එහෙත් මෙවැනි ක්‍රියාදාමයක් තිබියදී ශිවලෝගනාදන් වින්ද්‍යාගේ මරණයට විරෝධය පළ කිරීම සඳහා දහස් ගණනක් දෙනා ඉදිරිපත් වීම ටිකක් අභව්‍ය ය. අත්අඩංගුවට ගන්නා අපරාධකාරයන් උසාවි දමනවා මිස ගමේ මිනිසුන්ට භාර දෙන සිරිතක් පොලිසිය සතුව නැත. එහෙත් ඉන්දියාවේ මෙවැනි ක්‍රමවේදයක් ඇති බව පසුගිය දා වාර්තා විය. ඒ ස්‌ත්‍රී දූෂණ සිදුවීම් දෙකක් නිසා ය. මේ සිදුවීම් දෙකෙහිදීම අපරාධකරුවන් පැහැර ගත් ගමේ කට්‌ටිය ඔවුන්ට පහර දී වධ දහඅටම දී ස්‌ත්‍රී දූෂණ සඳහා යොදාගත් උපකරණවලට බරපතළ හානි සිද්ධ කළහ. මේ සිදුවීම් දෙකට සම්බන්ධ එකෙක් පැහැර ගන්නා ලද්දේ ඔහු රඳවා සිටි පොලිසියට පහර දීමෙනි. අනෙකා ඔහු හිරකර තිබූ රිමාන්ඩ් හිරගෙදර දොරවල් කැඩීමෙනි. එහෙත් මේ දෙකම සුදුසු නැත. අප ශිෂ්ට සමාජයක ජීවත් වන මනුස්‌සයෝ වෙමු.
යාපනය යනු අදටත් ඉතාම සංවේදී භූමියකි. මේ භූමියේ පත්තු වන රතිඤ්ඤයකට, බෝම්බයක බලය ඇත. දිගු කලක් යුද්ධය නිසා දරුණු බැට කෑ යාපනයේ ජනයා හඳුන්කූරු එළියෙන් පවා තිගැස්‌සවිය හැකිය. එසේ තිබියදී උසාවි, පොලිස් සහ බන්ධනාගාර රථ, පොලිස් නිලධාරීන් වැනි රජයේ දේපළවලට පහර දීම දේශපාලන වශයෙන් අර්ථකතනය කිරීමට බලාගෙන සිටින පිරිසක්‌ද වෙති. ශිවලෝගනාදන් වින්ද්‍යා පිළිබඳ සිද්ධියේ අයිතිය මේ කට්‌ටිය අතට නොයනු පිණිස සියලු දෙනා වගබලා ගත යුතුය. කෙසේ වුවද වින්ද්‍යා දියණියණි, ඔබ වැනසූ, ඔබ කෙළෙසූ උන් මරා දැමීමට මිනිසුන් තුළ ඇතිවන අවංක ආවේගය හරිම සාධාරණ ය.
http://www.divaina.com/2015/05/22/editor.html
Pic Source
සබැඳි ලිපි -
[
උතුරේ ප්‍රචණ්‌ඩත්වය මෙහෙයවූ "පීපල්ස් පවර්"http://denethharinna.blogspot.com/2015/05/blog-post_51.html
එදා එල්ටීටීඊය පටන් ගත්තේත් ඔහොම තමයි. උතුරේ පොලිසිවලට ගල් ගැසීම ඉතා බරපතළ තත්ත්වයක්! - MRhttp://denethharinna.blogspot.com/2015/05/mr.html
]
0 comments:
Post a Comment