Pages

Tuesday, February 24, 2015

කැබිනට් ඇමැතිවරුන් 30කට ව්‍යවස්ථාවෙන් සීමාවක්???

ඉදිරි ව්‍යවස්ථා සංශෝධනයෙන් පසු රජයේ කැබිනට් ඇමැතිවරු සංඛ්‍යාව 30ක් කළ යුතු බවට එක්සත් ජාතික පක්ෂ නායකයින් යෝජනාවක් ඉදිරිපත් කර ඇති බව රජයේ ආරංචි මාර්ග තහවුරු කරයි.එම යෝජනාවට අනුව නියෝජ්‍ය ඇමැතිවරු සංඛ්‍යාව 30ක් දක්වාද සීමා කිරීමට සැලසුම් කර තිබේ. 

මෙම යෝජනාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ව්‍යවස්ථා සංශෝධන කමිටුවේදීද නිදහස් පක්ෂ නායකයින් සාකච්ඡාවට ලක්කර ඇතත් ඊට එකඟතාව පළකිරීමට නිදහස් පක්ෂ නායකයින් තවමත් තීරණය කර නැත.

කෙසේ වෙතත් රජයේ ව්‍යවස්ථා සංශෝධන කමිටුව ඉදිරියේදී රැස්වීමෙන් පසු මේ යෝජනාව සම්බන්ධයෙන් නැවත සාකච්ඡා කෙරෙනු ඇත.මේ අනුව ඉදිරියේදී සකස් කරන නව ව්‍යවස්ථාවට රජයේ ඇමැති ධුර සංඛ්‍යාව සහ එම ඇමැති ධුරයන්ට අදාළ විෂය පථයන් ව්‍යවස්ථාව තුළ පැහැදිලිව දැක්වීමට නියමිතය.

ඉන්පසු බලයට එන ඕනෑම රජයකට එම රජයේ අමාත්‍යධුර වෙනස් කිරීම හෝ විෂය පථයන් මාරු කිරීමට -අවශ්‍ය වුවහොත් ව්‍යවස්ථා සංශෝධනයකට යෑමට සිදුවෙනු ඇත.

පානුක රාජපක්ෂ
http://www.lakbima.lk/index.php?option=com_content&view=article&id=43998:-30-&catid=34:news&Itemid=62

Pic Source