Pages

Tuesday, April 19, 2016

රුසියානු මූසලු අන්තවාදයට එරෙහිව රුසියන් බොදුනුවෝ එක්වෙති! බුදු පිළිමයට මුත්‍රාකර හිසට පාපහරක් දුන් ක්‍රීඩකයාට එරෙහිව නැගී සිටිති!

දගිස්තානය කියන්නේ රුසියාවේ උතුරු කොකේසියානු ප්‍රදේශයේ කැස්පියන් මුහුද අසබඩ පිහිටලා තිබෙන ෆෙඩරල් සමුහාණ්ඩුවක්. මේ සමුහාණ්ඩුවේ 83% ක් පමණ ජීවත් වෙන්නේ මුස්ලිම් ජනතාව. රුසියානු ආණ්ඩුවට විසඳාගත නොහැකි බරපතල ගරිල්ලා යුද්ධ පවතින ප්‍රදේශයක්. සෑම දිනෙකම පාහේ ගරිල්ලා සටන්කාමීන් සහ රුසියානු හමුදාවන් අතර ගැටුම් ගැන පුවත් පත් වාර්තා කරනවා.

ඒ වගේම කල්මීකි කියන්නේ රුසියාවේ දගිස්තාන සමුහාණ්ඩුවට උතුරු දෙසින් පිහිටලා තිබෙන බෞද්ධ සමුහාණ්ඩුවක්. රුසියාවේ බෞද්ධ ජනතාව අතර ප්‍රසිද්ධ කල්මීකි රන් විහාරය පිටලා තිබෙන්නේ මේ කල්මීකි සමුහාණ්ඩුවේ අගනුවර වන එලිස්ටා නගරයේ.

දගිස්තානයේ ජාතික මල්ලව පොර කණ්ඩායම අප්‍රේල් මාසේ 3 වැනිදා මේ එලිස්ටා නුවරට පැමිණුනේ එලිස්ටා නුවර පැවැත්වෙන අන්තර් ජාතික මල්ලව පොර ශුරතා තරඟයකට සහභාගී වීමට. එදින රාත්‍රියේ නගර සංචාරයේ යෙදුනු මේ දගිස්තානු මල්ලව පොර කණ්ඩායම රන් විහාරය දැක බලා ගැනීමට පැමිණුනා. නමුත් සිදුවුයේ පුදුම දෙයක්. අවුරුදු 22ක් වයස කණ්ඩායමේ සාමාජික සයිඩ් ඔස්මානොව් රන් විහාරයේ තිබෙන රත්රන් ආලේප කල එක බුද්ධ ප්‍රතිමාවක් වෙත ලංවී එයට මුත්‍රා කර බුද්ධ ප්‍රතිමාවේ හිස වෙත පයින් කරාටේ පහරක්ද එල්ල කළා. ඔහු මේ දෙය සිදු කලේ දහසකුත් දෙනෙක් බලා සිටියදී.

මේ ආරංචිය ඉතා ඉක්මනින් එලිස්ටා නගරයේ බෞද්ධයන් අතර පැතිර ගියා. ටික වෙලාවකින් මේ මල්ලව පොර කණ්ඩායම නතර වී සිටි හෝටලය වෙත රැස්වූ අති විශාල පිරිස් සයිඩ් ඔස්මානොව් වෙත සිය විරෝධතා එල්ල කරන්නට පටන් ගත්තා. ඔවුන්ගේ ප්‍රශනය වුයේ වැසිකිලියක් ලෙස සහ කරාටේ සටන් ශිල්ප සඳහා ඇයි ඔහු බුද්ධ ප්‍රතිමාවක් යොදා ගත්තේ යන්න. අවසානයේදී පොලීසියත් පැමිණුනා. එහෙත් සයිඩ් ගේ පිළිතුර වුයේ ඔහු ඒ බුද්ධ ප්‍රතිමාවක් හෝ පුජනීය ස්ථානයක් බව නොදැන සිටි බවයි. පිළිගන්නට බැරි නිදහසට හේතුවක්!

ඒ කෙසේ වුවත් ඔහුට විරුද්ධව නඩු පවරලා. දැනට ඔහු එලිස්ටා වල අත් අඩංගුවේ පසු වෙනවා.

කල්මීකි සමුහාණ්ඩුවේ ජීවත් වන ජනතාව ඉතා සාමකාමී ජනතාවක්. එහි මෙවැනි ප්‍රශ්න ඇතිවී තිබෙන්නේ බොහොම සුළුවෙන්. මීට වසර කිහිපයකට ඉහතදී ද දගිස්තානයෙන් පැමිණුනු සංචාරක කණ්ඩායමක් අතර බහින් බස් වීමක් ඇතිවී පහර දීම් වලින් කෙළවර වී තිබෙනවා.

මේ සිද්ධිය සම්බන්ධයෙන් දැන් රුසියාව පුරා නොයෙකුත් මතයන් ඉදිරිපත් වෙනවා. විශේෂයෙන්ම බෞද්ධ ජනතාව. “බෞද්ධයන් හැටියට අනිකුත් පුද්ගලයින් ගැන තරහක් ඇති කර නොගත්තත් මොහු අපේ පුජනීය ස්ථානය කෙලසුවා.” , ” මේක තනිකරම බෞද්ධාගම අපහාසයට ලක්කිරීමක්. සයිඩ් හිතන්නේ ඔවුන්ගේ ආගම පමණක් පිළිගැනීමකට ලක් විය යුතු බවයි.” ” බෞද්ධයෝ පැමිණ මුස්ලිම් පල්ලියක මෙවැනි ආකාරයට හැසිරුනානම් මේ ප්‍රශනය කොතනින් කෙළවර වේද ? ” , ” අපි බෞද්ධයෝ. සාමයට ලැදි පුද්ගලයෝ. නමුත් මේ ප්‍රශ්නයේ අවසානය අධිකරණය විසඳාවි.” මෙවැනි අදහස් අද රුසියානු පුවත් පත්, වෙබ් අඩවි වල සඳහන් වෙනවා.

දගිස්තාන රජයේ නායක ගමිඩොව් පෞද්ගලිකවම එලිස්ටා නුවරට පැමිණ දගිස්තානය වෙනුවෙන් සමාව ඉල්ලා සිටියා. ඒ වගේම සයිඩ් ගේ පියාද සමාව ඉල්ලා තිබෙනවා. දැන් සයිඩ් දගිස්තානු මල්ලව පොර කණ්ඩායමෙන් ඉවත් කළා. මේ සෙනසුරාදා සියලු කල්මීකි බෞද්ධ වැසියන් සහ රන් විහාරයේ පුජ්‍ය පක්ෂය එකතු වී බුදු පිළිමය සෝදා පිරිසිදු කර විශේෂ පුජාවක් පැවැත්වීමට කටයුතු සිදු කරනවා.

රොහාන් ඩී. මොස්කව් නුවර සිට – හෙළබිම
http://lankacnews.com/sinhala/foreign-news/142597/

0 comments: