Pages

Tuesday, May 26, 2015

රාජ්‍ය සේවය මහජන හිතසුව පිණිස වෙනස් වේ! විශේෂ චක්‍රලේඛයක්‌

රාජ්‍ය සේවකයන්ගේ දිවා භෝජන විවේකය විනාඩි තිහකට පමණක්‌ සීමා කරන ලෙස උපදෙස්‌ දෙමින් රාජ්‍ය පරිපාලන, පළාත් පාලන සහ ප්‍රජාතන්ත්‍රීය පාලනය පිළිබඳ අමාත්‍යාංශ ලේකම් ඡේ. දඩල්ලගේ මහතා විසින් සියලු රාජ්‍ය ආයතන ප්‍රධානීන් වෙත විශේෂ චක්‍රලේඛයක්‌ නිකුත් කර ඇත.

කඩිනම් හා ගුණාත්මක මහජන සේවයක්‌ ලබාදීමේ අරමුණින් මෙම විශේෂ චක්‍රලේඛය නිකුත් කර ඇති අතර බදාදා මහජන දිනයේදී අත්‍යවශ්‍ය කාරණයකදී මිස නිවාඩු ලබා නොගන්නා ලෙසත් එදින රැස්‌වීම්, වැඩමුළු සහ උත්සව ආදිය සංවිධානය නොකරනා ලෙසත් එමගින් දැනුම් දී තිබේ.

එසේම මහජනතාවගෙන් රාජ්‍ය ආයතන වෙත ලැබෙන ලිපි සඳහා සතියක්‌ ඇතුළත ලිපිය ලද බවට පිළිතුරක්‌ සහ සති හතරක්‌ තුළ විසඳුම් සහිත අවසන් පිළිතුර ඔවුන් වෙත යොමුකිරීමට පියවර ගන්නා ලෙසත් මෙම විශේෂ චක්‍රලේඛය මගින් දැනුම් දී ඇත.

මහජනතාවගේ ලිපි සඳහා පිළිතුරු යොමුකිරීමේදී එම ලිපිය ලද භාෂාවෙන් යොමුකිරීම ද ලිපිය අවසානයේ "ඔබේ සේවය සඳහා කැපවූ" යන පාඨය යොදන ලෙස ද මෙමගින් උපදෙස්‌ දී තිබේ. රාජකාරි උත්සව ඉතා චාම් සහ සරළ ලෙස පැවැත්වීමට කටයුතු කරනා ලෙස දැනුම් දී ඇත.

රාජ්‍ය සේවයේ ගෞරවය රැකෙන පරිදි සෑම රාජ්‍ය නිලධාරියකුම සංවරශීලී ලෙස හැඳ පැළඳ පැමිණීම යන කරුණු පිළිබඳව මෙමගින් අවධාරණය කර තිබේ.

මහජනතාවගේ පැමිණිලි හා දුක්‌ගැනවිලි පිළිබඳ සොයා බලා කඩිනම් විසඳුම් ලබාදීමට සෑම රාජ්‍ය ආයතනයකටම විශේෂ නිලධාරියකු පත්කිරීමට රාජ්‍ය පරිපාලන, පළාත් පාලන සහ ප්‍රජාතන්ත්‍රීය පාලනය පිළිබඳ අමාත්‍යාංශය කටයුතු යොදා ඇත. 

සිරිමන්ත රත්නසේකර
http://www.divaina.com/2015/05/26/news04.html

Pic Source

0 comments: