Pages

Sunday, January 4, 2015

නැගෙනහිර ඇවිලෙන මුස්‌ලිම් මූලධර්මවාදී ගින්න...06 නැගෙනහිර 'උම්මාව' ඒ යුද්ධයට සූදානම්!

අප ආ මඟ ඔස්‌සේම වෙරුගල් සිට යළි සේරුනුවර දෙසට ගමන් අරඹා වැඩි වේලාවක්‌ ගත නොවීය. තව්තිසාවත් අපායත් එක ළඟ යෑයි හැඟෙන ඒ මහා වෙනස දැන් නැවතත් ඇස්‌ මානය දක්‌වාම පෙනෙන්නට ඇත. අපේ ගමන් සගයා සුපුරුදු පරිදි රථයේ වේගය ගනිමින් සිටී. ඒ අතරේ මම සියල්ල පිළිබඳ මොහොතක්‌ කල්පනා කළෙමි.

ඇස ගැටෙන මේ වෙනස තුළ අනාගත සන්නද්ධ බෙදුම්වාදයක පෙරනිමිති සමඟ ජාතිවාදය, වර්ගවාදය ආදී ලෙසින් වූ බොහෝ දේ දකින්නට ඇත. ඒ අතරේ මුස්‌ලිම් ව්‍යාප්තවාදය මතින් අද නැගෙනහිර බිමේ රහසේම සීමා මායිම්ද සටහන් වන්නේය. මෙහි ගොඩනැගී ඇති ආරාබි සුරපුරයේ සුන්දරත්වයත්, ඉන් බෙදී වෙන්වී යමින් තිබෙන ජනවාර්ගික සුහදත්වයත් රටට කියමින් සිටින්නේ මහා ෙ€දනීය අනාවැකියකි.

"මේ බිම යළි විශාලා මහ නුවරක්‌ වන පෙරමඟ ලකුණු පහළ වී ඇති වග සියල්ලන් වටහා ගනිල්ලා" යනුවෙන් ඒ අනාවැකියේදී අවසානයටම කියෑවෙමින් තිබෙන්නේය. එහෙත් යහපාලනය, ප්‍රජාතන්ත්‍රවාදය සහ විධායක ක්‍රමය ඇතුළු දේ ගෙන දොඩවනවුන්ට එය නොවැටහෙන්නේය. නොවැටහීම නොව සැබැවින්ම සිදු වතිබෙන්නේ බලය වෙනුවෙන් නොවැටහෙන්නවුන් ලෙස රැඟීමය. 

මොවුන් එක්‌ වී යකා බදාගෙන නටන අතරේ "මොන පිස්‌සුද මූ යකා නොවේ" යෑයි පවසමින් ප්‍රජාතන්ත්‍රවාදය, යහපාලනය සහ විධායක බලය ආදී ලෙසින් රටට ඇසෙන්නට අද බයිලා කියන්නේද ඒ නිසාය.

මේ බයිලා අසන ඇතැම්හු යකා යකාම බව දැන දැනත් හුරේ දමන්ටද පෙළ ගැසී සිටිති. සිදුවෙමින් තිබෙන්නේ ඒ ටිකය. අප බෝම්බ මතින් ඇවිද ගිය ජාතියක්‌ බව කිසිවකුගේත් මතකයේ නැත. ඒ අතරේ අපට පෙනෙන්නට මෙතෙක්‌ වෙස්‌වලාගෙන සිටි යකුන් දැන් තම තමන්ගේ විමාන තනන්නට ගමන යමින් සිටින්නේ අපූරු ලෙසිනි. 

මුස්‌ලිම් මූලධර්මවාදයේ ගිනි අළු යට සැඟවී තිබෙන නැගෙනහිර බිමේ තමන්ගේය කියන කලාප ඉල්ලන රාවුෆ් හකීම්ලා මෙන්ම බදියුදීන් ඇතුළු මෙරට මුස්‌ලිම් දේශපාලනය අද මහින්ද රාජපක්‍ෂ හැර යන්නේ ඒ අනුවය. ඉලංකෙයි තමිලරසු පක්‍ෂයේ නොහොත් නාමික දෙමළ ජාතික සන්ධානයේ පක්‍ෂ ව්‍යවසථාව මගින්ම ප්‍රකාශ කරන පරිදි පැහැදිලිවම බෙදුම්වාදය ඉල්ලන ආර්. සම්බන්ධන් ඇතුළු ටීඑන්ඒ නඩය යකා හා නටන්ට රිසිවුන් සමඟ සන්ධානගත වන්නේද ඒ නිසාමය.

මෙරට මුස්‌ලිම් සහ දෙමළ දේශපාලනය, මේ බිමෙන් තමන්ගේය කියන කොටසක්‌ ඩැහැ ගැනීමේ බෙදුම්වාදය තුළ සැමදා සිටි බව කාටත් රහසක්‌ නොවන්නකි. මීට වසර තිස්‌ අටකට පෙර 1976 දී ඇතිකරගත් වඩුක්‌කෝඩෙයි සම්මුතිය තුළින් සහ 2003 ඇති කර ගත් ඔලුවිල් සම්මුති මගින්ද ඔවුන් සපථ කර සිටියේ එකී බෙදුම්වාදය ය. ඔවුහු හෙට දවසේද ඒ තුළම සිටිති. එහි කිසිදු වෙනසක්‌ නම් නැත. එය එසේ නොවන්නේයෑයි කියන්නට කිසිවකුටත් නොහැකිය. මෙරට මුස්‌ලිම් සහ දෙමළ දේශපාලනය බෙදුම්වාදයෙන් ඉවත් වන්නේ යෑයි සහතික වන්නට අද යහපාලනය, ප්‍රජාතන්ත්‍රවාදය ගැන කියමින් වෙනසක්‌ සොයන අයට හැකිවේද? නැත. බලය හමුවේ කරන බොරුවකින් මිස සැබෑ ලෙස එසේ සහතික වන්නට කිසිවකුටත් නොහැකිය. 

ප්‍රභාකරන්ගේ ත්‍රස්‌තවාදය වනසා තිස්‌ වසරකට පසු එක්‌සේසත් කෙරුණු අප උපන් බිමට මේ සිදුවෙමින් තිබෙන්නේ කුමක්‌ද? තල්අත්තට බෙලි ගෙඩිය වැටුණේ හාවා බිය වූ අපේ ජනවහරේ එන කැලෑ කතාවේදීය. එහෙත් මේ සිදුවෙමින් තිබෙන්නේ සෑබැවටම ජාතියේ හිස මතට අහස කඩා පාත් කිරීමට සැරසීමය. 

මගේ සිතට නැඟුණු ඒ සිතුවිලි අතරේ බන්දු මල්ලීත්,, කපිල හා චන්ද්‍රසෝම මහතාත් රථයේ පසුපස අසුනට වී බර දේශපාලන සංවාදයක පැටලී සිටිති. අප දැන් සිටින්නේ සේරුවිල නගරයද පසුකර පෙරදා පැමිණි මඟ ඔස්‌සේ යළි කන්තලේ දෙසට ගමන් කරමිනි. නැගෙනහිර බිමේ හතර අතට විහිදී යන අතුරු මාවත් පිළිබඳ අපේ ගමන් සගයාට ඇත්තේ වටිනා අවබෝධයකි. එය අගය කළ යුත්තේමය. 

කන්තලේ සේරුනුවර මාර්ගය ඔස්‌සේ පැමිණි අප රථය ඔහු එක්‌ මංසන්ධියකදී පටු මාවතකට හරවනු ලැබුවේ ඒ දැනුම සමඟය. එකී හැරවුමෙන් පසු යළිත් ඔහු සිය හඬ අවදි කරමින් මා අමතන්නට වූවේය.

"අයියේ.. අපි දැන් යන්නේ දෙහිවත්ත කියන ගමට. ඇත්තටම දෙහිවත්ත ගම කියන්නෙත් එල්ටීටීඊ එක නිසා හොඳටම බැට කාපු ගමක්‌. ඒත් මේ ගමේ හිටිය මිනිස්‌සු දෙහිවත්ත අතඇරලා පැනලා ගියේ නැහැ. ඔවුන් ත්‍රස්‌තවාදීන් එක්‌ක ජීවිත පරදුවට තියලා ගැටුණා.. අපි යමු. ගමට ගියහම අයියට වැදගත් විස්‌තර ටිකක්‌ ගන්න පුළුවන් වෙයි. එදා කොටි ත්‍රස්‌තවාදයෙන් බැට කාපු ඒ මිනිස්‌සු අද මුස්‌ලිම් මූලධර්මවාදයේ වගේම තවමත් තැනින් තැන සිද්ධ වෙන දෙමළ බලහත්කාරයේ ගොදුරු වෙලා ඉන්න විදිහත් ඔයාට බලා ගන්න පුළුවන් වෙයි.."

මෙසේ මා සමඟ කතා කරන අතරේ තවත් කිලෝ මීටර් කිහිපයක්‌ ඉදිරියට අප රැගෙන ගිය හේ එක්‌ තැනකදී යළි රථය පටු ගුරු පාරකට හරවනු ලැබීය. එකී හැරවුමෙන් පසු ඒ ගුරුපාර ඇත්තේ කොටි ත්‍රස්‌තවාදයෙන් බැට කෑ මිනිසුන් වෙසෙනා දෙහිවත්ත ගමට යන්නට බව ඔහු මට කියන්නට වූයේ එන අතරමග දුටු අද නැගෙනහිර බිමේ මුස්‌ලිම් ගම්මාන පුරා විසිරී තිබෙන කාපට්‌ හා කොන්ක්‍රිට්‌ ඇතිරූ මාර්ග පිළිබඳවද සිහිපත් කරමිනි. 

සැබැවින්ම මේ සිදුව ඇත්තේ කොතරම් දුෂ්ට කමක්‌ද? නැගෙනහිර බිමේ මුස්‌ලිම් ගම්මාන වෙත යන්නට ඇති මංමාවත් මනා ලෙස සැකසෙද්දී එහි ක්‍රියාත්මක මුස්‌ලිම් රාජ්‍ය නිලධාරි මාෆියාව දෙහිවත්ත ගමට දක්‌වා ඇත්තේ නින්දිත සැලකිල්ලක්‌මය. අපි තවත් ඉදිරියට ගියෙමු. අවසානයේ දෙහිවත්ත ගම මැද ඉදිකර තිබෙන ලස්‌සන පුංචි බුදු මැඳුරද පසු කරමින් දෙහිවත්තේ කතාව මුල සිට අගට දැන ගැනීමේ අදහස ඇතිව අප ළඟා වූයේ සිරි මණ්‌ඩලගිරි රජමහා විහාරස්‌ථානය වෙතටය. 

වේලාව දැන් පස්‌වරු දෙකද පසුවී ගොසිනි. දැනෙන කුසගින්න ඇඟට ගෙන දෙන්නේ දැඩි විඩාවකි. මණ්‌ඩලගිරි රජමහා විහාරයේ විහාරාධිපති ශාස්‌ත්‍රවේදී පණ්‌ඩිත දෙහිවත්තේ ප්‍රේමරතන හිමියෝ අපේ පැමිණීම බලාපොරොත්තුවෙන් සංඝාවාසයේ ඉදිරිපසට වී සිටිති. උන්වහන්සේගේ ශිෂ්‍ය නීලපොළ ධම්මසේන හිමියන්ද පසෙක වේ. 

රථයෙන් බැසගත් අපි උන්වහන්සේලා වෙත ගොස්‌ දෙපා නමැද ආශිර්වාද ලබා ගත්තෙමු. "මහත්තයලට දැන් හුඟක්‌ බඩගිනි ඇති. අපි බත් ටිකක්‌ කාලම කතා කරමු.." උන්වහන්සේලා වෙත ගිය මොහොතේම අපේ විඩාව සැණෙකින් වටහා ගත් විහාරාධිපති හිමියන් ඒ ආරාධනාව අපට කරනු ලැබුවේ ඉතා කාරුණික ලෙසිනි.

උන්වහන්සේගේ ඒ ආරාධනාවට අනුව අපි විහාරයේ දානය ගැනීමට වූ කුඩා ශාලාව වෙත ගියෙමු. සැබවින්ම රාජමහා විහාරයක්‌ වුව දෙහිවත්ත මණ්‌ඩලගිරි විහාරය යනු බොහෝ සැපපහසුකම් ඇති තැනක්‌ නොවේ. එහි වෙසෙන විහාරාධිපති හිමියන් ඇතුළු භික්‍ෂූන් ගෙවන්නා වූ අල්පේච්ඡ දිවිය වටහා ගැනීමට විහාරස්‌ථානයේ ඇති සංඝාවාසය හා කුඩා දානශාලාව දැකීම පමණක්‌ ප්‍රමාණවත් වන්නේ යෑයි මට සිතේ.

දාන ශාලාවේ වූ මේසයක්‌ මත අපේ දිවා ආහාරය පිළියෙළ වී තිබේ. ඒ විහාරාධිපති හිමියන්ගේ ඥති පුත්‍රයකු වූ සංජීව, බන්දු අයියා ප්‍රමුඛ පිරිසකගේ සහායෙනි. ඉතින් අපි රස පිරුණු ඒ අහරින් හොඳ හැටි කුස පුරවා ගතිමු. එය අවසන යළි සංඝාවාසය වෙත ගොස්‌ විහාරාධිපති හිමියන් හා උන් වහන්සේගේ ශිෂ්‍ය හිමියන් මුණ ගැසුණෙමු. අපේ පැමිණීමත් සමඟ නායක හිමියන් අද නැගෙනහිර බිමේ ඇති දෙහිවත්ත ගම්මානයට සිදුව තිබෙන වින්නැහියිය වචන කරන්නට විය.

"මහත්තයෝ මේ ගමේ ඉන්න අපි හැමෝම යුද්දෙන් බැට කාපු මිනිස්‌සු. එදා එල්ටීටීඊ එක අපිව හෙම්බත් කරලා මේ ගම්බිම් යටකරගෙන හිටියා. ඒත් මේ ගමේ මිනිස්‌සු ගම දාලා ගියේ නැහැ. දැන් එල්ටීටීඊ එක අහවරයි. ඒත් මුස්‌ලිම් ව්‍යාප්තවාදයයි, දෙමළ ජාතික සන්ධානයයි අද ගම ආක්‍රමණය කරන්න පටන් අරගෙන.

මේ සේරුවිල ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයට අතීතයේ තිබුණ මායිම් අද නැහැ.. 1948 හිටපු උමා මහේෂ්වරන් කියලා දෙමළ රජයේ නිලධාරියෙක්‌ සකස්‌ කරපු මායිම් සිතියමක්‌ දිසාපති කාර්යාලයේ තිබුණා. ඒකත් අන්තරස්‌දාන වෙලා. මේ වෙනකොට කොටින්ගෙන් බැට කාපු මෙහෙ ඉන්න සිංහල ජනතාවට ඉතුරු වෙලා තියෙන්නේ වර්ග කිලෝමීටර් දහයක විතර භූමියක්‌. 

අනිත් හැම බිම් අඟලක්‌ම මුස්‌ලිම්වරුනුයි, දෙමළ ජාතික සන්ධානයේ බෙදුම්වාදය මගිනුයි අල්ලගෙන ඉන්නේ. එදා මුතූර,¨ තංගවේලි, පච්චනූර් ගම් සීමාවේ තිබුණ සිංහල ගම්මානවල සීමාව අද දෙහිවත්ත පන්සල ළඟටම අරගෙන ඇවිත්. මෙහේ ඉන්න ආසන සංවිධායක එන්.කේ.ඩී.එස්‌. ගුණවර්ධන උන්නැහැ දන්නේ නැහැ මේ සීමා මායිම්වල හතර කොනවත්. රජයේ නිලධාරින් දන්නෙත් නැහැ. සමහරු ජාතිවාදය නිසා දන්නේ නැහැ වගේ ඉන්නවා.

මම මේ කියන්නේ අවුරුදු හතළිහක ඉතිහාසයක්‌. එල්ටීටීඊය කාලේ ලිංගපුරම්වල හිටපු කොටි නායක තවන් මාස්‌ටර් 1999 දී කල්ලාර් හමුදා කඳවුරේ මේජර් මීගහකුඹුර ඇතුළු පිරිසක්‌ එල්ල කරපු ප්‍රහාරයකින් වෙඩි කාල මැරුණේ දෙහිවත්ත සීමාවේ තිබෙන බමුණුවිල වෙල්යාය සමීපයේදී. ඒ ස්‌ථානය පුරාවිද්‍යාත්මක උරුමයක්‌ ඇති බිමක්‌.

නමුත් අද කාංගවේලි ගමේ දෙමළ මිනිස්‌සු ඇවිත් එතන කෝවිලක්‌ හදනවා. තවන් මාස්‌ටර් සිහිවෙන්නයි ඒ කෝවිල හදන්නේ. ඒක පුරාවිද්‍යා රක්‍ෂිතය. ඒත් නවත්තන්න කවුරුත් නැහැ. අද මෙහේ ඉන්න දිසාපතිත් ඒකට උදව් දෙනවා. දිසාපති මහ රෑට ට්‍රැක්‌ටර්වල නැගලා දෙමළ මිනිස්‌සු එක්‌ක ඇවිත් කෝවිලේ වැඩ හොයලා බලනවා. දිසාපති ඉන්නෙත් ටීඑන්ඒ එකයි මුස්‌ලිම් අන්තවාදය සමගයි. ඒකට හේතුව එයාගේ පෞද්ගලික සම්බන්ධකමක්‌.." 

එක දිගට අපට ඒ කතාව කී විහාරාධිපති හිමියන් මඳ අස්‌වැසිල්ලක්‌ ලබද්දීම උන්වහන්සේගේ ශිෂ්‍ය නීලපොළ ධම්මසේන හිමියෝද සිය අදහස්‌ දක්‌වන්නට වූහ. 

"මහත්තයෝ.. අද මේ ප්‍රදේශයේ ගමනාගමනය පවා මුස්‌ලිම්කරණය වෙලා. උදේට මුතූර් ඉඳන් දෙහිවත්ත හරහා කොළඹ යන බස්‌ එක හවසට මුතූර්වලට එන්නේ කින්නියා හරහා ගිහින්. කොළඹ ඉඳන් මේ ගම්වලට එන සිංහල මිනිස්‌සු කන්තලෙන් බැහැලා වෙන බස්‌ එකක එන්න ඕනේ. තනිකරම ජාතිවාදය සමඟ ඉන්න මුස්‌ලිම් රාජ්‍ය නිලධාරි මාෆියාවක්‌ මෙහේ ක්‍රියාත්මක වෙනවා. 

ත්‍රිකුණාමල දිස්‌ත්‍රික්‌කයේ සිංහල පාසල් එකකටවත් වර්තමානයේ විද්‍යා, ගණිත ගුරුවරු නැහැ. ගුරුවරයෙක්‌ එන්න හැදුවොත් රාජ්‍ය නිලධාරි මාෆියාව ඒක වලක්‌වනවා. එල්ටීටීඊයේ ආරම්භයේ ඉඳන් වසර 30 ක්‌ පුරා මේ ප්‍රදේශවලින් එකම එක සිංහල වෛද්‍යවරයෙක්‌වත්, ඉංජිනේරුවෙක්‌වත් බිහි වෙලා නැහැ. හැබැයි මුස්‌ලිම් පාසල්වලට හැම පහසුකමක්‌ම තියෙනවා. 

මේ ගමේ ඉන්නේ 1954 පදිංචි කෙරුණු මිනිස්‌සු. ඒත් අදටත් ගමට වතුර නැහැ. මංමාවත් නැහැ. ජනතාවට කුඹුරු ටික කර ගන්න විදිහක්‌ නැහැ. ඒවයේ සීමා මායිම් වෙනස්‌ කරලා මුස්‌ලිම් සහ දෙමළ අයට කුඹුරු පවරන්න හදනවා. අලුතින් සිංහල මිනිහෙක්‌ට පදිංචි වෙන්න බිම් අඟලක්‌ ලැබෙන්නේ නැහැ. නව ජනපදයක්‌ ඇති කරන්න අවස්‌ථාවක්‌ කොහෙත්ම නැහැ. හැබැයි මුස්‌ලිම් ව්‍යාප්තිය නම් දිගින් දිගටම සිද්ධ වෙනවා. ඒ හැම එකක්‌ පිටිපස්‌සේම ඉන්නේ අද නැගෙනහිර ක්‍රියාත්මක මුස්‌ලිම් රාජ්‍ය නිලධාරි මාෆියාව.

ඔවුන්ට අවශ්‍ය නැගෙනහිර සිංහල ගම්මාන සියල්ල අකර්මන්‍ය කරලා ජනව්‍යාප්තිය තුළින් ඔවුන්ගේම කියන කලාපයක සිහිනය දකින්න. කොටි ත්‍රස්‌තවාදීන් මාවිල්ආරු සොරොව්ව වහලා අවසන් සටන ආරම්භ කළෙත් දෙහිවත්තෙන්. ඒත් අදටත් දෙහිවත්ත ගම එතනමයි. යුද්ධය නිසා බැටට කාපු සිංහල පවුල් අදටත් අසරණයි. ඔවුන් මුස්‌ලිම් දෙමළ කියන ආක්‍රමණ දෙකක ගොදුරු බවට අද පත් වෙලා.

උන්වහන්සේලා සමග කෙරුණු කතාබහෙන් අනතුරුව අපි අද දෙහිවත්ත ඇතුළු අවට සිංහල ගම්මානවලට සිදු වී තිබෙන අසාධාරණය මෙන්ම එහි සිදුවන මුස්‌ලිම් ව්‍යාප්තිය සහ දෙමළ බලහත්කාර පිළිබඳව සොයා බැලීමේ අරමුණින් ඒ ප්‍රදේශය පුරා ඇවිද ගියෙමු. කතා කරන්නට දෙයක්‌ නැත සියල්ල ඉතාම සැලසුම් සහගතය. 

නායක හිමියන් කී ලෙසම ඓතිහාසික බෞද්ධ උරුමයකට නෑකම් කියන බමුණුවිල පුරාවිද්‍යා රක්‍ෂිතය තුළ ත්‍රස්‌තවාදියකු සිහි කිරීම සඳහා කෝවිලක්‌ ඉදිකෙරෙමින් තිබෙනුයේ විශ්මිත ලෙසිනි. එසේම මූලධර්මවාදී මුස්‌ලිම්කරණයට අනුව සීමා මායිම් වෙනස්‌ කෙරෙද්දී දෙහිවත්ත හා නීලපොළ ආදී සිංහල ගම්මානවල ජීවත් වන ගොවියන්ට අයත් බමුණුවිල වෙල් යාය දෙමළ ආක්‍රමණයකට ගොදුරු වී ඇත්තේද එගම් වැසියන් අසරණ කරමිනි.

මේ සියල්ල දැසින් දැක ගැනීමෙන් පසු අපි දෙහිවත්ත ගම්මානයෙන් සමු ගෙන යළි පිටත්ව ආවෙමු. අපේ ගමන් සගයා සිය වේග රිද්මයේ රිය ධාවනය ආරම්භ කර තිබේ. ඒ ඔහුගේ හැටිය. ඔහුට හයියෙන් යන්නට අධීවේගී මාර්ග අවශ්‍ය නැති සේය. 

ඒ එන අතරමඟදීද හේ තවත් විශ්මිත කතාවක්‌ මට කියන්නට වූයේ අද නැගෙනහිර බිම පුරා පැතිර ඇති මුස්‌ලිම් මූලධර්මවාදය සන්නද්ධ අරගලයකට සැරසෙන අතරේ උපක්‍රමශීලී ලෙස ගමන යමින් සිටින ආකාරය පිළිබඳවද පැහැදිලි කරමිනි.

"අයියේ.. ඔයා දන්නවද මේ සියලු දේ එක්‌ක අද නැගෙනහිර ක්‍රියාත්මක මුස්‌ලිම් මූලධර්මවාදය මගින් කරන්න යන තවත් වැඩක්‌. මේ වෙනකොට මුතූර්, වෙරුගල් සහ කින්නියා සීමාවේ තියෙන ඉන්ධන පිරවුම්හල් රැසක අයිතිය තමන් සතු කර ගන්න මුස්‌ලිම් මූලධර්මවාදීන් ක්‍රියාත්මක වෙනවා.. එහිදී ඔවුන්ගේ අරමුණ වෙලා තියෙන්නේ අරාබියෙන් සෘජු ආධාර ලෙස ලැබෙන ඉන්ධන නැගෙනහිරට ගෙනල්ලා මුස්‌ලිම් ජනතාවට ඉතා අඩු මුදලකට ඉන්ධන දෙන අතරේ අනෙකුත් ජාතීන්ට වෙළෙඳ පොළ වටිනාකමට අලෙවි කරන්න. 

පල්ලිය මූලික වෙලා තමයි මේ ඉන්ධන හල් ගන්න යන්නේ. ඒ වගේම අද නැගෙනහිර ක්‍රියාත්මක ආරාබි බැංකු මුස්‌ලිම් ජනතාවට පොලී රහිතව ණය දීම, අධාර දීම වගේ දේවලුත් කරගෙන යනවා. මේ සියලු දෙයින්ම ඔවුන් බලාපොරොත්තු වෙන්නේ මූලධර්මවාදය තුළින් තමන්ගේ කලාපයක්‌ බිහි කිරීමේදී මුස්‌ලිම් ජනතාව ශක්‌තිමත්ව තබා ගැනීම.."

ඔහු ඒ කතාවද කියා නිම කළේය. සැබවින්ම අද නැගෙනහිර පැතිරෙමින් තිබෙන මුස්‌ලිම් මූලධර්මවාදයේ ගිනි පුළිඟු පිළිබඳ කියන්නට තවත් දේ අවශ්‍ය නැත. සියල්ල ඉතාම සූක්‍ෂම ලෙස ක්‍රියාත්මක වෙමින් තිබෙන්නේ එසේය. 

ඉස්‌ලාම් දහමට අනුව එය අදහන ජන කණ්‌ඩායම හැඳින්වෙන්නේ "උම්මා" යන නාමයෙනි. මක්‌කම ඉපදී ඊට සැතපුම් ගණනාවක්‌ දුරින් පිහිටි මදීනාවේදී ඉස්‌ලාමය ඇරඹූ මහම්මත්තුමා උම්මාව තමන්ගේ ආරක්‍ෂාව අරබයා රුධිරයෙන් වගකිවයුතු බවද කියා සිටියේය.

ඇසට ඇසක්‌, දතට දතක්‌, ලෙයට ලෙය සහ ජීවිතයට ජීවිතයක්‌ යන්න එහිදී මහම්මත්තුමන්ගේ දේශනය විය. එපමණකින් නොනැවතුනු එතුමන් උම්මාවේ රැකවරණය සඳහා යුද්ධය හෝ තෝරා ගතයුතු බවද කියා සිටි අතර ඉස්‌ලාමය නොඅදහන්නන්ද ඊට එක්‌ කර ගනිමින් හැකිතාක්‌ එය ව්‍යාප්ත කළ යුතු යෑයිද කියා සිටියේය.

මහම්මත්තුමන්ගේ එකී දේශනයේ පරිදිම අද නැගෙනහිර බිමේද සිදු වෙමින් තිබෙන්නේ එකී ඉස්‌ලාම් මූලධර්මවාදයේ ව්‍යාප්තවාදයම ය. ඇසට ඇසක්‌, දතට දතක්‌, ජීවිතයට ජීවිතයක්‌ යන්න මත සිට ගැනීමට දැන් නැගෙනහිර උම්මාව සූදානම්ය. ඉතින් මේ හමුවේ අපි කළ යුත්තේ කුමක්‌ද? නැගෙනහිර මුස්‌ලිම් ව්‍යාප්තවාදයේ කොටස්‌කරුවන් වෙමින් මහම්මත් දේශනයේ පරිදි "අල්ලාහු අබුබකර්" කියා හඬ නැගීමද?

මේ මොහොතේ බලය හමුවේ තෙල බෙදන එකමුතුවේ සියලු පාර්ශ්ව වෙතින් අවසන් වශයෙන් අපට අසන්නට ඇත්තේ ඒ ටිකය. 

අවසන් කොටස ලබන සතියේ

සමන් ගමගේ
http://www.divaina.com/2015/01/04/feature20.html

පෙර ලිපි -
ISIS හොල්මන් නැගෙනහිරෙන් මතුවෙයි? නැගෙනහිර ඇවිලෙන මුස්‌ලිම් මූලධර්මවාදී ගින්න...05http://denethharinna.blogspot.com/2015/01/isis-05.htmlකොළපාට තලප්පා දාගෙන ඉන්න අමුතුම කණ්‌ඩායමක්‌ මේ පැත්තේ ගැවසෙනවා නැගෙනහිර ඇවිලෙන මුස්‌ලිම් මූලධර්මවාදී ගින්න...04http://denethharinna.blogspot.com/2015/01/04.htmlමේ අව් අස්‌සේ දිලෙන මූතුර් වල "ගිනි පුපුර්" - නැගෙනහිර ඇවිලෙන මුස්‌ලිම් මූලධර්මවාදී ගින්න...03http://denethharinna.blogspot.com/2015/01/03.htmlනැගෙනහිර ඇවිලෙන මුස්‌ලිම් මූලධර්මවාදී ගින්න - 02 එදා කොටින්ගෙන් බැට කෑ අපි අද මූසලු මූලධර්මවාදීන්ට ගොදුරු වෙලා...http://denethharinna.blogspot.com/2014/11/02.htmlනැගෙනහිර සිංහල ගම් වසා නැගෙන මුස්‌ලිම් මූලධර්මවාදයේ ගිනි දලු 01http://denethharinna.blogspot.com/2014/11/blog-post_74.html

සබැඳි ලිපි කිහිපයක් -
[
ඇමරිකානු රහස්‌ ලියවිල්ලෙන් ලෝක පාතාල කණ්‌ඩායමක්‌ සමඟ ගනුදෙනු කළ මෙරට මුස්‌ලිම් දේශපාලනඥයකු ගැන හෙළි වේhttp://denethharinna.blogspot.com/2014/06/blog-post_4018.htmlලාංකීය මුසලු ත්‍රස්තයෝ ලොව පුරා? මහනුවර හුසේන් ඉන්දියාවේදී කොටු වූ පසු මෙමස දෙවැනි ලාංකික අල්ඛයිඩා මුසලුවා මැලේසියාවෙන්http://denethharinna.blogspot.com/2014/05/blog-post_1051.htmlජාත්‍යන්තර සබඳකම් ඇති ඉස්‌ලාමීය සංවිධාන 13 ක්‌ සහ අන්තවාදී සංවිධාන 4 ක්‌ කොළඹ ක්‍රියාත්මකයි - ඇමරිකානු රහස්‌ ලියවිල්ලක්‌ හෙළි කරයි! විකිලික්ස්, ඉන්දියානු සහ ඇමරිකානු ඔත්තු සේවා දිගින් දිගටම හෙළි කලත් ආණ්ඩුවට නිදි!http://denethharinna.blogspot.com/2014/05/13-4.htmlමෙරට ඔත්තු සේවා මුසලු ත්‍රස්තවාදය හමුවේ නිදි. පාකිස්‌තාන් ත්‍රස්‌ත ජාලයට සම්බන්ධ නුවර මුසලු ත්‍රස්තවාදියා ඉන්දියාවේදී දැලේhttp://denethharinna.blogspot.com/2014/05/blog-post.htmlමුසලු අන්තවාදයේ හෙවනැලි රටපුරාම??? බේරුවලදී ද්‍රවිඩ බසින් කතාකරන මැර ප්‍රහාරයකින් එස්‌ටීඑෆ් දෙදෙනා රෝහලේhttp://denethharinna.blogspot.com/2014/03/blog-post_8206.html
ග්‍රෑන්ඩ් පාස් සිද්ධියේ තිත්ත ඇත්ත - මුසලු අන්තවාදයේ අති බිහිසුණු ව්‍යාප්තවාදය
http://denethharinna.blogspot.com/2013/08/blog-post_18.html
ජාතිය වඳ කිරීමේ මහා කුමන්ත්‍රණ - සිංහලයන් බහුතර පෙදෙස්වල බෙදාහැරීමට, පකිස්ථානයෙන් ගෙනා සූදුරුවලට වඳ බෙහෙත් දාලාhttp://denethharinna.blogspot.com/2014/02/blog-post_19.htmlඅනාගතය අසුභයි! නින්දවූර් යුද පිටියක්‌! මුසලු අන්තවාදීහු පොලිසියට පහර දෙති! අසාධ්‍ය ලෙඩුන් සිටි ගිලන් රථ පවා අහුරමින් පැය 36ක් පාර වසති.http://denethharinna.blogspot.com/2013/11/36.htmlසමන්තුරේ මුසලු අන්තවාදියෝ STF සෙබළුන්ට පහර දෙතිhttp://denethharinna.blogspot.com/2013/11/stf.htmlරටම භයානක අනතුරක හෙලන අනුරපුරෙන් මතු වූ "වහාබ්වාදයේ" අනතුර හඳුනාගනිමු!http://denethharinna.blogspot.com/2013/11/blog-post_9294.htmlඅනුරාධපුර පැවති හජ් උත්සවයකදී 'තවුහීඞ්' අන්තවාදීන්ගෙන් ඉස්ලාම් කාන්තාවන් 100කට අධික පිරිසකට හිංසාhttp://denethharinna.blogspot.com/2013/10/100.htmlමුස්‌ලිම් ත්‍රස්‌ත සංවිධානයක්‌ යාපනයේ කඳවුරු බැඳගෙන - ඉන්දීය බුද්ධි අංශ හෙළි කරයිhttp://denethharinna.blogspot.com/2013/08/blog-post_7836.htmlලංකාවට ඉස්ලාම් ත‍්‍රස්තවාදී අනතුරක් අත ළඟ – ඉන්දියාවhttp://denethharinna.blogspot.com/2013/07/blog-post_4173.htmlඅල්කයිදා සහ තලේබාන් ශ්‍රී ලංකාවේ තහනම්http://denethharinna.blogspot.com/2013/06/blog-post_19.html
ශ‍්‍රී ලංකාවේදී අල්කයිඩා සංවිධානයට සාමාජිකයන් බඳවා ගැනීම්
http://denethharinna.blogspot.com/2013/04/blog-post_1787.html
ශ්‍රී ලංකාවේ හිස ඔසවන ජිහාඩ්
http://denethharinna.blogspot.com/2013/02/blog-post_1190.html
අල්කයිඩා, ජිහාඞ්, තලේබාන් උතුරු නැගෙනහිර ක්‍රියාත්මක බව ඇත්ත | ආණ්ඩුව පිළිගනී
http://denethharinna.blogspot.com/2013/01/blog-post_21.html
අල්කයිඩා ඇතුළු ත‍්‍රස්ත සංවිධාන 100ක් තහනම්
http://denethharinna.blogspot.com/2013/01/100.html
“වහාබි සලාෆි” අන්තවාදීන්ට එරෙහිව නැඟී සිටින්න – බොදු බල සේනා
http://denethharinna.blogspot.com/2013/01/blog-post_27.html
මෙරට ඉස්‌ලාම් මූලධර්මවාදය පැතිරවීම සඳහා කටයුතු කරන සංවිධාන සහ පුද්ගලයන් ගැන රජය වහා සොයා බැලිය යුතුයි
http://denethharinna.blogspot.com/2013/01/blog-post_5916.html
අල්කයිඩා, ජිහාඩ් යන තාලිබාන් ජාත්‍යන්තර ත්‍රස්‌ත කල්ලි උතුරු නැගෙනහිර හොල්මන් කරති
http://denethharinna.blogspot.com/2013/01/blog-post_7864.html
මන්නාරමේ මාධ්‍යවේදීන්ට ජිහාඩ් තර්ජන
http://denethharinna.blogspot.com/2013/01/blog-post_7864.html
ජාත්‍යන්තර මුස්ලිම් අන්තවාදය සහ මුස්ලිම් පාතාලය සමඟ අත්වැල් බැඳගත් පකිස්තාන මාෆියා ජාලයක් ශ‍්‍රී ලංකාවේhttp://denethharinna.blogspot.com/2013/05/blog-post_8482.html
අන්තවාදී මූසළු මොහොමඩ්ලාගේ ගුණ වයන නපුංසක සිංහල මොහොමඩ්ලාට...
http://denethharinna.blogspot.com/2013/02/blog-post_9237.html
]

2 comments:

Anonymous said...

@දෙනෙත් හරින්න!
ඇයි මේ ලිපි ටික දැන් දාන්නෙ?මහරජාට කඩේ යන්නද?ඔය කියන බදුද්දීන්ල, හකීම්ල, අතාවුල්ලල නෙමේද ඔය කියන ෂරියා මුස්ලිම් කලාපය ඇතිකලේ?ඇයි ඒකාලෙ සමන් ගමගේ ල මේවට විරුද්ධ උන් නැත්තෙ? රිෂර්ඩ් බදුද්දීන්ල උසවි වලට ගල් ගැහුවෙ, කැලෑ එළි කරල තම්බියො පදිංචි කළේ, හකීම්ල නීති විද්‍යාලයට හොරෙන් ළමයි දැම්මෙ, ඔය කියන ආශ්චර්යමත් දේශප්‍රේමී මහරජාගෙ කාළෙ නෙමෙයිද? බෞද්ධයන්ගෙ ප්‍රශ්න එකකවත් මහරජා විසඳුවද?

@දෙනෙත් හරින්න!, දෙනෙත් වහගෙන කඩේ යන්න එපා!

දෙනෙත් හරින්න ! said...

අපි කිසිවිටෙක කඩේ නොගියෙමු! නොයන්නෙමු! සත්‍ය පමණක් වාර්ථා කරමු! මෛත්‍රීගේ කාර්යාල කඩනවාට එරෙහි වූවා සේම නැගනහිර මූසලු අන්තවාදය පිළිබඳවද වූ දිවයින ලිපි පෙල පමණක් උපුටා දැක්වූයෙමු! ඊට සම්බන්ඳිත පැරණි ලිපිද පළ කළෙමු! එහිදී අපට මුල් වන්නේ රටයි.ජාතියයි! නැතහොත් මහින්දද මෛත්‍රීද යන වග නොවේ!

ආයුබෝවන්! කාටවත් රිදවීමට නොව, රිදෙන අය වෙනුවෙන් ඇත්ත කීමට... රට, දැය, සමය වෙනුවෙන්, බැඳෙන්න අප සමඟ!

- දෙනෙත් හරින්න! -