වර්තමාන ශ්‍රී ලංකාව තුළ පුරාවස්‌තු විනාශ කොට නිධන් හෑරීමත්, පුරාවස්‌තු සොරකම් කිරීමත් සීග්‍ර ලෙස පැතිරයමින් පවතී. ජාතියක හදමස ඇස් පනාපිට උදුරාලන්නා සේ සිදුකෙරෙනා මේ ව්‍යසනය රටෙහි සංස්‌කෘතික වටිනාකම් හා නෛතික ආධිපත්‍යයේ බිඳ වැටීමක් සිදු වූ සෑම කලෙකම තීරණාත්මකව මතුව පැමිණියේය. ඒ පිළිබඳව වන ඓතිහාසික සාක්‌කි තිබේ.පුරාවස්‌තු සංහාරයේ ඉතිහාසයමුලින්ම අප රට ආක්‍රමණය කළේ චෝල රජවරුන්ය. ශ්‍රී ලංකා ඉතිහාසයට අනුව චෝල ආක්‍රමණ කිහිපයක්‌ම සිදු වී ඇති නමුදු, අපගේ එවකට පැවැති රාජධානිත්, ශිෂ්ටාචාරයත් දැඩි ලෙස විනාශයට පත්කොට කොල්ල කෑ ප්‍රධාන චෝල ආක්‍රමණ දෙකකි. ඉන්...