Pages

Sunday, May 10, 2015

පූජ්‍ය ගලගම අත්ථදස්සි නා හිමියන් අස්ගිරි පාර්ශවයේ මුලසුනට

සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ අභිනව මහා නායක හිමියන් ලෙස පූජ්‍ය ගලගම අත්ථදස්සි නා හිමියන් ‍තොරා පත් කරගෙන ඇත.

අද රැස්වූ සංඝ සභාවේ භික්ෂූන් වහන්සේ 18 දෙනෙකුගේ එකඟතාවය මත අස්ගිරි මහා විහාරීය මංගල උපෝසථාගාරයේ පැවති විශේෂ සංඝ සභා රැස්වීමේදී තොරා පත් කර ගැනීමට තීරණය කර ඇත.

http://lankafocusnews.com/?p=40789

Pic Source

ගලගම අත්ථදස්‌සි අනුනාහිමියෝ අස්‌ගිරි පාර්ශ්වයේ මහනායක ධුරයට 

සියම් මහා නිකායේ අස්‌ගිරි පාර්ශ්වයේ අභිනව මහා නායක හිමියන් ලෙස ගලගම අත්ථදස්‌සි අනුනායක හිමියෝ අස්‌ගිරි කාරක සංඝ සභාව මගින් ඒකච්ඡන්දයෙන් පෙරේදා 08 දා පත්කරනු ලැබූහ.

මහා නායක පදවිය සඳහා වෙනත් හිමි නමක්‌ ඉදිරිපත් නොවීම නිසා අත්ථදස්‌සි හිමියන් ඒකමතිකව පත්කර ගනු ලැබූහ.

අස්‌ගිරි පාර්ශ්වයේ අනුනායක ධුරය හොබවනු ලැබූ අත්තදස්‌සි හිමියන් මේ වන විට අනුපස්‌වැනි වියේ පසුවෙති.

මාතලේ ගලගම පදිංචිව සිටි කුලතුංග මුදියන්සේලාගේ ඩිංගිරි බණ්‌ඩා නිලමේතුමා හා තෙන්නකෝන් මුදියන්සේලාගේ පිංචි අම්මා කුමාරිහාමි දම්පතින්ට දාව 1922 ජනවාරි 11 දා උපත ලැබූ උන්වහන්සේගේ ගිහි නාමය වූයේ කුලතුංග මුදියන්සේලාගේ ටිකිරි බණ්‌ඩාය.

මාතලේ යටවත්ත වීර පරාක්‍රම මහා විද්‍යාලයේ අධ්‍යාපන ලැබූ ටිකිරි බණ්‌ඩා කුලකුමරු 1936 දී උඩුරාවණ ශ්‍රී ධම්මානන්ද නාහිමියන්ගේ ආචාර්යත්වයෙන් පැවිදි බිමට ඇතුළත් විය. අත්ථදස්‌සි හිමියන් 1942 දී මහා විහාරයේදී උපසම්පදාව ලබාගනු ලැබූහ. 

පාලි, දෙමළ, සංස්‌කෘත විෂයන්වලින් විශිෂ්ටතා දක්‌වා ඇති නාහිමියන් 1982 දී කුරුණෑගල මැටියගනේ රාජමහා විහාරාධිපති ධුරයට පත්වූහ.

ඓතිහාසික මහියංගණ රාජමහා විහාරයේ විහාරාධිපති ධුරයටද පත්වූ නාහිමියෝ 1999 දෙසැම්බර් 13 දා අස්‌ගිරි මහා විහාරයේ අනුනායක ධුරයට පත්වූහ.

අපවත් වී වදාළ අස්‌ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය උඩුගම බුද්ධරක්‌ත මහා නාහිමිපාණන්ගෙන් ඇති වූ පුරප්පාඩුව සඳහා අනුනාහිමියන් තෝරා පත්කරගනු ලැබූහ.

සමන්ත ඉලේපෙරුම සහ සිරිල් විමලසුරේන්ද්‍ර

0 comments: