Pages

Tuesday, May 19, 2015

විල්පත්තුවේ දැන් සිදුවන්නේ යටත් විජිත යුගයෙන් පසු ලොකුම වන විනාශයයි

බ්‍රිතාන්‍ය යටත් විජිත යුගයෙන් පසු ශ්‍රී ලංකාවේ සිදුවූ දැවැන්තම වනාන්තර විනාශය විල්පත්තු උතුරු කල්ලාරු සහ පෙරියමඩු වනාන්තර විනාශය බව පරිසරවේදීහු කියා සිටිති.

ඝන වනාන්තර අක්‌කර 2500 ක්‌ සහ පරිවාර කැලෑ ඉඩම්, හොර ඔප්පුවකින් ලියාගෙන සිදුකරනු ලබන මෙම විනාශය වහා නතර නොකළ හොත් ජාතික වශයෙන් මෙන්ම ගෝලීය වශයෙන් දරුණු පරිසර ව්‍යසනයකට මුහුණ දීමට සිදුවනු ඇතැයි ද ඔවුහු ප්‍රකාශ කරති.

මේ පිළිබඳව අදහස්‌ දැක්‌වූ පරිසර සංරක්‍ෂණ භාරයේ අධ්‍යක්‍ෂ සජීව චාමිකර මහතා කියා සිටියේ රජයේ වනාන්තර, රජයේ අනුදැනුම ඇතිව විනාශයට ලක්‌ කෙරෙන මෙම සිදුවීම් තේ වගාව සඳහා ඉංග්‍රීසීන් විසින් උඩරට වනාන්තර විනාශ කිරීම හා සමාන, ඉන්පසු සිදුවන විශාලතම වන විනාශය බවය.

කල්ලාරු – පෙරියමඩු වනාන්තර විනාශය සියවසේ දැවැන්තම වනාන්තර හානිය වශයෙන් හඳුන්වා දෙන දුම්බර මිතුරෝ පරිසර හා සංස්‌කෘතික සංගමයේ ලේකම් නෙවිල් මීවතුර මහතා කියා සිටින්නේ මෙය ගෝලීය පාරිසරික අපරාධයක්‌ වන බවයි.

ජාත්‍යන්තර පරිසරවේදීන්ගේ සහ සංරක්‍ෂණවේදීන්ගේ අවධානය මෙම වනාන්තර විනාශය කෙරෙහි යොමු විය යුතු බව පරිසරවේදීන්ගේ අදහසයි.

පසුගිය රජය සමයේදී වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් නැවත පදිංචිකිරීමේ කාර්ය සාධක බළකාය මගින් අත්පත් කරගත් වනාන්තර අක්‌කර 2500 ක මෙම දැව හෙළීම සිදුවන අතර මෙහි යෝජිත සිලාවතුර – විල්පත්තු අලි ප්‍රවේශ මාර්ගය ද වේ.

පසුගිය රජයේ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය මගින් හඳුනාගත් වනජීවී රක්‍ෂිත ගැසට්‌ කිරීම වළක්‌වාලීම මෙම විනාශයට ප්‍රබල හේතුවක්‌ වූ බව ද පරිසරවේදීහු කියා සිටිති.

– දිවයින
https://lankacnews.com/sinhala/news/131691/

සබැඳි ලිපි - 
[අක්‌කර 2500ක්‌ වන සංරක්‍ෂණයෙන් උදුරා ගත් විල්පත්තු-මඩු මූසළු ව්‍යාප්තවාදයේ තිත්ත ඇත්ත...http://denethharinna.blogspot.com/2015/05/2500.htmlඇමැතිගේ බලයට නීතිය යටව සිදුකරන නවතම මහා වන විනාශය - මන්නාරමෙනුත් ඇවිලෙන විල්පත්තුවේ ගින්නhttp://denethharinna.blogspot.com/2014/05/blog-post_10.html
යුද්දෙත් ඉවරයි සන්නාර් රක්‍ෂිතයත් ඉවරයි. මුසලු ව්‍යාප්තවාදයේ නැවතුම කොතැනද?http://denethharinna.blogspot.com/2014/05/blog-post_7519.htmlවිල්පත්තුවෙන් පත්තු වූ රක්‍ෂිත වන විනාශයhttp://denethharinna.blogspot.com/2014/04/blog-post_3649.htmlවිල්පත්තු මුසලු ආක්‍රමණය - බලන් කඩතුරා හැර දෑසේ!http://denethharinna.blogspot.com/2014/04/blog-post_2205.htmlවිල්පත්තුවෙන් යන්න ඕන්නම් අක්කර 40ක් දෙන්නhttp://denethharinna.blogspot.com/2014/04/40.htmlඔබටත් ඉඩමක් ඕනෑනම්, රජයේ ඉඩමක බලෙන් පදිංචි වෙන්න! විල්පත්තු අනවසර පදිංචිකරුවන්ට මරිච්චිකට්‌ටුවෙන් අක්‌කර 50 ක්‌http://denethharinna.blogspot.com/2014/04/50.htmlවිල්පත්තුවේ තාවකාලික නිවාස 73ක්! මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න හමුවේ පිරිස පැටලේ. ගොලුවේ. පරස්පර කතා රැසක්! බද්යුදීන් පසුබසී...http://denethharinna.blogspot.com/2014/04/73.html
නැහැ කිව් අනවසර ඉඳි කිරීම් දැන් අනවසර වෙලා! අධිකරණ නියෝග ලද විගස විල්පත්තු අනවසර පදිංචි කරුවන් ඉවත් කරනවා - වන ඇමැතිhttp://denethharinna.blogspot.com/2014/04/blog-post_9313.htmlවිල්පත්තු සංහාරය - HOUSING COMPLEX - WILPATTU NATIONAL PARKhttp://denethharinna.blogspot.com/2014/04/housing-complex-wilpattu-national-park.htmlපාකිස්තානුවන් ආනයනය කර විල්පත්තුවේ පදිංචි කිරීමට බදුර්දීන් සුදානම්http://denethharinna.blogspot.com/2014/04/blog-post_7213.html
විල්පත්තුව පත්තුකරන දේශපාලන ඉඩම් හොරුhttp://denethharinna.blogspot.com/2014/03/blog-post_4994.html
අන්තවාදයෙන් මුසපත් වී උරුමය වැනසීම නොහොත් විල්පත්තුවේ ඉඩම් කොල්ලයhttp://denethharinna.blogspot.com/2014/03/blog-post_7055.htmlවසර 30000 ට එහා ඉපැරැණි ශිෂ්ටාචාර නෂ්ඨාවශේෂ වනසමින් ඇමැතිට හිතවත් පවුල් 150ක්‌ විල්පත්තුවේ බලෙන් පදිංචි වෙති. ඇමැතිවරයාගෙන් කෑම බීම!http://denethharinna.blogspot.com/2014/03/30000-150.htmlමුලතිව් යළි උණුසුම්! දමිළ ගම් මැද මුසලිමුන්ට පමණක් කලාප. දමිළ විරෝධය!http://denethharinna.blogspot.com/2014/01/blog-post_2967.htmlමුසලුවන්ට දහස් ගනණ් රජයේ සශ්‍රීක වන ඉඩම්. සිහලුන්ට අයිතිව තිබූ ඉඩම්වත් නැහැ. පාලකයෝ නිදි.http://denethharinna.blogspot.com/2013/08/blog-post_8346.html
සිහළුන්ගේ හිමි ඉඩම් අයිතිය නොදෙනා... රජයේ ඉඩම් ලක්ෂ ගණනින් මුසලුවන්ට බෙදනා...
http://denethharinna.blogspot.com/2013/04/blog-post_6041.html
උතුරෙන් මුසලුවන්ට අක්කර 1500ක්. පන්නා දැමූ සිහලුන්ට බිම් අඟලක් නැහැ.
http://denethharinna.blogspot.com/2013/04/1500.html
රිෂාඞ් බදුර්දීන්ගෙන් මුසළුවන්ට පමණක්‌ වෙන් වූ කලාප උතුර - නැගෙනහිර
http://denethharinna.blogspot.com/2013/03/blog-post_12.html
මුලතිව් රක්ෂිතයෙනුත් අක්කර 1300ක් බිලි
http://denethharinna.blogspot.com/2013/03/1300.html
මුස්ලිම් ජනතාව නැවත පදිංචි කිරීමට රිෂාඞ් බදුර්දීන් වන සංහාරයක
http://denethharinna.blogspot.com/2013/03/blog-post_6737.html
මන්නාරමේ අවතැන්වූ සිංහලයන් 8170 න් පදිංචිකරවා ඇත්තේ 847 පමණයි
http://denethharinna.blogspot.com/2013/04/8170-847.html
උතුරේ රජයේ ඉඩම්වල කොටි පවුල් පදිංචි කරවලා
http://denethharinna.blogspot.com/2013/04/blog-post_16.html
]

0 comments: