Pages

Friday, February 20, 2015

ඖෂධ පනත ව්‍යවස්‌ථාවට අනුකූලයි - ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය කථානායක දැනුම් දෙයි

ජාතික ඖෂධ පනත් කෙටුම්පත ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට අනනුකූල නොවන බව (අනුකූල බව) ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කර ඇතැයි කථානායක චමල් රාජපක්‍ෂ මහතා පෙරේදා (18 දා) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

පාර්ලිමේන්තු රැස්‌වීම ආරම්භයේදී නිවේදන ඉදිරිපත් කරමින් කථානායකවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය සභාවට දැනුම් දුන්නේය. කථානායකවරයා මෙසේද කීය.

"ජාතික ඖෂධ නියාමන අධිකාරිය" යන නමින් යුත් පනත් කෙටුම්පත පිළිබඳව නිවේදනයක්‌ කරනු කැමැත්තෙමි.

ජාතියේ හිත සුව පිණිස වහා අවශ්‍ය යෑයි අමාත්‍ය මණ්‌ඩලය විසින් සහතික කරනු ලැබූ මෙම පනත් කෙටුම්පත ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 122 (1) (ආ) ව්‍යවස්‌ථාව ප්‍රකාර අතිගරු ජනාධිපතිතුමා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු කරනු ලැබීය.

ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයේ සඳහන් සංශෝධන පනත් කෙටුම්පතට එකතු කිරීමට යටත්ව එම පනත් කෙටුම්පතේ විධිවිධාන කිසිවක්‌ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට අනනුකූල නොවන බවට 123 ව්‍යවස්‌ථාව ප්‍රකාරව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇති බව දන්වනු කැමැත්තෙමි. ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය අද දින කාර්ය සටහන් දැක්‌වෙන නිල වාර්තාවේ මුද්‍රණය කළ යුතු යෑයි මම නියෝග කරමි.

කුෂාන් සුබසිංහ - අජිත් අලහකෝන්
http://www.divaina.com/2015/02/20/news18.html

Pic Source

0 comments: