දැනට සෑහෙන කලක සිට සරසවි සිසුන් සහ විවිධ දේශපාලකයන් (රජයට සම්බන්ධ සමහර දේශපාලකයින්ද ඇතුළුව) හා සංවිධාන විසින් නිදහස් අධ්‍යාපනය රැක ගැනීම සඳහා විවිධාකාරයේ උද්ඝෝෂණ හා විරෝධතාවන්වල නියෑළී ඇත. වත්මනයේ ඒවාවල වර්ධනයක්‌ද දැකිය හැක. මෑත දී සරසවි ඇදුරන්ද තුන් මසක වර්ජනයේද ප්‍රමුඛ ඉල්ලීමක් වූයේද නිදහස් අධ්‍යාපනය හා ඒ සඳහා රජය වැයකරන ප්‍රතිපාදන 6% දක්‌වා වැඩිකරන ලෙසයි. එමෙන්ම එය පුවත්පත් මඟින් හා දේශපාලන වේදිකාවලද නිතර නිතර රැව්දෙන මාතෘකාවකි. ඒ අතර එලෙසම හඬක් හා විරෝධතාවයක් පෞද්ගලික අධ්‍යාපනයට එරෙහිව මෙම කණ්‌ඩායම්ගෙන් දැකිය හැකිය. ඒ අතර හතු පිපෙන්නාක් මෙන් පෞද්ගලික පාසල් හා විවිධාකාර උසස් අධ්‍යාපන ආයතන නිදහසේ වර්ධනය වෙමින් ඇත. පෞද්ගලික අංශය බෙහෙවින් ආකර්ෂණය කරන MBA උපාධි අහසින් කඩා වැටෙන්නාක් මෙන් සුලබව ඇති අතර වේගයෙන් වර්ධනයවන්නේ උසස් අධ්‍යාපනයේ ගුණාත්මක බවට බරපතල රතු එළියක් දෙමිනි.
එක් අතකින් නිදහස් අධ්‍යාපනය රැක ගැනීමට සටන්වදින ඉහතින් සඳහන් කණ්‌ඩායම්වලට සුළුවෙන් හෝ සතුටු විය හැකි ප්‍රගතියක් දැකිය නොහැකි අතර එමඟින් පවතින ජාතික අධ්‍යාපනයට සිදුවන හානිය නම් අති භයානකය. මන්ද පවතින ජාතික අධ්‍යාපනය බරපතල ලෙස වේගවත් කඩා වැටීමට නැතහොත් සෝදා පාලුවට ලක්‌වෙමින් තිබීමය. මේ බව අතිශයෝක්‌තියක් නොවන්නේ රජයේ ඇමැතිවරුන් විශේෂයෙන්ම අධ්‍යාපන ඇමැතිවරයාම ඒ බව විවෘතව ප්‍රකාශ කරන බැවිනි. ජුලි මස 5 වෙනි දින අද පුවත්පතේ අධ්‍යාපන ඇමැතිවරයාගේ ප්‍රකාශයකට අනුව සාමාන්‍ය පෙළ විභාගයෙන් ගණිත විෂයයෙන් 118000 ද විද්‍යාවෙන් (ලකුණු 19 ක් අතින් දීලත්) 85000 ද සියලුම විෂයයන්ගෙන් 11000 පමණ අසමත් වන බවත් ඊට හේතුව ලෙස මේ අධ්‍යාපන ක්‍රමයේ පවතින අසාර්ථක බව ලෙස සඳහන් කිරීමෙන්ම ඒ බව පැහැදිලිය. අධ්‍යාපන ඇමැතිවරයාගේ (සහ වෙනත් ඇමැතිවරුන්ගේ) එම ප්‍රකාශ ඉතාමත් අගය කළ යුත්තේ සත්‍යය වසන් නොකිරීමේ විවෘතභාවයයි. අවාසනාවට මෙන් උසස් අධ්‍යාපන ඇමැතිවරයා රටේ පවතින උසස් අධ්‍යාපනය ගැන කරන ප්‍රකාශ බෙහෙවින් සත්‍යයට දුරය. අධ්‍යාපන ඇමතිවරයාට සත්‍යය වසන් කිරීමට අවශ්‍ය නොවන්නේ එම පරිහානියට වගකිව යුත්තේ ඔහු නොවන බැවිනි. අතීතයේ දී අප සමහර නායකයින් හා ඔවුන්ගේ අනුගාමිකයන් දේශපාලන වාසි බලා අධ්‍යාපනයට කළ හානිවල ප්‍රතිඵල බව ඔහුද දන්නා නිසයි.
අනිත් අතට ඉහතින් සඳහන් කළ උද්ඝෝෂණ හා විරෝධතා සහ අධ්‍යාපන බලධාරීන්ගේ කිසිදු බලපෑමකින් තොරව නිදහසේ සහ අති මහත් වේගයෙන් පෞද්ගලික පාසල් (පෙර ප්‍රාථමික හා ද්විතීයික) හා උසස් අධ්‍යාපන ආයතන රට පුරා වර්ධනය වෙමින් ඇත. බලධාරීන්ගේ බලපෑමක් නැතිවා මෙන්ම එම ආයතනවල ගුණාත්මකභාවය ගැනද අවධානයක් සිදු නොකරන බැවින් එයින් සිදුවන අවදානම ඉතා බරපතල විය හැකිය. පාසල් අධ්‍යාපනය බලනවිට එම ජාත්‍යන්තර පාසල් වඩාත් සංවිධානාත්මකව පවත්වාගෙන යන බැවින් ඒවායින්a සිදුවන සේවය අප රටට ඉතා වැදගත්ය. ඒවායේ දරුවන් ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය හැදෑරීම හේතුවෙන් උසස් අධ්‍යාපනය හැදෑරීමට දේශීය හා ජාත්‍යන්තර දොරටු විවෘතවන අතර රැකියා අවස්‌ථාවන්ද සිංහල මාධ්‍ය සිසුන්ට වඩා වැඩියෙන් මොවුන්ට ඇත. ක්‍රීඩා සහ අනිකුත් බාහිර ක්‍රියාකාරිත්වයන් අතින්ද සමබර අධ්‍යාපනයක් මොවුන්ට ලැබීම හේතුවෙන් රජයේ පාසල් සිසුන්ට වඩා ඉදිරියට යැමේ වැඩි ප්‍රවනතාවයක් දැකිය හැක. රජයේ පාසල් අතරින් මෙවන් පහසුකම් සහිත පාසල් ඇත්තේ දෙක තුනකට පමණි. ඒවායේද දොරවල් වැඩි වශයෙන් විවෘතව ඇත්තේ දේශපාලන බලය හෝ මුදල් බලය ඇති අයටය. දැනටමත් පෞද්ගලික පාසල් අධ්‍යාපනය ලබා අ.පො.ස. (සා/පෙ) සුදුසුකම් සහ ලන්ඩන් සා පෙළ පමණක් ලද විශාල සිසුන් සංඛ්‍යාවක් ලොව විවිධ රටවල උසස් අධ්‍යාපනය ලබමින් සිටිති. පෞද්ගලික අධ්‍යාපනයට එරෙහිව මොනතරමි උද්ඝෝෂණ පෙළපාලි හා විරෝධතාවයන් ප්‍රදර්ශනය කළත් අපට පැහැදිලිව පෙනෙන සත්‍යය එයයි.
විශේෂයෙන් පෞද්ගලික ව්‍යාපාර එම උපාධිධාරීන් කෙරෙහි විශේෂත්වයක් දැක්‌වීමෙන් නිදහස් අධ්‍යාපනය ලබන අති බහුතරයකට සිදුවන බලපෑම ඉතා අවාසනාවන්ත වීම වැලැක්‌විය නොහැක. මා සිතන අන්දමට දැනටමත් වසරකට ජාතික සරසවිවලට ඇතුළත්වන සිසුන් සංඛ්‍යාවට වඩා වැඩි සංඛ්‍යාවක් විදෙස් සරසවි හා ඒවාට අනුබද්ධ ආයතනවලට ඇතුළත් වෙති. ඒ අයගෙන් වැඩිදෙනෙක් උසස් පෙළ අවම සුදුසුකම් සහ සාමාන්‍ය පෙළ සමත් අයයි. අප රටේ වැඩි ජනගහනයක් වන මධ්‍යම පන්තියේ ජනතාවගේ දරුවන් වැඩි වැඩියෙන් මේවාට පිවිසෙන්නේ එක් අතකින් සුදුසුකම් ඇතත් ජාතික සරසවිවලට ඇතුළත්වීමට වරම් නොලැබීමත් අනිත් අතින් උසස් අධ්‍යාපනය අද දරුවන්ගේ අනාගත සාර්ථකත්වයේ එකම දොරටුව බව පැහැදිලිව දන්නා නිසයි. මෙම යථාර්ථයට, නිදහසට හා අයිතියට එරෙහිවීමට කිසිවකුට නොහැකිය. එය නිදහස් අධ්‍යාපනයට එරෙහිවීමක් යෑයි කිව නොහැක. එය අධ්‍යාපන නිදහසයි. පෞද්ගලික පාසල් හා උසස් අධ්‍යාපනයට කොතරම් විරුද්ධ වුවත් පෙළපාලි ගියත් ඒවා නැවැත්විය නොහැකි බව ඉතා පැහැදිලිය. අධ්‍යාපනය ජාත්‍යන්තරකරණයවීම ලොව සෑම රටකම දැකිය හැක. විශේෂයෙන් ඔස්‌ටේ්‍රලියාවේ ප්‍රමුඛ පෙළේ විශ්වවිද්‍යාලවල ශාඛා සෑම ආසියාතික රටකම ඇති අතර ඒවාට ශ්‍රී ලාංකික දරුවන් උසස් අධ්‍යාපනය හැදෑරීමට යැමේ වේගවත් ප්‍රවනතාවයක් අද දැකිය හැක.
මෙවන් වාතාවරණයක් යටතේ නිදහස් අධ්‍යාපනය පිළිබඳව දශක ගණනාවක් තුළ කරනු ලැබූ හා කරනු ලබන උද්ඝෝෂණ විරෝධතා සහ විවිධ පාර්ශ්වයන් එල්ලකරගන්නා චෝදනාවල කිසිදු පදනමක් මෙන්ම වටිනාකමක් හෝ ඵලයක් නැති බව ඉතාමත් පැහැදිලිය. එසේනම් අප කළයුත්තේ කුමක්‌ද? නිදහස් අධ්‍යාපනය හා අධ්‍යාපන නිදහස යනු එකක් නොව ඉතා පුළුල් ලෙස විග්‍රහ කළයුතු හා තේරුම් ගතයුතු කරුණු දෙකකි. නිදහස් අධ්‍යාපනය ගැන කෑ කෝ ගසන වැඩිදෙනාට ඒ ගැන නිවැරදි අවබෝධයක් නැති බවද ඉතා පැහැදිලිය. අප විසින් කළයුත්තේ හා තේරුම්ගත යුත්තේ නිදහස් අධ්‍යාපනය අදට නැතහොත් 21 ශතවර්ෂයට එසේත් නැතහොත් අද දරුවන්ගේ අනාගතය සාර්ථක කරගත හැකි අන්දමට සකසාගන්නේ නැතිනම් වෙනස් කරගන්නේ කෙසේද යන්නට පිළිතුරු සෙවීමයි. එය කළහැක්‌කේ සරසවි ඇදුරන් ඇතුළු රටේ සිටින උගතුන්ටය. වසර සිය ගණන් පැරණි අධ්‍යාපන ක්‍රම හා පාඨමාලාවන් වෙනස් කිරීම හෝ නවීකරණය කිරීමට ඔවුන්ට අයිති කාර්යයක් මිස පාලකයින්ට හෝ දේශපාලකයන්ට අයිති දෙයක් නොවේ. අවාසනාවට මෙන් අද ඔවුන්ද අර විරෝධතාකරුවන්ගේ ගොඩට වැටී හිස් සටන්පාඨ දොඩමින් ඇත (අතලොස්‌සක් හැර). අධ්‍යාපනයට 6% ක් ඉල්ලා මාස තුනක් අරගල කළත් ඒ කුමක් සඳහාද කෙසේද යන යාන්ත්‍රණය පැහැදිලිව හා සවිස්‌තරාත්මකව ජනතාව ඉදිරියේ හෙළිකිරීමට ඔවුන් අපොහොසත් වූහ. එබැවින් එම ඉල්ලීම හා අවශ්‍යතාවය මහ ජනතාවට ඒත්තු ගැන්වීමට නොහැකිවීම හේතුවෙන් ජන හඬක් මතු නොවීය. මහඟු අවස්‌ථාවක් නැතිකරගත්තා යෑයි මා සිතමි. ඒ අවස්‌ථාවේ රට දැනුවත් කළේ නම් 6% කෙසේ වෙතත් අඩු වශයෙන් ඉන් අඩක් දක්‌වාවත් වැඩිකරගැනීමට බලධාරීන්ගේ අවධානය යොමුකරගත හැකිව තිබුණි. 2013 ජූලි මස 11 දින Island පුවත්පතෙහි මුල් පිටුවේ පළවූ ඇමැති ආචාර්ය සරත් අමුණුගම මහතාගේ ප්‍රකාශයක් වන අද පාසල්වල උගන්වන්නේ කුණුකසළ (rubbish) බැවින් 6% ක් වෙන් කිරීම අනවශ්‍ය බව කීම මා දකින්නේ අප සරසවි ඇදුරු ප්‍රජාවට එල්ල කරන ලද දැවැන්ත අතුල් පහරක් ලෙසටය. ඔහුද උගත් අයකු බැවින් සරසවි ඇදුරන්ට එම චෝදනාවෙන් මිදිය නොහැක්‌කේ එම කුණුකසළ සුද්ද කිරීමේ කාර්යය පැවරී ඇත්තේ ඔවුන්ට බැවිනි. බොහෝ පීඨවල සිසුන් බුරුතු පිටින් පන්ති වරමින් විවිධ උද්ඝෝෂණවලට නැඹුරුවනුයේ ඔවුන්ට හැදෑරීමට ඇති පාඨමාලා අමුණුගම ඇමැතිවරයා පාසල් විෂයයන් හැඳින්වූ ගනයටම අයත් බව හොඳින් දන්නා බැවිනි. ජ්‍යෙෂ්ඨ සරසවි ඇදුරකු වන මා ද එහි වෙනසක් නොදකිමි.
අද පවතින පාසල් අධ්‍යාපනය හා උසස් අධ්‍යාපනයේ කුමණ ක්‍ෂේත්‍රයක් ගත්තත් බරපතල කඩාවැටීමක්a දැකිය හැකි වන්නේ කලක සිට නිදහස් අධ්‍යාපනය වැරදි දිසාවකට යොමුකරවීමේ ප්‍රතිඵලයක් ලෙසටයි. කාලයට අවශ්‍ය අන්දමට අධ්‍යාපනය වෙනස් කරනවා වෙනුවට පැලැස්‌තර දමමින් ආපස්‌සට යැමට හෝ එකතැන පල්වෙන තැනට කටයුතු සිදුවුණි. මෙම තත්ත්වය පාසල් හා උසස් අධ්‍යාපන ක්‍ෂෙත්‍ර දෙකටම පොදුවීය. අද බොහෝ රටවල් පාසල් අධ්‍යාපනයට රාජ්‍ය අංශය මඟින් විශාල ලෙස මුදල් වැය කරන අතර උසස් අධ්‍යාපන ආයතන විසින් ඵලදායී පාඨමාලා හා පර්යේෂණ ක්‍රියාත්මක කිරීම මඟින් ව්‍යාපාර ලෝකය හා ඒකාබද්ධ වී ඒවායේ වර්ධනයට අවශ්‍ය මූල්‍ය හා අනිකුත් සම්පත් උපයාගනිති. එමඟින් ඒ රටවල රජයන්ට උසස් අධ්‍යාපනය සඳහා දැරීමට සිදුවන වියදම් අඩුකරගත හැකිය. එවැනි දියුණු මට්‌මකට අපගේ විශ්වවිද්‍යාල ගෙන ඒමට නොහැකිවීමට වගකිව යුත්තේද අප සරසවි අධ්‍යයන ප්‍රජාවමය. මේ අයගේ වගකීම විය යුත්තේ 3% ක් හෝ ආසන්න ගණනක් රජයෙන් ඉල්ලා අඩු වශයෙන් සුළු කොටසක් හෝ සරසවි පාඨමාලා හා පර්යේෂණ දියුණු කිරීමෙන් උසස් අධ්‍යාපනයට අවශ්‍ය මූල්‍ය සම්පත් උත්පාදනය කරගැනීමයි. එය උසස් අධ්‍යාපනයේ අරුත නැතහොත් පරමාර්ථය මිස බලහත්කාරයෙන් කරගතයුතු දෙයක් නොවේ. එසේ කරන්නේ නම් සරසවි සිසුන්ට හා ඇදුරන්ට මෙතරම් අවමාන සහ බලධාරීන්ගේ දඬුවම්වලට ගොදුරුවන්නට සිදුවන්නේ නැත. ගෞරවයෙන් හා ස්‌වාධීන කොටසක් ලෙස රටට සේවයක් කළ හැකිවනු ඇත. ඒ සම්බන්ධයෙන් රජයේ කාර්යභාරයක් නැතැයි යන්න අදහස් නොවේ. නමුත් සරසවි අධ්‍යයන ප්‍රජාවට රජය ඒ සඳහා පෙළඹවීමේ හැකියාව ඉහත සඳහන් ක්‍රියාදාමයන් තුළින් සිදුකළ හැකිය.
අප සරසවි අධ්‍යයන ප්‍රජාවට ප්‍රායෝගික ගැටලු කීපයකට මුහුණපෑමට සිදුව ඇත. මූලිකම ගැටලුව වන්නේ ලොව ඉහළ පෙළේ සරසවි සමඟ පුළුල් ලෙස හා උසස් මට්‌ටමේ ජාත්‍යන්තර සබඳතා පවත්වන හා පැවැත්විය හැකි ආචාර්ය මහාචාර්යවරුන් නොමැතිකම හෝ ඉතාමත් දුර්ලභ වීමයි. කලා සමාජ හා මානවවිද්‍යා පීඨවල මෙය වඩාත් කැපී පෙනේ. මන්ද එම පීඨවල බොහෝ ඇදුරන් බී. ඒ, එම්. ඒ. හා පී. එච්. ඩී. (ඇති අය) බොහෝ විට ඒවා ලබා ඇත්තේ එකම (දේශීය) විශ්වවිද්‍යාලයකින් හා එකම පුද්ගලයකුගේ උපදේශකත්වයෙන් වීම හා වැඩි දෙනෙකු ඒවා සම්පූර්ණකොට ඇත්තේ සිංහල මාධ්‍යයෙන් වීමයි. නිදසුනක් ලෙස Prof. XXXXXX B.A, (USJP),M.A., (USJP), PhD, (USJP) under the same
supervisor and Associate, Full Professor and Senior Professor from the same
university මෙවන් පසුබිමක් තුළ අප සරසවිවලට මෙවන් ගමනක් යැම අති දුෂ්කරය. බොහෝ දුර ගමනක් යා යුතුය. එසේනම් මෙම ක්‍රියාදාමයේ අත්තිවාරම විය යුත්තේ කවුරු අකමැති වුණත් කෙතරම් දුෂ්කර කාර්යයක් වුණත් සියලුම පීඨවල අධ්‍යයන කටයුතු සම්පූර්ණයෙන්ම ඉංග්‍රීසි බසින් පැවැත්වීමයි. බොහෝ පීඨවල සිසුන්ගෙන් මේ සඳහා ප්‍රබල ඉල්ලීමක් ඇතද කෙස් පැලෙන තර්ක ඉදිරිපත් කරමින් ආචාර්යවරුන් බහුතරයකගේ ශක්‌තියෙන් එම ඉල්ලීම් ප්‍රතික්‌ෂේප වන බව මා ද කීපවරක් අත්දුටුවෙමි.
අද නිදහස් අධ්‍යාපනය රැකගැනීමට දිවා රෑ මොරදෙන සටන්කාමීන්ගේ හිස් සටන්පාඨ වෙනුවට ඉහත සඳහන් කාරණයට හා අමුණුගම මහතා මතක් කළ කුණුකසළගොඩ ඉවත්කොට අදට ගැලපෙන පාඨමාලා ගෙනඑන ලෙසට වෙනස් කිරීමේ කාරණයද එකතු කළහොත් ඔවුන්ගේ සටන් රසවත් මෙන්ම අර්ථවත්වනු ඒකාන්තය. එසේ නොවුනහොත් අපගේ නිදහස් අධ්‍යාපනයට මැදපෙරදිගම පිහිටයි. නැතහොත් දෙවියන්ගේම පිහිටයි.
එච්. එම්. නවරත්න බණ්‌ඩා - ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය, බාහිර මහාචාර්ය නිව්යොක්‌සිටි විශ්වවිද්‍යාලය
http://www.divaina.com/2013/09/05/feature01.html

0 comments:
Post a Comment