දැන් ඉන්දියාව උත්සාහ දරන්නේ කුමකටද? 1987දී අත්සන් කරන්නට යෙදුණ ඉන්දු-ලංකා ඊනියා සාම ගිවිසුම අත්තනෝමතිකව අත්සන් කරන්නට එවකට සිටි පාලකයන් කටයුතු කළේ ජනතා පරමාධිපත්‍යය තඹයකට නොසලකමිණි. අද, රටේ නැඟෙන විරෝධතා ගණනකට නොගනිමින් ඉට්‌කාද, තවත් ගිවිසුම් ගණනාවකටද අවතීර්ණ වන්නට ශ්‍රී ලංකාවේ ආණ්‌ඩුව සැදී පැහැදී සිටින්නේ කෙතරම් නිර්ලඡ්ජිතවද? ඒ ගිවිසුම් ඔස්‌සේ ඉන්දීය විශ්ව විද්‍යාල හා කොලීජීවල බුරුතු පිටින් බිහිකරන - නැති නම් අච්චු ගසන - වෛද්‍ය, ඉංජිනේරු, පරිගණක ආදී ක්‌ෂේත්‍ර ගණනාවක 'වෘත්තිකයින්' ශ්‍රී ලංකාවේ ඒ ඒ ක්‌ෂේත්‍රවලට අනුයුක්‌ත වනු ඇත. මෙහි කෙටිකාලීන ප්‍රතිඵල කෙසේ වුවද, දිගුකාලීනව ඉන්දියාව මේ සූදානම් වන්නේ ඉන්දීය වෘත්තිකයන් හා පාරිභෝගික භාණ්‌ඩ මත අපේ ආර්ථිකය පාකර, පූර්ණ වශයෙන් යෑපෙන්නට සලස්‌වා පසුව සම්බාධක දමමින් තමා ළඟ දණ ගැස්‌වීමටය.
ස්‌වාධීන රාජ්‍යයක ස්‌වෛරීත්වය අවතක්‌සේරු කරමින්, ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතුවලට අත ගැසීමේ හෝ ආක්‍රමණය කිරීමේ පුරුද්ද දකුණු ඉන්දීය දේශපාලනය සම්බන්ධයෙන් නම් අලුත් භාවිතාවක් නොවේ. ඊට බොහෝ ඓතිහාසික සාක්‌ෂ්‍ය ඇත.
ශ්‍රී ලංකාවේ ස්‌වෛරීත්වය පිළිබඳ අල්පමාත්‍ර තැකීමකින් තොරව, 'දෙමළ ප්‍රශ්නය' තුරුම්පුව ලෙස ගනිමින් අපේ රටේ අභ්‍යන්තර කටයුතු සඳහා මැදිහත්වීමේ කැත පුරුද්ද සෑම ඉන්දියානු දේශපාලන පක්‌ෂයකටම පොදුය. 2014 වසරේ භාරතීය ජනතා පක්‌ෂය බලයට පත්වන මැතිවරණයේදී එම පක්‌ෂය ලංකාවේ දෙමළ ප්‍රශ්නය දඩමීමා කරගත්තේ නැත. එවකට පාලක පක්‌ෂය වූද, දෙමළ බෙදුම්වාදයේ එක් අත්තිවාරම් ගලක් වූද, ඉන්දියානු කොන්ග්‍රසය ලංකාවේ දෙමළ ප්‍රශ්නය විකුණමින් තමිල්නාඩු ඡන්ද දිනාගන්නට ජයලලිතලාද, කරුනානිධිලාද, වයිකෝලාද, තිරුමාවලන්ලාද, සමඟ සිංහල විරෝධය විසුරුවා හැරියහ. ඒ වකවානුවේදී නරේන්ද්‍ර මෝඩි අග්‍රාමාත්‍යවරයාගේ ජයග්‍රහණය සම්බන්ධයෙන් භාරතයේ දෙමළ ඡන්ද වැදගත් කොට එම පක්‌ෂය සැලකුවේ ද නැත. නමුත් නරේන්ද්‍ර මෝඩියේ ධුර කාලය 2019 දී අවසන් වෙයි. එනම් 2019 දී ඔවුන් නැවතත් මහ මැතිවරණයකට සූදානම් විය යුතුය. දැන් ජයග්‍රහණය සඳහා සෑම මුඩුක්‌කුවකටම රිංගා ඡන්ද සිඟා ගත යුතුය. ඉන්දීය මධ්‍යම ආණ්‌ඩුවේ දේශපාලනික බංකොලොත්භාවය එක් පක්‌ෂයකට සීමා නොවේ. දෙමළ ඡන්ද දිනාගැනීම සඳහා ඔවුන් දන්නා එකම උපක්‍රමය ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් ගැන සිංහලයන්ට රිදෙන්නට ඉන්දියාවේදීත්, ලෝකය ඉදිරියේත්, හැකි සෑම අවස්‌ථාවකම මෙරටදීත් කතා කිරීමය.
ඉන්දීය විදේශ කටයුතු ඇමැතිනී සුෂ්මා ස්‌වරාඡ් මෑතකදී කීවේ හරි අපූරු කතාවකි. අපේ අරමුණ ලංකාවේ දෙමළ ජනතාවගේ අයිතීන් සුරැකීමයි. එය අපට ක්‍රම දෙකකින් කළ හැක. පළමුවැන්න එය බලහත්කාරයෙන් කිරීමයි. දෙවැන්න ඒ අයිතීන් ආරක්‌ෂා කිරීම සඳහා පාලකයන් පෙළඹවීමෙනි. එසේ කියා නොනවතින ස්‌වරාඡ් ශ්‍රී ලංකාවේ සිදුවූ යුද අපරාධ ඉන්දියාවේ බලවත් වේදනාවට හා සන්තාපයට හේතුවක් බවද කියන්නීය. ස්‌වරාඡ්ගේ ඇට නැති දිවෙන් බාගෙදා උණ විකාරෙන් මෙන් මොන මොනවා කීවද කියවුණ ද, අපට ස්‌වරාඡ් අමතා කියන්නට ඇත්තේ ශ්‍රී ලංකාව ඉන්දියාවේ කොලණියක් හෝ ප්‍රාන්තයක් නොවන බවය එසේම ඉන්දියාව හෝ වෙනත් රටක් වේවා, ස්‌වකීය දේශපාලන වාසි අත්පත් කරගැනීම සඳහා අපේ රටේ අභ්‍යන්තර ප්‍රශ්න දඩමීමා කරගන්නට ශ්‍රී ලංකාද්වීපය ගණිකා මඩමක් නොවන බවය රටේත් ජාතියේත් ස්‌වෛරීත්වය අවදානමට ලක්‌කරමින් දේශපාලන හෝ වෙනත් නරුම ඕනෑ එපාකම් සඳහා අප වෙනත් රටවල් සතුටු කළ යුතු නම්, අප ස්‌වාධීන ජාතියක් යෑයි කිව හැකිද? කෙසේ වෙතත් අපට ඇයගෙන් අසන්නට ප්‍රශ්න කීපයක් තිබේ.
දහස් සංඛ්‍යාත ඉන්දියානු ට්‍රොලර් යාත්‍රා ශ්‍රී ලංකාවට අයත් උතුරු මුහුදු සීමාව ආක්‍රමණය කර උතුරේ ධීවරයන් සතු විය යුතු මත්ස්‍ය සම්පත කොල්ල කයි. ඒ චෞරයින් අත්අඩංගුවට පත්වූ විට රාජ්‍යතාන්ත්‍රිකව ඒ සඳහා කටයුතු කරන්නටද ඉන්දීය රජය යුහුසුලු වෙයි. මේ ඉන්දියානු මුහුදු සම්පත් කොල්ලකරුවන් නිසා උතුරේ දෙමළ වැසියන්ගේ ජනජීවිතය ජීවනෝපාය විනාශ වීම පිළිබඳ සුෂ්මා ස්‌වරාඡ් වේදනාවට හා සන්තාපයට පත් නොවන්නේද?
ඉන්දියානු සාම සාධක හමුදා සෙබළුන් දහස් ගණනක් එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් මරා දමන ලදී. ඒ ගැන ඉන්දීය රජයට වේදනාවක් හෝ සන්තාපයක් නොදැනේද? එසේ මරා දැමූ සෙබළුන් 2000 කට පමණ තමන් වෙනුවෙන් ස්‌මාරකයක් හෝ ඉදිකරන තෙක් වසර තිහක් පමණ බලා සිටින්නට සිදු විය. 2008 සාර්ක් සමුළුවට ඉන්දියානු අගමැතිවරයා පැමිණෙද්දී ඒ ස්‌මාරක නිරාවරණ ඔහුගේ න්‍යාය පත්‍රයට ඇතුළත් කර හෝ නොතිබිණි.
ශ්‍රී ලංකාවේදී දෙමළ කාන්තාවන් 3000ක් පමණ ඉන්දීය සාම සාධක හමුදාවන් විසින් දූෂණය කරනු ලැබීය. ඒ ගැන සුෂ්මා ස්‌වරාඡ්ට වේදනාවක් හෝ සන්තාපයක් නොදැනේද? විකල්ප මාධ්‍ය ඔස්‌සේ සැළ වන පරිදි කාශ්මීරය වැනි ප්‍රදේශ වල තවමත් මේ අපරාධ සිදු වේ. අන්‍ය රටක යුද අපරාධ ගැන ළතෝනි ගැසීමට මත්තෙන් ඒ ගැන සොයා බැලීම වැදගත් බවද අපි අවධාරණය කරමු.
එල්.ටී.ටී.ඊ.ය විසින් මරා දමනු ලැබූ දහස් සංඛ්‍යාත දෙමළ වැසියන් හා බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් ළමා සොල්දාදුවන් බවට පත්කළ දහස් ගණනක් දෙමළ දරුවන් පිළිබඳ ඉන්දියාවට වේදනාවක් හෝ සන්තාපයක් නොදැනේද?
2003 වසරේදී හින්දුස්‌ථාන් ටයිම්ස් පත්‍රයට වාර්තාවක් ඉදිරිපත් කළ පී. කේ. බාලචන්ද්‍රන් කියා සිටියේ එල්.ටී.ටී.ඊ. සංවිධානයේ සාමාජිකයන්ගෙන් 35%ක් පමණ ඉන්දියානුවන් බවයි. ප්‍රභාකරන්ගේ සමීපතමයා වූ තමිල් සෙල්වම් මේ බව සපථ කර ඇත. ඔහු කියා ඇත්තේ ප්‍රභාකරන්ගේ පෞද්ගලික ආරක්‌ෂකයන් ඉන්දියානුවන් බවත් ප්‍රභාකරන්හට ඔවුන් වඩාත් විශ්වාසවන්ත බවත්ය. අප සුෂ්මා ස්‌වරාඡ්ගෙන් අසන්නේ උතුරේ නිවාස ව්‍යාපෘති සඳහා හා ඒවා විවෘත කිරීමට දෙමළ නළුවන් ගෙන්වන්නට ඉන්දියාව මෙතරම් උත්සුක වන්නේ ඒවා මියගිය එල්.ටී.ටී.ඊ සාමාජිකයන් හෙවත් ඉන්දියානු පුරවැසියන්ගේ යෑපෙන්නන්ට ලබාදෙන නිසාද කියාය.
ප්‍රවීන දේශපාලන විචාරක සුල්තාන් එම් හාලී අවධාරණය කරන ආකාරයට දෙමළ වැසියන්ගේ අවශ්‍යතා වෙනුවෙන් යෑයි කියා ඉන්දීය රජය යාපනයේත් හම්බන්තොටත් උප මහ කොමසාරිස් කාර්යාල විවෘත කළහ. නීති විරෝධී ලෙස ශ්‍රී ලංකාවට ඇතුළු වන ඉන්දියානුවෝ (විශේෂයෙන්ම දෙමළ ජාතිකයින්) යාපනය උප මහ කොමසාරිස් කාර්යාල හරහා ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍රයක් ලබාගනිති. ශ්‍රී ලංකාවේ ජාතික හැඳුනුම්පතක් හා විදේශ ගමන් බලපත්‍රයක් ලබාගැනීමට ගෙවිය යුතු මුදල ඩොලර් 6000 ක් බවද කියවේ. ඉන්දියාවේ කඳවුරු වල සිටින්නේ යෑයි කියන 'දෙමළ සරණාගතයන්' යළි මෙරටට ගෙන්වා ගැනීමේ එකඟතා ගැන පසුගිය කාලයේදී කතා බහ ඇතිවිණි. ඇතැමකු කීවේ එවැනි සරණාගතයන් 40,000ක් ඉන්දියාවේ සිටින බවය. තවත් තැනක කියවුණේ 100,000 ක පිරිසක් යළි පැමිණීමට නියමිත බවය. මේ සා විශාල පිරිසක් තුළ යළිත් ලංකාවට එන්නේ 1980 දශකය ආරම්භයේ මෙන් ඉන්දියානු කඳවුරු තුළ මිලිටරි පුහුණුව ලත් පස්‌වැනි ඊළාම් යුද්ධයේ සෙබළ මුළ ද? නැත්නම් තමිල්නාඩුවේ සිටින දෙමළ කතා කරන ජිහාඩ් සටන්කාමීන්ද?
මේ 'ආතක්‌පාතක්' නැති එහෙත් තමිල්නාඩු දෙමළ ජනතාවට හා ශ්‍රී ලංකාවේ බෙදුම්වාදී ඒජන්තලාට 'ආතල්' සපයන කතා ඇසෙද්දී අපි තවත් දෙයක් ස්‌වරාඡ්ට හා ස්‌වරාඡ් පිටුපස සිටින දේශපාලන උප්පරවැට්‌ටිකරුවන්ට අකැමැත්තෙක් වුවත් කියනු කැමැත්තෙමු. ඒ අන් කිසිවක් නොව, එල්.ටී.ටී.ඊ. සංවිධානයට උපත ද උපන්නාට පසු මවුකිරි ද දෙන්නේ ඉන්දියාවම බවයි. ඇත්ත වශයෙන්ම ඉන්දියාව ආරම්භයේදී එල්.ටී.ටී.ඊ මිලිටරි ක්‍රියාකාරිත්වය ද Rජුවම පාලනය කළේය. එල්.ටී.ටී.ඊ සේනාධිනායකයා වූ කිට්‌ටු හෙවත් සතාසිවම් ක්‍රිෂ්ණකුමාර් ඉන්දියානු ඉත්තකු බව 'රෝ' ආයතනයේ ප්‍රධානී ගෞරි ශංකර් වඡ්පායි පිළිගනී. පසුව ඔහු ඝාතනය කළ එල්.ටී.ටී.ඊ. යේ දෙවැනියා වූ මහත්තයාද ඉන්දියානු ඒජන්තයෙකි. ඉන්දියාව සිදු කළේ පළමුව සිය දේශපාලන අවශ්‍යතා සඳහා මිලිටරි ක්‍රියාකාරිත්වයක් තැනීමය. දෙවනුව ඊට සමාජමය පදනමක් ලබාගැනීම පිණිස සුළු ජාතික දේශපාලනික ප්‍රවණතා සමග ඉතා සූක්aමව සම්බන්ධ කිරීමය. වර්තමාන සියලු ආක්‍රමණයන් හා මැදිහත්වීම් ක්‍රියාත්මක කරන්නේ ඉන්දියාවෙන් වැටුප් ලබන එහෙත් ලංකාවේ ස්‌ථානගත ඒජන්තයන්, සංවිධාන ඇතුළු ඉන්දියානු ගැති පිරිසක් විසින් බව පැහැදිළිය. ශ්‍රී ලංකාවේ ව්‍යවස්‌ථාව ගැන මෑතකදී පැවැත්වුණ සංවාදයකදී දෙමළ සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුමන්දිරන් හා උතුරු පළාත් මහ ඇමැති විග්නේශ්වරන් විදේශීය මැදිහත්වීම් සඳහා අනුමැතිය පළකළහ.
හිටපු ඉන්දීය අධිකරණ අමාත්‍ය හා අධිනීතීඥ රාම් ජෙත්මලනී විසින් එල්.ටී.ටී.ඊ සංවිධානය ඉන්දීය අගමැතිනී ඉන්දිරා ගාන්ධි විසින් ඉන්දියානු අවශ්‍යතා සඳහා නිර්මාණය කරන ලද බව කියන ලදී. ඉන්දීය 'රෝ' සංවිධානය විසින් ඔවුන් පුහුණු කරනු ලැබිණි. චීනය හා පකිස්‌ථානය ශ්‍රී ලංකාව සමග සබඳතා ඇති කර ගනිද්දී ඉන්දියානු අවශ්‍යතා වෙනුවෙන් මෙහෙය විය හැකි හමුදාවක් ශ්‍රී ලංකාව තුළ ස්‌ථාපනය කරන්නට ඉන්දිරාට ඕනෑ විය. 1986 වන විට එල්.ටී.ටී.ඊ පුහුණු කඳවුරු 06ක් ඉන්දියාව තුළ විණැයි කියනු ලැබේ. කොටින්ම බොරු ඉතිහාස සාක්‌ෂි නිර්මාණය කරමින් සංකල්පීයව ඊළම හා ස්‌වයං නිර්ණ අයිතියද තමිල්නාඩුවෙන් ණයට ගත් යෙදුමකි. ඉන්දියාව එල්.ටී.ටී.ඊ ත්‍රස්‌තවාදය පරාජය කිරීමට සහාය දුන්නේ යෑයි පවසන්නේ මොන පදනමකින් දැයි අපි නොදනිමු. ඇත්ත වශයෙන්ම වෙරළාරක්‌ෂක යාත්‍රා කීපයක් පමණක් රහසේ සැපයූ ඉන්දියාව මහ බලවතෙක් සේ ලෝකය ඉදිරියේ පෙනී සිටින්නට උත්සාහ දැරුවද, එල්.ටී.ටී.ඊ. සංවිධානයට හා දෙමළ ඩයස්‌පෝරාවට එහි ඇති බිය ඉන් ගම්‍යමාන විය.
දැන් ඉන්දියාව උත්සාහ දරන්නේ කුමකටද? 1987දී අත්සන් කරන්නට යෙදුණ ඉන්දු ලංකා ඊනියා සාම ගිවිසුම අත්තනෝමතිකව අත්සන් කරන්නට එවකට සිටි පාලකයන් කටයුතු කළේ ජනතා පරමාධිපත්‍යය තඹයකට නොසලකමිණි. අද, රටේ නැඟෙන විරෝධතා ගණනකට නොගනිමින් ඉට්‌කාද, තවත් ගිවිසුම් ගණනාවකටද අවතීර්ණ වන්නට ශ්‍රී ලංකාවේ ආණ්‌ඩුව සැදී පැහැදී සිටින්නේ කෙතරම් නිර්ලඡ්ජිතවද? ඒ ගිවිසුම් ඔස්‌සේ ඉන්දීය විශ්ව විද්‍යාල හා කොලීජී වල බුරුතු පිටින් බිහිකරන - නැති නම් අච්චු ගසන - වෛද්‍ය, ඉංජිනේරු, පරිගණක ආදී ක්‌ෂේත්‍ර ගණනාවක 'වෘත්තිකයින්' ශ්‍රී ලංකාවේ ඒ ඒ ක්‌ෂේත්‍රවලට අනුයුක්‌ත වනු ඇත. මෙහි කෙටිකාලීන ප්‍රතිඵල කෙසේ වුවද, දිගුකාලීනව ඉන්දියාව මේ සූදානම් වන්නේ ඉන්දීය වෘත්තිකයන් හා පාරිභෝගික භාණ්‌ඩ මත අපේ ආර්ථිකය පාකර, පූර්ණ වශයෙන් යෑපෙන්නට සලස්‌වා පසුව සම්බාධක දමමින් තමා ළඟ දණ ගැස්‌වීමටය.
ඉන් උද්ගත වන සෙසු කෙටි, මධ්‍යකාලීන හා දිගුකාලීන අර්බුද ගැන අපි මෙහිලා විග්‍රහ කළ යුතු නැත. හාල් ඇටයේ පරිප්පු ඇටයේ පටන් මෝටර් රථ දක්‌වා ඉන්දීය පාරිභෝගික නිෂ්පාදන සම්බන්ධයෙන් තත්ත්වය, ගුණාත්මය, කල් පැවැත්ම, ආදී නිර්ණායක සම්බන්ධයෙන් ඇත්තේ පැහැදීමකට වඩා නොපැහැදීමකි. තත්ත්වය මෙසේ තිබියදී ඉන්දියාව සමග අප එළඹෙන වෙළෙඳ ගිවිසුම් වලින් රටේ පාරිභෝගික සෞඛ්‍යය ද, ආර්ථික ස්‌ථාවරත්වයද විනාශ වී යන්නේය. දැනට දශක අටකට පමණ ඉහත කාලය දක්‌වා අතිරික්‌ත සහල් නිෂ්පාදනයක් සහිත වූ නේපාලයේ සහල් නිෂ්පාදනයට කණ කොකා හැඬුවේ ඇයි දැයි දන්නෝ දනිති. අද නේපාලය පකිස්‌ථාන් හා ඉන්දියන් සහල් පාරිභෝගිකයෙකි. දේශපාලන විචාරකයන් පවසන්නේ තමන්ට සුවචවත් කීකරුවත් සිටින රටකට තමන් සතු යමකින් ටික ටික බෙදා දෙන්නට කටයුතු කරනු විනා ඉන්දියාව කිසිවිටෙකත් අසල්වැසි රාජ්‍යයන් ස්‌වාධීනව නැඟී සිටිනු දක්‌නට රිසි නැති බවයි.
නරේන්ද්‍ර මෝඩි අගමැතිතුමාගේ පක්‌ෂය හින්දු මතධාරී භාරතීය ජනතා පක්‌ෂයයි. පසුගියදා කොළඹදී සැමරූ ජාත්‍යන්තර වෙසක් දිනයේ ප්‍රධාන ආරාධිතයකු ලෙස මෝඩි ගෙන්වා ගැනීම තරම් ජාත්‍යන්තර විහිළුවක් තවත් නැත. කවර කලෙක වුවද බෞද්ධ පුරාවිද්‍යාත්මක උරුම සම්බන්ධයෙන් වන ඉන්දියානු අනුග්‍රහය සිය රටේ සංචාරක කර්මාන්තයේ අභිවෘද්ධිය පිණිස මිස බෞද්ධ දර්ශනයේ ප්‍රගමනය පිණිස නොවන බව අපි හොඳාකාරවම දනිමු. කෙසේ වෙතත් ඉන්දීය අගමැතිතුමාගේ ආගමනයේ ප්‍රතිඵල ලැබී ඇත. එතුමා දෙමළ ගුරුවරුන් 300ක් වතු පාසල්වල සේවයට එවන්නට යන්නේලු. ඒ ගුරු-තුමන්ලාට පඩි ගෙවන්නේද ඉන්දිය රජයෙන්ලු. ඇමැති රාධාක්‍රිෂ්ණන් එය සපථ කොට ඇත. මෙය ජාතියක් ජන්මයක් නැති දේශපාලන තන්ත්‍රයකට නම් මහා දැවැන්ත ද්වීපාර්ශ්වික සබඳතා තර කරන රාජ්‍ය තාන්ත්‍රික ජයග්‍රහණයක් විය හැක. එහෙත් මේ වනාහී සෘජුවම සිංහල දේශය ඉන්දියාවේ තවත් ප්‍රාන්තයක් සේ සැලකීමට මෝඩි අගමැතිතුමා ඉක්‌මන් වීමකි.
1870 දශකයේ මෙරටට වතු කම්කරුවන් ලෙස දකුණු ඉන්දීය දෙමළ, මලයාලම් හා තෙළිඟු ජනතාව එන්නේ කරුණු කීපයක් අරබයාය. එය අධිරාජ්‍යවාදී වුවමනාවක් මිස ඉන්දියාවේ ව්‍යාප්තවාදී දේශපාලන සැලැස්‌මේ මූලෝපායක් නොවේ. එහෙත් ඒ පිරිස් මෙහේ පැළපදියම් වත්ම ඒ හරහා ස්‌වකීය දේශපාලන ක්‍රමෝපාය ක්‍රියාවට නැංවීමට ඉන්දීය දේශපාලනය උත්සුක විය. උතුරින් පහරදී දකුණේ දේශපාලනය අස්‌ථාවර කිරීම, රට මැදද ව්‍යසනයක් නිර්මාණය කිරීමෙන් තීව්‍ර කළ හැක. වේගවත් කළ හැක. ඉන්දියාවෙන් පැමිණි කම්කරුවන්ගේ ඊළඟ පරම්පරා අතරින් එකෙක් දෙන්නෙක් තෝරා උන් ඉන්දීය දේශපාලන ව්‍යාප්තවාදයේ නියෝජිතයන් කිරීම සිදුකෙරිණි. දැන් ඒ කටයුත්ත වේගවත් කළ යුතුය. ඒ සඳහා සෘජුවම ඉන්දියාවෙන් පුහුණු නියෝජිතයන් එවිය යුතුය. ගුරු හිඟය නමින් නිර්මාණය කලාවූ පට්‌ටපල් බොරුව පදනම් කරගනිමින් ගුරු සළු හැඳ එන්නේ රෝ ඔත්තුකරුවන් හා ඉන්දියානු ව්‍යාප්තවාදයේ ඒජන්තයන්ය. ඒ ඊළඟ දෙමළ සන්නද්ධ අරගලය කඳුකරයෙන් ඇරඹීමටය. එවිට, කිසිදු ආරක්‌ෂක විධිවිධානයක් නැති රටේ, ලොව බිහිසුණු ත්‍රස්‌තවාදය ක්‍රියාත්මක වූ පුවත ව්‍යසනය අමතක කොට ඇති රටේ, නිදහසේ රට පුරා අවි ආයුධ සමඟ ස්‌ථානගත වෙමින් සිටින නොමළ එල්.ටී.ටී.ඊ සාමාජිකයන් එක්‌ව එක් රැයකින් රට තමන් සතු කරගත හැක.
ආචාර්ය චමිල ලියනගේ
http://www.divaina.com/2017/07/18/feature01.html

0 comments:
Post a Comment