දඹුල්ල මූලික රෝහලට දරු ප්‍රසුතිය සඳහා ඇතුළත්වූ මවුවරුන් සඳහා දැනට සති කිහිපයක සිට දරු උපතෙන් පැය 48 ක් ඇතුළත පළඳවන පසු ප්‍රසව ලූපය පැළඳවීමට කටයුතු කිරීමේදී මවුවරුන්ගේ කැමැත්තෙන් තොරව බලහත්කාරයෙන් දරු උපත් පාලනය සඳහා කටයුතු කර ඇති බවට එල්ලවන චෝදනා හේතුවෙන් රටපුරා ආන්දොaලනාත්මක තත්ත්වයක් ඇතිවී තිබේ.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ පවුල් සෞඛ්‍ය කාර්යාංශය මගින් ලබාදී ඇති උපදෙස් අනුව මෑතකදී දඹුල්ල රෝහලේ සේවයට පැමිණි ප්‍රසව හා නාරිවේද අංශයේ විශේෂඥ වෛද්‍යවරියක් විසින් මෙම පවුල් සැලසුම් ක්‍රමය මවුවරුන් සඳහා හඳුන්වා දුන් පසු එම උපත් පාලන ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමට යැමේදී ගැටලුකාරී තත්ත්වයක් නිර්මාණයවී තිබේ.
සති කීපයක සිට දඹුල්ල මුලික රෝහළේ ප්‍රසව හා නාරිවේද අංශයට දරු ප්‍රසූතිය සඳහා පැමිණෙන මවුවරුන් දරු ප්‍රසුතියෙන් පසු රෝහලෙන් පිටව යැමට පෙර ඔවුන්ගේ කැමැත්තෙන් තොරව බලහත්කාරයෙන් දරු උපත් පාලනය සඳහා භාවිත කෙරෙන ලූපය නමින් හඳුන්වනු ලබන උපකරණයක් ශරීරයට සවි කිරීම සිදු කරන බවට මුලින්ම චෝදනා එල්ලවිය. එම උපකරණ සවි කිරීමට අකමැති මවුවරුන් නිවෙස්‌වලට යැමට ප්‍රමාද කරමින් බලෙන් අලුත උපන් දරුවා ද සමඟින් වාට්‌ටුවේ රඳවා ගන්නා බවට වූ චෝදනා ද ඒ අතර විය. අලුත උපන් දරුවාගේ ටිකට් කපා ඇති නමුත් උපත් පාලන උපකරණය පැළඳ වීමට අකමැති මවුවරුන්ගේ ටිකට් කැපීම ප්‍රමාද කරමින් කටයුතු කරන බවට හා අලුත උපන් දරුවා හා මව නිවෙස්‌වලට යැමට නොහැකි තත්ත්වයක් උදාවී ඇති බව පවසමින් ඇතැම් පියවරුන් කලහකාරී ලෙස හැසිරුණු සිද්ධීන් ද වාර්තා විය.
ඒ අතරම ඇතැම් මවුවරුන් පසු ප්‍රසව ලූපය සවි කිරීමට කැමැත්ත නොදීම නිසා අලුත් උපන් දරුවාගේ උප්පැන්න සහතිකය ලියාපදිංචි කිරීමට අවශ්‍ය තොරතුරු ඇතුළත් වාර්තාව වාට්‌ටුවෙන් ලබාදීම ප්‍රමාද කරන බවටවූ චෝදනා ගොන්නක් රෝහලට එල්ලවූවා පමණක් නොව ඉකුත් 05 වැනි දින පියවරුන් පිරිසක් ඒ පිළිබඳව රෝහලේ වෛද්‍ය අධිකාරිවරයාටද පැමිණිලි කිරීමට කටයුතු කළහ.
මෙම චෝදනාවන්ට ලක්‌වන වෛද්‍යවරිය සිංහල ජාතික කාන්තාවකි. ඇය මෙම රෝහලට පැමිණීමට පෙර නාවලපිටිය දිස්‌ත්‍රික් මහා රෝහලේ විශේෂඥ වෛද්‍යවරියක ලෙස සේවය කර වාර්ෂික ස්‌ථාන මාරුවීම් ලබා පැමිණ ඇත. ඇයගේ ජාතිය සඳහන් කිරීමට සිදුවන්නේ ඇතැම් මාධ්‍ය ඇය වෙනත් ජාතියකට අයත් කාන්තාවක් බවත් සිංහල ජාතිය වඳ කිරීමට කටයුතු බවට පළවූ වාර්තා සත්‍යයෙන් තොර බව කිව යුත්තකි. ඇයට ඒ සම්බන්ධයෙන් සාධාරණය ඉටු කිරීමට විනා ඇයට එරෙහිව එල්ලවී ඇති චෝදනා සාධාරණය කිරීමට නොවන බවද මෙහිලා සඳහන් කරමු..
දරුවන් අතර අවශ්‍ය පරතරය තබා ගැනීම හා අනවශ්‍ය ගැබ් ගැනීම පාලනය කර වඩාත් යහපත් පවුල් ජීවිතයක් සඳහා මවගේ ගර්භාෂය තුළ ලූපයක් තැන්පත් කිරීම සෞඛ්‍ය අමාත්‍යංශය මගින් දැනට වසර ගණනාවක සිට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල හරහා සිදු කෙරෙන පවුල් සැලසුම් ක්‍රමයකි. එය බොහෝවිට දරු ප්‍රසුතියෙන් සති හයක් ඉක්‌මවූ පසුව කළ හැකි ක්‍රමයකි. දැනටමත් එය රට පුරා සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලවල සැලසුම් සහගතව සිදුවන්නකි.
මෙම වැඩ පිළිවෙළට සමගාමිව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යංශය යටතට ගැනෙන පවුල් සෞඛ්‍ය කාර්යාංශය මගින් ප්‍රශස්‌ත නිරෝගිමත් ජීවන තත්ත්වයක් සහිත ගුණාත්මක මාතෘ හා ළමා සෞඛ්‍ය සේවාවක් තුළින් දරුවනට හා ඔවුන්ගේ පවුල්වලට ඉහළම සෞඛ්‍ය මට්‌ටමක් සාක්‌ෂාත් කර ගැනීමේ අරමුණින් පවුල් සෞඛ්‍ය පිළිබඳ ජාතික කමිටුව මගින් අනුමැතිය ලද පසු ප්‍රසව ලූපය භාවිතය මෙරට සෞඛ්‍ය සේවා පද්ධතියට අන්තර්ග්‍රහණය කිරීමේ නියමු ව්‍යාපෘතියක් මේ වනවිට ආරම්භ කර ඇත.
දැනගන්නට ලැබී ඇති පරිදි මෙරට ප්‍රධානපෙළේ රෝහල් 20 ක පමණ මෙම නියමු වැඩසටහන ක්‍රියාත්මක වෙමින් පවතියි.
දරුවන් අතර අවශ්‍ය පරතරය තබා ගැනීම හා අනවශ්‍ය ගැබ් ගැනීම පාලනය කර වඩාත් යහපත් පවුල් ජීවිතයක් සඳහා මවගේ ගර්භාෂය තුළ දරු ප්‍රසූතියෙන් පැය 48 ක් ඇතුළත ලූපයක් තැන්පත් කිරීම මේ යටතේ සිදු කරනු ලබයි.
ලූපයක් මවගේ දරු ප්‍රසූතිය සිදුවූ වහාම හෝ සිසේරියන් සැත්කමකදී හෝ ඉතා පහසුවෙන්, වේදනාවකින් තොරව වඩාත් ආරක්‌ෂිතව තැන්පත් කිරීම නිසා මෙය පසු ප්‍රසව ලූපය නමින් හඳුන්වනු ලබයි. මෙම සේවාව දරු ප්‍රසුතියෙන් පසු රෝහලේදීම පැළඳ විය හැකි නිසා මවට සති හයක් යනතුරු බලා හිදීමට අවශ්‍ය නොවේ. දරුවාට අඛණ්‌ඩව මවු කිරි දීමට හැකිවීම අතුරු ආබාධ අවමවීම, ආසාදන අවමවීම, දරුවකු යළි අවශ්‍යවූ විට එය ගලවා ඉවත් කිරීමෙන් දරු පිළිසිඳ ගැනීමක් කරගත හැකිවීම ආදිය මෙහි ඇති වාසි අතරවේ.
තත්ත්වය එසේ වුවත් දඹුල්ල මූලික රෝහලේ ප්‍රසව හා නාරිවේද අංශයේ දරු ප්‍රසුතිය සඳහා ඇතුළත් වූ මවුවරුනට මුහුණදීමට සිදුව ඇත්තේ ඊට හාත්පසින්ම වෙනස්‌වූ වටපිටාවක් බව පැවසීම අතිශයෝක්‌තියක් නොවන්නේ එම මවුවරුන් හා පියවරුන් තමන් මුහුණදුන් කටුක අත්දැකීම රෝහල් බලධාරීන්ට පැමිණිලි කිරීමට පෙළඹීමත් සමඟය.
මවකගේ දරු උපතක් පිළිසිඳ ගත් දිනයේ සිට මවත් පියාත් මෙන්ම ඔවුන්ගේ පවුල්වල උදවිය මහත් බලාපොරොත්තු දල්වා ගෙන සිටින්නේ තම කිරි කැටියා මෙලොව දකින තුරුය, ඔවුන් ඒ වෙනුවෙන් වෛද්‍ය සායනයන්ටද. විශේෂඥ වෛද්‍යවරුන්ගේ අධික්‌ෂණයට ද වරින්වර මුහුණ දෙති. ඇතැමුන් තව තවත් භාරහාර වෙති. ඒ සියලු අපේක්‌ෂා දල්වා ගෙන ඈත අතීතයේ මෙන් නොව සෑම මවක්‌ම පහසුකම් ඇති ප්‍රධාන රජයේ රෝහලකට යන්නේ මවටත් දරුවාටත් අතුරු අන්තරාවක් නොවී යහපත් දරු ප්‍රසුතියකටය. එහෙත් ඇතැම් රෝහල්වල මවුවරුන්ට මුහුණ දීමට සිදුවන්නේ යහපත් නොවන බවටවූ උදාහරණ ඕනතරම්ය. ඒ සියලු දේ විඳදරා ගෙන දරු ප්‍රසූතියෙන් පසු ඉක්‌මනින් රෝහලෙන් බැහැරව යැම සෑම මවකගේම අපේක්‌ෂාව බව අමුතුවෙන් කිව යුතු නොවේ.
රෝගියාගේ කැමැත්තෙන් තොරව ලේ බිඳක් හෝ ලබාගැනීම සුදුසු නොවන බව අමුතුවෙන් කිව යුතු නොවේ. එහෙත් දඹුල්ල රෝහලේ මව්වරුන්ට කැමැත්ත ලබාගැනීම කෙසේ වෙතත් එය බලහත්කාරයෙන් කර ගන්නා ලෙස බලපෑම් කිරීම සුළු පටු කරුණක් නොවේ. සෞඛ්‍ය අමාත්‍යංශය මගින් ලබා දී ඇති උපදෙස් පසෙකලා තම අභිමතය පරිදි මව්වරුන්ට බලපෑම් කර ඇති බවට එල්ලවෙන චෝදනා අතිශයින්ම බරපතළය.
මේ වනවිට දඹුල්ල මුලික රෝහලේ අදාළ එම වැඩසටහන තාවකාලිකව අත්හිටුවීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්‌ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්‌ඩාර මහතාගේ උපදෙස් මත රෝහලේ වෛද්‍ය අධිකාරි චාල්ස් නුගවෙල මහතා විසින් පියවර ගෙන ඇත. කෙසේ වෙතත් පවුල් සැලසුම් ක්‍රම අවශ්‍ය වන්නාවූ මවුවරුන්ට ඔවුන්ගේ කැමැත්ත ලිතව ලබාගෙන එය වෛද්‍ය අධිකාරිවරයාගේ අනුමැතිය ලද පසු පමණක් සිදු කරන ලෙස අභ්‍යන්තර චක්‍රලේඛයක් මගින් අදාළ අංශ වෙත උපදෙස් දුන් බව වෛද්‍ය අධිකාරිවරයා පැවසිය.
මධ්‍යම පළාත් සෞඛ්‍ය අමාත්‍යංශය මගින්ද මේ වනවිට මේ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත. ඉකුත් 07 දා පැවති මධ්‍යම පළාත් සභා සැසිවාරයේද මෙම ගැටලුව පිළිබඳව මන්ත්‍රීවරු විවිධ අදහස් පළවූ අතර මධ්‍යම පළාත් සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ රාජ්‍ය නොවන සංවිධානයක වුවමනාවන් අනුව අදාළ වෛද්‍යවරිය කටයුතු කර ඇත්ද යන්න සොයා බැලිය යුතු බවය.
සරත් එරමිණිගම්මන
http://www.divaina.com/2017/03/12/feature48.html

0 comments:
Post a Comment