Pages

Saturday, February 28, 2015

ඓතිහාසික බැබිලෝනියානු ශිෂ්ඨාචාරයේ, වත්මන් ඉරාකයේ මහා උරුමය අන්තවාදී මූසලු ISIS කුළු ගෙඩි පහරින් වැනසේ!

අයිසීස්‌ ත්‍රස්‌තයෝ ඉරාකයේ මෝසුල් කෞතුකාගාරයේ තිබූ වසර 3000 ක්‌ වටිනා ඓතිහාසික ප්‍රතිමා සියල්ල විනාශ කර ඇත.  යකඩ මිටි සහ සිදුරු විදින යන්ත්‍ර භාවිත කරමින් මෙකී පෞරාණික ප්‍රතිමා වනසා තිබේ. මෝසුල් නගරයේ පිහිටි නිනේවේ කෞතුකාගාරයේ පැරණි ප්‍රතිමා රැසක්‌ තිබූ බව අනාවරණය වේ. විනාශ කරන ලද ප්‍රතිමා අතර ක්‍රිස්‌තු පූර්ව නව වැනි සියවසට අයත් ඇසිරියන් නිර්මාණද වේ. පසුගිය ජුනිමස මෝසුල් නගරය අයිසීස්‌ ත්‍රස්‌තයන්ගේ පාලනයට නතු විය. මෙලෙස පැරණි සිතුවම් සහ...

Friday, February 27, 2015

හිටපු ජනපති සහ වත්මන් ජනපති වැඳපුදා ගත් මොකක්ද මේ ඉන්දියාවේ තිරුපති කෝවිල

තිරුපති කෝවිල කියන්නේ ඉන්දියාවේ පිහිටා තිබෙන ලෝක ප්‍රසිද්ධ, ඓතිහාසික වටිනාකමක් ඇති හින්දු සිද්ධස්ථානයක්. මෙහි බොහෝ හාස්කම් ඇති ස්ථානයක් ලෙස හින්දු මැතිමතුන් විශ්වාස කරනවා. මේ ගැන අප බොහෝ කාලයක සිට යම් යම් කරුණු දැන සිටියත් පසුගිය ජනාධිපතිවරණය සමයේ වැඩි දෙනෙක් මේ ගැන කතා කරන්න පටන් ගත්තා. ඒ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිය ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කරනු වස් පූජා පවත්වා බාරහාරවීමට නාම යෝජනා දුන් සැනින් මෙම කෝවිලට ගොස් තිබූ නිසයි. ඔහු එහි පූජාවන්ට...

චාවාකච්චේරියේ පිපිරීමක්‌. වළ දමා තිබූ පුපුරණ ද්‍රව්‍ය කිලෝ 148ක්‌ සොයා ගනී

චාවාකච්චේරිය සංකස්‌ථාන දුම්රිය ස්‌ථානය ආසන්නයේ නිවසක්‌ අසල සිදු වූ පිපිරීමකින් පසු පොලිසිය සිදු කළ මෙහෙයුමකදී සුරක්‍ෂිතව වළදමා තිබූ පුපුරණ ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 148 ක්‌ සොයා ගෙන තිබේ. කිසියම් කඩාකප්පල්කාරී ක්‍රියාවක්‌ සඳහා ගෙනා මෙම පුපුරණ ද්‍රව්‍ය තොගය වළ දමා තිබෙන්නට ඇති බවට පොලිසිය සැක පහළ කරයි. මෙම ඉඩමේ තිබූ නිවසක්‌ ආසන්නයේ පෙරේදා (25 වැනිදා) රාත්‍රී කිසියම් පිපිරීමක්‌ සිදු වූ අතර, මෙම පිපිරීම සිදු වූ ස්‌ථානය හා ඒ අවට ප්‍රදේශය පොලිසිය විසින්...

Thursday, February 26, 2015

මහ විරු මහ පැරකුම් මහ නිරිඳා

පළමුවන පරාක්‍රමබාහු ( මහා පරාක්‍රමබාහු; 1123–1186) 1153 සිට 1186 දක්වා ශ්‍රී ලංකාවේ රජතුමා විය. එතුමාගේ අග නගරය වූ පොළොන්නරුව හි සිට එතුමාගේ රාජ්‍යත්වය තුලදී, දිවයිනෙහි උප රාජධානි තුන, එතුමා විසින් එක්සත් කරන ලදී. තම අග නගරය පුළුල් කෙරුමට හා විචිත්‍රවත් කෙරුමට යුහුසුළු වූ හේ, විසල් වාරිමාර්ග පද්ධතීන් ගොඩනැංවීම, රටෙහි යුද්ධ හමුදාව ප්‍රතිසංවිධානය කිරීම, බෞද්ධ පිළිවෙත් ප්‍රතිසංස්කරණය කිරීම, කලා කටයුතු වලට රුකුල් දීම ආදියෙහි නියැළුනු අතර, දකුණු ඉන්දියාව...

රාජ්‍ය සේවකයින්ගේ දීමනා සමඟ නව වැටුප් විස්තරය

දින 100 වැඩපිළිවෙළ යටතේ රාජ්‍ය අංශයේ වැඩිම වැටුප් වැඩි වීම අද (25) දින සිදු වන බව ප්‍රතිපත්ති සම්පාදන හා ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසා ඇති බවට වාර්ථාවේ. නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසූවේ දින 100 වැඩපිළිවෙළ සම්බන්ධව මාධ්‍ය දැනුවත් කිරීම සඳහා අද (25) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවේ දී බවට වාර්ථාවේ. ඒ අනුව අවම මූලික වැටුප රුපියල් 11,730ක් වූ රාජ්‍ය සේවකයෙකුගේ දීමනා සමඟ ලබන මුළු වැටුප වන රුපියල්...

දස වැදෑරැම් යෝජනාව ජනපති-ශ්‍රිලනිප ප්‍රධානීහු සාකච්ඡාවක

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි මධ්‍යම කාරක සභා රැස්වීමේදී සාකච්ඡාවට ලක් කිරීමට නියමිත  දස වැදෑරුම් යෝජනාවලියක්  පිළිබඳව එම පක්ෂයේ ප්‍රධානීහු  පිරිසක්  ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මහතා පෙරේදා (23)  සවස මුණගැසී  සාකච්ඡා කර ඇති  බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.  ජනාධිපති මන්දිරයේදී පෙරේදා (23) පස්වරුවේ මෙම සාකච්ඡාව පවත්වා තිබේ. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්, නව මැතිවරණ ක්‍රමයක්, ස්වාධීන කොමිෂන් සභා යළි...

ගණන් බැස්සූ භාණ්ඩ වල මිල මෙන්න. ගැසට් කරයි!

අතුරු අයවැයෙන් මිල අඩු කරන ලද ආහාර ද්‍රව්‍ය 12ක පැවැතිය යුතු මිල ගණන් පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් විශේෂ ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කර තිබේ.  ඒ අනුව සුදු සීනි (පැකට් නොකරන ලද) කිලෝ ග්‍රෑමයක් රුපියල් 87ක් විය යුතු අතර සම්පූර්ණ යොදය සහිත කිරිපිටි ග්‍රෑම් 400 අසුරණය රුපියල් 325ක් හා කිලෝග්‍රෑම් එකේ අසුරණය රුපියල් 810ක් විය යුතු වේ. සස්ටජන් කිරිපිටි ග්‍රෑම් 400 අසුරණය රුපියල් 1500කි. පැකට් නොකරන ලද තිරිඟු පිටි කිලෝ ග්‍රෑමය රුපියල්...

බුද්ධ ශීර්ෂය විකෘති කර, බුදුදහමට නිගා කළ මුසලු ජාවාරම්කරුගෙන් ප්‍රශ්න කිරීමේදී තවත් ප්‍රතිමා 21 ක්‌ හමුවෙයි

ගෞතම බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශීර්ෂය විකෘති කර උද්‍යාන සැරසිල්ලක්‌ ලෙස බුද්ධ ප්‍රතිමා අලෙවි කිරීමේ ජාවාරමක නියෑළී සිටියදී අත්අඩංගුවට ගත් මුස්‌ලිම් ජාතිකයාගෙන් තවදුරටත් කරන ලද ප්‍රශ්න කිරීමේදී තවත් බුද්ධ ශීර්ෂ ප්‍රතිමා 21 ක්‌ උඩහමුල්ලේ ගොඩනැගිල්ලක ඉහළ මාලයේ සඟවා තිබියදී පසුගිය 23 දා දහවල් සොයාගත් බව බොරලැස්‌ගමුව පොලීසිය පවසයි.  මීට පෙර මොහුගෙන් කරන ලද ප්‍රශ්න කිරීමේදී බොරලැස්‌ගමුව, දිවුල්පිටිය, සුරියමල් මාවතේ නිවෙසකින්ද විකෘති කළ බුද්ධ ශීර්ෂ...

Wednesday, February 25, 2015

සිංහලයෙකුට නැගෙනහිර මහ ඇමතිකම නොදෙන බව හකීම් කියනවා – දයා ගමගේ

සිංහලයෙකුට නැගෙනහිර මහ ඇමති වන්නට ඉඩ දිය නොහැකි බව පවසමින් ඇමති රවුෆ් හකීම් ජාතිවාදී ලෙස කටයුතු කරන බව නැගෙනහිර පළාත් සභා මන්ත‍්‍රී එජාප ජාතික සංවිධායක දයා ගමගේ මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ හකීම් මහතා මහතා මහින්ද රාජපක්ෂ මහතාගේ පුද්ගලයෙකු බවත් පසුගිය ජනාධිපතිවරණයේදී අවංකව මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය නොදුන් බවත්ය. කෙසේ වෙතත් නාගරික සංවර්ධන හා ජලසම්පාදන අමාත්‍යධූරය වැනි හොඳ අමාත්‍යාංශයක් හකීම් මහතාට ලබා දී ඇති බවද ඒ මහතා කියා සිටී. https:/...

Tuesday, February 24, 2015

කැබිනට් ඇමැතිවරුන් 30කට ව්‍යවස්ථාවෙන් සීමාවක්???

ඉදිරි ව්‍යවස්ථා සංශෝධනයෙන් පසු රජයේ කැබිනට් ඇමැතිවරු සංඛ්‍යාව 30ක් කළ යුතු බවට එක්සත් ජාතික පක්ෂ නායකයින් යෝජනාවක් ඉදිරිපත් කර ඇති බව රජයේ ආරංචි මාර්ග තහවුරු කරයි.එම යෝජනාවට අනුව නියෝජ්‍ය ඇමැතිවරු සංඛ්‍යාව 30ක් දක්වාද සීමා කිරීමට සැලසුම් කර තිබේ.  මෙම යෝජනාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ව්‍යවස්ථා සංශෝධන කමිටුවේදීද නිදහස් පක්ෂ නායකයින් සාකච්ඡාවට ලක්කර ඇතත් ඊට එකඟතාව පළකිරීමට නිදහස් පක්ෂ නායකයින් තවමත් තීරණය කර නැත. කෙසේ වෙතත් රජයේ ව්‍යවස්ථා...

Saturday, February 21, 2015

'රට විරුවෝ!' - වහල් මව් මාකට් කිරීම සහ අතුරු ඵල! මැද පෙරදිග ගෘහ සේවයේ ශෝකාන්තය

සෞදි ස්වාමියා ඇණ 24ක් ගැසූ ආරියවතී පසුගිය දිනක පුවත්පතක පළ වී තිබූ "පුංචි පුවතකට" මගේ ඇස යොමු විය. එම පුවතේ සිරස්‌තලය වූයේ "හයේ දුව කෙලෙසුවයි 38 හැවිරිදි පියා සැකපිට" යනුවෙනි. පුවත මෙසේය. "....හය හැවිරිදි දැරියක දූෂණය කළ බවට කියන ඇගේ පියා අත්අඩංගුවට ගත් බව වෙන්නප්පුව පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය කියයි. එම ළමා හා කාන්තා කාර්යාංශයට ලැබුණු තොරතුරක්‌ අනුව සැකකාර පියා ඉකුත් 9 දා සවස අත්අඩංගුවට ගෙන තිබූ අතර දැරිය පොලිස්‌ බාරයට ගෙන තිබේ. තිස්‌...

සිගරැට්‌ පැකට්‌ටුවේ රූපමය අවවාද - අභියෝගාත්මක 80% කඩ ඉම ජයගනී. පොදු ජනයා වෙනුවෙන් අඛන්ඩ සටනක් ගෙනගිය මෛත්‍රීට උපහාරය!

සිගරැට්‌ පැකට්‌ටු මත සියයට අසූවක ප්‍රමාණයකින් සෞඛ්‍යමය රූපමය අවවාද ප්‍රදර්ශනය කිරීම අනිවාර්ය කෙරෙන පනත් කෙටුම්පත ඊයේ (20 දා) පාර්ලිමේන්තුවේ දී පක්‍ෂ විපක්‍ෂ මන්ත්‍රීවරුන්ගේ එකඟත්වය මත සම්මත කෙරිණි.  ඒ අනුව දුම්කොළ නිෂ්පාදන ඇතුළත් සෑම පැකට්‌ටුවකම, ඇසුරුමකම හෝ කාඩ්බෝඩ් පෙට්‌ටියක ඉදිරිපස සහ පිටුපස දෙපැත්තෙන්ම ඉහළ මතුපිට පෘෂ්ඨය සියයට අසූවක ප්‍රමාණයකින් ආවරණය වන පරිදි සෞඛ්‍යමය රූපමය අවවාද ප්‍රදර්ශනය කළ යුතුය.  ඒ සමග අදාළ පෙට්‌ටියේ ඇති එක්‌...

Friday, February 20, 2015

ඖෂධ පනත ව්‍යවස්‌ථාවට අනුකූලයි - ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය කථානායක දැනුම් දෙයි

ජාතික ඖෂධ පනත් කෙටුම්පත ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට අනනුකූල නොවන බව (අනුකූල බව) ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කර ඇතැයි කථානායක චමල් රාජපක්‍ෂ මහතා පෙරේදා (18 දා) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය. පාර්ලිමේන්තු රැස්‌වීම ආරම්භයේදී නිවේදන ඉදිරිපත් කරමින් කථානායකවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය සභාවට දැනුම් දුන්නේය. කථානායකවරයා මෙසේද කීය. "ජාතික ඖෂධ නියාමන අධිකාරිය" යන නමින් යුත් පනත් කෙටුම්පත පිළිබඳව නිවේදනයක්‌ කරනු කැමැත්තෙමි. ජාතියේ හිත සුව පිණිස වහා අවශ්‍ය...

අල්ලා නමින් ලොව කළඹන ISIS අන්තවාදයට ඉරාකයේ පවුල් 45ක් බිළි. පුළුස්සා මර දමලා!

ඉරාකයේ අල් බැග්ඩායි නගරය අල්ලාගත් අයිසිස්‌ ත්‍රස්‌තයෝ ආරක්‍ෂක හමුදා සාමාජිකයන්ගේ පවුල් 45 ක්‌ පුළුස්‌සා මරා දමා ඇත. ආරක්‍ෂක හමුදා පවුල් රැඳීසිටි නිවාසවලට රැකවරණ සපයන ලෙස ඉරාක කර්නල් කයිට්‌ අල් ඔබිදි ඉරාක රජයෙන් ඉල්ලා ඇතත් නිසි ආරක්‍ෂාවට ලැබී නැත. මෙම හමුදා පවුල් සිටි නිවාස සංකීර්ණයට සැතපුම් පහක්‌ ඈතින් ඇමරිකානු හමුදා කඳවුරක්‌ පිහිටා ඇත. http://www.divaina.com/2015/02/19/forign03.ht...

දිගු කලක් කුඩු ජාවාරම් කළ මොහොමඩ් මරණ දඬුවම නියම කරද්දී සිහිසුන්ව වැටෙයි

හෙරොයින් ග්‍රෑම් 5.68 ක ප්‍රමාණයක්‌ ජාවාරම් කිරීමේ හා සන්තකයේ තබා ගැනීමේ චෝදනාවන්ට වැරදිකරු වූ අයකුට කොළඹ මහාධිකරණ විනිසුරු පද්මන් සූරසේන මහතා ඊයේ (19 දා) මරණීය දණ්‌ඩනය නියම කළේය. චූදිතට දඬුවම් නියම කරමින් මහාධිකරණ විනිසුරුවරයා මරණීය දණ්‌ඩනය නියම කළ අවස්‌ථාවේදී ඔහු අධිකරණ ශාලාවේ සිහිසුන්ව ඇද වැටුණු අතර බන්ධනාගාර නිලධාරීහු ඔහු නැගිටුවා පුටුවක හිඳවූහ. නීතිපතිවරයා විසින් ගොනු කර තිබූ චෝදනා පත්‍රයක්‌ අනුව පැවැති නඩු විභාගයකින් අනතුරුව වැරදිකරු වී...