<--- ශ්‍රිලනිප ගමනක අවසානය මැයින් විඡේවීර රටපුරා පැවැත්වූ රැස්‌වීම් මාලාවේ ප්‍රථම රැස්‌වීම සුගතදාස ගෘහස්‌ථ ගෘහස්‌ථ ක්‍රීඩාංගනයේදී 1979 සැප්තැම්බර් 26 පැවති අවස්‌ථාව.
ශ්‍රී ලංකා නිදහස් පක්‌ෂය (ශ්‍රිලනිප) නායිකා සිරිමා බණ්‌ඩාරනායකගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමට එජාප ආණ්‌ඩුව මගින් 1977 අගෝස්‌තු මස ත්‍රීපුද්ගල ජනාධිපති කොමිසමක් පත්කල අතර එහි වලංගුභාවය අභියෝගයට ලක්‌කරමින් ඇය අභියාචනාධිකරණය ඉදිරියට ගියාය. පරික්‌ෂා කිරීමට යන්නේ ජනාධිපති කොමිසන් නීතිය පැනවීමට පෙර සිදුවූ කාලයේ සිදුවීම් නිසා එය නීතියට පටහැනි බව අභියාචනාධිකරණයේ මතය විය. එජාප ආණ්‌ඩුව එහිදී සිදුකලේ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව සංශෝධනයකර ඕනෑම නඩුකරණයක අධිකරණ බලය අභියාචනාධිකරණයෙන් ඉවත්කොට ශේ්‍රෂ්ඨාධිකරණයට පැවරීමට පාර්ලිමේන්තුවට බලය ලබා දුන්නේය. ඒකපාක්‌ෂිකව ජනාධිපති කොමිසම් විභාගය පවත්වාගෙන ගොස් 1980 සැප්තැම්බර් 25 ඇය බලය වැරදි අයුරින් පරිහරණය කිරීම පිළිබඳව වරදකරු කළේය. ඒ අනුව 1980 ඔක්‌තෝබර් 16 පාර්ලිමේන්තුවට යෝජනා දෙකක් ඉදිරිපත් කර සිරිමා බණ්‌ඩාරනායකගේ ප්‍රජා අයිතිය අවුරුදු 7කට තහනම් කල අතර පාර්ලිමේන්තුවෙන්ද නෙරපා දැමීය.
සිරිමා බණ්‌ඩාරනායකගේ ප්‍රජා අයිතිය අහිමි කිරීමේ වැඩපිළිවෙලට ජනතා විමුක්‌ති පෙරමුණ(ජවිපෙ) හැර අන් සියලු විරුද්ධ පක්‌ෂ එරෙහි විය. ප්‍රජා අයිතිය අහිමිවීමෙන් සිරිමා බණ්‌ඩාරනායකට දේශපාලනය කිරීමට හෝ දේශපාලන ව්‍යාපාරයකට නායකත්වය දීමටද නීතිමය බාධා ඇතිවිය. ඇයට යළි ප්‍රජා අයිතිය හිsමිවූයේ 1986 ජනවාරි 1වැනිදාය. සිරිමාගේ ප්‍රජා අයිතිය අහිමිවීමත් සමඟම ශ්‍රිලනිප තුළ අභ්‍යන්තර භේද ඇතිවිය. ශ්‍රිලනිපයේ නිල නායකත්වයට එරෙහිව අනුර බණ්‌ඩාරනායක, මෛත්‍රීපාල සේනානායක ඇතුලු පිරිසක් වෙනම කණ්‌ඩායමක් සාදාගෙන ක්‍රියා පිළිවෙතක් දියත් කළේය.
ශ්‍රිලනිප ගමනක අවසානය මැයින් රෝහණ විඡේවීරද ජවිපෙ රැස්‌වීම් මාලාවක් රටපුරා පවත්වනු ලබන්නේ මෙම වකවානුවේදීය. එහි ප්‍රථම රැස්‌වීම 1979 සැප්තැම්බර් 26 වැනිදා කොළඹ සුගතදාස ගෘහස්‌ථ ක්‍රීඩාංගනයේදී පැවැත්විණි. ශ්‍රිලනිප රැස්‌වීම් කඩා කප්පල් කිරීම සඳහා වෙනමම කණ්‌ඩායමක්‌ද රහසිගතව සංවිධානයකර තිබිණි. ගම්පහ, රත්නපුර ආදී ශ්‍රිලනිප රැළි කඩාකප්පල් කල අතර ශ්‍රිලනිපය පරාජය කරමින් දෙවැනි බලවේගය බවට පත්වීමට ජවිපෙ විසින් ස්‌වකීය උපාය මාර්ගවලට ගමන් කිරීමේදී නිත්‍යානුකූල ක්‍රියාමාර්ග මෙන්ම සාදාචාර විරෝධී අදිසි ක්‍රියාමාර්ගවලටද යොමුවී තිබිණි. ජනාධිපති ජයවර්ධනගේ එජාප ආණ්‌ඩුවට සිය ප්‍රධාන ප්‍රතිවාදියාවු ශ්‍රිලනිප බෙලහීන කිරීමේ අවශ්‍යතාවය තිබුණද ජවිපෙ ප්‍රධාන විකල්පය කරගැනීමට අවශ්‍යතාවයක් නොතිබිණි.
මැතිවරණයෙන් 1989 පෙබරවාරි 15 පාර්ලිමේන්තුවට පත්වූ ශ්‍රිලනිප මන්ත්‍රීවරුන් 67 දෙනාගෙන් ආණ්‌ඩුවේ භීෂණයට එරෙහිව හඬ නැගූ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙක්. රිචඩ් පතිරණ, මහින්ද රාජපක්‌ෂ, එස්.බී දිසානායක, තිලක් කරුණාරත්න සහ මංගල සමරවීර.
සංවර්ධන සභා ඡන්දයට 1981 ජවිපෙ තරගකලද මැතිවරණ කොමසාරිස්‌වරයා ජවිපෙ පිළිගත් පක්‌ෂයක් ලෙස ලියාපදිංචිකර නොතිබුණු බැවින් සංවර්ධන සභා මැතිවරණයට ජවිපෙ ඉදිරිපත් වූයේ ස්‌වාධීන කණ්‌ඩායමක් වශයෙනි. එජාප ආණ්‌ඩුවේ මර්ධනකාරී ක්‍රියාපිළිවෙතට විරෝධය පළකරමින් ප්‍රතිපත්තිමය හේතුමත ශ්‍රිලනිප සමගින් කොමියුනිස්‌ට් සහ සමසමාජ පක්‌ෂ දෙකද සංවර්ධන සභා මැතිවරණය වර්ජනය කළෝය. එයට ප්‍රධාන හේතුව වූයේ උතුරේ හැර සෙසු සියලු දිස්‌ත්‍රික්‌කවලදී එජාප ආණ්‌ඩුවට බලය ලැබෙන ආකාරයට දිස්‌ත්‍රික් සංවර්ධන සභා ක්‍රමය සකස් කර තිබීමය. ජවිපෙ කියාසිටියේ ශ්‍රිලනිප නොහැකියාව සහ අර්බුද මත ඡන්දය වර්ජනය කල බවය.
ජවිපෙ 2 වැනි කැරැල්ල 1986 ආරම්භ කිරීමෙන් පසු ඇතිවූ පළාත් සභා විරෝධය හේතුකොටගෙන පළාත් සභා මැතිවරණයට ප්‍රධාන විපක්‌ෂය වු ශ්‍රිලනිප තරග නොකළේය. එම පළාත් සභා මැතිවරණ වයඹ, උතුරු මැද, ඌව සහ සබරගමු පළාතේ 1988 අප්‍රේල් 28 වැනිදාද බස්‌නාහිර සහ මධ්‍යම පළාතේ 1988 ජුනි 02 වැනිදාද දකුණු පළාතේ 1988 ජුනි 9 වැනිදාද, උතුරු නැගෙනහිර පළාතේ 1988 නොවැම්බර් 19 වැනිදාද පැවැත්විණි. ශ්‍රිලනිප තරග නොකල හෙයින් පළාත් සභා මැතිවරණයේදී ප්‍රධාන විපක්‌ෂය බවට පත්වූයේ ශ්‍රී ලංකා මහජන, කොමියුනිස්‌ට්, සමසමාජ සහ නව සමසමාජ පක්‌ෂ ඇතුළත් එක්‌සත් සමාජවාදී පෙරමුණය. එහිදී පළාත් සභා මන්ත්‍රීවරුන් ශ්‍රී ලංකා මහජන පක්‌ෂය 83, ලංකා සමසමාජ පක්‌ෂය 26, කොමියුනිස්‌ට් පක්‌ෂය 25, නව සමසමාජ පක්‌ෂයට 5 හිමිවිය.
ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කිරීමත් සමඟම ජවිපෙ 2 වැනි කැරැල්ල උත්සන්න කළ අතර එජාප පාලනය පරාජයකර විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කොට ජාතිය ගලවා ගැනීමේ ආණ්‌ඩුවක් ගොඩනැඟීම තේමාකරගත් වැඩ පිළිවෙලක් ආරම්භ කිරීමට ජවිපෙ 1988 ජුලි මස තීරණය කළේ ව්‍යවස්‌ථාවට අනුව ජනාධිපතිවරණයක් වසර අවසානයේ පැවැත්විය යුතු බැවිනි. මේ අනුව ශ්‍රිලනිප සමඟ 1988 අගෝස්‌තු සිට සැප්තැම්බර් මුල දක්‌වා ජවිපෙ විසින් සාකච්ඡා පවත්වන ලදී. ජවිපෙ වෙනුවෙන් එයට එක්‌වූයේ දේශපාලන මණ්‌ඩල සභික සෝමවංශ අමරසිංහ සහ මධ්‍යම කාරක සභික ආනන්ද ඉඩමේගමය. එය පසුව ශ්‍රිලනිපය සමඟ යම් එකඟතාවයකට පැමිණි පසු මහජන එක්‌සත් පෙරමුණ, එක්‌සත් ලංකා ජනතා පක්‌ෂය සමඟද එම පක්‌ෂ 4 සමඟ කිසියම් එකඟතාවයකට පැමිණි පසු මුස්‌ලිම් කොංග්‍රසය, ලිබරල් පක්‌ෂය, ද්‍රවිඩ සංගමය සහ ප්‍රජානත්ත්‍රවාදී කම්කරු සංගමයද සාකච්ඡාවන්ට එක්‌කර ගන්නා ලදී. ඒ අනුව මෙය ජාතිය ගලවා ගැනීමේ පෙරමුණක් සඳහා පක්‌ෂ 8 සාකච්ඡාව ලෙස නම් කරන ලදී.
ජවිපෙ 2 වැනි කැරළි සමයේදී ජාතිය ගලවාගැනීමේ පෙරමුණක් සඳහා පක්‌ෂ 8 සාකච්ඡාවන් 1988 ජුලි සිට නොවැම්බර් දක්‌වා සම්බන්ධීකරණය කරන ලද්දේ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්‌ඩලය මගිනි. අන්තරය වෙනුවෙන් එම සාකච්ඡාවලට සහභාගි වූයේ මොරටු සරසවියේ ඉංජිනේරු සිසු චම්පික රණවක සහ ජයවර්ධනපුර සරසවියේ ශ්‍රාස්‌ත්‍ර පීඨයේ 84/85 කණ්‌ඩායමේ ලුණුවිල මණ්‌ඩිරිප්පුව පදිංචි මාලසිංහ ආරච්චිගේ ෆ්‍රැන්සිස් ගාමිය. සිංහල කතෝලිකයෙකු වූ මාරසිංහ පවුලේ බාලයා වන අතර පියා ජෝර්ඡ් අප්පුහාමිය. ඔහු වෙන්නප්පුව ජෝසප් වාස් විදුහලේ අධ්‍යාපනය ලත් අතර ජයවර්ධනපුර සරසවියේ ජවිපෙ සමාජවාදී ශිෂ්‍ය සංගමයේ 87/88 සභාපතිවරයා වශයෙන්ද කටයුතු කළේය. පක්‌ෂ 8 හවුල්කාර පක්‌ෂයක්‌වු එක්‌සත් ලංකා ජනතා පක්‌ෂයේ ලේකම් වෛද්‍ය ගාමිණී විඡේසේකර සමඟ වාහනයකින් ගමන් කරමින් සිටියදී නාවලදී ආරක්‌ෂක අංශ මගින් 1988 දෙසැම්බර් 8 වැනිදා පැහැරගෙන ගිය අතර පසුව ගාමිගේ මළසිරුර 1988 දෙසැම්බර් 11 වැනිදා මොරටුවේදී හමුවිය. විවාහකයෙකු වූ ගාමි ඝාතනය වීමෙන් පසු ඔහුගේ වැන්දඹු බිරිඳ සමඟ ඇලෙක්‌ස් අවාහ විය. අන්තරේ අනෙක් නියෝජිතයා වූ පාඨලී එම්පික රණවක ජවිපෙට සම්බන්ධවන්නේ 1982 දිය. ඔහුට අධ්‍යාපන පන්ති පවත්වන ලද්දේ එවකට ජවිපෙ පානදුර සංවිධායක චන්ද්‍රසිරි ගුණතිලක නොහොත් කපිලය. (සමුපකාර කළමණාකරුවෙකු වූ ගුණතිලක ජවිපෙ දෙවැනි කැරළි සමයේදී බොරැල්ලේදී අත්අඩංගුවට පත්වී 1989 නොවැම්බර් මස ඝාතනයට පත්විය). චම්පික රණවක 1986 අවසානයේදී ජවිපෙන් ඉවත්වුවද 1988 දෙසැම්බර් ජනාධිපතිවරණ නාම යෝජනා දක්‌වා ජවිපෙට හිතවත්ව ජාතික චිත්තක මතවාදයට පක්‌ෂව කටයුතු කළ අයෙකි.
ජනාධිපතිවරණය 1982 ඔක්‌තෝබරලු 20 වැනිදා පැවැත්වීම වෙනුවෙන් 1982 සැප්තැම්බර්18 වැනිදා නාමයෝජනා භාරදාමෙන් අනතුරුව එජාප නායක සහ ජනාධිපති ජේ.ආර්.ජයවර්ධන, ශ්‍රිලනිප ජනාධිපති අපෙක්ෂක හෙක්ටර් කොබ්බෑකඩුව සහ ජවිපෙ ජනාධිපති අපේක්‌ෂක රෝහණ විජේවීර මෙහි වේ. පසුපස පසුපස වමේ ජනාධිපති ජයවර්ධන සමඟ සාකච්ඡා කරමින් සිටින්නේ ශ්‍රිලනිප ප්‍රධාන ලේකම් රත්නසිරි වික්‍රමනායකය.
මෙම පක්‌ෂ 8 සාකච්ඡාව සිදුවන අතරේ 1988 සැප්තැම්බර් ඒ සඳහා වගන්ති 45 කින් යුත් වැඩපිලිවෙලක් ජවිපෙ විසින් ඉදිපත් කරන ලදී. විධායක ජනාධිපති ධූරය හිස් කිරීම, ආණ්‌ඩුව ඉල්ලා අස්‌වීම, අපක්‌ෂපාති භාරකාර ආණ්‌ඩුවක් පිහිටුවීම, පළාත් සභා විසුරුවා හැරීම, ඉන්දු ලංකා ගිවිසුම අහෝසි කිරීම, භාරකාර ආණ්‌ඩුවක් යටතේ ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය පැවැත්වීම ආදී කිසිදා ඉටුකල නොහැකි සේ පෙනෙන ඉල්ලීම් රැසක් ඒ අතර විය. එම සාකච්ඡාවන්ට ශ්‍රිලනිප වෙනුවෙන් නායිකා සිරිමා බණ්‌ඩාරනායක, විපක්‌ෂ නායක අනුර බණ්‌ඩාරනායක, හලීම් ඉෂාක්, උපලේකම් ඉන්ද්‍රපාල අබේවීර, අනුරුද්ධ රත්වත්තේද, මහජන එක්‌සත් පෙරමුණ වෙනුවෙන් එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන සහ තරුණ සමිති නායක බන්දුල ගුණවර්ධනද, එක්‌සත් ලංකා ජනතා පක්‌ෂය වෙනුවෙන් නායක රුක්‌මන් සේනානායක සහ වෛද්‍ය ගාමි විඡේසේකරද, ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රසයේ නායක එම් එච්. එම් අෂ්රොෆ්ද (2000 සැප්තැම්බර් 16 උදෑසන ගුවන් හමුදාවට අයත් එම්. අයි 17 හෙළිකොප්ටරයකින් කොළඹ සිට අම්පාර බලා යමින් සිටියදී අරනායක කුමරපුර කන්දේ ගැටී යානය සමඟ බිමට වැටී ඝාතනයට ලක්‌විය). ද්‍රවිඩ සංගමය වෙනුවෙන් එහි නායක කුමාර් පොන්නම්බලම්ද, ලිබරල් පක්‌ෂය වෙනුවෙන් එහි නායක ආචාර්ය චානක අමරතුංගද, අබ්දුල් අසීස්‌ගේ ප්‍රජාතන්ත්‍රවාදී කම්කරු සංගමය වෙනුවෙන් අෂ්රොෆ් අසීස්‌ද සහභාගි වූහ. වාර කිහිපයක් එම සාකච්ඡාවන් පැවැත්වූයේ සිරිමා බණ්‌ඩාරනායකගේ රොස්‌මිඩ් නිවස, රැක්‌මන් සේනානායකගේ වුඩිලන්ඩ්ස් නිවස, හලීම් ඉෂාක්‌ගේ නිවස, අනුරුද්ධ රත්වත්තේගේ නිවස සහ බන්දුල ගුණවර්ධනගේ නිවසේදීය. පක්‌ෂ 8 සාකච්ඡාවේ සියලු විස්‌තර මුස්‌ලීම් කොංග්‍රසයේ නායක එම්.එච්.එම්. අෂ්රොෆ් විසින් එජාප ජනාධිපති අපේක්‌ෂක අගමැති ප්‍රේමදාසට රහසිගතව නොකඩවා ලබාදී තිබිණ බව කියති.
රටතුළ පවතින විරෝධය හේතුවෙන් එජාපය විසින් මීලඟ ජනාධිපතිවරණයේ සිය අපේක්‌ෂකයා ලෙස රණසිංහ ප්‍රේමදාස නම් කළේය. නාම යෝජනා 1988 නොවැම්බර් 10 වැනිදා භාරගැනීමට තිබිණි. ජවිපෙ ඉදිරිපත් කළේ කිසිදා එජාප ආණ්‌ඩුව මගින් ඉටු නොකරන ඉල්ලීම් වුවද ශ්‍රිලනිපය සාකච්ඡා දිග්ගස්‌සමින් ගියේ දිගටම ඇදගෙන යැමේ ප්‍රතිපත්තියක පිහිටුවාය. ජවිපෙ පක්‌ෂ 8 සාකච්ඡාව ආරම්භ කළේම සිය උපක්‍රමික ප්‍රවේශයේ දිගුවක් වශයෙනි. දෙවැනි කැරැල්ලෙන් ජවිපෙ ගොඩනගාගෙන තිබූ සමාජ බලය ශ්‍රිලනිපය සමඟ සාකච්ඡාවේදී බලපැම් සහගතව යොදා ගැනීමට කටයුතු කල අතර සාකච්ඡා අසාර්ථක කිරීමේ වගකීම ශ්‍රිලනිපය වෙත පවරා සමාජ බලවේගයන් ඉදිරියේ ශ්‍රිලනිප තනිකර පහරදීම අරමුණ විය.
ජාතික විමුක්‌ති අරගලයක් තුළින් සමාජවාදය දිනාගැනීමට රාජ්‍ය බලය ලබාගැනීමේදී ජනතා විරෝධයට පත්වී ඇති එජාපයම ජනාධිපතිවරණයෙන් පසුවද තවදුරටත් බලයේ සිටීම මගින් ආණ්‌ඩු විරෝධී බලවේගයන් කළමණාකරණය කරගැනීමේ වාසි සහගත තත්ත්වයක් නිර්මාණ වන බව ජවිපෙ දේශපාලන මණ්‌ඩලය 1988 ජුලි සාකච්ඡා ආරම්භ වනවිටත් තීරණයකර තිබිණි. එම උපක්‍රමික අවශ්‍යතාවයට අනුව 1988 ජනාධිපතිවරණයේදී ශ්‍රිලනිප සමඟ සාකච්ඡා පවත්වා කල නොහැකි ඉල්ලීම් ඉදිරිපත් කර සාකච්ඡා බිඳවැටී ශ්‍රිලනිප ජනපතිවරණයට තරගකල විට 2 වැනි කැරැල්ලේ අරගලය තුළ ශ්‍රිලනිප සතුරගේ දේශදෝහි අංශයට ඇදදැමීම ශ්‍රිලනිප ඇතුලු පක්‌ෂ 8 සාකච්ඡාවේදී ජවිපෙ අවසාන උපක්‍රමය විය. වසර 1988 නොවැම්බර්, දෙසැම්බර් යන කාලයේදීම මතවාදීව සහ ප්‍රහාරාත්මක වශයෙන් ශ්‍රිලනිපයට එරෙහිව කටයුතු කිරීම එම උපක්‍රමික ක්‍රියාමාර්ග අනුව ජවිපෙ අවතීරණ විය. මෙය ජවිපෙ 2 වැනි කැරැල්ල තුළ ඔවුන් ගනු ලැබූ අතිශයින්ම දුර්වල තීරණයක්‌වූ අතර එයට හේතු වූයේ සන්නද්ධ හැකියාව පිළිබඳව ජවිපෙ ඇතිකරගෙන තිබූ අධි තක්‌සේරුව සහ රාජ්‍ය යන්ත්‍රණය පිළිබඳව තිබූ අඩු තක්‌සේරුවද විය. ශ්‍රිලනිපයට ප්‍රහාර එල්ල කිරීමෙන් ගම් මට්‌ටමින් ඉතිරිව සිටි ආණ්‌ඩු විරෝධී බහුතර ජනතාවගේ කෝපය සහ වෛරයද ජවිපෙට එල්ල විය. එහි ප්‍රතිඵලය වූයේ 2 වැනි කැරැල්ලේ සංවිධාන ව්‍යුහය නිරාවරණය වීමෙන් අතිවිශාල අනාරක්‌ෂිත භාවයකට ජවිපෙ කැරළිකරුවන්ට මුහුණදීමට සිදුවීමය.
ජවිපෙ ඉදිරිපත්කළ පොදු වැඩපිළිවෙලට මුහුණදීමට සූදානම් නොවී තරගවැදීමත් සමඟම ජනාධිපතිවරණය වර්ජනය කිරීමට ජවිපෙ තීරණය කල අතර ඒ වෙනුවෙන් සන්නද්ධ අංශයේ මුළු බර යොදා කටයුතු කළේය. ශ්‍රිලනිප වෙනුවෙන් සිරිමා බණ්‌ඩාරනායක ජනාධිපතිවරණයට තරගකිරීමට ගත් තීරණයත් සමඟම ජවිපෙ ප්‍රහාරයන් ශ්‍රිලනිප සංවිධායකවරුන් සහ ක්‍රියාකාරීන් වෙත යොමුවිය. ශ්‍රිලනිප මීරිගම ඇතුලු රැස්‌වීම්වලට බෝම්බ ප්‍රහාර ගසමින් කඩාකප්පල් කළ අතර ශ්‍රිලනිප සංවිධායකයින් සහ ක්‍රියාකාරිකයින් 200 කට ආසන්න පිරිසක් මරාදමා තිබිණි. ඝාතනය කළ පිරිස අතර මහියංගන සංවිධායක ගුණපාල විදානගමගේ සොහොයුරා සිඩ්නිද විය. මීරිගම ශ්‍රිලනිප සංවිධායක ලේක්‌ම් සී මංචනායක ඇතුලු ආසන බල මණ්‌ඩල ක්‍රියාකාරිකයින් රැසකට මරණීය තුවාල සිදුවිය.
අනුරාධපුර කට්‌ටියාවේදී ආර්. එම්. රාජරත්න, ජී. බණ්‌ඩාර, ඩබ්ලිව් එම්. මුතුබංඩා යන 5 දෙනා ඝාතනය කර ලයිට් කනුවල එල්ලා තිබිණි. ශ්‍රිලනිප නායිකා සිරිමා බණ්‌ඩාරනායකගේ ප්‍රධානත්වයෙන් 1989 පෙබරවාරි 5 හිඟුරක්‌ගොඩ නගරයේ පෙරවරුවේ පැවති මැතිවරණ ප්‍රචාරක රැස්‌වීමට එල්ල කළ බෝම්බ ප්‍රහාරයෙන් 32 තුවාල සිදුවී රෝහල් ගත කළ අතර ශ්‍රිලනිප නායිකාවගේ පාදයකටද සුළු තුවාලයක් සිදුවිය. ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය වර්ජනය කල ජවිපෙ එය කඩාකප්පල් කිරීමට හැකි සෑම උත්සාහයක්‌ම දරණ ලදී.
<--- මහ මැතිවරණය වෙනුවෙන් 1989 පෙබරවාරි 5 වැනිදා හිඟුරක්‌ගොඩදී පෙරවරුවේ සිරිමා බණ්‌ඩාරනායකගේ ප්‍රධානත්වයෙන් පැවති ශ්‍රිලනිප රැළියට ජවිපෙ එල්ලකල බෝම්බ ප්‍රහාරයෙන් පසු තුවාලකරුවන් බැලීමට ශ්‍රිලනිප නායිකාව රෝහලට ගිය අවස්‌ථාව.
ජනපතිවරණය පැවැත්වූ 1988 දෙසැම්බර් 19 දිනය ඉතිහාසයේ කිසිම මැතිවරණයකදී නොවූ විරූ තරම් අර්බුදයන්ගෙන් පිරී පැවතිණි. රටපුරාවට දියත් වූ ජවිපෙ ප්‍රචණ්‌ඩකාරී ක්‍රියා යටතේ මැතිවරණ ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම පාහේ අඩාල විය. වෙඩි තැබීම්, ගිණිතැබීම්, පහරදීම්, බෝම්බ ගැසීම් සහ ඡන්දය දැමීමට එන ඡන්දදායකයින් ඝාතනය කිරීම නිසා ප්‍රජාතන්ත්‍රවාදයේ වරම ප්‍රචණ්‌ඩත්වයෙන් යටවිය. එකම ඡන්දයක්‌වත් ප්‍රකාශ නොවූ ඡන්ද මධ්‍යස්‌ථාන 270ක් විය. ඡන්ද 100 අඩුවෙන් වැටුණු මධ්‍යස්‌ථාන 402කි. එජාප ආණ්‌ඩුවේ හිතවාදී සංවිධානාත්මක පිරිස් හොර ඡන්ද මහා පරිමාණයෙන් දැමුවේ ප්‍රචණ්‌ඩත්වයට මුවාවෙමිනි. ජවිපෙ ඡන්ද වර්ජනයේ සම්පූර්ණ වාසිය එජාපය විසින් නෙලාගන්නා ලදී. එජාපයේ ආර්. ප්‍රේමදාස ඡන්ද 2,569,199ක්‌ද ශ්‍රිලනිපයේ සිරිමා බණ්‌ඩාරනායක ඡන්ද 2,289,860ක්‌ද මහජන පක්‌ෂයේ ඔසී අබේගුණසේකර ඡන්ද 235,719ක් ලබාගෙන තිබිණි. රණසිංහ ප්‍රේමදාස වැඩි ඡන්ද 279,331 කින් ජනාධිපති වශයෙන් ජනාධිපති ධුරයට පත්විය. ජනාධිපති ප්‍රේමදාසගේ පත්වීමට අභියෝග කරමින් විපක්‌ෂ නායිකා සිරිමාවෝ බණ්‌ඩාරනායක විසින් ඡන්ද පෙත්සමක්‌ද ශේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරන ලදී.
එමෙන්ම 1988 දෙසැම්බර් 19 ජනාධිපතිවරණයට සහ 1989 පෙබරවාරි 15 මහ මැතිවරණයට ඉදිරිපත්වූ ශ්‍රිලනිප අපේක්‌ෂකයින්ට සහාය දුන් ශ්‍රිලනිප ආධාරකරුවන් සහ හිතවතුන් 200කට ආසන්න පිරිසක්‌ද ජවිපෙ කැරළිකරුවන් අතින් මෙසේ ඝාතනයට ලක්‌විය. එම ඝාතන බොහොමයක් සිදුවූයේ ජනාධිපතිවරණයට නාම යෝජනා භාරදුන් 1988 නොවැම්බර් සිට මහා මැතිවරණය නිමාවට පත්වූ 1989 පෙබරවාරි 16 වැනිදා දක්‌වාය. එයට පෙර ශ්‍රිලනිප සාමාජිකයෙකු ජවිපෙ 2 වැනි කැරැල්ලේදී ඝාතනයට ලක්‌වූයේ 1988 පෙබරවාරි 07 වැනිදා දික්‌වැල්ලේදී ඊ.ජී.ඡේ පතිරත්නය. ජවිපෙට එරෙහිව කටයුතු කිරීම නිසා කලක් ජවිපෙ සාමාජිකයෙක්‌වූ පතිරත්න ඝාතනය වූවද ජවිපෙ සමඟ ඇති ඇයි හොදැයිය හේතුවෙන් ශ්‍රිලනිප ඒ පිළිබඳව කිසිදු ප්‍රකාශයක් සිදු නොකරන ලදී.
ජනාධිපතිවරණයන් ජයගත් ජනාධිපති ප්‍රේමදාස පාර්ලිමේන්තුව විසුරුවා හැරී අතර නාමයෝජනා භාරගැනීමේ කාලය 1988 දෙසැම්බර් 30 සිට 1989 ජනවාරි 6 දක්‌වා බවට නිවේදනය කළේය. ඒ අනුව මහ මැතිවරණය 1989 පෙබරවාරි 15 වැනිදා පැවැත්වීමට කටයුතු යොදන ලදී. ශ්‍රිලනිප මෙම මැතිවරණයට තරග කිරීමට තීරණය කළ බැවින් ජවිපෙ කැරළිකරුවන් ශ්‍රිලනිප ප්‍රහාර එල්ලකිරීම වඩාත් සංවිධානාත්මකව සිදුකරන ලදී. මහ මැතිවරණයට නාම යෝජනා ලබාදුන් විපක්‌ෂයේ අපේක්‌ෂකයින් 15 දෙනෙකු ජවිපෙ මගින් ඝාතනය කල අතර ඉන් 11 දෙනෙකු ජවිපෙ සමඟ 1988 ජුලි සිට ඔක්‌තෝබර් දක්‌වා ජාතිය ගලවාගැනීමේ පෙරමුණක් ගොඩනැඟêමේ අරමුණින් සාකච්ඡා කරන ලද පක්‌ෂ 8 නියෝජිතයන් විය. එසේ ඝාතනයට ලක්‌වූ 9 දෙනෙකු ශ්‍රිලනිපයටද 1අයෙකු ලිබරල් පක්‌ෂයට, එක් අයෙකු ද්‍රවිඩ සංගමයටද අයත් විය. එක්‌සත් සමාජවාදී පෙරමුණේ අපේක්‌ෂකයින් 4 දෙනෙකුද ඝාතනය වූ අපේක්‌ෂකයින් 15 දෙනා අතර විය.
ජවිපෙ ප්‍රථම ඝාතන ඉලක්‌කය හසුවු ශ්‍රිලනිප අපේක්‌ෂකයා වූයේ පක්‌ෂ 8 සාකච්ඡාවට ශ්‍රිලනිප වෙනුවෙන් සහභාගි වූ ශ්‍රිලනිප උපලේකම් කළුතර ආසන සංවිධායක සහ කළුතර දිස්‌ත්‍රික් මහ මැතිවරණ ශ්‍රිලනිප අපේක්‌ෂක ඉන්ද්‍රපාල අබේවීරය. කැරළිකරුවන් විසින් 1989 ජනවාරි 10වැනිදා සවස 4.30ට පානදුර මොරොන්තුඩුවේදී ඔවුන් ගමන්ගත් වාහනයට වෙඩිතබා බෝම්බ ගැසීමෙන් ඉන්ද්‍රපාල අබේවීර සමඟ ශ්‍රිලනිප තවත් කළුතර දිස්‌ත්‍රික් අපේක්‌ෂකයෙකුවු එම්. විජය ලාල් මෙන්ඩිස් සහ ක්‍රියාකාරිකයෙකු වූ මාර්ටින්ද ඝාතනය කළහ. ඉන්ද්‍රපාලගේ ඝාතනයෙන් පසු ඔහුගේ දියණිය වූ සුමිත්‍රා ප්‍රියංගනී අබේවීර කළුතර දිස්‌ත්‍රික්‌කයටම නම්කල අතර එහිදී තරගවැදී ඡන්ද 51,494ක් ලබා ගනිමින් ශ්‍රිලනිප ලැයිස්‌තුවේ දෙවැනි තැනට පත්වුවාය. මාතර දිස්‌ත්‍රික් අපේක්‌ෂකයෙකුවූ ගාල්ල මහින්ද විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යයෙකු වන නීතිඥ සරත් සේපාල රත්නායක කැරළිකරුවන් විසින් 1989 ජනවාරි 23 අළුයම 1ට ඝාතනය කළ අතර ඔහු සමඟ නිවසේ සිටි ශ්‍රිලනිප ක්‍රියාකාරිකයින්වු හැරී ජයසේකර, +නසේන ඒකනායක හෙවත් කළු, ආතර් ඇතුලු 5 දෙනෙකුද කපා කොට ඝාතනයකර ගස්‌වල එල්ලා තිබිණි. සරත්ගේ මවට පමණක් දිවි බේරා ගැනීමට එහිදී හැකිවිය. බණ්‌ඩාරනායක ආණ්‌ඩුවේ 1956 දෙනියායේ මන්ත්‍රීවරයාවූ සේපාල රත්නායකගේ පුත්‍රයාවූ සරත්ගේ මරණ පරීක්‌ෂණය පැවැත්වූයේ මොරවක මහේස්‌ත්‍රාත් සමන් වික්‍රමාරච්චි විසිනි.
<--- එජාප විරෝධී ජාතික ගලවාගැනීමේ ආණ්‌ඩුවක් පිහිටුවීමේ අරමුණින් 1988 අගෝස්‌තු සිට 1988 නොවැම්බර් 10 දක්‌වා පැවති පක්‌ෂ 8 සාකච්ඡාවලට සහභාගිවූ නියෝජිතයින් කිහිපදෙනෙක්.
ශ්‍රිලනිප සිරිමා සහ අනුර බණ්‌ඩාරනායක, ජවිපෙ සෝමවංශ අමරසිංහ සහ ආනන්ද ඉඩමෙගම, මඑපෙ දිනේෂ් ගුණවර්ධන සහ බන්දුල ගුණවර්ධන, අන්තරේ නියෝජිතයින් වූ චම්පික රණවක සහ ගාමිණි මාලසිංහ, එලජප රුක්‌මන් සේනානායක සහ ගාමිණි විඡේසේකර, මුස්‌ලිම් කොංග්‍රසයේ එම්. එච්. එම්. අෂ්රොෆ්, ද්‍රවිඩ සංගමයේ කුමාර් පොන්නම්බලම්, ලිබරල් පක්‌ෂයේ චානක අමරතුංග සහ ප්‍රජාතන්තවාදී කම්කරු සංගමයේ අෂ්රොෆ් අසීස්.
බදුල්ල දිස්‌ත්‍රික් ශ්‍රිලනිප අපේක්‌ෂක සහ හපුතලේ ශ්‍රිලනිප සංවිධායකවරයා වූ පුංචි බණ්‌ඩා රත්නායකද ජවිපෙ කැරළිකරුවන් විසින් 1989 ජනවාරි 27 රාත්‍රී බෝගහකුඹුරේ පිහිටි ඔහුගේ නිවසේදී වෙඩිතබා ඝාතනය කරන ලදී. එහිදී ශ්‍රිලනිප ක්‍රියාකාරින් වූ දියතලාවේ චන්දන කරුණාසේන සහ ආනන්ද හපුගලටද මරණ තුවාල සිදුවිය. කැලණිය සරසවියේ උපාධිධාරියෙකුවූ පී.බී රත්නායක පේරාදෙණිය සරසවියේ පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමාව හදාරා 30 වසරක ගුරු අත්දැකීම් ඇති දක්‌ෂ විදුහල්පතිවරයෙකු විය. දියතලාව කදුරුගමුව ජනානන්ද විදුහලේ නවෝදයක් ඇතිකල විදුහල්පතිවරයා ඔහුය. පී. බීගේ ඝාතනයෙන් පසු ඔහුගේ වැන්දඹු බිරිඳවූ හේමා රත්නායක බදුල්ල දිස්‌ත්‍රික්‌කයට නම්කල අතර ඇය එහිදී තරගවැදී ඡන්ද 28,635ක් ලබාගෙන ශ්‍රිලනිප ලැයිස්‌තුවේ ප්‍රථමයා විය. මොණරාගල දිස්‌ත්‍රික්‌කයේ ශ්‍රිලනිප අපේක්‌ෂක සහ මොණරාගල ශ්‍රිලනිප සංවිධායකවරයා වූ බී. සුමේධ ජයසේනද රෝගාතුරව 1989 ජනවාරි 24 මිය ගියේය. ඔහුගේ හදිසි මරණයෙන් පසු වැන්දඹු බිරිඳවු ඩී.එම් ගුණවතී දිසානායක හෙවත් සුමේධා ජී. ජයසේන මොණරාගල දිස්‌ත්‍රික්‌කයට නම්කල අතර ඇය එහිදී තරග වැදී ඡන්ද 26,193ක් ලබාගෙන මොණරාගල දිස්‌ත්‍රික් ශ්‍රිලනිප ලැයිස්‌තුවේ ප්‍රථමයා විය.
වැලිගම පොල්වත්තේ පදිංචි ශ්‍රිලනිප නීතිඥ ඩබ්ලිව් වීරමන් සහ ඔහුගේ පුත්‍රයාද 1988 නොවැම්බර් 12 වැනිදා ඝාතනය කරන ලදී. ශ්‍රිලනිප උප ලේකම් මාතර දිසා සභාපති සහ හක්‌මන සංවිධායක ආරිය බුලේගොඩද 1988 නොවැම්බර් 21 ශ්‍රිලනිපයෙන් ඉල්ලා අස්‌විය. පක්‌ෂ 8 සමඟ පැවති සාකච්ඡාව බිඳ වැටීම නිසා පොදු පෙරමුණ වැඩපිළිවෙල විනාශ වූ බැවින් තමා ඉල්ලා අස්‌වූ බව බුලේගොඩගේ ඉල්ලා අස්‌වීමේ ලිපියේ සඳහන් විය. පසුව සති කිහිපයකින් ජවිපෙ දිරිගැන්වීම සහ මැදිහත්වීම මත ආරිය බුලේගොඩ විසින් ශ්‍රී ලංකා ප්‍රගතිශීලි පෙරමුණ පිහිටුවන ලදී. ජවිපෙ කැරළිකරුවන් විසින් ශ්‍රිලනිප මන්ත්‍රීවරුන්ගේ ආරක්‌ෂාවට දී තිබූ ආයුධද පැහැර ගන්නා ලදී. ඒ අනුව මාතර දිස්‌ත්‍රික් මන්ත්‍රී මංගල සමරවීරගේ මාතර නිවසට 1989 සැප්තැම්බර් 8, මන්ත්‍රී ලක්‌ෂ්මන් ජයකොඩිගේ දිවුලපිටිය බලගල්ලේ නිවසට 1989 අගෝස්‌තු 27, මොණරාගල දිස්‌ත්‍රික් මන්ත්‍රී ගුණවතී දිසානායක හෙවත් සුමේධා ජයසේනගේ නිවසට 1989 සැප්තැම්බර් 19 වැනිදා, නුවරඑළිය දිස්‌ත්‍රික් මන්ත්‍රී ආනන්ද දසනායකගේ ගම්පොල නිවසට 1989 මැයි 21 වැනිදාද කඩා වැදුණු කැරළිකරුවෝ එම නිවසේ ආරක්‌ෂක භටයින් සතුවූ ගිනිඅවි රැසක් පැහැර ගෙන යන ලදී.
එමෙන්ම මහ මැතිවරණයේ ශ්‍රිලනිප අපේක්‌ෂකයින් වූ මාතර අබ්දීස් මොහොමඩ් හුසේන් 1989 ජනවාරි 21 වැනිදාද, පොළොන්නරුවේ ආර්.ආර්.ජී. ජයවීර 1989 ජනවාරි 24 වැනිදාද, කෑගල්ලේ හෙක්‌ටර් ජයරත්න 1989 පෙබරවාරි 3 වැනිදාද, මහනුවර සෝමපාල අමරකීර්ති 1989 පෙබරවාරි 12 වැනිදාද ජවිපෙ කැරළිකරුවන් විසින් වෙඩිතබා ඝාතනය කරන ලදී. ජවිපෙ සමඟ ජාතිය ගලවා ගැනීමේ පෙරමුණේ සාකච්ඡාවලට එක්‌වු තවත් පක්‌ෂ දෙකක් වන ලිබරල් පක්‌ෂයෙන් තරග කළ ගම්පහ දිස්‌ත්‍රික් අපේක්‌ෂක ඕ. කාරියවසම් 1989 ඔක්‌තෝබර් 26 වැනිදා වත්තලදීද, සමස්‌ථ ලංකා ද්‍රවිඩ කොංග්‍රසයේ කේ. පී ශ්‍රිවගුරුනාදන් 1989 ජනවාරි 27 වෙඩි ප්‍රහාරවලින් ඝාතනයට ලක්‌විය. මහ මැතිවරණයට තරග කළ එක්‌සත් සමාජවාදී පෙරමුණේ අපේක්‌ෂකයින්වූ පළාත් සභා මන්ත්‍රී සෝමදාස ගල්කන්ද 1989 පෙබරවාරි 5 කළුතරදීද, නිමල් කුරත්න 1989 ජනවාරි 24 නුවරදීද, වෛද්‍ය ආර්.ඒ. ජයවීර 1989 පෙබරවාරි 5 වැනිදා කුරුණෑගල ගොකරැල්ලේදීද, එස් පුලේන්ද්‍රන් 1989 ජනවාරි 27 ත්‍රිකුණාමලයේදීද කැරළිකරුවන්ගේ ප්‍රහාරවලින් ඝාතනයට ලක්‌වූහ.
ධර්මන් වික්‍රමරත්න
http://www.divaina.com/2017/07/09/feature40.html

0 comments:
Post a Comment