාව 1922 ජනවාරි 11 දා උපත ලැබූ උන්වහන්සේගේ ගිහි නාමය වූයේ කුලතුංග මුදියන්සේලාගේ ටිකිරි බණ්‌ඩාය.

මාතලේ යටවත්ත වීර පරාක්‍රම මහා විද්‍යාලයේ අධ්‍යාපන ලැබූ ටිකිරි බණ්‌ඩා කුලකුමරු 1936 දී උඩුරාවණ ශ්‍රී ධම්මානන්ද නාහිමියන්ගේ ආචාර්යත්වයෙන් පැවිදි බිමට ඇතුළත් විය. අත්ථදස්‌සි හිමියන් 1942 දී මහා විහාරයේදී උපසම්පදාව ලබාගනු ලැබූහ. 

පාලි, දෙමළ, සංස්‌කෘත විෂයන්වලින් විශිෂ්ටතා දක්‌වා ඇති නාහිමියන් 1982 දී කුරුණෑගල මැටියගනේ රාජමහා විහාරාධිපති ධුරයට පත්වූහ.

ඓතිහාසික මහියංගණ රාජමහා විහාරයේ විහාරාධිපති ධුරයටද පත්වූ නාහිමියෝ 1999 දෙසැම්බර් 13 දා අස්‌ගිරි මහා විහාරයේ අනුනායක ධුරයට පත්වූහ.

අපවත් වී වදාළ අස්‌ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය උඩුගම බුද්ධරක්‌ත මහා නාහිමිපාණන්ගෙන් ඇති වූ පුරප්පාඩුව සඳහා අනුනාහිමියන් තෝරා පත්කරගනු ලැබූහ.

සමන්ත ඉලේපෙරුම සහ සිරිල් විමලසුරේන්ද්‍ර

රනිල් ජයවර්ධන බ්‍රිතාන්‍යය පාර්ලිමේන්තුවට තේරෙයි

බ්‍රිතාන්‍යයේ ඊයේ පැවති මහමැතිවරණයෙන් එරට පාර්ලිමේන්තුවට ශ්‍රී ලාංකික සම්භවයක් සහිත රනිල් ජයවර්ධන ද ඡන්ද 35,573ක් ලබා ගනිමින් තේරී පත්ව ඇති බවට වාර්ථාවේ.

බ්‍රිතාන්‍යයේ ඊශාන දිග හැම්ප්ෂයර් ප්‍රදේශය නියෝජනය කරමින් කොන්සර්වේටිව් පක්ෂයෙන් ඔහු තරඟ වැදිණ.

රනිල් ජයවර්ධනගේ මව්පියන් ලාංකිකයින් බව පැවසෙයි.

ආසන 650කින් යුත් එරට පාර්ලිමේන්තුවේ ආසන 199 ක ප්‍රතිඵල මේ වනවිට නිකුත් වී අවසන්ය.එහිදී පාලක කන්සර්වේටිව් පක්ෂය ආසන 52 ක්, කම්කරු පක්ෂය ආසන සංඛ්‍යාව 87ක් හිමිකර ගෙන ඇත.මෙවර මැතිවරණයේ ජයග්‍රහණය කැමරන්ගේ කන්සර්වේටිව් පක්ෂය හිමිකර ගනු ඇතැයි පැවසේ.

මේ අතර, ස්කොට්ලන්ත ජාතික පක්ෂය නියෝජනය කරමින් 20 හැවිරිදි ශිෂ්‍යාවක්ද බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට තේරී පත්වී තිබීම විශේෂත්වයකි.මයිරී බ්ලැක් නමැති ඇය 1667 වසරෙන් පසු බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට තේරී පත්වූ ළාබාලතම තැනැත්තිය බව විදෙස් මාධ්‍ය වාර්තාකරයි.

http://lankafocusnews.com/?p=40735

Pic Source

Friday, May 8, 2015

දස පණත අඩංගු පැරණි ලියවිල්ල ජෙරුසලම් කෞතුකාගාරයේදී ප්‍රදර්ශනයට

දස පණත අඩංගු ලොව පැරණිම ලියවිල්ල ඊශ්‍රායල් කෞතුකාගාරයේදී ප්‍රදර්ශනය කිරීමට කටයුතු යොදා ඇත.

මෙම ලියවිල්ල වසර 2000 ක්‌ පැරණිය. එකී ලියවිල්ල ජෙරුසලමට නැගෙන හිරින් පිහිටි මළ මුහුද සමීපයේ සිදු කළ ගවේෂණයකදී හමු වී තිබේ.

ජෙරුසලම් කෞතුකාගාරයේ සති දෙකක්‌ පුරා පැවැත්වෙන ප්‍රදර්ශනයට මෙම ලියවිල්ල ඇතුලත් කර ඇත්තේ දේශගුණය පාලනය කරන කාමරයකදී යෑයි කෞතුකාගාර නිලධාරීහු හෙළි කළහ.

http://www.divaina.com/2015/05/07/forign02.html

පැරකුම් රාජ සභාවේ මූසළු අමාත්‍යවරුත් සිටියාලු - ශ්‍රී ලංකාවේ පළමු ඉස්‌ලාමීය කෞතුකාගාරය කාත්තන්කුඩියේදී

ලංකාවේ පළමු ඉස්‌ලාමීය කෞතුකාගාරය කාත්තන්කුඩියේ විවෘත කෙරේ. සංස්‌කෘතික අමාත්‍යාංශයේ අනුග්‍රහයෙන් කෞතුකාගාර වස්‌තු පර්යේෂණ දෙපාර්තමේන්තුවේ මග පෙන්වීම යටතේ හිටපු නියෝජ්‍ය ඇමැති එම්. එල්. ඒ. එම්. හිස්‌බුල්ලා විසින් මෙම කෞතුකාගාරය විවෘත කරන ලදී.

වසර දහස්‌ ගණනාවකට කලින් ශ්‍රී ලංකා මුස්‌ලිම්වරුන් සමග සම්බන්ධ ආගමික උගත්, වෙළෙඳ, දේශපාලන, ඉතිහාස කටයුතුවල සම්බන්ධ දැ මෙහි තැන්පත් කර තිබේ.

පරාක්‍රමබාහු රජතුමාගේ සභාවේ අමාත්‍යවරුන් වශයෙන් සිටි මුස්‌ලිම්වරුන්ගේ පිළිරුද මෙහි තබා ඇත. මුස්‌ලිම්වරුන්ගේ විවාහ ක්‍රම, ආහාර පිළිවෙත් වෙළෙඳ ක්‍රම, පුරාතන පල්ලි, පළමුව වුලු කරන ලද තැන් ඇතුළු සිය ගණනාවක මුස්‌ලිම්වරුන්ගේ ඉතිහාසය මෙහි ප්‍රදර්ශනයට තබා ඇත.

කාත්තන්කුඩි නගරාධිපති එස්‌. එච්. එම්. අස්‌පර්, නගර සභා මන්ත්‍රීවරුන් ඇතුළු විශාල පිරිසක්‌ මෙම අවස්‌ථාවට සහභාගි වූහ.

මඩකලපුව ජවෆර්කාන්
http://www.divaina.com/2015/05/07/news29.html

Sunday, May 3, 2015

බුදු තෙමඟුලෙහි අසිරිය විඳිනු මැනවි

බුදු තෙමඟුල ලෙසින් සමස්‌ත ලෝකවාසී බෞද්ධයන් විසින්ම අප්‍රමාණ භක්‌තියකින්ද අනන්ත පූජා පවත්වමින්ද සිහිපත් කරනු ලබන යම් දිනයක්‌ වේ නම් ඒ වෙසක්‌ පොහෝ දිනය බව නිසැකය.

දීඝනිකායේ මහාපදාන සූත්‍රයේ දැක්‌වෙන පරිදිම "බෝසත්හු තුසිතපුරයෙන් බැස තම මවගේ ගර්භාෂයට ඇතුළු වූවාහුද එවිට දෙවියන්, මරුන්, බඹුන් සහිත ලෝකයෙහිද, ඒ බල ඉක්‌ම වූ අප්‍රමාණ ආලෝකයක්‌ පහළ විය. මහානුභාව සම්පන්න චන්ද්‍ර සූර්යයන් පවා ඒ ආලෝකය විනිවිදීමට අසමත් විය.

බුදු උපතක අසිරිය කෙබඳු දැයි ඒ තුළින් මොනවට පසක්‌ නොවේද?

බුදු තෙමඟුලේ දෙවැන්න බුදුන් වහන්සේ විසින් අත්පත් කර ගන්නා ලද බුද්ධ ඥනයයි. "පදරුත් සියල් ලොව ඇති අතැඹුලසෙ දැනගති" යනුවෙන් ඒ බුදු මහිමය කවිසිත උදම් කළ අයුරු කෙතරම් රමණීයදැයි බලනු මැනවි.

බුදුවරු පහළ වන්නාහු ලෝ වැඩ සඳහාමය. සංසාර දුක්‌ නමැති රෝගයට ඔසු සොයා සත්වගට ආයු, බල, වර්ණ ලබා දෙන්නාහු ඒ බුදුවරුමය. මැරෙන, උපදින, නැසෙන ලෝක ධර්මය පහදා දෙන්නාහු ඒ බුදුවරුම වෙති. එහෙත් ඒ බුදු බණට අප දෙසවන කෙතරම් සංවේදී දැයි විමසා බැලීමට වඩාත් උචිතම දිනයද මේ වෙසක්‌ පොහෝ දිනයමැයි.

මහ තොරණ බැඳ මහ දන්සල් පවත්වා නොයෙක්‌ සැරසිලි කරන බොදුනුවන්ගෙන් කීයෙන් කී දෙනෙක්‌ බුදු වදන් පිළිගනිත්ද? කෙළෙස්‌ මළ පිරි නගරවලද ගම්වලද නිමක්‌ නැතිව නැඟෙන සාධු නාදයේ රාවය සප්ත මහා සාගරයේ රළ ඝෝෂාවටත් වඩා වැඩි විය හැකිය. එහෙත් දුකින් හඬන දුප්පතකුගේ දුක අසන්නට ඒ සාධු නාද නඟන සුපින්වත් දනන්ගෙන් කී දෙනෙක්‌ සැදී පැහැදී සිටිත්ද?

බෞද්ධ පින්වතුනි, මේ උතුම් දිනයෙහි අප සමග උදහස්‌ නොවනු මැනවි. පස්‌ පවට බිය නැති දුස්‌ පිළිවෙත් ඇති තැන බෞද්ධකම රැඳේ යෑයි ඔබ සිතන්නෙහිද? කිසාගෝතමීලාගේ පරපුරට අයත් ලියෝ අද නොවෙත්ද? පටාචාරාවන්ට "මෙහි එන්න නැඟණිය යෑයි කියන යහපත් දනෝ අද වෙත්ද? සුනීත - සෝපාක පරපුරේ දරුවෝ අනාථව නොසිටිත්ද? 

ධර්මය හා අධර්මය අතර වෙනස කුමක්‌දැයි නොසිතා අධර්මයෙන්ම යස ඉසුරු ලුහුබැඳ සඳලුතලවල සාද තෙපුල් ලන පවිටෝ කොපමණ සිටිත්ද? භීෂණයේ අවිය අත නොහැර හිංසනය පතුරුවාලන නපුරෝ කොපමණ සිටිත්ද?

"සබ්බේ සත්තා භවන්තු සුතත්තා" යෑයි කෙරෙන සඡ්ජායනා හඬ කොපමණ නැඟුණත් බියෙන් තොරවූ සැපයක්‌ කොතැන හෝ තිබේදැයි විමසා බලනු මැනවි.

දැන් අපි බුදු තෙමඟුලේ තෙවැන්න වෙතට යොමු වෙමු. ඒ බුද්ධ පරිනිර්වාණයයි. අපට නම් මරණය දුකකි. එහෙත් දුක නැසූ බුදු, පසේබුදු, මහරහත් උතුමන්ට පිරිනිවීම යනු සුවයකි. නිබ්බාණං පරමං සුඛං යනු ඒ බුද්ධ වචනයි. ගිනිගත් ලොවක, ගිනි දලු වලින්ම වැනසෙන ලොවක, අපමණ පීඩාවට පත්ව දුකම වඩන, තෘෂ්ණාවම වඩන අපට මොහොතක්‌ සිත පිරිසිදුව, නිර්මලව, නිකලැල්ව පහවූ කෙළෙස්‌ ඇතිව, විරාගීව කරුණා සීතල හදවතින් සිටිය හැකි නම් ඒ තරම් ශාන්තියක්‌ මේ මිහිතලයේ නොමැති බව ඔබ සිතනු මැනවි.

බුදු තෙමඟුලෙහි අසිරිය දැසින් පමණක්‌ නොව මනසින්ද දැකීමට අදිටන් කර ගනු මැනවි. 

http://www.divaina.com/2015/05/03/editorial.html

Pic Source

මහා දන්සැල් අතර අමුතු දන්සැල්

"වෙසක්‌ පෝයට දන්සලක්‌ වැන්දෙ නැති කොල්ලෙක්‌ ඉන්නවනම් උගෙන් වැඩක්‌ නැහැ" කියල මා කුඩා කාලයේදී අප සේනානායක විදුහලේ අපට සිංහල ඉගැන්වූ අපගේ ආදරණීය ගුණපාල සර් දවසක්‌ කියූ අයුරු මට දන්සලක්‌ දකිද්දී තාමත් මතක්‌ වෙයි. 

දනට පිනට දීමෙන් බොහෝ පින් එක්‌ රැස්‌ කරගත හැකි බව බෞද්ධයෝ විශ්වාස කරති. එසේ හෙයින් ඔවුහු පිනට මැලි නොවෙති. බඩගින්නේ ඉන්නා අයෙකුගේ කුස පිරවීම තරම් තවත් පිනක්‌ මිහිපිට නැතැයි සිතන්නෝද අද බහුලව වෙසෙති. එනිසා බොහෝ දුක දරාගෙන වැය කොට මහන්සි වී දන්සැල් දීමට නොපසුබට වෙති. එමනිසා වෙසක්‌ දාට පොසොන් දාට කුසපොත්ත ඉරී වැටී හැකිලුණු හෙවත් බඩයි පිටයි එකට ඇවිලුණු හාමතේ කලන්තය ඇල්ලු කුසගින්නේ වෙව්ලන අසරණයෝ තම සහපිරිවර සමග වෙසක්‌ බලන්නට ඩොල්පින් කැරවෑන් හයිඒස්‌ වෑන් වලින් යන අතර මැදදී වාහනය අයිනක නවතා පෝලිමට වැද හෝ පෝලිම් පැන දන්සල් වඳිති. රොතු පිටින් පවුල් පිටින් සහ තනියම පයින් ගොස්‌ වෙසක්‌ බලන අයත් යතුරුපැදි වලින් සහ පාපැදියෙන් යන අයත් තම කුසගින්න නිවා ගැනීමට පෝලිමට එක්‌ව දන්සල් වඳිති.

දන්සැල් අටක්‌ වැන්ද ගැටව් තුන් දෙනෙක්‌ ගැන මම මෙයට වසර දහයකට පමණ පෙර මෙම කොලම තුළින් ලිව්වා ඔබට මතක ඇතියිද නොදනිමි. එදා මට හමුවූ ඒ රත්නපුරේ සිට වෙසක්‌ බලන්නට බයිසිකල් වලින් කොළඹ එන ගමන් බත් දන්සල්ම අටක්‌ වැන්ද වෙරලුපේ සූදු මල්ලී බටුගෙදර අජාන් සහ ලෙල්ලුපිටියේ ෂාන් යන තිදෙනා තාමත් මට ඉඳහිට දුරකතනයෙන් කතා කරන අතර ඔවුන් දැන් හොඳ රස්‌සාවල් කරන හයේ හතරේ ඉළන්දාරින්ය.

කණ්‌ඩායම් කීපයක්‌ විසින් කාරණා කීපයක්‌ සඳහා මිනිසුන් දැන් දන්සල් පවත්වයි. මෙසේ දන්සල් දෙන කණ්‌ඩායම් කවුරුන්දැයි අපි මුලින්ම බලමු. ව්‍යාපාරිකයෙක්‌ දේශපාලනඥයෙක්‌ කලාපයේ චණ්‌ඩියෙක්‌ හෝ වෙන්න චණ්‌ඩියෙක්‌ සමාජ සේවකයෙක්‌ වැනි තනි පුද්ගලයකු විසින් තම පෞද්ගලික මුදලින් දන්සල් දෙනු අප දැක ඇත්තෙමු. එසේම එක පවුලක්‌ පවුල් කීපයක්‌ එකට එකතුව හැදුනු කණ්‌ඩායමක්‌ මගින්ද දන්සල් දෙනු ලබයි. මිතුරු කැලක්‌ ක්‍රීඩා සමාජයක්‌ හෝ වෙනත් සුබසාධක සංගමයක්‌ ව්‍යාපාරික ආයතන රජයේ ආයතන වැනි අයද මෙසේ දන්සල් දීමට දැන් දැන් පෙළඹෙති.

ඉහත සඳහන් කළ අය දෙන දන්සල්වලටද විවිධ අරමුණු ඇත. අප කලින් කීවාසේ වැඩි දෙනෙකුගේ ඒකායන සහ ප්‍රධාන අරමුණ දනට පිනට දී කුසල් රැස්‌ කිරීමයි. තවත් අය අරමුණු කරන්නේ බුද්ධාලම්භන ප්‍රීතිය නිසා හෝ එය තොරණ කූඩුවලින් හෝ ලබනු පිණිස සැතපුම් ගානක්‌ එහෙ මෙහෙ ඇවිද මහන්සි වූ අයගේ පිපාසය හෝ කුසගින්න නැති කිරීමයි.

තම හයිය හෝ බලපුලුවන්කාරකම පෙන්වීමට දන්සැල් දෙන ඇත්තන් සහ කණ්‌ඩායම් ගැනද මම දනිමි. ඔවුන් බොහෝවිට දන්සල් දෙන්නේ තමාගේ පෞද්ගලික මුදලිනි. එසේත් නැත්නම් මෝරුන් ඇල්ලීමෙන් මුදල් හාල් එළවලු ආදිය තමා සන්තකයට ගෙන ඒවා තමාගෙන් දෙනවා මෙන් සමාජයට පෙන්වීමෙනි. පළාතේ වෙසෙන සල්ලි කාරයන්ගෙන් කප්පම් ක්‍රමයට මුදල් සහ වියළි ආහාර ද්‍රව්‍ය පින් පිණිස දන්සල් දෙන අයත් අද සමාජයේ එමටය. 

දස දහස්‌ ගණනින් මා දන්සැල් දැක ඇතත් වැඳ ඇතත් කිසිදාක කුඩා දන්සැල් නම් දැක නැත. ඒවා සියල්ල මහා දන්සැල්ය මහා බත් දන්සල මහා නුඩ්ල්ස්‌ දන්සල මහා දුන්තෙල් බත් දන්සල ආදී වශයෙන් අද අපේ රටේ දකින්නට ලැබෙන සියල්ල මහා දන්සැල්ය.

සමහර පෞද්ගලික ආයතන විසින්ද දන්සැල් දෙනු ලබයි. ඔවුන් බොහෝ විට දෙනු ලබන්නේ අයිස්‌ක්‍රීම් කඩල තම්බපු මයියොක්‌කා රොටී තෝසේ වැනි සුපිරි කෑම ඇති දන්සල්ය. ඒවායේ කෑම බීම බෙදන්නේ ලස්‌සනට සුදෝසුදට ඇඳ පළඳ ගත් සුරූපි තරුණියන් සහ නෝනා මහත්තුරුය. ලස්‌සන පීරිසි බන්දේaසිවල තබා කෑම අල්ලන නෝනලා බොහෝවිට එම ආයතනයේ අයිතිකරුවන් සහ ඒ අයගේ ඤාතීන්ය. මෙසේ පෞද්ගලික ආයතන විසින් බොහෝවිට පැයක්‌ දෙකක්‌ පමණ අපූරුවට දන්සල් දෙන්නේ තම ආයතනයේ නම ප්‍රචාරය කරන ප්‍රවර්ධන වැඩක්‌ වශයෙනි.

සමහර සුපිරි පන්තියේ දන්සල් වල දොරටු දෙකක්‌ දකින්නට ඇත. ඉදිරිපස දොරටුව ඇත්තේ තොරන් බලන්නට යන එන නාඳුනන පිටස්‌තර අය සඳහාය. දිගම දිග පෝලිමේ පැයක්‌ පමණ ඉදිරියට ඇවිත් කට්‌ට කා චාටර් වී කෑම ශාලාවේ මේසය ළඟ පුටුවක වාඩිවී සංවිධායකයන් බෙදා දෙන බත් පිඟාන වළඳා, පිටවන දොරෙන් එළියට පැමිණ අයිස්‌ක්‍රීම් කෝන් එකක්‌ද රැගෙන එය කකා ඔවුන්ට පිටව යා හැකිය. තවත් දොරටුවක්‌ පිටුපස පැත්තේ තිබේ එය වීඅයිපී (VIP) ගේට්‌ටුවයි. සංවිධායකගේ හිතවතුන් නෑයන් විවිධාකාරයෙන් දන්සලට උදව් උපකාර කළ අයව මෙම ගේට්‌ටුවෙන් ඇතුළට ගනී. ඇතුළට ආ විගස නිදහසේ අසුන් ගැනීමට පුටු තබා ඇත. බත් තම්බන හැටි, ලූනු කපන හැටි, කොස්‌ ලියන හැටි, කරවල උයන හැටි, ආදිය සියල්ල නරඹමින් අල්ලාප සල්ලාපයේ යෙදෙමින් සිට මද වේලාවකින් කෑම පිඟාන ළඟටම ආ පසු එය වැඳ තුති දී පිටව යාමට ඔවුන්ට අවසර ඇත. සමහර වීඅයිපී කලාප වල රහමෙරද නැත්තේ නොවේ. 

බොරැල්ල කනත්ත හන්දියේ කිතුල්වත්ත බත් දන්සල මරදානේ ලොකට්‌ පාරේ බත් දන්සල කිරුළපන නාගස්‌වත්ත හෙවත් කුනුමෝලේ දන්සල මහරගම කාන්ති කොඩිකාරලාගේ සුපර් මාකට්‌ දන්සල මා වෙසක්‌ දිනට අනිවාර්යයෙන්ම ඔලුව ඔබන දන්සල් කීපයකි.

දන්සල් දෙනවා කියා සම්මාදම් එකතු කර ඉන් ලැබෙන විශාල මුදලින් ඉතා කුඩා කොටසක්‌ පමණක්‌ යොදා කලුකෝපි දන්සලක්‌ දෙන එසේත් නැත්නම් කිසිම දෙයක්‌ නොදෙන හොර දන්සැල් කාරයෝ අදත් එදත් අනන්තවත් සිටිති. මෙසේ කරන්නේ පාහරයෝය, ජඩයෝය, නැත්නම් හොර තක්‌කඩියෝය.

අපද තරුණ කාලයේ දන්සල් වඳින්ට හරිම රුසියෝව සිටියෙමු. නමුත් කිසිදාක පෝලිමේ යන්නේ නැත. වඳින්නට අවශ්‍ය දන්සල වෙත ලංව එය අසල බිම වැටී ඇති පොලු කෑල්ලක්‌ සොයාගෙන එය වන වනා පෝලිම වෙත ගොස්‌ අපත් සංවිධායකයෙක්‌ ලෙස පෝලිමේ අයට හැඟෙන්නට සලස්‌වා පෝලිම ක්‍රමවත්ව පිළිවෙලකට හදා දොර ලඟ ඉන්නා සංවිධායකයන්ගේ ඇස්‌ වසා "ෂව්" එකෙන්ම ඇතුළට රිංගීම අපේ ක්‍රමවේදයයි (ෂව් එකෙන් යනවා යනු රගර් ක්‍රීඩාවේ එන තල්ලුවෙන් පොකුරට ඉදිරියට යාමයි) පෝලිම තුළ බොරු රණ්‌ඩුවක්‌ හෝ කලබැගැනියක්‌ මවා ඔවුන්ගේ ඇස්‌ ඒ වෙතට යොමුකර ඒ ඇසිල්ලේ ඇතුළට රිංගන අවස්‌ථා ගැනද මට මතකය. එසේ කරන්නට ගොස්‌ අසුවී අපේ පැපිලියානෙ ඉන්දික දිලුම් දහනායක ගිමන්ත චූලා වැනි සගයන්ව සංවිධායකයන් විසින් බෙල්ලෙන් අල්ලා එළියට තල්ලු කළ අවස්‌ථාවක්‌ ගැනද මට මතකය.

මහා බත් සහ කෑම දන්සැල් අතර අපුරු අමුතු අරුම පුදුම දන්සැල්ද මම දැක ඇත්තෙමි. වරක්‌ හෝමාගම පැත්තේ කොමියුනිකේෂන් හිමියෙක්‌ එහි එන සෑම අයෙකුටම පැය දෙකක්‌ තුළ රුපියල් 10 ගානේ රීලෝඩ් එකක්‌ දන් දුන්නේය. පාදුක්‌ක පැත්තේ කුඩා කඩ හිමියෙක්‌ ලාම්පුතෙල් බාගය බැගින් ඒ අවශ්‍ය කෙනෙකුට පිනට දුන්නේය. වරක්‌ දෙකක්‌ වැලිකඩ හිරගෙදර රැඳවියෝ තම දිවා ආහාරය නොගෙන එම ඉතිරිවන මුදලින් වැලිකඩ හිරගෙදර තොරණ අසලදී බත් දන්සලක්‌ පැවැත්විය. බොහෝ කලකට පෙර මරදානේ මොහිදින් මස්‌ජිඩ් පාරේ මහා පරිමානයෙන් හෙරොයින් වික්‌ක මම්මනි නානා සහ මොහොමඩ් වෙසක්‌ දා හවස්‌ වරුවේ කුඩු පැකට්‌ දන්සලක්‌ පැවැත්වීය. එකල හෙරොයින් බොහෝම ලාභ නිසා රුපියල් දහයේ පැකැට්‌ටුවක්‌ සහ තෝරා බීඩි දෙකක්‌ එක්‌ මත්ලෝලියෙක්‌ වෙත නිකුත් කෙරුණි. කුඩ්ඩන් නැවත නැවත එන බව දන්නා නිසා මම්මනි කුඩු පැකට්‌ එක දෙන ගමන් කුඩ්ඩාගේ අතේ පොඩි ඇඟිල්ලේ ඡන්දෙ දෙනකොට ගාන අයුරින් යම් තීන්ත වර්ගයක්‌ ආලේප කළේය. මොවුන් දුන් දානයේ ආනිසංසයෙන් දෝ කොහෙද ඊට සති කීපයකට පසු මොහොමඩ් සතුරු පිස්‌තෝල උණ්‌ඩයක්‌ ලය පසාරු කර යැම නිසා ලේ විලක්‌ මැද වැටී මියගියේය. මම්මනි ඇඩ්ඩ්‍රස්‌ නොමැතිව අන්තරස්‌දාන විය.

වෙසක්‌ දාක රාත්‍රියේ හමුදාවෙ කොල්ලන් කණ්‌ඩායමක්‌ උතුරේ සිට නිවාඩුවට දකුණට යනු පිණිස ගාල්ලට පැමිණි කල කොළඹ සිට ගාල්ලට පැමිණ සිටි ගණිකාවක්‌ මුණ ගැසී ඇය කැමති කරවාගෙන කොටු පවුරේ අඳුරු තැනකට රැගෙන ගොස්‌ පෝලිං ක්‍රමයට පැය ගණනක්‌ ඇගේ සේවය ලබා ගෙන ගාස්‌තුව වශයෙන් සත පහක්‌ වත් නොදී "දන්සලක්‌ දුන්නයි කියල හිතාගනිං බං" කියා ඇයව නිරුවතේ අඳුරේම තනිකර ආ කතා පුවත මට පැවසුවේ එම රාගයේ කාම දන්සල අන්තිමට වැන්ද සරා නම් සාමාජිකයායි. ඔහු මට මෙසේද කීවේය. "බොස්‌ ඕකි මටයි මගේ යාලුවටයි ගිය අවුරුද්දෙත් සෙට්‌ උනා කොළඹදී... එදා ඒකී අපව පිටකොටුවෙ හරස්‌ වීදියකට එක්‌කන් ගිහිල්ල තව කරෙක්‌ දම්මල පිහියක්‌ පෙන්නල සුද්දෙ දැම්මා මාලෙයි මුද්දයිත් ගලෝ ගත්ත. අද මට එයාව අහම්බෙන් සෙට්‌ උනේ. එදා කරපු කැත වැඩේට තමයි මං අද අපේ උන්ට එයාගෙන් දන්සලක්‌ දැම්මෙ"

බත් දන්සල් විවෘත කිරීමට ආරාධනා කරන්නේ සාමාන්‍යයෙන් ගමේ ප්‍රභූවරයෙකුට හෝ මුදල් හදල් ඇති ධනවතෙකුටය. නැත්නම් ලෝභ නැති දේශපාලනඥයෙකුටය ඒ ලොකු ඇන්ලොප් එකක්‌ ලබා ගැනීමේ සුපිරිසිදු චේතනාවෙනි. පොල්තෙල් පහන පත්තු කිරීම, බත බෙදීම, මුලින්ම ඉඳුල් කිරීම, කතාවක්‌ පැවැත්වීම ආදී විවිධ අංග ඇතුළත් නිසා ඒ ඒ දේ කරන අමුත්තා මුදල් කවර වෙන වෙනම දෙනු ලබයි. සමහරුන්ට මෙසේ දන්සල් දීම වාර්ෂිකව කරන මාස කීපයක්‌ නිකම් සිටිය හැකි ආදායම් මාර්ගයකි.

රජයේ ආයතන විසින්ද දන්සල් දීමට දැන් කැමැත්තක්‌ දක්‌වයි. එසේ වන්නේ එහි ප්‍රධානියා සමාජය ඇසුරු කරන දනට පිනට හිතැති සුහද අයෙක්‌ වුනොත් පමණි. නැත්නම් වන්නේ ඕවා බොරු වැඩ අපරාදෙ සල්ලි කියා වැඩේට උදැල්ල දැමීමයි.

අපේ රටේ රාජ්‍ය මණ්‌ඩලයක සභාපති කෙනෙකුටද ළඟ එන වෙසක්‌ එකට දන්සලක්‌ දීමේ අපූරු සිතුවිල්ලක්‌ පහල වී එය ක්‍රියාවට නගන්නට සූදානම්ව සිටී. ඒ මත්ද්‍රව්‍ය නිවාරණ සහ පුනරුත්තාපන ක්‍ෂේත්‍රයේ මහගෙදර යන විරුදාවලිය ලත් අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්‌ඩලයේ සභාපතිවරයාටයි. මානව හිතවාදි දක්‌ෂ තරුණ දොස්‌තරවරයෙක්‌ වන නිලංග සමරසිංහ නම් හේ තම දන්සල දෙන්නට තෝරා ගන්නේ වැලිකඩ බන්ධනාගාරයයි. මණ්‌ඩලයේ සේවය කරන සුවිශේෂී කණ්‌ඩායමක සහ මා සතුවද ඇති සුවිශේෂී දෙයක්‌ වැලිකඩ සිරකරුවන්ට දානය කරන්නට එක්‌වන ලෙස ඔහු මටද ඇරයුම් කළේය. ඒ වෙන කිසිවක්‌ නොව අප සතුව ඇති ඇහුම්කන් දීම දයාව සහවේදනය (eපච්එයහ) ගැටලු තේරුම් ගැනීම ඒවාට පිළියම් සහ විකල්ප පෙන්වාදීම වැනි කරුණු ඇතුළත් (ජදමබිeකසබට) උපදේශන සේවා ලබා දීමයි. එමනිසා මෙවර වෙසක්‌ එකට අපි වැලිකඩ බන්ධනාගාරයේ මත්ද්‍රව්‍ය ආශ්‍රිත වැරදි නිසා සිරගතව සිටින රැඳවියන් පන්සීයක්‌ වෙනුවෙන් මහා කවුන්සලිං දන්සලක්‌ පවත්වන්නෙමු. මණ්‌ඩලයේ පර්යේෂණ පිළිබඳ සහකාර අධ්‍යක්‍ෂිකා භද්‍රානි මහත්මියත් ඇගේ ලේකම් භාග්‍යා මෙනවියත් බාහිර සේවා පිළිබඳ සහකාර අධ්‍යක්‍ෂ සඳුන් මහතාත් දැනටමත් මෙහි කටයුතු සැලසුම් කර ඇත. බත්, පාන්, කඩල, නුඩ්ල්ස්‌ වලම ඇලී නොසිට දොස්‌තර නිලංගට මෙන් සිතී අප රටේ වෙසෙන යමක්‌ අලුතින් සිතන්නට හැකි අන් අයත් මෙවැනි දේවල් වලට අත පොවනවා නම් බුදු රදුන් ඉපිද බුදුවී පිරිනිවන් පෑ මේ වෙසක්‌ තෙමඟුල වඩාත් අර්ථවත් ලෙස සැමරිය හැකි බව මගේ අදහසයි.

මිත්‍ර ශ්‍රී කරුණානායක
http://www.divaina.com/2015/05/03/feature03.html

බුදු දහමේ තිබෙන නිදහස අද බෞද්ධයාගේ පරිහානියට හේතුවෙලා - කොටුගොඩ ධම්මාවාස අනුනාහිමි

අද අපේ රටේ විශාල බෞද්ධ ප්‍රබෝධයක්‌ ඇතිවී තිබුණත්, පන්සල් යන, බුදුරජාණන් වහන්සේ වන්දනා කරන විශාල පිරිසක්‌ සිටියත් ගුණදහම් පිරිහුණු මනුස්‌සකම් ගිලිහුණු සමාජයක්‌ රට තුළ නිර්මාණය වී තිබෙනවා. පසුගිය අලුත් අවුරුදු සමය ඇරඹුණේත් දරුවන් අතින් දෙමාපියන් කිහිප දෙනෙක්‌ම ඝාතනය වෙමිනුයි. ශීඝ්‍රයෙන් දියුණු වන රටක්‌ ලෙස ශ්‍රී ලංකාව ලෝකයේ අවධානයට ලක්‌වී ඇති යුගයක සමාජය තුළ අද ඇතිවී තිබෙන මෙම බිඳවැටීම පිළිබඳ මහෝපාධ්‍යාය, අග්ගමහා පණ්‌ඩිත අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස අනුනායක ස්‌වාමීන්ද්‍රයන් වහන්සේ සමග දිවයින ඉරිදා සංග්‍රහය පැවැත්වූ සාකච්ඡාවකි මේ.

අද අපේ රට ශීඝ්‍රයෙන් දියුණු වෙමින් පැවතුණත් සමාජය වේගයෙන් පරිහානියට පත්වෙමින් තිබෙන බව සමාජ විද්‍යාඥයින්ගේත් අවධානයට ලක්‌ව ඇති කාරණයක්‌. වර්තමාන සමාජය තුළ සෑම ආකාරයකින්ම ඇතිවී තිබෙන මේ බිඳවැටීම පිළිබඳව ඔබවහන්සේගේ අදහස දැනගැනීමට කැමතියි. 

වර්තමාන සමාජය තුළ මෙබඳු තත්ත්වයක්‌ ඇතිවීමට හේතු කිහිපයක්‌ තිබෙනවා. අද තිබෙන්නේ විද්‍යාත්මක අතින් විශාල දියුණුවක්‌ ලබා ඇති සමාජයක්‌. එය අසීමිත යෑයි කිව්වත් එහි වරදක්‌ නෑ. මේ නිසා සමාජ සම්බන්ධතා ශීඝ්‍රයෙන් වැඩිවී තිබෙනවා. සමාජ සම්බන්ධතා ඇතිකර ගන්නා මාර්ගත් වැඩියි. අද මේ ඇති වී තිබෙන විද්‍යාත්මක දියුණුව අපේ සමාජයට ඔරොත්තු නොදෙන මට්‌ටමකට පත් වී ඇති බවයි මගේ අදහස. විද්‍යාත්මක දියුණුවෙන් පමණක්‌ රටක සමාජයක්‌ හරි මග යන්නේ නෑ. ඊට සමගාමීව ගුණ දහම් වර්ධනයත් සිදුවිය යුතුයි. විද්‍යාත්මක අතින් අති නවීන පරිගණකයකට වුවත් විෂබීජයක්‌ ඇතුල් වුණොත් ඒ පරිගණකය විනාශ වෙන්න පුළුවන්. ඒ විනාශය වළක්‌වන්න ආරක්‌ෂක ක්‍රමවේදයකුත් මේ නවීන තාක්‌ෂණය තුළින්ම නිෂ්පාදනය කරල තියෙනව. නමුත් ඒ වයිරස්‌ ගාඩ්එක වුණත් යාවත්කාලීන නොකළොත් විෂබීජවලින් පරිගණකයට ආරක්‌ෂාවක්‌ ලැබෙන්නේ නෑ. අන්න ඒ වගේ ගුණදහමුත් නැවත නැවත වර්ධනය කරගත්තෙ නැත්නම් කොතරම් විද්‍යාත්මක දියුණුවක්‌ සහිත සමාජයක්‌ වුණත් පරිහානියට පත්වීම වළක්‌වන්න බෑ.

අද අපේ රටේ විතරක්‌ නෙමෙයි මුළු ලෝකෙම තරුණ තරුණියො වැඩිදෙනාගෙ බලාපොරොත්තුව මේ පරිගණක තාක්‌ෂණය ඔස්‌සේ අලූත් ලෝකයට පිවිසෙන්නයි. නමුත් පරිගණකය නිසා සමාජ සම්බන්ධතා වැඩිවෙනවා වගේම පවුලක්‌ හැටියට දෙමව්පිය දූදරු සම්බන්ධතාවන්හි විශාල බිඳවැටීමකුත් ඇතිවෙලා තිබෙනවා. පරිගණකය තුළින් මුළු ලෝකයත් සමග සබඳතා ඇති කරගත්තත් අද බොහෝ දූ දරුවන් පොතපතින් ගුණදහමින් ඈත් වුණු විශාල හුදකලාවකට පත්වෙලා සිටිනවා.

අනිත් කාරණය අපරාධ පිළිබඳ වර්තමානයේ විද්යුත් හා මුද්‍රිත මාධ්‍ය ලබාදෙන ප්‍රචාරය. අලූත් දේ ජනමාධ්‍යයට අවශ්‍ය බව ඇත්ත. තම තමන්ගේ මාධ්‍ය ආයතන වෙත වඩාත් වැඩි ජනතා ආකර්ෂණයක්‌ ඇතිකරගැනීමට ප්‍රවෘත්ති නොයෙක්‌ ආකාරයට ඉදිරිපත් කිරීමට අද ජනමාධ්‍ය කටයුතු කරමින් සිටිනවා. රටේ සිදුවූ අපරාධයක්‌ පිළිබඳ එය සිදුවූ ආකාරය නිරූපණය කරමින් නොයෙක්‌ ආකාරයෙන් මේවාට ලබාදෙන ප්‍රචාරයත් අපරාධ වැඩිවීමට හේතුවක්‌ වෙලා තිබෙනවා. අපරාධ පිළිබඳ ජනමාධ්‍ය තුළින් අද ලබාදෙන ප්‍රචාරය නිසාම ජනප්‍රිය වීමේ බලාපොරොත්තුවෙන් අපරාධවලට පෙළඹෙන අයත් සමාජය තුළ ඉන්නව. ලක්‌ෂ ගණනක්‌ වියදම් කරල කරන හොඳ වැඩකට නොලැබෙන ප්‍රචාරයක්‌ සෑහෙන තරමේ අපරාධයක්‌ කළහම ලබාගත හැකි විදිහේ තත්ත්වයක්‌ අද නිර්මාණය වෙලා තිබෙනවා. රටේ අපරාධ වැඩිවීමට මේකත් එක හේතුවක්‌.

බොහෝ අපරාධවලට හේතුවන මත්පැන් භාවිතය වැනි දේවල්වලට වර්තමාන සමාජය තුළ ඇති පිළිගැනීමත් අපරාධ වැඩිවීමට එක හේතුවක්‌. මීට දශක දෙක තුනකට පෙර මත්පැන් පානය කරන්නෙකුට සමාජය තුළ හිමිවූ පිළිකුළ වෙනුවට අද යම් ආකාරයක පිළිගැනීමක්‌ ඔහුට හිමිවෙලා තිබෙනවා. පස්‌පව් පිළිකෙව් කරමින් අද දේශනා කරන බණ සාම්ප්‍රදායික සිරිතක්‌ බවට පත්වෙලා. මියගිය පුද්ගලයකු වෙනුවෙන් පවත්වන ධර්මදේශනාවකදී වුණත් ඊට සවන් දෙන පිරිසට වඩා වැඩි පිරිසක්‌ බොහොම උෙද්‍යාගයෙන් සහභාගි වෙන්නෙ ඒ ස්‌ථානයේ පැත්තක සිදුවෙන සූදුවකට හෝ මත්පැන් පානයටයි. මෙය ඉතාමත් කණගාටුදායක තත්ත්වයක්‌. වර්තමාන සමාජය තුළ සිදුවෙමින් පවතින බිඳවැටීමයි මෙයින් පෙනෙන්නේ. 

ලෝකයේ නිර්මල බුදුදහම පවතින රටවල් අතර අපේ රට ප්‍රධාන රටක්‌. නමුත් අපේ රට අද දේශපාලනික, ආර්ථික හා සමාජීය අතින් අර්බුද රැසකට මැදිවෙලයි තිබෙන්නෙ.

අද අපේ රටේ මේ තිබෙන අර්බුද වැඩිදියුණු වෙන්න අද බුදුදහමත් එක හේතුවක්‌ වෙලා තිබෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ නිදහස්‌ දහමක්‌. උන්වහන්සේ දෙසූ ධර්මය තුළ තිබෙන ඒ නිදහස අද ප්‍රමාණය ඉක්‌මවා පාවිච්චි කරනවා. මුස්‌ලිම් හෝ ක්‍රිස්‌තියානි ආගම් දෙස බලන්න. ඒවායේ නීති තදයි. නමුත් බුදුරජාණන් වහන්සේ දෙසූ දහමේ කැමති නම් පිළිගන්න අකැමැති නම් නොපිළිගැනීමේ නිදහස තිබෙනවා. බුදුදහම තුළ තිබෙන මේ නිදහස අවිචාරවත්ව යොදාගැනීම නිසා අද බෞද්ධයන් අගාධයක්‌ වෙත ගමන් කරමින් සිටිනවා. ගිහි පිරිස පමණක්‌ නොවෙයි අද ඇතැම් භික්‌ෂූන් වහන්සේ පවා බුදුදහම තුළ තිබෙන නිදහස අවබෝධ කරගෙන තිබෙන්නේ වැරදි ආකාරයටයි. බුදුදහමේ ඇති නිදහස නිසාම වංචනික පුද්ගලයින් ශාසනයට ඇතුල් වෙලා නොයෙක්‌ විෂමාචාර කරමින් ශාසනයට විශාල හානියක්‌ සිදුකරන බවක්‌ පෙනෙන්නට තිබෙනවා. එමනිසා මේ තත්ත්වය වළක්‌වා ගැනීමට කිසියම් නීති පද්ධතියක්‌ ස්‌ථාපිත කිරීමේ අවශ්‍යතාවක්‌ අද ඇතිවී තිබෙනවා.

භික්‌ෂු සමාජය තුළ හෝ විනය පවත්වාගැනීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ගයක්‌ ගතයුතු බවද ඔබවහන්සේ අදහස්‌ කරන්නේ?

නීතියක්‌ තිබෙන්නට ඕන. නමුත් එය ක්‍රියාත්මක නොවෙන්නේ එබඳු නීතිරීති ක්‍රියාත්මක කිරීමට දේශපාලනික වශයෙන් පවතින අකැමැත්ත නිසයි. දේශපාලනය පක්‌ෂ ගණනාවක්‌ සමග ඉදිරියට යන දෙයක්‌. හැම පක්‌ෂයකටම තම තමන්ගේ වැඩකටයුතු කරගන්න නොයෙක්‌ විදිහේ අනවශ්‍ය ගති පැවතුම් ඇති චීවරධාරීන් යොදාගන්න පුළුවන් වෙන්නෙ මේ නීතිරීති නොතිබුණොත් විතරයි. භික්‌ෂු විනය සම්බන්ධයෙන් අද ඉදිරිපත් වී ඇති යෝජනා හා කතිකාවත් හරියට ක්‍රියාත්මක කළොත් පක්‌ෂ වෙනුවෙන් කෝලාහල කරන්න, පෙළපාලි යන්න කහ සිවුරක්‌ හොයාගන්න බැරිවෙනවා. මේනිසා අපේ රටේ කිසිම දේශපාලන පක්‌ෂයක්‌ කතිකාවත් ආදී ඇති මේ පිළිවෙත් හරහා පෙරපරිදි සංවරශීලී සංඝ සමාජයක්‌ ඇතිවනු දැකීමට කැමති නෑ. එමනිසා මේ අණපනත් ගෙන ඒම කල්දමමින් එහි වරදත් භික්‌ෂූන් වහන්සේ පිටම පටවමින් ඇඟ බේරා ගැනීමයි සිදුවෙන්නේ.

භික්‌ෂුණී ශාසනයක්‌ නැවත අපේ රටේ ඇති කිරීම සම්බන්ධයෙනුත් අපේ සමාජය තුළ කතිකාවක්‌ ඇතිවී තිබෙනවා.

භික්‌ෂුණී ශාසනයක්‌ ඇති කිරීම බොහෝම හොඳයි. අපිත් කැමතියි. භික්‌ෂුණී ශාසනය නැතිවෙලා අපේ රටේ අවුරුදු දහස්‌ ගණනක්‌ ගතවුණා. දැන් මේ පෘථග්ජන භික්‌ෂූන් වහන්සේලා කිහිප දෙනෙක්‌ යළි භික්‌ෂුණී ශාසනය ඇති කිරීමට උත්සාහ දැරුවට නම් හරියන්නේ නෑ. එය ක්‍රමයකට එන්න ඕන. බුදුරජාණන් වහන්සේගේ කාලයේ වගේ කටයුතු කරන්න අද පුළුවන්කමක්‌ නෑ. එක්‌තරා කාලයකදී භික්‌ෂු පරම්පරාව නැතිවුණා යෑයි සිතමු. එවිට භික්‌ෂුණීන්ගෙන් උපසම්පදා භාවය ලබන්න බැරි නිසා අපටත් සිදුවන්නේ සාමණේරවරුන් වශයෙන් සිටින්නයි. යථාර්ථය එයයි. වර්තමානයේ භික්‌ෂූන් වහන්සේට කළ නොහැකි තරම් සේවයක්‌ භික්‌ෂූණීන් වහන්සේලා වශයෙන් කාන්තා පක්‌ෂයට කරන්න පුළුවන්. නමුත් මෙහෙණි සස්‌නක්‌ ඇති කරනවා කියන එක ඉතාමත් ගැඹුරු විනය කාරණාවක්‌ නිසා ඒ කාරණාවට අතගහන්න අපි බයෙන් ඉන්නෙ. බුද්ධ ශාසනයේ නැතිවන්නේ බුද්ධ ශාසනය තුළම ඇතිවන විනයවාදී නොවන සංඝයා නිසා බව බුදුරජාණන් වහන්සේ එක්‌තරා අවස්‌ථාවකදී බුද්ධ ශාසනයේ අනාගතය පිළිබඳ කරන ලද දේශනාවකදී සඳහන් කර තිබෙනවා. අද අපේ බුද්ධ ශාසනය ඒ තත්ත්වයට පත්වෙමින් තිබෙන බවයි පෙනෙන්නට තිබෙන්නේ. 

මහෝපාධ්‍යාය, අග්ගමහා පණ්‌ඩිත අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස අනුනායක ස්‌වාමීන්ද්‍රයන් වහන්සේ
ඡායාරූපය ධර්මසේන වැලිපිටිය - සාකච්ඡා කළේ පාලිත සේනානායක
http://www.divaina.com/2015/05/03/feature12.html

අබුද්ධෝත්පාද කාලයන්ගේ කටුකබව ගැන සිතා මේ තෙමඟුල අර්ථවත්කරගන්න! මහරහතුන් වැඩි මග ඔස්‌සේ...

පිංවත් මහත්මයෙක්‌ භික්‍ෂුවගෙන් ප්‍රශ්නයක්‌ විමසුවා. සද්ධාවේ සහ අමූලිකා සද්ධවේ වෙනස කුමක්‌ද කියලා. එම ප්‍රශ්නයට බොහෝම සරළව පිළිතුරක්‌ දෙනවා නම් මෙහෙමයි. යම් පිංවතෙක්‌ ඇවිත් භික්‍ෂුවට දානයක්‌ පූජා කරනවා. ඔහු දානය සතුටු සිතින් පූජා කරලා, පිං අනුමෝදන් වෙලා සතුටු සිතින් නිවසට යනවා. අතරමගදී ඔහුගේ හිතවතෙක්‌ මුණගැහිලා ඔහුගෙන් අහනවා ඔබ කොහේද ගියේ කියලා. එවිට දානය පූජා කළ පිංවතා කියනවා, මම අසවල් ස්‌වාමීන්වහන්සේට දානයක්‌ පූජාකරගන්න ගියාය කියලා. එවිට එම හිතවතා කියනවා 'අපෝ ඇයි ඒ හාමුදුරුවන්ට දන්දුන්නේ, ඒ හාමුදුරුවො දුශ්ශීලයි. බොරු කියනවා' කියලා. තම හිතවතාගේ කථාව අහලා දන් පූජාකරගත් පිංවතා දානය නිසා ඇතිකරගත් චිත්ත ප්‍රීතිය නැතිකොටගෙන ස්‌වාමීන්වහන්සේ කෙරෙහි සැකයක්‌ ඇතිකොටගන්නවා. මොකක්‌ද මෙතැනදි සිද්ධවුනේ. අනුන්ගේ කථාවක්‌ අහලා ඔහු වෙනස්‌වුනා. මෙය අමූලිකා ශ්‍රද්ධාවේ ලක්‍ෂණයක්‌. 

තවත් පිංවත් මහත්මයෙක්‌ සිටිනවා. ඔහුත් භික්‍ෂුවට දානයක්‌ පූජාකරලා පිං අනුමෝදන්වෙලා සතුටු සිතින් නිවසට යනවා. අතරමගදී ඔහුගේ හිතවතෙක්‌ මුණගැසිලා අහනවා ඔබ කොහේද ගියේ කියලා. එවිට එම පිංවතා කියනවා මම අහවල් ස්‌වාමීන්වහන්සේට දානයක්‌ පූජාකරන්න ගියාය කියලා. එවිට ඒ මිත්‍රයා කියනවා 'අපෝ ඒ හාමුදුරුවන්ට දන්දීලා වැඩක්‌ නැහැ, ඒ හාමුදුරුවෝ දුශ්ශීලයි. බොරු කියනවා කියලා. තම හිතවතාගේ මේ කථාව අහලා දන්පූජා කළ පිංවතා කියනවා 'ස්‌වාමීන්වහන්සේ දුශ්ශීල වුවත්, බොරුකීවත් මට වැඩක්‌ නැහැ. මම උතුම් මහා සංඝරත්නය අරමුණුකොටයි, ස්‌වාමීන්වහන්සේට දන්පූජා කළේ ' කියලා. තම හිතවතාගේ නොමනා කථාව අහලා ඔහු වෙනස්‌වුනේ නැහැ. උතුම් සංඝයා කියන අර්ථය තුළ සිටිමින්, තම කුසල්සිත තව තව වර්ධනය කරගත්තා. අනුන් කීවාය කියලා, පතක පොතක තිබුණාය කියලා, ඔහු තෙරුවන් කෙරෙහි ඇතිකරගත් විශ්වාසය දුර්වල කරගත්තේ නැහැ. එය උතුම් සද්ධාවේ ලක්‍ෂණයක්‌ වෙනවා. නිරතුරුවම අනුන් නිසා, තන්හා මාන දිට්‌ඨි නිසා වෙනස්‌වෙන අමූලිකා සද්ධාවත්, විශ්වාසයේ අවබෝධයෙන් සරණගිය උතුම් සද්ධාවත්, අමූලිකා සද්ධාවෙන්, උතුම් සද්ධාවෙන් සකස්‌වෙන කුසල් සහ අකුසල් සංස්‌කාරයන්ගේ අනිත්‍යභාවය අවබෝධයෙන් ඇතිකොටගන්නා අචල ශ්‍රද්ධාවත් මූලිකම ලක්‍ෂණයන් වෙනවා.

තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවේ අර්ථය මුල්කොටගත් ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ අර්ථය ලෝක සත්වයාට දේශනාකොට වදාල, ලොව්තුරා බුදුරජාණන්වහන්සේගේ උපත, සම්මා සම්බුද්ධත්වයට පත්වීම, පිරිණිවීම යන තෙමගුල සිදුවූ තවත් වෙසක්‌ පුර පසලොස්‌වක පොහොය දිනයක්‌ අද හෙටම උදාවෙනවා. 

භික්‍ෂුව මේ සටහන තබන රාත්‍රියේ පරිසරය වෙලාගෙන පවතින අඩ අඳුර, ලොවම සඳරැසින් බබලවන්නට මෝදුවන වෙසක්‌ සඳ, අඳුරු වලාවකට මැදිව ඇතිබවක්‌ භික්‍ෂුවට හැඟී යනවා. සම්මා සම්බුද්ධ ශාසනය ගැන සටහන් තබනකොට, භික්‍ෂුවට මතක්‌වෙන්නේ අබුද්ධෝත්පාද කාලයක අඳුරු අර්ථය මොනතරම් කටුකද කියන කාරණයයි. කාශ්‍යප බුදුරජාණන්වහන්සේගේ ශාසනය අතුරුදන්වගොස්‌ අවුරුදු ලක්‍ෂ දහයකට වැඩි දීර්ඝ අබුද්ධෝත්පාද කාලය අවසන් කරලයි, ගෞතම බුදුරජාණන්වහන්සේගේ පහළවීම සිද්ධවෙන්නේ. උතුම් ශ්‍රී සද්ධර්මයෙන් උපන් සමාජමය සංසිදීම තුළ, සම්බුද්ධ ශාසනයේ රැකවරණය තුළින් උපන්, ගුණාත්මකභාවයන්ගේ සරණින් පිංවත් ඔබට අබුද්ධොත්පාද කාලයන්හී කටුක බව නොදැනී ගිහින් තිබෙන්නේ....

එමනිසා පිංවත් ඔබ මේ උතුම් වෙසක්‌ පොහොය දිනයේ, විෂම අබුද්ධොත්පාද කාලයන්හී කටුක දුක, අකුසල්ම උපදවන මිත්‍යාදෘශ්ඨීන් ගැන නුවනින් මෙනෙහි කරන්න. දීර්ඝ අබුද්ධෝත්පාද කාලයන්හී මිච්ජා ශාස්‌තෘවරු දේශනා කරන මිච්ජා මාර්ගයන් මොනතරම් අධර්මයක්‌ද. ලෝකය මැව්වේ මහා බ්‍රහ්මයාය, ඊශ්වර දෙවියා යෑයි කියා ගිනිපූජා පවත්වමින්, සතුන්ගේ බෙලිකපා යාග හෝම පුද පූජා කරමින්, ගස්‌,ගල්, ඉර, හඳ, තාරකා වන්දනා කරමින්, යකුන් යක්‍ෂණියන්, අමනුෂ්‍යයන් පුදමින්, වන්දනාකරමින්, ගෝ වෘත, සුනඛ වෘත රකිමින්, විමුක්‌තිය සෙවූ මිච්ජා ශ්‍රාවකයින් ධර්මයේ නාමයෙන් සතර අපායන්ට ගාල්කරවන දීර්ඝ අබුද්ධෝත්පාදකාලයන්හී මිච්ජා ශාස්‌තෘවරුන්ගේ, මිච්ජා ධර්මයන්ගේ, මිච්ජා ශ්‍රාවකයින්ගේ මෝහ මූලික ධර්මතාවයන් නුවනින් දකින්න. පිංවත් ඔබත් මමත් මෙවැනි දීර්ඝ අබුද්ධොත්පාද කාලයන්හී උපතලබා, මෙවැනි මිත්‍යදෘශ්ඨීන්ගේ වහලුන් බවට පත්වී සිටි සැටි මෙනෙහි කරන්න. බුද්ධොත්පාද කාලයන් තුළත් දේවදත්ත, කෝකාලිත වැනි මිච්ජා ශ්‍රාවකයන් නිසා අවීචි මහා නිරයන්ට වැටුණු අජාසත්ත රජතුමන් ඇතුළු අවාසනාවන්තයින් කොතෙක්‌ සිටින්නට ඇතිද? 

බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා, අබුද්ධෝත්පාද කාලයන්හී සතර අපායන් පිරී ඉතිරීයනවාය කියලා. සතර අපායන් පිරී ඉතිරී යනකොට දිව්‍යථල වල දිව්‍ය විමාන පාළුවී යනවාය කියලා බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා. අබුද්ධෝත්පාද කාලවල පාළුවට යන දිව්‍ය විමාන නැවත පිරී ඉතිරී යන්නේ සම්මා සම්බුද්ධ ශාසනයක්‌ ඇතිවීමත් සමගමයි. අබුද්ධොත්පාද කාලයක විශම චර්යාධර්මයන් සමග ගනිද්දී බුද්ධෝත්පාද කාලයක්‌ යනු මොනතරම් අසිරිමත් දෙයක්‌ද. දුක හඳුනාගෙන, දුක යටපත්කොටගෙන, සැපය මතුකොටගනිමින්, අවසානයේ දුකත් සැපත් දෙකේම අනිත්‍යභාවය දකිමින් ලෝකයෙන් නිවීයන ධර්ම මාර්ගය මොනතරම් අර්ථවත්ද. මේ උතුම් ධර්ම මාර්ගයට පිංවත් ඔබට පිවිසීමට අවශ්‍යනම් ඔබ අනිවාර්යයෙන්ම බුදුරජාණන්වහන්සේව හඳුනාගන්න ඕනේ. ධර්ම රත්නය, සංඝරත්නය හඳුනාගන්න ඕනේ. දකින්න ඕනේ. තුනුරුවන් දැකිය හැක්‌කේ උතුම් සම්මා දිට්‌ඨියේ අර්ථයන් ර්විතයට එකතුකොටගැනීමෙන් පමණමයි. පිංවත් ඔබ කොතෙක්‌ බුදුරජාණන්වහන්සේගේ පිලිම වහන්සේලා දැක්‌කත්, ඔබ කොතෙක්‌ බුදුරජාණන්වහන්සේ දේශනාකළ සද්ධර්මය ශ්‍රවණය කළත් පිංවත් ඔබ උතුම් සම්මා දිට්‌ඨියේ අර්ථයන් ජීවිතයට එකතුකොට නොගත් පිංවතෙක්‌ නම් ඔබ සැබවින්ම බුදුරජාණන්වහන්සේ නොදැක්‌ක කෙනෙක්‌ බවටයි පත්වෙන්නේ. උතුම් සම්මා දිට්‌ඨියේ අර්ථයන් තුළින් පමණක්‌මයි පිංවත් ඔබට තෙරුවන් හඳුනාගන්න, දකින්න, පුළුවන්කම ලැබෙන්නේ. උතුම් සම්මාදිට්‌ඨියේ අර්ථයන්ගෙන් ගිළිහුණු ලෝකය මිථ්‍යදෘශ්ඨියේ ග්‍රහණයටයි යොමුවෙන්නේ. 

මිහිඳු මහරහතන්වහන්සේ මේ පිංවත් දේශයට උතුම් සද්ධර්මය දායාදකොට දීමෙන් අනතුරුව අතීතයේ ජීවත්වූ පාලකයන්ගේ සහ ජනතාවගේ සම්මා දිට්‌ඨියේ අර්ථයන්ගේ දුර්වලභාවයන් නිසාම, රාජ්‍ය අනුග්‍රහයක්‌ අර්ථවත්ව උතුම් සම්මාසම්බුද්ධ ශාසනයට නොලැබීම නිසාම, භික්‍ෂූන්වහන්සේලාගේ උතුම් උපසම්පදාව දුර්වලවී ශාසනය අතුරුදන් වීම අතීතයේ අවස්‌ථා කිහිපයකදීම මේ පිංවත් දේශය තුළ සිදුව තිබෙනවා. සම්මා දිට්‌ඨියේ දුර්වලභාවයන් නිසාම ඇතිවන හේතුඵල ධර්මයන් නිසා මෙවැනි ශාසනික අර්ථයන්ගේ අතුරුදන්වීම් සිදුවූවත්, උතුම් ශාසනික අර්ථයන් ආරක්‍ෂාකරන සම්‍යදෘශ්ඨික දෙවිවරුන්ගේ උපකාරක ධර්මයන් නිසාම අපේ ගෞරවනීය නායක ස්‌වාමීන්වහන්සේලාගේ අප්‍රතිහත ධෛර්යයෙන් බුරුමය, තායිලන්තය වැනි ථේරවාදී බෞද්ධ රටවලින් නැවත උපසම්පදාව ලබාගෙන, නැවත සම්මා සම්බුද්ධ ශාසනයේ සැබෑම අර්ථයන් මේ පිංවත් දේශය තුළ ස්‌ථාපිත කිරීම කළ බව පිංවත් ඔබ හොඳින්ම දන්නවා. ඉහත කාරණා තුළින් පිංවත් ඔබ තේරුම්ගතයුතුයි රටක පාලක පිංවතුන් සහ ජනතාව සම්මා දිට්‌ඨියේ අර්ථයන්ගෙන් දුර්වලවුවහොත් එම පිංවතුන්ලා සම්මා සම්බුද්ධ ශාසනය දුර්වල කිරීමේ බලවත් පාපකර්මයේ හවුල්කරුවන් බවට පත්වෙනවාය කියන කාරණය. 

පිංවත් ඔබ, බුදුරජාණන්වහන්සේ සාරාසංඛ කල්පලක්‍ෂ ගණනාවක්‌ තම රුධිරයෙන්, කඳුළින්, දහඩියෙන්, ජීවිත පරිත්‍යාගයෙන් කළ දස පාරමී ධර්මයෙන්ගේ ඵලයෙන්, අවබෝධකොටවදාළ උතුම් සද්ධර්මයේ අර්ථයන් දුර්වල කිරීම පිණිස උපකාරක ධර්මයන් නොකරනවාය කියන අධිශ්ඨානය මේ උතුම් වෙසක්‌ දිනයේදී ඇතිකොටගන්න දක්‍ෂ වෙන්න. එය පිංවත් ඔබ සැබෑම උතුම් තෙමගුලක්‌ උදෙසා කරන පූජෝපහාරයක්‌ වෙනවා. 

සම්මා දිට්‌ඨියේ අර්ථයන්ගේ දුර්වලභාවය නිසා උදාවෙන අබුද්ධොත්පාද කාලයන්හී ඇති විෂම බව, දුකබව, අකුසලය නිසා සකස්‌වෙන සතරඅපා දුකේ කටුක බව පෙන්වාදෙන උපමාවක්‌ බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා. පිංවත් ඔබට යම් පුද්ගලයෙක්‌ කියනවා, 'මම ඔබට දිනකට කස පහරවල් තුන්සියයක්‌ ගහනවා, දිනකට කසපහරවල් තුන්සීය බැගින් අවුරුදු තුන්සීයක්‌ එම දඬුවම දෙනවා. අවුරුදු තුනසීයක්‌ ගෙවීයන දින මම ඔබට උතුම් සෝවාන් ඵලය ලබාදෙනවා' කියලා. බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා, එහෙම වුනත් අවුරුදු තුන්සීයක්‌ එම තියුණු ශාරීරික දුක විඳලා ඔබ සෝවාන් ඵලය ලබාගන්න කැමතිවෙන්නය කියලා. මේ උතුම් වෙසක්‌ දිනයේදීත් සතුටින්, විනෝදයෙන්, විහිළුවෙන්, සිංදුවෙන්, බයිලාවෙන් ගතකිරීමට බලාපොරොත්තුවෙන පිංවතුන්ලාට බුදුරජාණන්වහන්සේ පෙන්වාදෙන ඉහත උපමාව හොඳ ධර්මාවාදයක්‌ වෙනවා. මෙම කටුක දුක පිංවත් ඔබට හෙළිකොටදෙන කැඩපත වන්නේ උතුම් සම්මාදිට්‌ඨියේ අර්ථයයි. 

භික්‍ෂුව පිංවත් ඔබෙන් ඇසුවහොත් සම්මා දිට්‌ඨියේ අර්ථය කුමක්‌ද කියලා, පිංවතුන් සමහරක්‌දෙනා දෙනා පිළිතුර වන්නේ සම්මා දිට්‌ඨිය කියන්නේ යහපත් දැක්‌ම කියලයි. බුදුරජණාන්වහන්සේ ධර්මයට අදාළව සම්මා දිට්‌ඨියේ අර්ථය කියන්නේ 'යහපත් දැක්‌ම' නොවෙයි. නමුත් අන්‍යාගමික පිංවතුන්ලා තමන්ගේ සම්මා දිට්‌ඨිය හැටියට ප්‍රකාශකරන්නේ යහපත් දැක්‌ම කියන කාරණයයි. 

බුදුරජානන්වහන්සේ දේශනාකළ සම්මා දිට්‌ඨියේ අර්ථයන් හතක්‌ තිබෙනවා. එම අර්ථයන් වෙන්නේ තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව, යහපත් දෙයක්‌ කළොත් යහපත් විපාකයක්‌, අයහපත් දෙයක්‌ කළොත් අයහපත් විපාකයක්‌ තිබෙනවාය කියන විශ්වාසය, හේතුඵල ධර්මයන්ට අදාළව නැවත උපතක්‌ තිබෙනවාය කියන විශ්වාසය, දන්දීමෙන්, සිල්රැකීමෙන් ආනිසංශ තිබෙනවාය කියන විශ්වාසය, අම්මා තාත්තාගේ ගුණයන් පිළිබඳව විශ්වාසය, ඕපපාතික සත්වයන් උපදිනවාය කියන විශ්වාසය, අතීතයේ රහතන්වහන්සේලා වැඩසිටියාය කියන විශ්වාසය.

ඉහත සම්මා දිට්‌ඨියේ අර්ථයන් සියල්ලම බුදුරජාණන්වහන්සේ දේශනාකොට ඇත්තේ බුද්ධරත්නය, ධර්මරත්නය, සංඝරත්නය මුල්කොටගෙනය. පිංවත් ඔබගේ කුසල් පක්‍ෂය වැඩෙන ආකාරයටමය. 

පිංවත් ඔබට මෙතැනදී විග්‍රහ කර පෙන්වනනේ භවයේ සැපය උදෙසා හේතුවෙන ලෞකික සම්මා දිට්‌ඨිය පිළිබඳවයි. ලෞකික සම්මා දිට්‌ඨියේ මුල්ම අර්ථය වන තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන්, පිංවතුන් තුළ සංසාර බිය පිළිබඳවත්, කාමයන්ගේ නිසරුභාවය පිළිබඳවත් දැක්‌මක්‌ ඇතිකොටදෙනවා. සතරඅපාය කෙරෙහි ඇතිකරවන බිය නිසාම පිංවතුන් දුක පිළිබඳව යථාස්‌වභාවය නුවණින් දකින්න පටන්ගන්නවා. යහපත් ක්‍රියාවන් විපාකදෙන සුගතිභූමීන්, අයහපත් දේ විපාකදෙන දුගති භූමීන් ඔබ හඳුනාගන්නවා. ඔබ තුළ සකස්‌වෙන සෑම සැප වේදනාවක්‌ම අතීතයේ ඔබ කළ යහපත් දෙයක ප්‍රතිඵලයක්‌ බවත්, ඔබ තුළ සකස්‌වෙන සෑම දුක්‌වේදනාවක්‌ම අයහපත් දෙයක ප්‍රතිඵලයක්‌ බවත් ඔබ හඳුනා ගන්නවා. මෙතැනදී පිංවත් ඔබ අයහපත්දෙයින් වැලකිලා, යහපත් දෙයයි ජීවිතයට තොරාගන්නේ. පටිච්ජ සමුප්පන්නව නැවත උපතක්‌ කෙරෙහි පිංවත් ඔබ තුළ ඇත විශ්වාසය ඔබව පොළඹවනවා අකුසලයෙන් වැලකිලා කුසලය තුළ ශක්‌තිමත් වෙන්න. මොකද ඔබ දන්නවා, අකු-සල් සිදුකළොත්, සිල්පද දුර්වල කරගත්තොත්, දන්දීම දුර්වලකරගත්තොත් ඊළඟ උපත දුර්වල උපතක්‌ වෙනවාය කියන කාරණය. කුසලයේ සැපයත්, අකුසලයේ දුකත් ඔබට විවරකොටදෙන බුදුරජාණන්වහන්සේගේ මුල්ම පාඩමයි උතුම් සම්මා දිට්‌ඨිය. 

ලස්‌සන වෙසක්‌ සැරසිල්ලෙන් ද අර්ථවත් ධර්මයක්‌ම දකින්න

පාසල් දරුවෙක්‌ භික්‌ෂුවගෙන් ප්‍රශ්නයක්‌ විමසුවා. ඕපපාතික සත්වයන්ගේ උපත පිළිබඳ විශ්වාසය සම්මා දිට්‌ඨියේ ලක්‌ෂණයක්‌ වෙන්නෙ ඇයි කියලා. පින්වත් ඔබ ඕපපාතිකව සත්වයන් උපදිනවා කියලා විශ්වාස නොකරනවානම් ඔබ දෙවියෙක්‌ බ්‍රහ්මයෙක්‌ ඉන්නවාය කියල විශ්වාස කරන්නේ නැහැ. දෙවියන් බ්‍රහ්මයන් කෙරෙහි විශ්වාසය නැති නිසාම ඔබටත් දෙවියෙක්‌ බ්‍රහ්මයෙක්‌ විය හැකිය යන විශ්වාසය නැතිව යනවා. ඒ නිසාම ඔබ කුසලයට පෙළඹෙන්නේ නැහැ. ඕපපාතිකව උපදින ප්‍රේතයන් නිරිසතුන් ගැන ඔබට විශ්වාසයක්‌ නැති නම් ඔබට ප්‍රේත ලෝකයක්‌, නිරයක්‌ තිබෙනවාය කියල විශ්වාසය නැතිව යනව. ඒ නිසාම ඔබ අකුසලයට බිය නැතිවෙනවා. ඕපපාතික සත්ව උපත තුළිනුත් බුදුරජාණන් වහන්සේ ඔබ තුළ අකුසලය බැහැරකොට කුසලය මතුකොට දීමටයි උත්සාහ ගන්නෙ. අම්මා තාත්තාගේ ගුණයන් පිළිබඳ විශ්වාසය කියන කාරණය ගන්න. බුදුරජාණන් වහන්සේ ආනන්තරීය පාපකර්ම ගැන දේශනාකොට මුලින්ම සඳහන් කරන්නේ බුදුරජාණන් වහන්සේගේ ලේ සෙලවීම, දෙවැනිව රහතන් වහන්සේ මැරීම, තෙවැනිව සංඝ භේදය, හතරවැනිව අම්මා, තාත්තා ඝාතනය කිරීම. මෙතනදී බුදුරජාණන් වහන්සේ රහතන් වහන්සේ මැරීමත්, අම්මා තාත්තා මැරීමත් කියන කාරණයන් දෙකම සම අකුසලයන් හැටියට පෙන්වා දී තිබෙනවා. අම්මා තාත්තාත් රහතන් වහන්සේත් සම තැනක තියලයි බුදුරජාණන් වහන්සේ ආනන්තරීය පාප කර්ම ගැන දේශනා කරලා තිබෙන්නෙ. එහෙමනම් පින්වත් ඔබ මේ උතුම් වෙසක්‌ දිනයේදී දැනගන්න ඕනෙ, ඔබ කුඩා පාසල් දරුවෙක්‌ වේවා, තරුණ කෙනෙක්‌ වේවා, වැඩිහිටියෙක්‌ වේවා තමන්ගෙ දෙමව්පියන්ට පීඩා කරනවා නම්, හිංසා කරනවා නම්, සිත් වේදනා දෙනවා නම්, නොසලකා හරිනවා නම්, එය රහතන්වහන්සේ නමකට ඔබ කරන පීඩාවක්‌ හිංසාවක්‌ තරමටම බලවත් අකුසලයක්‌ වෙනවාය කියන කාරණය. උතුම් සම්මා දිට්‌ඨියේ අර්ථයන් ජීවිතයට එකතුකොට ගැනීමෙන් පමණක්‌මයි පින්වත් ඔබට මව් දෙමව්පියන් නිසා සිදුවෙන බලවත් අකුසලයන්ගෙන් මිදෙන දිශාවට ගමන් කළ හැකිවෙන්නේ. අම්මා තාත්තා නමැති කුසල් නිධියෙන් සිත්සේ කුසල් ධර්මයන් එකතුකොට ගතහැකි වෙන්නෙ. අතීතයෙ රහතන් වහන්සේලා ඇතුළු අධිගමලාභීන් සිටියාය කියන විශ්වාසය ඔබ තුළ තිබුණොත් පමණමයි, පින්වත් ඔබටත් මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනයේදීම රහතන්වහන්සේ නමක්‌ වීමට හැකිය යන විශ්වාසය ඇතිවෙන්නේ. ඔබටත් සෝවාන් ඵලයට පත්වෙන්න පුළුවන්ය කියන විශ්වාසය ඇතිවෙන්නෙ. ඉහත සම්මාදිට්‌ඨියට අදාළ කාරණා තුළින් පින්වත් ඔබට තේරෙනවා ඇති බුදුරජාණන් වහන්සේ පින්වත් ඔබ තුළ මුලින්ම තෙරුවන් කෙරෙහි විශ්වාසය ඇතිකොට අවසානයේ ඔබව උතුම් රහතන් වහන්සේ නමක්‌, සෝවාන් පුද්ගලයෙක්‌ කියන ඉලක්‌කයට ඔබව යොමුකොට තිබෙනවාය කියන කාරණය. පින්වත් ඔබ සම්මා දිට්‌ඨියේ අර්ථයන්ගෙන් බැහැරව ගියොත්, තෙරුවන් කෙරෙහි අවිශ්වාසය ඇතිකොට ගෙන, අවසානයේ ඔබව සතර අපායට යොමු කිරීමයි සිද්ධවෙන්නෙ. පින්වත් ඔබ ශ්‍රද්ධාවේ සහ අශ්‍රද්ධාවේ වෙනස සහ පරතරය හඳුනාගෙන ශ්‍රද්ධාව ඉලක්‌කකොට පෙන්වන සතර අපාය කියන අර්ථයන් සිහි නුවණින් දකිමින්, නිවැරදි ආකාරයට සම්මා දිට්‌ඨියේ අර්ථයට ප්‍රවේශ වීමට පින්වත් ඔබ මේ උතුම් වෙසක්‌ සතියේදී අධිෂ්ඨානයක්‌ ඇතිකොට ගතහොත් එය පින්වත් ඔබ විසින් බුදුරජාණන් වහන්සේට දක්‌වන ශ්‍රේෂ්ඨතම ආමිසමය ප්‍රතිපත්තිමය පූජාව වෙනවා. 

පින්වතුන්ලාගේ ඉන්ද්‍රියධර්මයන්ගේ ඇති වෙනස්‌භාවයන් නිසාම, කෙනෙක්‌ ප්‍රතිපත්ති පූජාවෙන් බුදුරජාණන් වහන්සේට පූජා පවත්වා සතුටු වෙන අතර තවත් පින්වතෙක්‌ ආමිස පූජාවෙන් බුදුරජාණන් වහන්සේට පූජාවන් පවත්වා සතුටුවෙනවා. මෙතැනදී ප්‍රතිපත්ති පූජාවන් හැටියට ගැනෙන්නේ විදර්ශනා නුවණ, ප්‍රඥව ඔබ තුළ මූදුකොට දෙන භාවනාමය, ශීලමය, සද්ධර්ම ශ්‍රවණය කිරීම් තුළින් ඔබ ඇතිකොට ගන්නා විදර්ශනා නුවණින් බුදුරජාණන් වහන්සේට පූජෝපහාර දැක්‌වීමයි. නමුත් පින්වත් ඔබ ශීලමය, භාවනාමය, සද්ධර්ම ශ්‍රවණමය ක්‍රියාවන් තුළිනුත් ඇතිකොට ගන්නේ ආශ්වාදයක්‌ නම් ඒවා ජීවිතයට එකතුකොට ගැනීම නිසා ඇතිවෙන කුසල් ආශ්වාදයට ඔබ බැඳී යන්නේ නම්, එම කුසල් සංස්‌කාරයන්ගේ අනිත්‍යභාවය ඔබ විදර්ශනා නුවණින් නොදකින්නේ නම් ඔබ කළා වූ ප්‍රතිපත්ති පූජාවද නැවත භවය සකස්‌කොට දෙන ආමිස පූජාවක්‌ බවටම පත්වනු ඇත. එම නිසා පින්වත් ඔබ සිල් සමාදන් වෙමින් ශීලයේ ආනිශංස ජීවිතයට ලබමින් එම ආනිශංසයන්ගේ අනිත්‍යභාවය නුවණින් දකින්න. බුදුගුණ භාවනාව වඩමින්, මෛත්‍රි භාවනාව වඩමින්, ආනිශංස ජීවිතයට ලබමින් එම සංස්‌කාරයන්ගෙ අනිත්‍යභාවය නුවණින් දකින්න. කාය, චිත්ත, ධම්ම, වේදනා සතර සතිපට්‌ඨාන ධර්මයන් වඩමින්, සප්ත බෝ-ජංග ධර්මයන් ජීවිතයට එකතුකොට ගනිමින්, සතර සතිපට්‌ඨාන ධර්මයන්ගේත්, සප්aත බො-ජංග ධර්මයන්ගේත් අනිත්‍යභාවය නුවණින් දකින්න. පින්වත් ඔබ භාවනාවේදී යම් ධර්මතාව අනිත්‍ය දකිනවාද, එම අනිත්‍ය දකින සිතත් අනිත්‍ය වශයෙන් දැකීමට දක්‌ෂ විය යුතුයි. එසේ නොවුණහොත් ඔබ අනිත්‍ය වශයෙන් දැක්‌කා වූ සිතට බැඳී යනු ඇත.

පින්වත් ඔබ දක්‌ෂ නම් ඔබ වෙසක්‌ මංගල්‍ය උදෙසා සිදුකරන ආමිස පූජාවන් තුළින් ද ප්‍රතිපත්ති පූජාවන් මතුකොට ගැනීමට ඔබට හැකිය. පින්වත් ඔබ වෙසක්‌ කූඩුවක්‌ තැනීමේදී, ප්‍රදර්ශනය කිරීමේදී, දන්සලක්‌ සංවිධානය කිරීමේදී, මේ සෑම ක්‍රියාවක්‌ සිදුකිරීමට පෙරාතුව, තෙරුවන් සරණ පිහිටා පංචශීලය සමාදන්ව එම ආමිස පූජාව ආරම්භ කරන්න. අතීතයේ සම්මා සම්බුද්ධ ශාසන ලක්‌ෂ ගණනකට දී අද වගේම උතුම් තෙමඟුල් සැමරීම උදෙසා ලක්‌ෂ ගණන් පහන් කූඩු වෙසක්‌ සැරසිලි දන්සල් බුද්ධ පූජාවන් පූජා කළ හැකි නුවණින් දකින්න. ඒ අතීත සම්මා සම්බුද්ධ ශාසන අනිත්‍යයට ගියා සේම අතීතයේදී ආමිස පූජාවන් තුළින් රැස්‌ කළා වූ කුසල් සංස්‌කාරයන් අනිත්‍ය වී ගිය හැටි නුවණින් දකිමින් මේ මොහොතේ පිංවත් ඔබ ආමිස පූජාවන් තුළින් රැස්‌කොට ගන්නා කුසලයන් අනිත්‍ය වී යනහැටි නුවණින් දකින්න. බුදුරජාණන් වහන්සේ උදෙසා, ධර්මරත්නය, සංඝරත්නය උදෙසා තුණුරුවන්ට ගෞරවය පුදකිරීම උදෙසා පිංවත් ඔබ තුළ සකස්‌වෙන සෑම ආස්‌වාදජනක පිනක්‌ම, කුසල් සිතක්‌ම සංස්‌කාරයන් බව දකිමින්, එම සංස්‌කාරයන් විපාක දී අවසන් වන ඒවා බව දකිමින් පින්වත් ඔබ මේ උතුම් තෙමඟුල සමරන සතියේ ඔබ සිදුකරන ආමිස පූජාව තුළින් ද උතුම් ප්‍රතිපත්ති පූජාවක්‌ මතුකොට ගන්න දක්‌ෂ වෙන්න. එවිට ලස්‌සන වෙසක්‌ සැරසිල්ලක්‌ තුළින්, අර්ථවත් ධර්මයක්‌ ද ඔබගේ ජීවිතයට එකතුකොට ගෙන උතුම් සම්මා දිට්‌ඨියේ අර්ථයන් තුළින් ආර්යඅෂ්ඨාංගික මාර්ගයට ඔබේ ජීවිතය සේන්දුකොට ගැනීමට හැකිවනු ඇත.

ඉදිරිපත් කිරීම - ඉන්ද්‍රජිත් සුබසිංහ
http://www.divaina.com/2015/05/03/feature06.html

සම්බුදු තෙමඟුලට කොළඹ ප්‍රධාන තොරණ 7 ක්‌

සම්බුදු තෙමඟුල නිමිත්තෙන් කොළඹ නගරයේ ප්‍රධාන තොරණ හතක්‌ හා වෙසක්‌ කලාප පහක්‌ද පැවැත්වෙන බව පොලිස්‌ මූලස්‌ථානය පවසයි.

දෙමටගොඩ, තොටළඟ කොස්‌ගස්‌හංදිය, මැනින් මාර්කට්‌, පිටකොටුව බෝධිය හංදිය යන ස්‌ථානවල ප්‍රධාන තොරණ පැවැත්වෙන බවත්, ගංගාරාමය, කොම්පඤ්ඤවීදිය, සිරස, බණ්‌ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව, චෛත්‍ය පාර හා සම්බෝධි විහාර යන ස්‌ථානවල වෙසක්‌ කලාප පැවැත්වෙන බවත් පොලිස්‌ මූලස්‌ථානය කියයි.

මීට අමතරව දිවයින පුරා බොහෝ විහාරස්‌ථානයන්හි නගරයන්හි තොරණ හා වෙසක්‌ කලාප මෙන්ම දන්සල් දහස්‌ ගණනක්‌ පැවැත්වීමට සැලසුම් කර තිබේ.

සිරිමන්ත රත්නසේකර
http://www.divaina.com/2015/05/03/news10.html

Pic Source

පාර්ලිමේන්තු ඉතිහාසයේ වාර්තා රැසක්‌ පිහිටුවා 19 සම්මත කරගත් හැටි!

දහනව වන ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධන පනත් කෙටුම්පත පසුගිය අඟහරුවාදා පෙරවරු 9.30 සිට රාත්‍රි 11 දක්‌වා පැවැති විවාදයෙන් පසු තුන්වැනි වර කියෑවීමේ ඡන්ද විමසීමේදී තුනෙන් දෙකකටත් වැඩි අති බහුතර ඡන්දයෙන් පාර්ලිමේන්තුවේදී සම්මත විය.

පනත් කෙටුම්පතට පක්‍ෂව ඡන්ද 212 ක්‌ ලැබුණු අතර විරුද්ධව ඡන්දය දුන්නේ එජනිස දිගාමඩුල්ල දිස්‌ත්‍රික්‌ මන්ත්‍රී සරත් වීරසේකර මහතා පමණි. පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයට සහයෝගය දක්‌වන ගාලු දිස්‌ත්‍රික්‌ මන්ත්‍රී අජිත් කුමාර මහතා ඡන්දය දීමෙන් වැළකී සිටියේය. එජනිස මන්ත්‍රීවරුන් 10 දෙනෙකු ඡන්දය විමසන අවස්‌ථාවේ සභාව තුළ සිටියේ නැත.

කෙසේ හෝ අප්‍රේල් 27 දා පාර්ලිමේන්තුව රැස්‌ වූ අවස්‌ථාවේ, විපක්‍ෂයේ දැඩි විරෝධය එල්ල වූයේ 19 වැනි ව්‍යවස්‌ථා සංශෝධන පනත් කෙටුම්පතට ඇතුළත් කොට තිබූ මැතිවරණ කාලයේදී මැතිවරණ කොමසාරිස්‌වරයාගේ නියෝග පිළිනොපදින විද්යුත් හා මුද්‍රිත මාධ්‍යයන්ට දඬුවම් ලබා දිය යුතු බව දැක්‌වෙන සංශෝධනයටය. මෙය ගැසට්‌ පත්‍රයේ පළකොට ඇති පනත් කෙටුම්පතට ඇතුළත් නොවන බවත් මෙය පසුව එකතු කරන ලද එකක්‌ බව පවසමින් දිනේෂ් ගුණවර්ධන, විපක්‍ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා, සුසිල් ප්‍රේමජයන්ත, යන මහත්වරු දැඩි විරෝධය පළ කළහ. මාධ්‍ය ආයතන ප්‍රධානීන් ජනාධිපතිවරයා, ජනමාධ්‍ය ඇමැතිවරයා සහ තමා ද හමුවේ මේ ගැන කරුණු දක්‌වා සිටි බවත්, ඒ අනුව එම සංශෝධනය ඉවත් කරන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළෙන් එය ද සමථයට පත් විය.

මේ වන විට විපක්‍ෂය විසින් 19 වැනි සංශෝධන පනත් කෙටුම්පතට සංශෝධන රාශියක්‌ ඉදිරිපත් කොට තිබිණි. ඒවාට ආණ්‌ඩුව එකඟ නොවීය. තම සංශෝධන පිළිගන්නේ නැතිනම් පනත් කෙටුම්පතට ඡන්දය නොදෙන බව විපක්‍ෂය කියා සිටීම නිසා 27 දා පෙරවරුවේ කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් සහ ජනාධිපතිවරයාගේත් අග්‍රාමාත්‍යවරයාගේත් සහභාගිත්වයෙන් පක්‍ෂ නායකයන්ගේ රැස්‌වීමක්‌ පැවැත්විණි.

පනත් කෙටුම්පත සඳහා විපක්‍ෂය විසින් ක්‍ෂේත්‍ර 8 ක්‌ පිළිබඳ සශෝධන ඉදිරිපත් කොට තිබුණි. ව්‍යවස්‌ථාදායක සභාවට පිටස්‌තර පුද්ගලයන් පත් කිරීම, අග්‍රාමාත්‍යවරයා ඉවත් කරන්නේ නම් ඒ පිළිබඳ වගන්ති සඳහන් නොවීම ඇතුළු කරුණු ගණනාවක්‌ සම්බන්ධයෙන් විපක්‍ෂය ඉදිරිපත් කළ අදහස්‌වලට ආණ්‌ඩුව එකඟ වූයේ නැත. ආණ්‌ඩුව විසින් 19 වැනි සංශෝධන පනත් කෙටුම්පතට සංශෝධන ඉදිරිපත් කොට තිබෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දී ඇති තීන්දුව අනුව බැවින් මෙයින් ගැටලු ඇති නොවන බව අගමැතිවරයා පෙන්වා දී ඇති නමුත් විපක්‍ෂය එයට එකඟ වී නැත. මේ නිසා පක්‍ෂ නායක රැස්‌වීම දැඩි උණුසුම් තත්ත්වයකට පත්වීම හේතුවෙන් මෙම සංශෝධන පිළිබඳව එකඟත්වයක්‌ ඇති කර ගැනීම සඳහා දෙපාර්ශ්වයේම මන්ත්‍රීවරුන්ගෙන් යුත් කමිටුවක්‌ පත් කළ යුතු යෑයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යෝජනා කොට ඇත.

ඒ අනුව ඇමැති රාවුෆ් හකීම්, නියෝජ්‍ය ඇමැති අජිත් පී. පෙරේරා සහ අනුර ප්‍රියදර්ශන යාපා, ෆයිසර් මුස්‌තාපා, රජීව් විඡේසිංහ සහ එම්. ඒ. සුමන්දිරන් යන මහත්වරුන් එම කමිටුවට පත් කෙරිණි.

කමිටුව 27 දා පස්‌වරුවේ රැස්‌වීම ගැටලු සහගත සංශෝධන පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කළහ. අන්තිමේදී සංශෝධන 2 ක්‌ හැර අනෙක්‌ සංශෝධන සම්බන්ධයෙන් එකඟත්වයකට පැමිණීමට එම කමිටුවට හැකි විය. එකඟතාවක්‌ ඇති කර ගත නොහැකි වූයේ ඇමැති මණ්‌ඩලය පත් කිරිමේදී ජනාධිපතිවරයා අගමැතිගේ උපදෙස්‌ ලබා ගත යුතුය යන සංශෝධනය සහ ව්‍යවස්‌ථාදායක සභාවට සාමාජිකයන් පත් කිරීම පිළිබඳ සංශෝධනයයි.

විපක්‍ෂය විසින් ඉදිරිපත් කොට තිබූ සංශෝධන හා කොන්දේසි නිසා උද්ගත වී ඇති තත්ත්වය වාර්තා වීමෙන් පසු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා 28 දා පෙරවරුවේ පාර්ලිමේන්තුව රැස්‌වීමට පෙර එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ මන්ත්‍රී කණ්‌ඩායම කැඳවා තිබුණේ 19 වැනි සංශෝධනයට කෙසේ හෝ එජනිස මන්ත්‍රීවරුන් එකඟ කරවා ගැනීම සඳහා ය.

28 දා දහවල් වන විට ව්‍යවස්‌ථාදායක සභාවට සාමාජිකයන් පත් කිරීම සහ අගමැතිවරයාගේ උපදෙස්‌ පරිදි ජනාධිපතිවරයා විසින් ඇමැතිවරු පත් කිරිම පිළිබඳ ආණ්‌ඩුවේ සංශෝධනවලට එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය දිගින් දිගටම විරෝධය පළ කළහ. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද එම සංශෝධන වෙනස්‌ කිරීම ප්‍රතික්‍ෂේප කිරීම හේතුවෙන් අර්බුදකාරී තත්ත්වයක්‌ උද්ගත වී තිබිණි.

ජනාධිපතිවරයා විපක්‍ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා, ඩබ්ලිව්. ඩී. ඡේ. සෙනෙවිරත්න, අනුර ප්‍රියදර්ශන යාපා, සුසිල් ප්‍රේමජයන්ත, දිනේෂ් ගුණවර්ධන, වාසුදේව නානායක්‌කාර, රජීව් විඡේසිංහ යන විපක්‍ෂයේ මන්ත්‍රීවරු ද අගමැති රනිල් වික්‍රමසිංහ, සභානායක ලක්‍ෂ්මන් කිරිඇල්ල, අධිකරණ ඇමැති විජයදාස රාජපක්‍ෂ, අජිත් පී. පෙරේරා යන මහත්වරුන් සමඟ එදින හතරපස්‌ වතාවක්‌ම සාකච්ඡා පැවැත්වීය.

පස්‌වරු 4 වන විටත් පැවැතියේ අවිනිශ්චිත තත්ත්වයකි. පස්‌වරු 6 ට 19 වැනි සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ දෙවැනිවර කියෑවීමේ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතව තිබිණි. පාර්ලිමේන්තුවේ පහළ මාලයේ කොරිඩෝරවල ගැවසෙමින් සිටි මාධ්‍යවේදීන් මැති ඇමැතිවරුන් එහා මෙහා යන අතරේ ඔවුන්ගෙන් විමසුවේ 19 සම්මත වේවිද? යන්නයි.

ආණ්‌ඩු පක්‍ෂයේ මැති ඇමැතිවරු පනත් කෙටුම්පත සම්මතවනු ඇතැයි පැවසුවද, එජනිස මන්ත්‍රීවරුන් සියල්ලෝම වාගේ කියා සිටියේ එය සම්මත වීම අඩමානබවයි. "අපේ සංශෝධනවලට එකඟ වෙනවා නම් පමණයි අපි ඡන්දෙ දෙන්නෙ" යෑයි ඔවුහු මාධ්‍යවේදීන්ට පිළිතුරු දුන්හ.

අවසානයේදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා නීතිපති, නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, ජනාධිපතිතුමාගේ ව්‍යවස්‌ථා කටයුතු පිළිබඳ උපදේශක ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා, අගමැතිවරයාගේ නීති උපදේශක පාර්ලිමේන්තුවේ හිටපු මහ ලේකම් ප්‍රියානි විඡේසේකර මහත්මිය ඇතුළු පිරිසක්‌ සමඟ ගොස්‌ අංක 2 දරණ කාරක සභා ශාලාවේදී සිදුකළ සාකච්ඡාවකින් පසු යම් එකඟතාවකට පැමිණීමට හැකි විය.

ඒ එකඟතාවය නම් ව්‍යවස්‌ථාදායක සභාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 7 ක්‌ සහ පිටතින් තිදෙනෙකු පත් කිරීමටය. මහජන පරමාධිපත්‍යයෙන් පත් වූ මන්ත්‍රීවරුන් හැර පිටස්‌තර අය ව්‍යවස්‌ථාදායක සභාවට පත් කිරීමට එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය දිගින් දිගටම විරෝධය දැක්‌වුවද, පසුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මැදිහත් වී ව්‍යවස්‌ථාදායක මණ්‌ඩලයට මන්ත්‍රීවරුන් 7 දෙනෙකු පත්වන බැවින් තීරණ ගැනීමේදී වැඩි බලයක්‌ ඔවුන්ට ලැබෙන නිසා පිටතින් තිදෙනෙකු පත් කිරිමට එකඟ වන්නැයි සන්ධාන නායකයන්ගෙන් ඉල්ලා සිටියේය. එයට ඔවුන් එකඟ වීම නිසා එම ප්‍රශ්නය විසඳුනි.

ජනාධිපතිවරයා විසින් ඇමැතිවරුන් පත් කිරීමේදී අගමැතිවරයාගේ උපදෙස්‌ අනුව ක්‍රියා කළ යුතුය යන වගන්තිය අගමැතිගෙන් විමසා ක්‍රියා කළ යුතුය යනුවෙන් සංශෝධනය කිරීමට ද එහිදී තීරණය විය.


මේ වන විට වේලාව පස්‌වරු 5.30 පසු වී තිබුණි. ඡන්දය විමසීමට නියමිතව තිබුණේ පස්‌වරු 6 ට ය. පසුව සභානායක ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා සභාව පස්‌වරු 7 දක්‌වා පවත්වාගෙන යායුතු යෑයි යෝජනා කළේය.

ඒ අනුව පස්‌වරු 6.45 ට දෙවැනිවර කියෑවීමේ ඡන්ද විමසීම පවත්වනු ලැබීය. පනත් කෙටුම්පතට පක්‍ෂව ඡන්ද 215 ක්‌ ලැබුණු අතර සරත් වීරසේකර මන්ත්‍රීවරයා විරුද්ධව ඡන්දය දුන්නේය. අජිත් කුමාර මන්ත්‍රීවරයා ඡන්දය දීමෙන් වැළකී සිටින බව පැවැසීය.

අනතුරුව 19 වැනි සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ තුන්වැනි වර කියෑවීම හෙවත් කාරක සභා අවස්‌ථාව එළැඹියේ ය. පාර්ලිමේන්තුව කාරක සභාව බවට පත්විය.

මෙහිදී නැගී සිටි දිනේෂ් ගුණවර්ධන මහතා මන්ත්‍රීවරුන්ට සංශෝධනවල සිංහල හා දෙමළ පිටපත් ලැබී නැතැයි පැවසූ අතර සභානායකවරයා කියා සිටියේ සෑම මන්ත්‍රීවරයකුටම ඒවා ලබා දී ඇති බවය. එහෙත් තමන්ට පිටපත් නොලැබුණු බව මන්ත්‍රීවරු ගණනාවක්‌ ම කියා සිටියෙන් සියලු දෙනාටම සංශෝධන පිටපත් ලබා දෙන ලෙස දන්වමින් කථානායකවරයා සභාවේ කටයුතු විනාඩි 15 කට කල් තැබීය.

අනතුරුව පස්‌වරු 7.15 ට කාරක සභාව රැස්‌ වූ විට ආණ්‌ඩුව වෙනුවෙන් අධිකරණ ඇමැති විජයදාස රාජපක්‍ෂ මහතා ආණ්‌ඩුවේ සංශෝධන ඉදිරිපත් කළේය.

මේ අතර විපක්‍ෂයේ සංශෝධන ද සාකච්ඡා කරන ලදී. රජීව් විඡේසිංහ, දිනේෂ් ගුණවර්ධන, සජින් වාස්‌ ගුණවර්ධන, ඩබ්ලිව් ඩී. ඡේ. සෙනෙවිරත්න, මහාචාර්ය තිස්‌ස විතාරණ, සුසිල් ප්‍රේමජයන්ත, වාසුදේව නානායක්‌කාර, විමල් වීරවංශ යන මන්ත්‍රීවරු ආණ්‌ඩුවේ ඇතැම් සංශෝධනවලට විරුද්ධව කරුණු දැක්‌වූහ.

ආණ්‌ඩුවේ සමහර සංශෝධනවලට විපක්‍ෂය විරෝධය පළ කළ නමුත් ඒවා පිළිනොගන්නා බව අධිකරණ ඇමැති විජයදාස රාජපක්‍ෂ මහතා පැවැසීය.

එසේ නම් ඒ ගැන ඡන්ද විමසීමක්‌ සිදුකරන්නැයි දිනේෂ් ගුණවර්ධන මහතා පැවසූ විට එම සංශෝධන ඉල්ලා අස්‌කර ගන්නා බව විජයදාස රාජපක්‍ෂ මහතා කීය.


දයා ලංකාපුර
http://www.divaina.com/2015/05/03/politics04.html

Pic Source

මහ මැතිවරණය පවත් වන්නේ මොන ක්‍රමයටද?

10615469_741812899220999_5364972176645972481_n copyඉදිරි මහ මැති වරණය පැවැත්විය යුත්තේ දැන් තිබෙන දිස්‌ත්‍රික්‌ මනාප ක්‍රමය යටතේද නැතිනම් 20 වැනි සංශෝධනය මගින් ඉදිරිපත් කිරීමට යන කොට්‌ඨාස හා දිස්‌ත්‍රික්‌ අනුපාත මිශ්‍ර ක්‍රමය යටතේද යන්න පිළිබඳව ආණ්‌ඩුවේ පක්‍ෂ අතර මත ගැටුමක්‌ හටගෙන ඇති බවට වාර්ථාවේ.

එක්‌සත් ජාතික පක්‍ෂය, ශ්‍රී ලංකා මුස්‌ලිම් කොන්ග්‍රසය සහ ජනතා විමුක්‌ති පෙරමුණ පවසන්නේ ඉදිරි මහ මැතිවරණය දැනට පවතින දිස්‌ත්‍රික්‌ අනුපාත ක්‍රමය යටතේ පැවැත්විය යුතු බවයි. පසුගිය සතියේ පැවැති ජාතික විධායක සභා රැස්‌වීමේදීද මේ ගැන සාකච්ඡාකොට තිබේ. එහිදී එජාප, ජවිපෙ, නව සමසමාජ සහ මුස්‌ලිම් කොන්ග්‍රස්‌ පක්‍ෂවල නියෝජිතයන් දැනට පවතින ක්‍රමය යටතේ මීළඟ මැතිවරණය පැවැත්විය යුතු බව පවසා ඇති බවට වාර්තාවේ.

එහෙත් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය ප්‍රමුඛ එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය 20 වැනි සංශෝධනය මගින් ක්‍රියාත්මක කෙරෙන නව මැතිවරණ ක්‍රමය යටතේ මීළඟ මැතිවරණය පැවැත්විය යුතු බව පවසා ඇත.

මේ පිළිබඳව ජාතික හෙළ උරුමයේ ජාතික සංවිධායක පළාත් සභා මන්ත්‍රී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතාගෙන් විමසූ විට ඔහු පවසා ඇත්තේ ජාතික හෙළ උරුමය අලුත් ඡන්ද ක්‍රමය යටතේ මැතිවරණය පැවැත්විය යුතු බව ප්‍රකාශ කරන බවයි. ශ්‍රීලනිපයද එම මතයේ සිටින බවද ඔහු පවසා ඇති බවට වාර්තාවේ.

ශ්‍රීලනිප මහ ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා මහතා ප්‍රකාශ කර ඇත්තේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නව මැතිවරණ ක්‍රමය ඇතුළත් 20 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවේදී සම්මත කිරීමෙන් පසු සිදු කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළ බවයි.

http://lankafocusnews.com/?p=40297

ජනපති දීඝවාපිය පුදබිමට යයි

මනුදම් රකින සමාජයක් ගොඩනැගීමේ අරමුණින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහභාගිත්වයෙන් සෑම පුන් පොහෝ දිනකම පැවැත්වෙන සදහම් යාත්‍රා ධර්ම දේශනා මාලාවේ තෙවන වැඩසටහන අද (03) අම්පාර දීඝවාපි රජමහා විහාරස්ථානයේදී පැවැත්වුණා. අද එම ධර්ම දේශණාව පැවැත්වූයේ ආචාර්ය පූජ්‍ය කොටපොල අමරකිත්ති නායක ස්වාමීන් වහන්සේයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රමුඛ මැති ඇමතිවරු රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. අද පෙරවරුවේ අම්පාර ඓතිහාසික දීඝවාපිය රජමහා විහාරස්ථානයට පැමිණි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ආගමික වතාවත්වල නිරත වුණා. ඉන් අනතුරුව දීඝවාපිය විහාරාධිපති නාහිමියන් බැහැදුටු ජනාධිපතිවරයා උන්වහන්සේගේ සුවදුක් විමසා කෙටි පිළිසදරකද යෙදුණු බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය සදහන් කළේ.

http://lankafocusnews.com/?p=40341

යහපත් ජීවන මාර්ගයක්‌ පෙන්වා දුන් බුදුරජාණන් වහන්සේ

අනවරාග්‍ර වූ සංසාර ගමනේ අනේක දුක්‌ කම්කටොළු විඳිනා සත්වයා හිරුගේ පිබීදීමත් සමග හිරු බැස ගොස්‌ රාත්‍රිය උදාවනතෙක්‌ම වෙහෙස වන්නේ ජීවිකාව පවත්වාගෙන යාමටය. ඒ වෙනුවෙන් ඔවුන් නොයෙකුත් ජීවන ක්‍රමෝපාය මාර්ගවල නිරතවන ස්‌වභාවයක්‌ දැකගත හැකිය. එම වෙහෙස තුළ ද ඇත්තේ මහත් වේදනාවකි. එය අවබෝධ කරගත් සිද්ධාර්ථ කුමාරයා මේ දුකෙන් මිදීමේ මාර්ගය සොයා ඇවිද ගියහ. කුමාරෝත්පත්ති කාලයේ විඳින ලද අපමණ සැපය වූ කාම සුඛල්ලිකානුයෝගය අත්හරිමින් සිරුරට දැඩි දුක්‌දීම නම් වු අත්ථකිලමතානු යෝගය අනුගමනය කරන ලදි. ඉන් කිසිදු සැනසීමක්‌ නොලත් බෝධිසත්වයෝ මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කරන්නට විය. මේ උතුම් මධ්‍යම ප්‍රතිපදාවේ දී සංසාර භව චක්‍රය සිඳලන ආකාරය හඳුනාගත්හ. ඒ අනුව ඇසතු බෝ මුල දී වීර්ය නැමැති පාදයෙන්, සීලය නැමැති පොළොවේ හිටගෙන, ශ්‍රද්ධා නැමැති හස්‌තයෙන් සකල ක්‌ලේශයන් ප්‍රහාණය කිරීමේ ඥානය නැමැති ආයුධයෙන් භව චක්‍රයේ නාභීය වූ අවිද්‍යාවට පහර දුන්හ. එයින් භව චක්‍රයේ නිම්වළල්ල වූ ජරා මරණ සම්පූර්ණයෙන්ම ප්‍රහාණය වී අද වැනි වෙසක්‌ පොහෝ දිනයක සම්මා සම්බුද්ධත්වයට පත් විය.

බෝධිසත්වයන් වහන්සේට සම්මා සම්බුද්ධත්වය සඳහා මහෝපකාරී වූයේ මධ්‍යම ප්‍රතිපදාවයි. ඒ මධ්‍යම ප්‍රතිපදාවට ආර්ය අෂ්ටාංගික මාර්ගය යෑයිද කියනු ලැබේ. ආර්යයන් වහන්සේලා අනුගමනය කරන මාර්ගය යනුවෙන් ද එහි අර්ථයයි. සම්මා දිට්‌ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි ඒ උතුම් ආර්ය මාර්ගයයි.

සම්මා ආජීව යනු යහපත් ජීවන මාර්ගයයි. එනම් මිච්ඡා ආජීවයෙන් එසේත් නැතිනම්, වැරදි ජීවනෝපායන මාර්ගවලින් මිදි කටයුතු කිරීමය. ජිවිකාව පවත්වාගෙන යාමට බුදු රජාණන් වහන්සේ විසින් ගිහියාට සහ පැවිද්දාටද ධර්මානුකූල ක්‍රමවේදයක්‌ දේශනා කොට තිබේ. ගිහියාගේ ක්‍රමවේදයට වඩා පැවිද්දාගේ ජීවනෝපාය මාර්ගය සරලය. ගිහියා තම ජීවනෝපායනයන් කාමභෝගී ජීවිතයට සරිලන ආකාරයෙන් පවත්වාගෙන යනු ලබයි. ඒ නිසා අධික ලෙස හරි හම්බ කරනු දකි. එසේ මුදල් උපයාගැනීම වරදක්‌ සේ තථාගත දේශනාවේ සඳහන් වන්නේ නැත. පස්‌ පවින් වැළකී, වැරදි උපායන ක්‍රමවලින් මිදී මුදල් උපයා ගැනීම තථාගතයන් වහන්සේ විසින් අනුදත් සම්මා ආජීවයයි.

වැරදි උපායන ක්‍රම ලෙසට අංගුත්තර නිකායේ වණිජ්ජා සූත්‍රයේ දේශනා කර තිබෙන්නේ 'සත්ථ වණිඡ්ජා, සත්ත වණීජ්ජා, මාංස වණිඡ්ජා, මඡ්ජ වණිජ්ජා, විස වණිඡ්ජා, ඉමං ඛෝ භිCඛවේ පඤ්චම වණිඡ්ජා උපාසකො අකරණීය' යනුවෙනී. මහණෙනි ආයුධ වෙළඳාම, සතුන් වෙළඳාම, මස්‌ වෙළඳාම, මත්පැන් වෙළඳාම, විෂ වෙළ¹ම යන මේ වෙළඳාම් පහ උපාසකයකු විසින් නොකළ යුත්තකි. එය මිච්ඡා ආජිවයයි. මෙම වැරදි ජීනෝපායන මාර්ගයකින් යම් කෙනෙක්‌ ධනය උපයන්නේ ද එයින් සමස්‌ත සමාජයටම මෙන්ම තමාටත් ආර්ථික වශයෙන් මෙන්ම සාමාජික වශයෙන් ද බරපතළ හානියක්‌ සිදු වේ. 

එසේම ධාර්මිකව ධනය උපයමින් ජීවිකාව පවත්වාගෙන යන පුද්ගලයෙක්‌ ධනය උපයන්නේ වංචාවෙන් තොරවය.' තුලා කූට, කංස කූට, මාන කූට පටිවිරතෝ හෝති උක්‌කෝටන වඤ්චන නිකතිසාවියොගා පටිවිරතො හොති. ඡේදන වධ බන්ධන විපරාමෝස ආලෝපසහසකාරා පටිවිරතො හොති 'යනුවෙන් දීඝ නිකායේ සාමඤ්ඤපල සූත්‍රයේ පෙන්වා දී ඇත්තේ හොර තරාදියෙන් කිරීමෙන්, හොර මිණුම්වලින් මැනීමෙන්, අල්ලස්‌ ගෙන හිමියන් නොහිමියන් කිරීමෙන්, නා නා උපායෙන් අනුන් රැවටීමෙන්, අගනා දෙයට නො අගනා දෙයක්‌ පෙන්වමින් කරන මායාවන්ගෙන් යනාදියෙන් වැළකී සිටීම සම්මා ආජීවයයි. අත් පා ආදිය සිඳීමෙන්, මැරීමෙන්, රැහැන් ආදියෙන් බැඳීමෙන්, සැහැසිකම්වලින් වැළකී තම ජීවිතය හා ජීවිතය පවත්වාගෙන යාමට හේතුවන ධනෝපායන මාර්ගවල නිරතවිය යුතු බව දේශනා කළහ.

එසේ මිච්ඡා ආජිවයෙන් මිදී සම්මා ආජිවය තුළින් ජීවිතය පවත්වා ගෙන යාමට හැකි වන යහපත් ජීවන මාර්ගයන් ද පෙන්වා දී තිබේ. අංගුත්තර නිකායේ ව්‍යග්ගපඡ්ජ සූත්‍රයේ සඳහන් වන ආකාරයට ' යෙන කම්මට්‌ඨෙන ජීවකං කප්පේති යදි කසියා, යදි වණිජ්ජා, යදි ගෝරෙCඛන, යදි ඉස්‌සත්ථෙන, යදි රාජා පොරිසේන, යදි සිප්පඤ්ඤතරේන'කෘෂිකර්මය, වෙළඳාම, ගව පාලනය, හමුදා සේවය, රාජ්‍ය සේවය, වෙනත් ශිල්ප කර්මාන්ත ආදි යම් කර්මාන්තයකින් තම ජිවිකාව පවත්වාගත යුතු බව බුදු රජාණන් වහන්සේ සම්මා ආජීවයේ දී දේශනා කර ඇත. ගිහියකු වශයෙන් තම ජීවිකාව පවත්වාගත යුතු වන්නේ ' භොගේ සංහර මානස්‌ස භමරස්‌සේව ඉරියතෝ 'යම් සේ බමරෙකු මලේ ඇති වර්ණ, ගන්ධ යන අංගයන්ගෙන් එකකටවත් හානි නොවන සේ එහි පැණි ලබාගෙන රිය සකක්‌ තරමේ මී වදයක්‌ බඳින්නාක්‌ මෙනි. ඒ නිසාම ධාර්මිකව ධනය උපයාගත යුතු බව උන්වහන්සේ පෙන්වා දී තිබේ. 

'උට්‌ඨාන විරියාධිගතෙහී බාහාබල පරිචිතේහි සේදා වක්‌ත්තේහී ධම්මිකේහී ධම්ම ලද්දේහී'උට්‌ඨාන විර්යයෙන් දැතේ මහන්සියෙන් දහඩිය වගුරුවා ධාර්මිකව ජීවන උපාය මාර්ගයන් පවත්වාගෙන යාම ගිහියකු විසින් සිදුකළ යුතුය. මධ්‍යම ප්‍රතිපදාවේ ඇති ගිහි ජීවිතයට අනුදත් සම්මා ආජීවය එසේ හඳුනාගත හැකිය.

පැවිදි ජීවිතයේ දී ඉහතින් දේශනා කරන ලද ජීවනෝපාය මාර්ගයන් සුදුසු වන්නේ නැත. මන්ද පැවිදි ජිවිතයට ධනය ඉපැයීම උචිත නොවන නිසාය. එහෙත් පැවිද්දෙකු සම්මා ආජීවයෙන් තම ජිවිකාව පවත්වාගත යුතුව තිබේ. එය ආජීව පාරිශුද්ධ ශීලය වශයෙන් ම බුදු රජාණන් වහන්සේ දේශනා කර ඇත. භික්‍ෂූවක්‌ තම ජිවිතය අන් අයගේ යහපත පිණිස දුකෙන් මුදවා ගැනීම පිණිස, පවත්වාගත යුතුව තිබේ. එසේ යන ගමනේ උන්වහන්සේ මිච්ඡා ආජීවයෙන් වැළකී සම්මා ආජීවය ප්‍රගුණ කළ යුතුය. ඒ කෙසේ ද ආජීවය හේතුකොට පනවා වදාළ සය වැදැරුම් ශික්‍ෂා පදයන් කඩ නොකිරීම හා කුහනා. ලපනා, නෙමිත්තකතා, නිප්පේසිකතා, ලාභෙන ලාභං නිජිගිංසනතා, දී පාප ධර්මයන් වශයෙන් පවත්නා මිච්ඡා ආජිවයෙන් වැළකී සිටීමයි.

උපසම්පන්න භික්‍ෂුවක්‌ තම ජිවිතය පවත්වා ගෙන යාමට ගිහියන්ගේ ලාභ කීර්ති, ප්‍රශංසා බලාපොරොත්තුවෙන් තමා තුළ නැති උත්තර මනුෂ්‍ය ධර්මයන් ඇතැයි කියන්නේ නම් එය පාරාජිකාපත්තියක්‌ ය. ඒසේත් නැතිනම්, භික්‍ෂූත්වය කරටිය සිඳලූ තල් රුකක්‌ සේ විනාස වී යන තරම් බලවත් වූ වැරුද්දකි. එසේම ස්‌ත්‍රි පුරුෂ දෙදෙනාගේ පණිවිඩ පනත් හුවමාරු කරමින් ඔවුන්ගෙන් ප්‍රත්‍ය අපේක්‍ෂා කරන්නේ නම්,එයද සංඝාදිසේසාපත්තියක්‌ වශයෙන් පෙන්වා දී ඇත. අනියමින් තමන්ගේ ගුණයන් පිලිබඳව ගිහියාට ඇසෙන සේ දැනෙන සේ කියන්නේ නම්, එය ථුල්ලච්චයාපත්තිය ලෙසට දේශනා කර ඇත. රෝගී නොවූ උපසම්පන්න භික්‍ෂූවක්‌ තම ජීවිතය පවත්වාගෙන යාමට ප්‍රණීත භොජන ගිහියාට කියා සකස්‌ කරගෙන ගෙන්වා වළදන්නේ නම් මිච්ඡා ආජීවයක්‌ වශයෙන් පෙන්වා දී තිබේ. එසේ ම භික්‍ෂූණියක්‌ වුවද රෝගී නොවී ප්‍රණීත භෝජන ගෙන්වා වළඳන්නේ නම් වැරදි ජීවිකාවක්‌ වශයෙන් බුදුරජාණන් වහන්සේ විසින් පෙන්වාදී තිබේ. එසේ වැරදි ජිවිකාවන්ගෙන් මිදී සය වැදැරුම් ශික්‍ෂාපද වූ පාරාජිකා, සංඝාදිසේස, ථුල්ලච්චය, පාචිත්තිය, පාටිදේශනිය, දුක්‌කටය, ආරක්‍ෂා කර නොගන්නේ නම්, උපසම්පන්න භික්‍ෂුවගේ ආජීවය අපිරිසිදු වන බව දේශනා කළහ.

සම්මා ආජීවය පිළිබඳව තවදුරටත් විමසීමේ දී භික්‍ෂුන් වහන්සේට කිසියම් වූ හේතුවක්‌ නිසාවත් තම ජිවිකාව හේතු කොටගෙන මිච්ඡාජීවයන් පවත්ගැනීමට අවසර නොමැත. භික්‍ෂූන් වහන්සේ වැළකිය යුතු මිච්ඡා ආජීවයක්‌ ලෙස පෙන්වා දී ඇත්තේ කුහනා, ලපනා, නේමිත්තකතා, නිප්පේසිකතා, ලාභෙන ලාභං නිජිගිංසනතා දී වු පාප ධර්මයන් ය. ඒවායෙන් මිදී භික්‍ෂූ ජීවිතය පවත්වාගැනීම, සම්මා ආජීවය ලෙසට පෙන්වාදිය හැකිය.

කුහනා යනු ලාභ සත්කාර කීර්ති, ප්‍රශංසා, ප්‍රාර්ථනා කරමින් යම් කිසි භික්‍ෂුවක්‌ නැති ගුණ දක්‌වන්නේ නම්, මුහුණ හකු`එවන බවක්‌, කුහක බවක්‌, වෙයි ද එය කුහනා නමින් හඳුන්වයි. එම කුහනා ප්‍රත්‍ය ප්‍රතික්‍ෂේප කිරීමේ කුහනාව (පච්චය පටිසේදන කුහනා), උතුරු මිනිස්‌දම් ඇතැයි බොරුවට හ`ගවන කුහනාව,(සාමන්ත ජප්පන කුහනාව), ඉරියව්වෙන් මහ ජනයා විස්‌මයට පත් කරවන කුහනාව,(ඉරියාපත කුහනාව) වශයෙන් තව දුරටත් වර්ගකොට පෙන්වාදිය හැකිය. ප්‍රත්‍ය බලාපොරොත්තුවෙන් යම් භික්‍ෂුවක්‌ එවැනි ක්‍රියාවල නිsරත වන්නේනම් එය මිච්ඡා ආජීවය ලෙසින් හඳුනාගත හැකිය.

ලපනාව නම් ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා බලාපොරොත්තු වු පාපිච්ඡ භික්‍ෂුවක්‌ දායකයන් සම`ග කතා කිරීමේ දී තමන් උසස්‌ තැන තබා කතා කිරීම (ආලපනා), තමාගේ උසස්‌ බව ප්‍රශ්නයක්‌ ලෙස අසන කෙනකුට එය වැඩි වැඩියෙන් කියාපෑම (ලපනාව), දායකයන් කලකිරේය යන බියෙන් දායකයාට ද කතා කිරීමට අවකාශ තබ තබා කතා කිරීම (සලල්පනා), දායකයා උසස්‌කොට තබා කතා කිරීම (සමුල්ලපනා), නිරවුල් වු දායකයා අවුලේ ලා කතා කිරීම (සමුන්නාහනාව), තමා පිළිබඳව උද්දීපනය කර කතාකිරීම (සමුක්‌කාචනාව), සත්‍යකූලානුභාවය හෝ ධර්මානුකූලත්වය නොබලා නැවත නැවත කතා කිරීම (අනප්පියභාණීතාවය), තමා දායකයාට වඩා පහත් බව හැ`ගවෙන සේ කතා කිරීම (චාටු කම්‍යතා), කතාකරන දේ කොටසක්‌ ඇත්ත, කොටසක්‌ බොරුවීම (මුග්ගසුප්පතාව), දායකයන්ගේ හිත දිනා ගැනීමට ඔවුන් වඩා ගැනීම (පාරිභට්‌ටතාවය), වශයෙන් ලපනාවේ ස්‌වභාවය පෙන්වා දී තිබේ. ලාභ සත්කාර ආදි වූ ප්‍රත්‍ය බලාපොරොත්තුවෙන් එවැනි ලපනාවන් හී නිරත වීම වැරදි ජිවිකාව ලෙස බුදු රජාණන් වහන්සේ දේශනා කොට තිබේ. 

ප්‍රත්‍ය ලාභ කීර්ති ප්‍රශංසා බලාපොරොත්තුවෙන් පාපි වූ භික්‍ෂුවක්‌ දායකයාට ප්‍රත්‍ය පිළිගැන්වීමට සිත් පහළවන කාය කර්ම, වාග් කර්ම ඇති කිරීම (නිමිත්ත), ප්‍රත්‍ය පිළිබඳ නිමිති කීම (නිමිත්ත කර්ම), ප්‍රත්‍ය පිළිබඳව කතා කිරීම (ඕභාස), ප්‍රත්‍ය ගෙන්වා ගන්නට කුඩා දරුවන්ට හැ`ගවීම (ඕභාස කම්ම), හිතවත් භික්‍ෂූවක්‌ සේ ආසන්න කොට කතා කිරීම (සාමන්තජප්පන), යම් සේ කතා කරන්නේ ද එසේ කතා කිරීමෙන් ප්‍රත්‍ය ලැබෙන්නේ ද එය පෙරල පෙරලා කතා කිරීම (පරිකතා), යනා දිය නේමිත්තකතා නම් වූ මිච්ඡා ආජීවය දේශනා කොට වදාළහ. එවැනි කාය, වචි කර්මයන් තුළින් තම ජීවිකාව පවත්වා ගැනීම වැරදි ක්‍රියාවක්‌ වශයෙන් පෙන්වා දී තිබේ. 

යම් කිසි භික්‍ෂුවක්‌ ලාභ සත්කාර කීර්ති, ප්‍රශංසා බලාපොරොත්තුවෙන් අන් අයට දශ ආක්‍රොශ වස්‌තුවෙන් ආක්‍රොශ කිරීම් (අෙCකාසනා), බැණ වැදීම් (වම්හනා), දෝෂාරෝපණය කිරීම් (ගරහවනා), 'කටවහගනු' වශයෙන් ඔසවා කතා කිරීම (උෙCපනා), සර්වප්‍රකාරයෙන් ඔසවා කතා කිරීම (සමුෙCඛපනා), කවටකම් කිරිම (පනා), වඩාත් කවට කම් කිරීම (සංපනා), දායකයන් දන් නොදීමේ අගුණ සැම තැනම පැතිරවීම (පාපනා), සර්වප්‍රකාරයෙන් පැතිරවීම(සම්පාපනා), බියට පත්ව ප්‍රත්‍ය දේය යන්න සිතා ගෙයින් ගෙට, ගමින් ගමට නුගුණ කියා සිටිම(අවණ්‌ණහාරිතා), සම්මුඛයේ මිහිරි සේ කතාකර අසම්මුඛයේ නුගුණ කීම (පරපිට්‌ මංසිකතා), යනාදිය ද මිච්ඡා ආජීවය ලෙස දේසනා කොට ඇත. තමන්ගේ ජීවිතය පවත්වා ගෙන යාමට විවිධ දේ බලාපොරොත්තුවෙන් මේ වැනි ක්‍රියාවල නිරතවීම ආර්ය මාර්ගය නොවන බවට පෙන්වා දී තිබේ.

ලාභෙන ලාභං නිජිගිංසනතා යනු ලාභයෙන් ලාභය සෙවීමයි. තමන්ට ලැබෙන සිව්පසය ගැන සෑහිමකට පත් නොවී තව තවත් සොයා යැම වැරදි ජිවිකාවක්‌ වශයෙන් භික්‍ෂුවට දේශනා කොට ඇත. එසේ කටයුතු කිරීම තුළ පැවිදි ගුණ ධර්ම පිරිහිමට පත් වේ. ආර්ය මාර්ගයෙන් ගමන් කරන භික්‍ෂුවට 

එවැනි මිච්ඡා ආජීවයන් තුළින් ඉවත්ව තම ජීවිකාව පවත්වාගෙන යැමට තථාගතයන් වහන්සේ ධර්ම කාරණා දේශනා කොට තිබේ. 

ගිහියා සහ පැවිද්දා යන දෙදෙනාම තමාගේ ජිවිතය පවත්වා ගැනීමට අනුගමනය කරන වැරදි ක්‍රියාවලින් ඉවත් විය යුතුය. එයට සුදුසු මාර්ගයන් බුදුරජාණන් වහන්සේ දේශනාකොට තිබේ. ගිහි ජිවිතයට සුදුසුවන මාර්ගයත්, භික්‍ෂු ජිවිතයට සරිලන මාර්ගයත් විනය මුල්කොටගෙන දේශනා කොට වදාළහ. එම ධර්මතාවයන් තම ජිවිතයේ පුරුදු පුහුණු කිරීම මධ්‍යම ප්‍රතිපදාවේ ගමන් කිරීමක්‌ වන්නේය. එසේ ආර්ය අෂ්ටාංගික නම් මාර්ගයේ අවබෝධයෙන් යුක්‌තව ගමන් කිරීම දුකට හේතුව වු තෘෂ්ණාව නැති කොට අවිද්‍යාව දුරු කරන්නට සමත් වේ. අවිද්‍යාව දුරු වීමෙන් ජරා මරණ නැති වන සදාකාලික සැනසීම ළඟාකර ගත හැකිය. ඒ සඳහා ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් පෙන්වා දී ඇති සම්මා ආජිවය හෙවත් යහපත් ජීවිකාව ද ඉතා වැදගත්ය. මේ උතුම් වෙසක්‌ පොහෝ දිනයේ ගිහි පැවිදි අප සියලුදෙනා සම්මා ආජීවය පුරුදු පුහුණු කරමින් ආර්ය මාර්ගයට පිවිසීමට අධිෂ්ටාන කර ගනිමු.

ශාස්‌ත්‍රපති පූජ්‍යපාද මහකච්චකොඩියේ පඤ්ඤාසේකර හිමි - කථිකාචාර්ය මානෙල්වත්ත ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනය.
http://www.divaina.com/2015/05/02/feature.html

Pic Source

ජපානයේ බියකරු පාලම

ජපානයේ එෂිටා ඔහායි පාලම බියකරු පාලමක්‌ ලෙස හැඳින්වේ. නකාවුම් විල හරහා ඉදිකර ඇති මෙම පාලම ඉදිකර ඇත්තේ ඒ යටින් නැව්වලට ගමන් කිරීම සඳහාය. අලුතින් පාලම මතින් ගමන් කරන රියදුරන්ට එය අලුත් අත්දැකීමක්‌ වේ.

http://www.divaina.com/2015/05/01/forign06.html

නේපාලයේ සත්ව බිලි පූජාව නතර කරන ලෙස කළ ඉල්ලීම ප්‍රතික්‍ෂේප වුණා - සත්ව අවිහිංසා සමිති

නේපාලයේ භූ චලනය ඇති වීමට මාස කීපයකට පෙර 250000 කට අධික සතුන් ඝාතනය කර ඇත්තේ ඉන්දීය සත්ව අවිහිංසා සමිතිවල දැඩි විරෝධය නොතකමින් යෑයි අනාවරණය වී ඇත. මෙම සත්ත්ව බිලි පූජාව සඳහා ඉන්දියාවේ සිට සතුන් ප්‍රවාහනය කිරීමද ඉන්දීය අධිකරණය තහනම් කර තිබුණි.

ගද්හිමායි නැමැති හින්දු දේවතාවිය වෙනුවෙන් මෙම බිලි පූජාව පවත්වා ඇත. සංචාරකයන් දක්‌වන්නේ ලොව විශාලතම බිලි පූජාව මෙය බවයි. අමු අමුවේ ඝාතනයට ලක්‌ වූ සතුන්ගේ ඇස්‌වලින් කඳුළු වැගිරී තිබූ අයුරු දැක්‌වෙන ඡායාරූප ලොව පුරා විකාශනය වී ඇත.

මෙලෙස බිලි පූජාවට ලක්‌ වූ සතුන්ගේ සිරුරු ගද්හිමායි හින්දු දෙවොල් භාරකරුවන් විසින් මස්‌ කොන්ත්‍රාත්කරුවකුට අලෙවි කර තිබේ.

http://www.divaina.com/2015/05/01/forign01.html

විනය හික්‌මීම යහපත්කම යන සියල්ලටම අභියෝගයක්‌ වන මත්ද්‍රව්‍ය උවදුර අවම කිරීමට අප කටයුතු කළ යුතුයි - ජනපති

රටක තිබිය යුතු විනය, හික්‌මීම, යහපත්කම සහ හැදිච්චකම ආදී සියල්ලටම බරපතළ අභියෝගයක්‌ වන මත්ද්‍රව්‍ය උවදුර නිසා ඇති වන සමාජ ව්‍යසනය හැකි තරම් අවම කිරීම සඳහා අප සැමවිටම කටයුතු කළ යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පෙරේදා (29 වැනිදා) පැවැසීය.

"දුම්කොළවලින් තොර ශ්‍රී ලංකාවක්‌" ජාතික සමුළුවේ සමාරම්භක උළෙලට එක්‌වෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එම අදහස්‌ පළ කළේය.

එහිදී තවදුරටත් අදහස්‌ දැක්‌වූ ජනාධිපතිවරයා මෙසේද කීය.

සෞඛ්‍ය අමාත්‍යාංශය හා ජාතික මද්‍යසාර සහ දුම්කොළ අධිකාරියේ නායකත්වය තුළ පැවැත්වෙන මේ සමුළුව ජාතික වශයෙන් ඉතා වැදගත් වෙනවා. දුම්කොළවලින් තොර ශ්‍රී ලංකාවක්‌ යන තේමාව යටතේ මේ පවත්වන වැඩසටහන ඉතා කාලෝචිත යුගයට අවශ්‍ය වැඩසටහනක්‌ විදිහටයි මම දකින්නේ.

විශේෂයෙන් සෞඛ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවුරුදු 6 ක කාලසීමාව තුළ අපේ රටේ මත්ද්‍රව්‍ය විරෝධී වැඩසටහනේ විශේෂයෙන්ම රටේ ජනතාව දරුවන් මතින් තොර සමාජයක්‌ කරා ගෙන යැමේ වැඩසටහනේදී එදා මා වෙත අද මේ පැමිණ සිටින සියලු ආයතන විශාල සහයෝගයක්‌ ලබා දුන්නා.

ආචාර්ය කාලෝ ෆොන්සේකා මහතා එදා මෙහි සභාපතිවරයා විදිහට හිටියේ. ඒ වගේම රාජ්‍ය සහ රාජ්‍ය නොවන සංවිධාන රාශියක්‌ විශේෂයෙන්ම එදා ලෝක සෞඛ්‍ය සංවිධානයේ මගපෙන්වීම තුළ සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබාදුන් සහයෝගය විශේෂයෙන් සිහිපත් කරනවා.

අපි මේ අවුරුදු 6 තුළ දුම්කොළ, මද්‍යසාර මේ පිළිබඳ ගෙන ගිය පුළුල් ජාතික වැඩසටහන කොතෙක්‌ ශක්‌තිමත් වූවාද යන්න මා විශ්වාස කරන්නේ ඒ වැඩසටහනේ ප්‍රතිඵලයක්‌ තමයි මම ජනාධිපතිවරයාවීම කියලා. ඒ මොකද ඊට බලපෑ කරුණු රාශියක්‌ තුළ විශේෂයෙන් සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සිට සියලු අංශ ඒ වගේම මේ වැඩසටහන් ජනතාව අතර ප්‍රචලිත කිරීමේදී ප්‍රාථමික සෞඛ්‍ය සේවාවේදී සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්, මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්, පවුල් සෞඛ්‍ය නිලධාරීන් ඇතුළු ක්‍ෂේත්‍රයේ කාර්ය මණ්‌ඩල අපට දැක්‌වූ සහයෝගය මට කිසි දවසක අමතක කරන්න පුළුවන් කමක්‌ නැහැ.

ඒ වගේම අනෙක්‌ පැත්තෙන් රටේ උගත්, බුද්ධිමත් විවිධ ක්‍ෂේත්‍රවල විශිෂ්ටයින්, ප්‍රවීණයින් විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරු ප්‍රමුඛව මෙම වැඩසටහනට දුන් මගපෙන්වීම අපි ඉතාමත් අගය කළ යුතුයි. මේ වැඩසටහන කොතෙක්‌ ප්‍රබල වූවාද යන්න ලෝක සෞඛ්‍ය සංවිධානය 2013 වසරේ එදා මා වෙත පිරිනැමූ සම්මානය ගෞරවය මම විශේෂයෙන් සිහිපත් කරනවා ලෝක සෞඛ්‍ය සංවිධානයට ගෞරවයක්‌ වශයෙන්.

මේ රටේ සෞඛ්‍ය අමාත්‍යවරයාට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ සම්මානයක්‌ ලැබිලා ඒ හා සමගම 2013 වසරේ ලෝක සෞඛ්‍ය නායකයින් ගණයට ඇමරිකාවේ හාවඩ් විශ්වවිද්‍යාලය මා තෝරාගෙන මේ බණ්‌ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති සමුළුවේදී ඒ ලැබූ ජයග්‍රහණය සහ ඒ කරන ලද ගෞරවය පිළිබඳව වචනයක්‌ හෝ කතාකරන්න එවකට සිටි රාජ්‍ය නායකයින් නම්‍යශීලී නොවූ බව මා අදත් සිහිපත් කරන්නේ වේදනා සහගතවයි.

අපිට මේ රට වශයෙන් තිබෙන පුළුල් ජාතික කාර්යයන් තුළ මේ රටේ මතින් තොර සමාජයක්‌ ගොඩනැගීමේ කාර්යයේදී වත්මන් නව රජය විදිහට ගත හැකි ගතයුතු සෑම පියවරක්‌ම ගන්නා බව ප්‍රකාශ කරන්න ඕනෑ.

දැනට මාස එක හමාරකට විතර කලින් මට ලැබුණා සුරාබදු දෙපාර්තමේන්තුවෙන් වාර්තාවක්‌. ලංකාවේ මද්‍යසාර අලෙවි කිරීමේ මධ්‍යස්‌ථාන326 ක්‌ සාමාන්‍ය මද්‍යසාර අලෙවි කිරීමේ අලෙවි සැල් සඳහා තිබිය යුතු නීති, රීතිවලට පටහැනිව පවත්වාගෙන යාම සම්බන්ධයෙන්. මම නියෝගයක්‌ කළා ඒ 326 වහාම අවලංගු කළ යුතුයි කියලා එවැනි නීති රීතිවලට පටහැනිව පවත්වාගෙන යන නමුත් ඒ සමගම භාණ්‌ඩාගාරය මට ලිපියක්‌ එවනවා. ඒවා අවලංගු කළොත් මේ වසරේ වාර්ෂිකව ලැබෙන ඉලක්‌ක සහගත මුදල් ප්‍රමාණය භාණ්‌ඩාගාරයට ලැබෙන්නේ නෑ කියලා. ඒකතමයි තත්ත්වය. ඒ නිසා මේ ඉන්න විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු මේ ජාතික මද්‍යසාර, දුම්කොළ අධිකාරියේ නායකත්වය තමුන්නාන්සේලාට පුළුවන් භාණ්‌ඩාගාරයේ නිලධාරීන්ට කියල දෙන්න මේ කාර්යයේ වැදගත්කම පිළිබඳ.

භාණ්‌ඩාගාරයට වාර්ෂිකව මේ දුම්කොළවලින් ලැබෙනවා බිලියන 60 ක්‌ විතර.මද්‍යසාර අලෙවියෙන් ලැබෙනවා බිලියන 55 ක්‌ විතර. මද්‍යසාරවලින් ලැබෙන බිලියන් 55 ක ප්‍රමාණයෙන් නීති විරෝධී ලෙස පවත්වාගෙන 326 ක්‌ මම අවලංගු කරපුවහම රජයට බලාපොරොත්තුවන ආදායමෙන් යම් ප්‍රමාණයක්‌ අඩු වෙනවා කියලා කියපුවහම අපි වාර්ෂිකව සෞඛ්‍ය ක්‍ෂේත්‍රයට. රෝග වැළැක්‌වීම, නිවාරණය, ඖෂධ සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රමුඛ මේ සියලු සේවාවන්වලට කරන වාර්ෂික වැය කිරීම් එක්‌ක මේ අතරේ තිබෙන වෙනස තමුන්නාන්සේලා භාණ්‌ඩාගාර නිලධාරීන්ට කියලා දෙනවනම් හොඳයි කියලා තමයි මම යෝජනා කරන්නේ.

ඉතින් ඒ නිසා මේ කටයුතුවලදී විශේෂයෙන් රජයක්‌ විදිහට අපිට කරන්න පුළුවන් හැම කාර්යයක්‌ම අපි ඉටුකරනවා. මේ සමුළුවක්‌ තුළ කෙරෙන සාකච්ඡා දැන් අද ආරම්භ වූ මෙම සමුළුව දින දෙකක්‌ පුරා මේ ස්‌ථානයේ පැවැත්වෙනවා. මේ කටයුතු එක පැත්තකින් විෂයගත කරුණු වගේම අනෙක්‌ පැත්තෙන් මේ සමුළුව තුළ පොදු මහජනතාවට පාසල් දරුවන් ප්‍රමුඛව ප්‍රාථමික සෞඛ්‍ය සේවාව තුළ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් අප දැනට දෙන පණිවිඩය මීට වඩා ශක්‌තිමත් කිරීම ඉතාමත්ම අත්‍යාවශ්‍යයි.

මම ජනාධිපතිවරයා වීමෙන් පසුව මාසයක්‌ වගේ ඇතුළත විශේෂ ජනාධිපති කාර්ය සාධන බලකායක්‌ පිහිටෙව්වා. අපේ රටේ මත්ද්‍රව්‍ය වැළැක්‌වීම හා නිවාරණය සම්බන්ධයෙන්. ජාතික වැඩසටහනක්‌ වශයෙන් ඒ වැඩසටහන සෞඛ්‍ය ඇමැතිතුමා, සෞඛ්‍ය අමාත්‍යාංශය, මද්‍යසාර සහ දුම්කොළ අධිකාරිය ඒ වගේම අනෙකුත් ඊට අදාළ රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන ගණනාවක්‌ සමගයි ක්‍රියාත්මක කරනු ලබන්නේ. ඒ නිසා මේ වර්ෂ 2015 වර්ෂය විදිහට අපි විශේෂ වැඩසටහනක්‌ සකස්‌ කර තිබෙනවා. සාමාන්‍ය ජනතාව අතරට ගෙනියන්න මත්ද්‍රව්‍යවලින් වැළැක්‌වීම සහ නිවාරණය කියන මේ කරුණු සම්බන්ධයෙන්.

රටක තිබිය යුතු විනය, හික්‌මීම, යහපත්කම, හැදිච්චකම මේ සියල්ලටම බරපත ල අභියෝගයක්‌ තමයි මත්ද්‍රව්‍ය, අපි දන්නවා. කායික හා මානසික සෞඛ්‍යයේදී බලපාන්නා වූ කරුණු වගේම ඒ තුළ ඇතිවන බරපතළ සමාජ ව්‍යසනය අපි හැකි තරම් අවම කිරීම සඳහා සැමවිටම කටයුතු කළ යුතුයි.

ඒ නිසා මෙහි වැදගත්කම සම්බන්ධයෙන් තමුන්නාන්සේලාට වඩා මේ ගැන කතා කිරීම අවශ්‍ය වන්නේ නැහැ. විශේෂයෙන් පාසල් දරුවන් මුල්කරගෙන පැවැත්වූ චිත්‍ර තරග මා ඉතාමත් අගය කරනවා. මේ රටේ ලක්‍ෂ 40 කට ආසන්න පාසල් දරුවන් තමයි සමාජයට යහපත් පණිවිඩයක්‌ දෙන්න හොඳම පණිවිඩකරුවා සහ මාධ්‍යය. ඒ නිසා සෞඛ්‍ය අමාත්‍යාංශය, අධ්‍යාපන අමාත්‍යාංශය මේ සියල්ල ඒකාබද්ධව මේ ගෙනයන පුළුල් ජාතික වැඩසටහන, මත්ද්‍රව්‍ය වැළැක්‌වීම, නිවාරණය මේ සියලු කටයුතු සම්බන්ධයෙන් අපි ප්‍රධාන වශයෙන් ඉලක්‌ක කරන්නේ පාසල් දරුවන් ප්‍රමුඛව සමාජයට මේ පණිවිඩය දීමයි.

ඒ නිසා මේ කටයුතුවලදී පසුගිය කාල සීමාවටත් වඩා ඔබ සියලු දෙනාගේ සහයෝගය රජයට සෞඛ්‍ය අමාත්‍යාංශයට, අධ්‍යාපන අමාත්‍යාංශයට ලබාදෙන ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිමින් මේ වැඩසටහන කිරීමේ නායකත්වය ගත් ජාතික මද්‍යසාර සහ දුම්කොළ අධිකාරියේ වර්තමාන සභාපති විශේෂ වෛද්‍ය පාලිත අබේකෝන් මහතා සහ එහි සාමාජිකත්වය, අධ්‍යක්‍ෂ මණ්‌ඩලය ඇතුළු සෑම කෙනෙකුටම මගේ ස්‌තූතිය පුද කරනවා.

http://www.divaina.com/2015/05/01/news37.html