Pages

Monday, December 31, 2012

අපි නිහඬ විය යුතු නෑ… ජාතිය ආගම ගැන කතා කරන්න පසුබට වියයුතු නෑ


December 30, 2012 at 4:40 pm | Lanka C News.

‘‘අපි නිහඬ විය යුතු නෑ. ජාතිය, ආගම වෙනුවෙන් කතා කරන එක තම තමන්ගේ වැදගත්කමක්’’ යැයි සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ ජ්‍යෙෂ්ඨ ලේඛකාධිකාරී, ඇත්කඳ රජමහා විහාරාධිපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආනමඩුවේ ධම්මදස්සි නා හිමියෝ පවසති.

උන්වහන්සේ එසේ කියා සිටියේ සහජීවනයෙන් ‘‘බෞද්ධ උරුමය සුරකිමු’’ තේමාව රැගෙන පැවැත්වූ බෞද්ධ කොඩි පෙරහර පිළිබඳ අදහස් දක්වමිනි.

තවදුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ කියා සිටියේ,

‘‘කහ සිවුරයි, සිංහල ජාතියයි ඒකාබද්ධ වෙලා තමයි බෞද්ධාගම රැකගත්තේ, හාමුදුරුවරු නායකත්වය ලබා දුන්නත්, හාමුදුරුවන්ගේ පැවැත්ම තියෙන්නේ බෞද්ධයන් නිසා. බෞද්ධයන් නැත්නම් හාමුදුරුවරු ආරක්ෂා කරන්න කවුරුත් නෑ. හාමුදුරුවරු නැත්නම් මේ සිද්ධස්ථානත් ඔක්කොම වල්බිහි වෙලා. උතුරු, නැගෙනහිර වැනි ප‍්‍රදේශවලින් සිංහල බෞද්ධයන් දුරස් වුණූ නිසා ඒ ප‍්‍රදේශවල සිද්ධස්ථාන විනාශ වෙලා. නටඹුන් තියෙනවා. කඩලා විනාශ කරලා. අපි අපිට උරුම දේවල් රැකගත යුතුයි. වෙනත් ජාතියකට, ආගමකට ගහන්න නෙවෙයි. අපි අපේ දේවල් ආරක්ෂා කරගත යුතුයි.’’

කුරුණැගල ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී සහ සභාපති හිමිවරු ප‍්‍රමුඛ සංඝරත්නය පෙරටුකරගත් දරුවන් සහ වැඩිහිටියන් 5000ක් පමණ බෞද්ධ කොඩි රැගෙන පෙරහරේ ගමන් ගත්හ.

4 comments:

Anonymous said...

1. උන්නාන්සෙ ජාතිය ආගම වෙනුවෙන් සටන් කළා කියල නිවන් දකින්න ලැබෙනවද?

2. බුදු හාමුදුරුවො වැඩ සිටිය නම් ජාතිය වෙනුවෙන් තියා ආගම වෙනුවෙන්වත් සටන් කිර්‍රිම අනුමත කරයිද?

Anonymous said...


Buddhist priest nabbed for drunken driving
Published on Monday, 31 December 2012 09:32
Email Print

himi 410px 27-06-12(Mirror )- An incident where a Buddhist priest has been arrested by the police yesterday (30) for driving a motor vehicle in a drunken state, has been reported from the Anuradhapura sacred city. The police had given pursuit to a speeding vehicle in the city limits and had questioned those in it when it was stopped at a filling station.

Thereafter it was revealed that a Buddhist priest had been at the wheel and two other priests were traveling with him.

The group was taken to the Anuradhapura police station and the inebriated priest was given a breathalyzer test which established that he was under the influence of liquor. Earlier, the priest had refused to take the test.

The arrested is a 33 year old Buddhist priest, a chief Incumbent of a Viharasthanaya in Homagama.

Despite having being arrested for drunken driving and for driving without a valid driving license, he was later released on police bail.

In a response to a query whether a Buddhist priest is permitted to drive a vehicle, the police Media spokesman responded if he was in possession of valid driving licnce, there was nothing illegal about a Buddhist priest driving a vehicle.

However, currently a Buddhist priest from the Kalutara area, has petitioned the Appeal Court, praying that the authorities be directed to issue him with a license to drive a motor vehicle.

දෙනෙත් හරින්න ! said...

බොදු උරුමය සුරැකුම වෙනුවෙන් ක්‍රියා කරනා සඝුන්ට දම් දෙසන්නට එන අබෞද්ධයන්ට පිළිතුරක්...
අන්‍යාගමික උවදුරු පැමිණියහොත් බුදුරජාණන් වහන්සේ කෙසේ ක්‍රියා කරත් ද?
http://denethharinna.blogspot.com/2012/12/blog-post_7426.html

දෙනෙත් හරින්න ! said...

1. නැත. ජාතිය රැකුනොත් දහම රැකේ. දහම රැකුනොත් ලෝ පුරා සත්‍ය සොයන්නන්ට දොරටු විවර වේ. නොපෙනෙන දෙවියෙකුට තමා භාරකර සිටින සියළු දේවවාදී ආගම් වළට ඉඳුරා වෙනස්, තම විමුක්තිය තමා සතුවම ඇත යන්න පැවසූ නිමළ දහම සුරැකුම, සම්‍යක්දෘෂ්ටික සැම පැතුමයි!

2. ජේතවනාරාමය අසල එහි ඉඩමක ඉඳිවූ තීර්ථකාරාමයකට එරෙහිව යුක්තිය ඉටුකරගැනුම සඳහා රජු හමුවට යෑමෙන් බුදු රඳුන් වහන්සේ සාන්ඝික දේපළ රැකගැනුමට ක්‍රියා කළ යුතු අයුරු ආදර්ශයෙන්ම පෙන්වා දුන් සේක! එබැවින් එම ආදර්ශයට අනුව යමින් පෙර රජවරු බුදු සසුනට පූජා කළ ආරාම, විහාර, ඉඩකඩම්, පන්සල් [සහ මුළු ලක්දිවම (නව වරක් සසුනට පුදා ඇත)]වැනි සාසනික සාන්ඝික දේපළ රැකගැනුම භික්ෂුවකගේ වගකීමයි!

නොදන්නා දෑ ගැන මුනිවත රැකුම අන්තවාදීන්ගේ යහපතට හේතුවනු ඇත. බොදුනුවන්ගේ ඉවසීමටත් සීමාවක් පවතී.