Pages

Saturday, April 9, 2016

නාගදීප බුදු පිළිමය නිසා දෙමළ අනන්‍යතාවය බිඳ වැටේලු! සිංහල බෞද්ධ බහුතර පෙදෙස්වල කෙතෙරම් පල්ලි කෝවිල් තිබේද? සැබෑ ජාතිවාදීහු කව්ද? මෛත්‍රීට බොදුනුවන් අරහංද?

නාගදීපය නැවත කරළියට පැමිණ ඇත්තේ නාගදීප රජමහා විහාරයේ ඉදිකිරීමට යෝජිත අඩි 61 ක්‌ උසැති බුදු පිළිමය නිසාය. මෙම පිළිමය ඉදිකිරීම නතර කරන ලෙස යාපනය දිසාපතිවරයා නවදගල පදුමකිත්ති තිස්‌ස හිමියන්ට ලිපියක්‌ ද එවා තිබිණි. එහෙත් දැන් මේ පිළිමය ඉදිකිරීමට එරෙහිව දෙමළ සන්ධානය අවි අමෝරාගෙන ඇත. නාගදීප රජමහා විහාරයේ ඉදිකිරීමට යෝජිත නව බුදු පිළිමයට එරෙහිව යෝජනාවක්‌ ඉකුත් 07 වැනිදා උතුරු පළාත් සභාවට ඉදිරිපත් කෙරුණි. 

2015 දී නාගදීපයට මෙවැනිම තර්ජනයක්‌ එල්ල විය. ඒ පිළිබඳ ව අපි 2015 නොවැම්බර් 15 වැනිදා 'දිවයින' පුවත්පතට "කොටි හොල්මන් නාගදීප බුදු පිළිමයට ඔරවති" මැයෙන් ලිපියක්‌ සටහන් කළෙමු. දැන් 2016 අප්‍රේල් මාසයේදී සිදුවන්නේ කුමක්‌ද? එය අපට සටහන් කරන්නට සිදුවන්නේ කොටි හොල්මන් නාගදීප බුදු පිළිමයට ඔරවති" යනුවෙන් ද ඉකුත් නොවැම්බර් 05 වැනිදා උතුරු පළාත් සභාවට ඉදිරිපත් වූ යෝජනාවෙන් කියෑවුණේ කුමක්‌ද? නාගදීප දිවයින නයිනතිව් ලෙස වෙනස්‌ කළ යුතු බවයි. නිරන්තරයෙන් නාගදීප දිවයින සිංහලකරණය කිරීමට කොළඹ ආණ්‌ඩුව උත්සාහ කරන බව ප්‍රකාශ කරන ටැමිල් නෙට්‌ වෙබ් අඩවිය ඉකුත් අඟහරුවාදා සිය ප්‍රධාන පුවත මගින් හෙළි කර සිටියේ නාවික හමුදාවේද සහාය ඇතිව අඩි 61 ක්‌ උසැති බුදු පිළිමය ඉදිකිරීමට සැරසෙන බවත්ය. කොටි හිතවාදී වෙබ් අඩවිය ප්‍රකාශ කරන්නේ මේ හරහා නාගදීප දිවයිනේ දෙමළ සංස්‌කෘතිය අතුගා දැමීමට සැරසෙන බවයි.

උතුරු පළාත් සභා මන්ත්‍රීවරු දෙපළක්‌ වන බාලචන්ද්‍රන් ගජතීපන් හා චින්තන් කනගරත්නම් යන දෙදෙනා මෙම බුදු පිළිමය ඉදිකිරීමට එරෙහිව ඉකුත් බ්‍රහස්‌පතින්දා, උතුරු පළාත් සභාවට යෝජනාවක්‌ ඉදිරිපත් කළ අතර ඔවුන් එම යෝජනාව මගින් ප්‍රකාශ කර සිටියේ නාගදීප දිවයිනේ වෙසෙන දෙමළ වැසියන්ගේ සංස්‌කෘතික අනන්‍යතාවය මේ බුදු පිළිමය නිසා විනාශ වන බවයි. මොවුන්ට අවශ්‍ය නාගදීප රජමහා විහාරය මේ දිවයිනෙන් එපිටට විසිකර දැමීමටද? 

බුදු පිළිමය නිසා දෙමළ වැසියන්ගේ අනන්‍යතාවය බිඳ වැටෙන්නේද එසේ නම් සිංහල බෞද්ධ බහුතරය සිටින ප්‍රදේශවලත් කොපමණ මුස්‌ලිම් පල්ලි ඉදිවී තිබේද? උදේට සවසට ශබ්ද විකාශන යන්ත්‍ර හරහා මහා හඬින් ඇසෙන යාඥවෙන් තම අනන්‍යතාවය විනාශ වී යන්නේ යෑයි බෞද්ධයන් පැමිණිලි කර තිබේද? ඒ කන්කරච්චලය නිහඬව ඉවසා සිටීම බෞද්ධයන්ගේ සහජීවනයයි. ඒ සහජීවනය කිසිවකු අවඥවට ලක්‌ කළ යුතු නැත. යහපාලන ආණ්‌ඩුව නම් උතුරේ සහජීවනය ඇති කිරීම වෙනුවෙන් හමුදා කඳවුරු පිටින්ම ගලවා දමයි. ජනාධිපතිතුමා දෙමළ වැසියන්ගේ දුක සැප සොයන්නට ඔවුන්ගේ නිවෙස්‌වලටම ගොඩ වෙයි. රාජ්‍ය නායකයා ලෙස සියලු ජනයාගේ දුක සැප සොයා බැලීම ඔහුගේ යුතුකම බව අමුතුවෙන් සටහන් කළ යුතු නැත. දකුණේ ආණ්‌ඩුව සහජීවනය වෙනුවෙන් හස්‌තය දිගු කරද්දී දෙමළ සන්ධානය නාගදීපයේ බුදු පිළිමයට සාප කරන්නේ කවර හේතුව නිසාද? මොවුන් ථෙරවාදී බෞද්ධයන්ට එරෙහි වන්නේ මන්ද? බෞද්ධ ජනතාව හින්දුන් කෙරෙහි සහෝදරත්වයෙන් කටයුතු කළ ද කොටි හිතවාදී දෙමළ සන්ධානය නම් නාගදීපයේ බුදු පිළිමය දකින්නේ සිරියාවේ අයිසිස්‌වරු එරට ක්‍රිස්‌තියානි පල්ලි විනාශ කළ වෛරී සිතිවිල්ලෙන් වීම කනගාටුදායකය. 

2009 වසරේ සිට දහස්‌ ගණනින් සිංහල බෞද්ධයෝ වැල නොකැඩී නාගදීප විහාරය වන්දනාමානයට පැමිණීම දෙමළ සංවිධානයට බලවත් ප්‍රශ්නයක්‌ වී ඇත. සිංහල බෞද්ධයන්ගේ වන්දනීය විහාරයක්‌ වන නාගදීපය සොළොස්‌මස්‌ථානයන්ගෙන් එකකි. බුදු බව ලබා පස්‌වන අවුරුද්දෙහි බක්‌මස අමාවක පොහෝ දිනයේ බුදුන් වහන්සේ නාගදීපයට වැඩම කළහ. එය උන්වහන්සේගේ දෙවන ලංකා ගමනේ බෞද්ධ ඉතිහාසයේ දැක්‌වෙන අන්දමට නාගදීප රාජායතන චෛත්‍යය යනු ශාසන ඉතිහාසයේ අවසානය දක්‌වාම පවතින ඉතා වැදගත් පූජනීය ස්‌ථානයකි. සම්බුද්ධ ශාසනය අතුරුදන් වන විට විවිධ වෙහෙර විහාරවල තිබෙන සර්වඥධාතු නාගදීප චෛත්‍ය ස්‌ථානයට එක්‌රැස්‌ වෙයි. එබැවින් දඹදිව සිරිමහබෝමැඩට වැඩම කිරීමෙන් පසුව අතුරුදන් වෙයි. මේ පිළිබඳ මිලින්ද ප්‍රශ්නයේද සඳහන් වේ.

දෙමළ සන්ධානය කවර විරෝධතා දැක්‌වුවද මේ බුදු පිළිමය කෙසේ හෝ ඉදිකළ යුතුය. එය විනාශ කිරීමට හෝ ඒ ඉදිකිරීම් කටයුතුවලට අකුල් හෙලන්නට නූතන යුගයේ කාලිංග මාඝලාට ඉඩ දිය යුතු නැහැ. උතුරු පළාත් සභාව මන්ත්‍රීවරුන් වන බාලචන්ද්‍රන්, ගජදීපන් හා චින්තන් කනගරත්නම් යනු නූතන යුගයේ කාලිංග මාඝවරුන් ය. ඉදිරියේදී උතුරු පළාත් මහ ඇමැති විග්නේශ්වරම් ද මේ පිළිමය ඉදිවීම දැක බියවන්නට ඉඩ තිබේ.

නාගදීපයේ සිංහල බෞද්ධ උරුමයට කිසිවකුට අභියෝග කළ නොහැක. වල්ලිපුරම් රන් සන්නසේ සඳහන් වන්නේ රාජ්‍ය වර්ෂ 126 - 127 වසභ රජ සමයේ ඉසිගිරි නමැති ඇමැතිවරයෙක්‌ නාගදීපය පාලනය කළ බවයි.

1958 වසරේදී නාගදීප දාගැබට ඩයිනමයිට්‌ දමා පුපුරුවා කොත් කැරැල්ල බිම හෙළන ලදී. එමෙන්ම අන්තවාදී පිරිසක්‌ 2500 බුද්ධ ජයන්තිය වෙනුවෙන් බුරුම රටෙන් තෑගි කළ බුදු පිළිමය සිරස හා අත්පා කඩා මුහුදට දැමූහ. මෙම සිද්ධිය දකුණේ ජනතාවට දැන ගැනීමට එවක ආණ්‌ඩුව ඉඩ තැබුවේ නැත. මෛත්‍රිපාල සේනානායක මහතා රහසිගතව නාගදීපයට පැමිණ මේ විපත පිළිබඳ කරුණු සොයා බැලීය. සිරස සිඳින ලද බුදු පිළිමය මුහුදු පතුලේ තිබී නාවික හමුදාව විසින් සොයාගන්නා ලදී. 1958 නාගදීපය විනාශ කරන්නට උත්සාහ කළ අන්තවාදීන්ගේ නූතන පරම්පරාව උතුරු පළාත් සභා මන්ත්‍රීවරුන්ගේ වේෂයෙන් පැමිණ නාගදීප බුදු පිළිමයට ඔරවති. නමුත් මේ කොටි හොල්මන් පරාජය කළ යුතුය.

චතුර පමුණුව
http://www.divaina.com/2016/04/10/feature07.html

Pic Source

සබැඳි ලිපි -
[

සම්බුදු පහස ලද නාගදීප බොදු උරුමයේ බුදු රුවක් තැනුමට බාධා ඇයි? කුරගල, මුහුදු මහ වෙහෙර ආදී බොදු පුද බිම් අන්තවාදීන් ආක්‍රමණය කිරීමේ තවත් දිගුවක්ද?http://denethharinna.blogspot.com/2016/03/blog-post_28.html
දඹුල්ල අනවසර පල්ලිය, මුහුදු මහා විහාරය ඩෝසර් කිරීම, කූරගල බොදු බිම ආදිය පිළිබඳ මුස්ලිම් අන්තවාදයේ නිරුවත සැකෙවින්...
http://denethharinna.blogspot.com/2012/07/blog-post.html
]

0 comments: