Pages

Sunday, May 10, 2015

20 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය ඉදිරි දින 10දී පාර්ලිමේන්තුවට


නව මැතිවරණ ක්‍රමය ඇතුළත් ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 20 වැනි සංශෝධනය ඉදිරි දින දහය ඇතුළත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ආණ්‌ඩුව තීරණය කර තිබේ.

මේ අනුව නව මැතිවරණ ක්‍රමය සම්බන්ධයෙන් අවසන් එකඟතාවකට පැමිණීම සඳහා විශේෂ සාකච්ඡාවක්‌ පැවැත්වීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් හෙට (11 දා) සියලු දේශපාලන පක්‍ෂ නායකයන් ජනාධිපති ලේකම් කාර්යාලයට කැඳවා තිබේ.

අවසන් එකඟතාවට පැමිණීමෙන් පසුව එම යෝජනාව ලබන 13 වැනිදා ඇමැති මණ්‌ඩලයේ අනුමැතිය ලබාගැනීමටත් එදිනම එය ගැසට්‌ නිවේදනයක්‌ මගින් ප්‍රකාශයට පත් කිරීමටත් රජය තීරණය කර තිබේ.

අනතුරුව පනත් කෙටුම්පත අධිකරණයට ඉදිරිපත් කෙරෙන අතර 19 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට දැනට සැලසුම් කර තිබේ.

රනිල් ධර්මසේන
http://www.divaina.com/2015/05/10/news12.html


Pic Source

0 comments: