ඒ අනුව සුදු සීනි (පැකට් නොකරන ලද) කිලෝ ග්‍රෑමයක් රුපියල් 87ක් විය යුතු අතර සම්පූර්ණ යොදය සහිත කිරිපිටි ග්‍රෑම් 400 අසුරණය රුපියල් 325ක් හා කිලෝග්‍රෑම් එකේ අසුරණය රුපියල් 810ක් විය යුතු වේ. සස්ටජන් කිරිපිටි ග්‍රෑම් 400 අසුරණය රුපියල් 1500කි. පැකට් නොකරන ලද තිරිඟු පිටි කිලෝ ග්‍රෑමය රුපියල් 87ක් විය යුතු අතර මුංඇට කිලෝ ග්‍රෑමය රුපියල් 265ක් වේ. ආනයනික වියළි හාල් මැස්සන් කිලෝ ග්‍රෑමයක මිල රුපියල් 385කි. ග්‍රෑම් 425ක් බරැති ටින් කළ මාළු මිල රුපියල් 140ක් විය යුතු අතර ග්‍රෑම් 155ක් බරැති ටින් මාළු රුපියල් 70ක් විය යුතුය. කොත්තමල්ලි ඇට කිලෝ ග්‍රෑමයක මිල රුපියල් 350ක් වන අතර උළුඳු කිලෝ ග්‍රෑමයක් රුපියල් 300ක් වේ. උම්බලකඩ කිලෝ ග්‍රෑමයක මිල රුපියල් 1740ක් විය යුතු අතර කුඩු කල හෝ ඇඹරූ කහ කිලෝ ග්‍රෑමය රුපියල් 800ක් විය යුතු අතර කුඩු කළ හෝ ඇඹරූ වියළි මිරිස් කිලෝ ග්‍රෑමය රුපියල් 400ක් විය යුතුය.
අදාළ මිල ගණන් ඉකුත් 20 දා සිට බලාත්මක වන බවද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.
ගයාත්‍රි ගීගනආරච්චි
http://www.lakbima.lk/index.php?option=com_content&view=article&id=44077:2015-02-24-19-09-54&catid=34:news&Itemid=62
0 comments:
Post a Comment