Pages

Sunday, March 12, 2017

මුසලුවන් බලෙන් අල්ලන නැගෙනහිර සිංහල ඉඩම් උරුමය - පුන්නකුඩා අක්‌කර 500 ක ඉඩම

මඩකලපුවේ සාමයට යළි භීෂණයක්‌ එක්‌ කරමින් 22 වැනිදා රාත්‍රියේදී මඩකලපුව ඉඩම් ප්‍රතිසංස්‌කරණ කොමිෂන් සභාවේ අධ්‍යක්‌ෂ විමලරාඡ් නේෂන් මහතාට දෙදෙනකු නිවසට පැමිණ වෙඩි තබා පලාගියහ. මේ සිදු වූයේ කුමක්‌ද? පසුගියදා පුන්නකුඩා සිදුවූ ඉඩම් ගැටලුව මෙයට මුල් වූවාදැයි ඇතැමුන් ප්‍රශ්න නගන්නට වූහ. 

එදා නැඟෙනහිර පළාතේ මඩකලපුව වූ කල යුද්ධය දරුණුවටම පැවතුණු මරණයේ පුරවරයකි. නමුත් සාමය උදාවීමත් සමඟම ඒ සියල්ල නැවතුනි. යුද්ධයට පෙර මඩකලපුව පුරාවට සිටි තිස්‌ හතළිස්‌ දාහක පිරිසට අත්වූයේ අන්ත අසරණ භාවයමය. වසර ගණනක්‌ පැවති යුද්ධය නිමාවී ආ සිංහලයින් දුටුවේ තමන්ගේ ඉඩකඩම් වලට ඔප්පු තිරප්පු හදාගෙන වෙනත් පුද්ගලයන් විසින් අත්පත් කරගෙන තිබෙන ආකාරයයි. මේ වන විටත් සාමයේ නාමය අස්‌සෙන් ඒ ඉඩම් කොල්ලය ජයටම මේ පුරවරයේ සිදුවේ.

විටෙක ඉපැරණි පුදබිම් ගල්කණු ගළවා දාගැබ් විනාශ කර ඔප්පු තිරප්පු හදාගනිමින් සිටිති. විවිධාකාරයෙන් ව්‍යාජ ලිපි ලේඛන සාදා ඉඩකඩම් කොල්ලය ජයටම සිදු කරමින් සිටිති. මේ වන විට මඩකලපුව පුරාවටම ඉඩම් විවිධාකාරයෙන් සිදු වෙමින් තිබේ. අපි දැන් කතා කරමින් සිටින්නේ පුන්නකුඩා ඉඩම් ආරාවුල පිළිබඳවය. 

පුන්නකුඩාවල ඉඩම් ගැටලු දෙයාකාරයකින් තිබේ. එක්‌ කරුණක්‌ වන්නේ සිංහලයින් පදිංචි ඉඩම් අහිමිව තිබීමය. අනෙක්‌ ගැටලුව වන්නේ ඉඩම් ප්‍රතිසංස්‌කරණ කොමිෂන් සභාවට අයත් අක්‌කර 500 න් කොටසක්‌ බලෙන් ඇතැම් පිරිස්‌ අත්පත් කරගෙන සිටීමයි. 

ඉඩම් ප්‍රතිසංස්‌කරණ කොමිෂන් සභාවට අයත් අක්‌කර 500 ක ඉඩමක්‌ එරාවුර්, පුන්නකුඩා ප්‍රදේශයේ තිබේ. මෙම ඉඩම්වලට පසුගියදා නරක කලදසාවක්‌ උදාවුණි. ඒ රටේ නීතිය තුට්‌ටුවකට මායිම් නොකරමින් දිගින් දිගටම එම ඉඩම බලෙන් අත්පත් කරගන්නට ඇතැම් මුස්‌ලිම් පිරිසක්‌ කටයුතු කරමින් සිටීමයි. මෙම ඉඩම් පරීක්‌ෂා කිsරීම සඳහා පසුගිය දිනක විමලරාඡ් නේෂන් මහතා එම ප්‍රදේශයට ගිය අතර එම අවස්‌ථාවේ එම ස්‌ථානයේදී කිsහිප දෙනෙක්‌ ඔහුට පහරදීමටද උත්සාහ දරා තිබේ. ඒ අවස්‌ථාවේ පොලිස්‌ නිලධාරීන් විසින් එම පහරදීම වළක්‌වා තිබේ. මේ සම්බන්ධව විමලාරාඡ් මහතා එරාවුර් පොලිසියටද පැමිණිලි කර තිබේ. පසුව එරාවුර් පොලිසිය මගින් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

මේ ආකාරයෙන් අවනිතිය මේ ප්‍රදේශයේ රජ කිරීම සුලභව සිදු වෙති. හොරෙන් අල්ලා ගන්නා ඉඩමකට අවශ්‍ය ආකාරයෙන් ඔප්පු තිරප්පු හදාගැනීම සඳහා බොහෝ දෙනෙකු අති දක්‌ෂය. ඒවා ගැන මෙලෝ යකෙක්‌ හොයන්නේද නැත. ඇතැම් රාජ්‍ය නිලධාරීන්ගේ සහාය ඇතුව මෙම ප්‍රදේශයේ ඕනෑම ස්‌ථානයක ඉඩමකට ලිපි ලේඛන සාදා ගැනීම අපහසු කරුණක්‌ නොවී ඇත. ඒ සඳහා මුදලට සහ ජාතිවාදී ආකල්පයෙන් කටයුතු කරන බොහෝ නිලධාරි කොටස්‌ මෙම කාර්යාල තුළ හිඟයක්‌ නොමැතිව ඇත්තේය. එය අපිට මැනවින් ඔප්පු වන්නේ මෙම අසාධාරණයන්ට එරෙහිව නිසි ආකාරයෙන් රාජ්‍ය නිලධාරි යාන්ත්‍රණය ක්‍රියාත්මක නොවීමය.

පුන්නකුඩා ඉඩම් මුස්‌ලිම් ජනයා අල්ලන්නට කුලප්පු වූවේ පුන්නකුඩා ප්‍රදේශයේදී සිංහල ජනයා පදිංචි කිරීමට උත්සාහ කිරීමත් සමඟය. කොටි කලබල ආරම්භ වන සමයේ මෙම පුන්නකුඩා ප්‍රදේශයේ සිංහල පවුල් 125 ක්‌ පමණ පදිංචිව සිටින ලදී. ඊට අමතරව වසරේ මාස හයක පමණ කාලයක්‌ ධීවර කටයුතු සඳහා ඒ සමයේ තවත් දෙතුන් දහසක පිරිසක්‌ මෙම දකුණු පළාතේ සිට මෙම පුන්නකුඩා ප්‍රදේශයට පැමිණෙති.

83 ජූලි කලබල සමයේ බොහෝ සිංහලයින් පිරිසක්‌ මෙම පුන්නකුඩාව අත්හැර ගියේ ජීවිත බේරා ගැනීමටය. 1987 වසරේදී කොටි කලබල බෙහෙවින් උත්සන්න වීම නිසා බොහෝ දෙනෙකු එරාවුර් නගරය ආසන්නයට පදිංචියට යන ලදී. නමුත් වූයේ එම අවස්‌ථාවේදී සිංහලයන් 50 කට ආසන්න පිරිසක්‌ කපාකොටා ඝාතනය කර දැමීම නිසා වැලි පොළව රක්‌ත වර්ණ ලෙයින් පෙඟී යන්නට වීමය.

මාස 03 ක්‌ පමණ කාලයක්‌ මෙම පුන්නකුඩා සහ එරාවුර් වැසියෝ එරාවුර් අලියාර්¨ මහා විද්‍යාලයේ රැඳී සිටින්නට වූහ. අනතුරුව මෙම පිරිස දිවි බේරාගෙන අසරණව උන්සිටි තැන් අහිමිව සරණාගතයන් බවට පත්ව එරාවුර්වලින් පිටත්ව යන ලදී. නැවතත් යුද්ධයෙන් පසු 2009 දී නැවත එරාවුර්වලට පැමිණි සිංහල ජනයා අන්ත අසරණ වූහ. බොහෝ දෙනෙකුගේ ඔප්පු ඉඩම් පවා අල්ලා තිබුණි. ඒ සමයේ පුන්නකුඩා ගම්මානයේ සිංහල ජනතාවගේ නිවාසවල අත්තිවාරම් තවමත් ඉතිsරිව තිබේ.

මේ වන විට නොයෙක්‌ බාධක මැද පුන්නකුඩා ප්‍රදේශයේ පදිංචිව සිටින ඒ. ජී. සමන් තිලකසිරි මෙසේ පවසා සිටියේය.

ඉස්‌සර අපිට පුන්නකුඩාවල අපේ ගම්මානයේ අක්‌කර 55 ක්‌ තිබ්බා. එක්‌ අයෙකුට පර්චස්‌ 40 ගාණේ තිබුණා. යුද්ධයෙන් පස්‌සේ අපේ ඉඩම් වෙනින් අය අල්ලලා තිබ්බා. පස්‌සේ අපි පදිංචි වෙන්න ගියාම මුස්‌ලිම් කාන්තාවකට හම්බන්තොට වරාය හදද්දි ගත් ඉඩමක්‌ වෙනුවට කියලා අක්‌කර 35 ක්‌ අපේ පුන්නකුඩාවලින් දීලා තිබ්බා. 

අපිට තියෙන ගැටලුව හම්බන්තොට වරායට ඉඩම් ගත්තනම් ඒවාට එහෙන් දෙන්න තියෙන්නේ. අපි පදිංචි වෙලා හිටිය ඉඩම්වල මේ විදිහට අක්‌කර 35 ක්‌ වෙනත් අයෙකුට ලබාගන්න ඉඩ දීලා අපිට පර්චස්‌ 20 ගානේ දෙන්නේ මොන ආකාරයෙන්ද කියලයි අපිට තියෙන ගැටලුව.

මේ ආකාරයෙන් උතුර නැගෙනහිර මුස්‌ලිම් සහ දෙමළ ජනයා පදිංචි කරමින් සිටිති. නමුත් උතුරු නැගෙනහිර සිංහලයින් පදිංචි නොකරති. පදිංචි කරවන්නට හැදුවත් එය එපා වාහෙට හොදි බෙදන්නා සේය. බලන්නේ සිංහලයන් පන්නා දමන්නටය.

මෙම නිලධාරිවරයාගේ එම අවස්‌ථාවේ ක්‍රියා කලාපය ගැන අපිට ගැටලු සහගත තත්ත්වයක්‌ ඇත. මේ ආකාරයෙන් සිංහල ජනයා පදිංචිව සිටි ඉඩමෙන් අක්‌කර 35 ක්‌ එක්‌ අයෙකුට දුන්නේ කුමන ආකාරයෙන්ද කියාය.

නමුත් මෙම සිදුවීමෙන් පසුව සිදු වූයේ ඉඩම් ප්‍රතිසංස්‌කරණ කොමිෂන් සභාවට අයත් පුන්නකුඩා අක්‌කර 500 ඉඩමෙන් බලෙන් අත්පත් කරගන්නට පටන් ගැනීමය. එම අවස්‌ථාවේදී විමලරාඡ් නේෂන් සිය රාජකාරිය නිසි පරිදි කරන්නට උත්සාහ ගත්තේය.

ඒ අනුව අනවසරයෙන් ඉඩම් අත්පත් කරගත් කිහිප දෙනකු අධිකරණ හමුවටද ගෙනයන්නේය. මේ තත්ත්වය මත ඉඩම් අධ්‍යක්‌ෂකවරයාට විටින් විට මෙම ඉඩම් ගැටලුව නිසා බලපැම් ඇති වන්නේය.

22 වැනිදා රාත්‍රී 7.30 පමණ කලවංචිකුඩි පොලිsස්‌ බල ප්‍රදේශයේ කළුදාවලි පිහිටි තම නිවසේ විමලරාඡ් මහතා බිරිඳ සහ දරුවා සමඟ සිටින්නට විය. ඒ අවස්‌ථාවේ ගමනක්‌ යෑම සදහා විමලරාඡ් මහතා නිවෙසේ ඉදිරිපිට සිටින්නට විය. එවිට යතුරුපැදියකින් දෙදෙනෙක්‌ පැමිණියහ. ඉන් එක්‌ අයෙකු ඔයාද විමලරාඡ් යනුවෙන් අසන්නට වූවේය. විමලරාඡ් මහතා ඔව් කියා පවසත්ම ඒ සමඟම පැමිණි පුද්ගලයා ඇඳ සිටි කබාය තුළින් පිස්‌තෝලයක්‌ ගෙන වෙඩි කිහිපයක්‌ තබන්නේය. ඉන් එක්‌ උණ්‌ඩයක්‌ අතට වැදුනි. අනෙක්‌ වෙඩි උණ්‌ඩය සිරුරේ ඉළඇට පේලි පිහිටා ඇති ප්‍රදේශයට වැදෙන්නේය. මේ සියල්ල පාසල් ගුරුවරියක්‌ වූ ඔහුගේ බිරිඳ ද දුටුවාය. වෙඩි හඬ ඇසී අසල්වාසින් එද්දී යතුරු පැදියේ නැගි ඝාතකයෝ පැන යන්නට වූහ. වෙඩිවැදී තුවාල සිදුවූ ඒ මහතා බිම ඇද වැටෙද්දී ඉතා ඉක්‌මනින් කලවංචිකුඩි රෝහලට ගෙනයන ලදී. ඉන්පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා මඩකලපුව රෝහල වෙත ගෙන යන ලදී. 

මේ වන විට විමලරාඡ් මහතා වැඩිදුර ප්‍රතිකාර කිsරීම සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

මේ වෙඩි තැබීම පිළිබඳව පොලිස්‌ කණ්‌ඩායම් 05 ක්‌ පරීක්‌ෂණ ආරම්භ කර තිබේ. මේ වන විට බොහෝ පිරිසකගෙන් ප්‍රශ්න කිරීම් සිදුකර ගෙන යමින් තිබේ. මේ සටහන තබන මොහොත වන විටත් නිසි තොරතුරක්‌ මෙම සිදුවීම සම්බන්ධයෙන් අනාවරණය වී නොතිබුණි.

දැනගන්නට ඇති පරිදි මෙම නිලධාරිවරයාට වෙනත් තර්ජනයක්‌ තිබි නොමැත. තර්ජනයක්‌ ඇතිවූයේ පුන්නකුඩා සිදුවීමෙන් පසුවය. ඒ ඉඩම් මංකොල්ලය වළක්‌වන්නට ගිය නිසාවෙනි. මෙම ප්‍රදේශවල සිදුවන මහා පරිමාණ ඉඩම් කොල්ලවලට ඇතැම් රාජ්‍ය නිලධාරීන්ද අවශ්‍ය පහසුකම් සලසා දෙති. ඒ නිසා අදාළ ලිපි ලේඛන හොර රහසේ සාදා ගනිති. නමුත් මේ තත්ත්වය වෙනස්‌ කරවන්නට ගිය කළ බොහෝ දෙනෙකුගේ උදහසට එම තැනත්තා හසුවේ. ඒ නිසා ඒ වෙනුවෙන් මෙම ඝාතන තැත සිදුවුණා දැයි බොහෝ දෙනෙකු සැක කරනු ලබයි.

මෙම ඉඩම් ආරවුල් ඇති ප්‍රදේශයේ හිටපු ඉහළ පොලිස්‌ නිළධාරියකුගේ ඉඩමක්‌ ඇති බවත්, ඔහු මෙම වෙඩි තැබීම හා සම්බන්ධතාවක්‌ ඇති බවටත් රාවයක්‌ පැතිර යමින් තිබේ. නමුත් මෙය සටහන් තබන මොහොත වන විටත් මෙම ඝාතන තැත සිදු කළේ කවුදැයි කියා අනාවරණය වී නොතිබුණි.

මීට පෙරද නිසි පරිදි රාජකාරි කටයුතු කරන්නට ගිය නිලධාරීන් නැගෙනහිරදී මරා දමා තිබේ. එසේ නම් මේ සිදුවුයේ එවැනි දෙයක්‌ද? එසේ නොමැති නම් වෙනත් හේතුවක්‌ද කියා නුදුරේදීම පොලිසියේ දක්‌ෂතාව මත අනාවරණය වනු ඇත. නමුත් මේ වන විට මෙම ප්‍රදේශයේ ඇත්තේ ඉඩම් මංකොල්ලයකි. ඒ වෙනුවෙන් නීතිය තුට්‌ටුවට දමා කැලෑ නීතිය අතට ගෙන බොහෝ දෙනෙකු කටයුතු කරමින් සිටිති. ඒ සදහා අදාළ ආයතන නිහඬතාවයෙන් කටයුතු කරන නිසා මෙවැනි දේවල් තව තවත් වර්ධනය වෙමින් තිබේ.

පසුගිය සමයේ කරදියන්ආරු ප්‍රදේශයේ දී පුරාණ රජමහ විහාරයක දාගැබක්‌ මතින් වැට ගසා ගල්කණු උගුල්ලා දමා පුරාවස්‌තු සහිත භුමිය සීසා වගා කර සිටියදී ඒ පිළිබඳව මඩකලපුව මංගලාරාම විහාරාධිපති අම්පිටියේ සුමනරතන හිමියන් පොලිසියට පැමිණිලි කළද පොලිසිය නිහඬය. නමුත් බොදුබල සේනා සංවිධානය ඇතුළු මහා පිරිසක්‌ මඩකලපුව පිංකමකට එන්නට සුදානම් වූ අවස්‌ථාවේ කරදියන්ආරු පොලිසිය එම පුදබිම පුද්ගලික ඉඩමක්‌ ලෙස දක්‌වමින් පුද්ගලික ඉඩමකට බලෙන් ඇතුළුව විහාරස්‌ථානයක්‌ සෑදීම වළකාළීම සදහා උසාවි නියෝගයක්‌ද ගන්නා ලදී.

පුරාවස්‌තු සහිත ඉඩම වැනසූ නරුමයන් අත්අඩංගුවට ගන්නවා වෙනුවට පොලිසිය එවර කළේ එම නරුමයන්ගේ ක්‍රියාව සාධාරණය කිරීමය. පුන්නකුඩා සිංහල ජනතාවගේ ඉඩම් නැවත ගන්නට ගිය කළ එරාවුර් පොලිසියද කටයුතු කළේ ඒ ආකාරයෙනි. ඉහත පිරිස පැමිණෙන බව දැනගෙන කලබල වුණ පොලිසිය දෙමළ ජනතාවගේ ඉඩම් සිංහල ජනතාවගේ යෑයි පවසමින් විරෝධතාවක්‌ පවත්වන්නට යන බව පවසමින් වාරණ නියෝගයක්‌ද එම අවස්‌ථාවේ උසාවියෙන් ලබා ගන්නා ලදී. මේ දැක්‌වූයේ නිදසුන් දෙකකි. මේ ආකාරයෙන් වැරැදි දැක දැක ඒ වැරැදිවලට නිහඬව සිටීමෙන් පොලිසියද මේ සඳහා වක්‍රව නිහඬ ආශිර්වාදයක්‌ ලබා දෙමින් සිටිති.

ඒ අනුව මේ ආකාරයෙන් තමන්ට අභිමත ආකාරයෙන් ඉඩම් මංකොල්ල කන්නට බොහෝ පිරිසක්‌ කටයුතු කරමින් සිටිති. මේ සිදුවීමට අදාළව ඇත්තේ පුන්නකුඩා ඉඩම් ගැටලුව නම් මින් ඉදිරියට රාජ්‍ය නිලධාරීන්ට නිසිසේ තම රාජකාරි කටයුතු කිරීමට නොහැකි වනු ඇත. ඒ අනුව දිගින් දිගටම කැලෑ නීතිය මීටත් වඩා දරුණුවට රජ කරනු ඇත. මේ සියල්ල මැද එරාවුර් ඇතුළු මඩකලපුව පුරාවටද සිටින සිංහල ජනයා කල්ලතෝනියන් සේ අසරණව ඇත. රාජ්‍ය නිලධාරී මාෆියාව ඔවුන් දැඩි සේ පීඩාවට පත් කරමින් ඇත. නමුත් ඒ ගැන කථා කිරීමට කොන්ද පණ තියෙන නායකයන් රටේ නැත. එවැනි තත්ත්වයක්‌ යටතේ මේ ආකාරයේ ක්‍රියා තවදුරටත් සිදු වුවහොත් නැවතත් මඩකලපුව පෙර මෙන් සාමය බිඳවැටි ගොස්‌ ලේ විලක්‌ බවට පත්වනු ඇත.

සුසන්ත අමර බන්දු
http://www.divaina.com/2017/03/12/feature05.html

Pic Source - Hiru News

සබැඳි ලිපි -
[
මඩකලපුව-එරාවුර්-පුන්නුකුඩා රජයේ ඉඩම් මුසලුවෝ බලෙන් අල්ලති!
http://denethharinna.blogspot.com/2017/02/blog-post_22.html
]

0 comments: