දකුණේ සිහළ දරුවන්ගේ සුබසිද්ධිය පතා තම ජීවිත කාලයෙන් වැඩිම පරිච්ඡේදයක් ගත කළ එස්. වල්ලිපුරම් රසායන විද්‍යා ආචාර්යවරිය ගෙවීගිය හැට.... හැත්තෑව... අසූව.... දශක තුනෙහි වෛද්‍ය, ඉංජිනේරු, කාර්මික ශිල්පීන්, ආචාර්ය මහාචාර්යවරුන් රැසක් දැයට දායාද කළ අති දක්‌ෂ ගුරු මාතාවකි.
අපේ රසායන විද්‍යා.... ටීචර් නමින් එවක සිසු පරපුර අතර විරුදාවලි ලත් වල්ලිපුරම් ගුරු මාතාව අසූදෙවැනි වියෙහි පසුවන්නීය. ගුරු සේවයෙන් විශ්‍රාම ලැබුවද සමාජ මෙහෙවරයෙහි ඕ...තොමෝ... තවමත් විශ්‍රාම ලබා නම් නැත. දමිළ.... සිහළ සහජීවනයේ උත්තුංග මෙහෙවරක නිහඬවම නියෑළීs සිටින එතුමියගේ ජීවිතයෙන් වැඩිම කොටසක් ගෙවී ගොස් ඇත්තේද... දකුණේ සිහළ දරුවන්ගේ දෙනෙත් පැදීම සඳහාය.
තම ජීවිතයේ මෙන්ම .... ගුරු සේවයේද... අතීතය ආවර්ජනය කිරීමේදී, වල්ලිපුරම් ගුරුමාතාවට කනගාටු වීමට..... ළත වීමට කරුණු කාරණා කිසිවක් නැත. විඳවීමට නොව විඳීමට හැකි අතීතයක් එම ගුරු මාතාවට ඉතිරි කරමින් කාලය ගෙවී ගොස් ඇත. මිල මුදලට අද අධ්‍යාපනය ද කිසිම හිරිකිතක් නැතිව අලෙවි වේ. වෘත්තියෙන් ගුරුවරයකු විය හැකිය. නමුත් ඒ සෑමදෙනාටම 'ගුරු දෙවියකු' වීමට අපහසුය. එවන් තත්ත්වයක් හමුවේ වල්ලිපුරම් ගුරු මාතාව එදා සිසු පරපුර අතර ගුරු දේවතාවියක වූයේ වචනයේ පරිසමාප්ත අයුරින්ම ගුරුමාතාවකම වූ බැවිනි.
ඊට රටේ දකුණේ එතුමියගෙන් අධ්‍යාපනය ලද දහස් ගණනක් සිසු කැළ සාක්‌ෂි දරනු ඇත.
මන්නාරම - තිරුකේතීශ්වරන් කෝවිල අසල ඉදිකර ඇති ''අම්මයි - අප්පන් නිවස ''නිර්මාතෘවරිය වන වල්ලිපුරම් ගුරුමාතාව පිළිබඳව තොරතුරු සොයා පසුගිය සති අන්තයෙහි එම මහත්මියගේ ශිෂ්‍යයකු වන මහජන බැංකුවේ සහකාර ප්‍රධාන ගණකාධිකාරී කීර්ති ගුණසේකර මහතා ඇතුළු පිරිසක් සමඟ එහි ගියෙමු.
බොහෝ ළෙන්ගතුව අප පිළිගත් වල්ලිපුරම් මහත්මිය රසවත් උණු උණු උළුඳු වඩේ සහ එළකිරි පානය සඳහා අපට පිළිගන්වන ලදී. ඉන් අනතුරුව 'ඉරිදා දිවයින' සමඟ කළ පිළිසඳරයි මේ.
මම උපන්නේ චාවකච්ෙච්රිවල මට්‌ටුවිල් ගමේ. සින්නතම්බි සාගර පිල්ලෙයි මගේ තාත්තා. සංගර පිල්ලෙයි කැට්‌පහම් මගේ අම්මා. අපේ තාත්තා හොඳ ගොවියෙක්. හොඳම... හොඳ හින්දු භක්‌තිකයෙක්. තාත්තට ඉඩකඩ ලැබෙන හැම මොහොතකම එයා කටයුතු කළේ දෙවියන් වෙනුවෙන්. කෝවිල්වලට ගිහින් ඒ කෝවිල් ගැන... දෙවියන් ගැන දේශනා කළා.
අයියලා දෙන්නයි. නංගියි, මල්ලියි මගේ පවුලේ සාමාජික පිරිස. අයියලා දෙන්නා අභාවප්‍රාප්ත වෙලා. විදුහල්පතිවරයෙක් ලෙසත් එවකට භාණ්‌ඩාගාරයෙත් ඒ අය සේවය කළා. මල්ලී දැනට ඔස්‌ටේ්‍රලියාවේ සේවය කරනවා. ගමේ පාසලට පහේ පංතිය දක්‌වා ගියා. හය - අට දක්‌වා මට්‌ටුවිල් ජූනියර් ඉස්‌කෝලයට ගියා. ඊට පසුව චුන්නාගම් හි රාමනාදන් විද්‍යාලයේ ඉගෙන ගන්න අවධියේදී 1952 වර්ෂයේදී මම ඉන්දියාවට ගියා. ඉන්දියාවේ හෝලික්‍රෝස් කොලිජියේ පනස් හත(1957) දක්‌වා සිට රසායන විද්‍යා උපාධිය සම්පූර්ණ කරගත්තා.
අපේ තාත්තා.... තමයි මට චරිතය වුණේ. තාත්තට ලොකු ආශාවක්.... උවමනාවක් තිබුණ මටත්.... අනික් පවුලේ අයටත් උගන්වාගන්න. ඒ නිසා ඒ අධිෂ්ඨානය සඵල කරදෙන්න කැපකිරීමෙන් යුතුව ඉගෙන ගන්තෙ. කෘෂිකර්මාන්තය මගේ තාත්තා කළේ. තාත්තා දක්‌ෂ ගොවි මහතෙක්. ඒ නිසා ඒ ලැබුණු මිලමුදලින් තමයි මාව ඉන්දියාවේ යවලා වැඩිදුර ඉගැන්වූයේ. මගේ පවුලේ අය ගමේ අනික් අයට වඩා අධ්‍යාපනයෙන් ඉදිරියට ගියා. ශිව දෙවියන් සහ කතරගම දෙවියන් අදහනවා. අපට ඒ පිහිටත් ලැබුණ කියල මා විශ්වාස කරනවා.
උපාධිය සම්පූර්ණ කරගෙන ලංකාවට ආවාම පසුව දාම මට මාතලේ පාක්‍ය විද්‍යාලයට මුල්ම පත්වීම ලැබුණා. ඒ අවස්‌ථාව මට ලැබුණේ මගේ තාත්තා නිසයි. තාත්තා ඒ පාසලේ දේශණවලට එක්‌වුණා. ඒ කරුණුත් එක්‌ක මට විදුහලේ සේවය කරන්න ලැබුණා. මම රසායන විද්‍යා උපාධිධාරිණියක් වුණත් මට ලැබුණේ 1 සහ 2 ප්‍රාථමික පංතිවලට උගන්වන්න. ද්‍රවිඩ මාධ්‍ය ගුරුවරියක් ලෙස. ඔය අතරතුරදි මගේ ගමේදීම මට්‌ටුවිල් ගමේම තරුණයකු සමඟ මා විවාහ වුණා. වී. වල්ලිපුරම් භාෂා පරිවර්තක ලෙස සේවය ඇරඹූ මගේ මහත්මයා පාසල් පෙළ පොත් ද්‍රවිඩ බසට සංස්‌කරණය කරන ප්‍රකාශන අංශයේ සහකාර කොමසාරිස් ධුරයක් දැරුවා. ලොකු දුව බාල සරස්‌වතී වල්ලිපුරම්. පංච ලක්‌ෂ්මී වල්ලිපුරම් මගේ දෙවැනි දුව.
මාතලේ ඉන්න ගමන් කොළඹට මාරුවීමක් ඉල්ලුවා. 1962 වර්ෂයේදී මට වේයන්ගොඩ මධ්‍ය මහා විද්‍යාලයට මාරුවීම ලැබුණා. ඇත්තටම මම මේ අවස්‌ථාව දකින්නේ මගේ ජීවිතේ තවත් එක් හැරවුම් ලක්‌ෂ්‍යයක් ලෙසයි. එක අතකට ඒක අභියෝගයකට මුහුණ දීමක් ද වැනියි. ඉංගී්‍රසි මාධ්‍යයෙන් ඒ වන විටත් වේයන්ගොඩ සෙන්ට්‍රල් එකේ උසස් පෙළ සයන්ස් (විද්‍යා විෂය ධාරාව) ආරම්භ කරලා තිබුණා. සිංහල දරුවන් සමඟයි මට කටයුතු සිද්ධ කරන්න වුණේ. උසස් පෙළ රසායන විද්‍යාව උගන්වන ගමන් මම මහත්තයාගේ සිංහල පත - පොත කියවන්න පරිශීලනය කරන්න පටන් ගත්තා, මහත්තයටත් හොඳට සිංහල පුළුවන්. කොහොම කොහොම හරි මමත් ඉක්‌මනට සිංහල ඉගෙන ගත්තා. මට ඒකට මගේ සිසු දරුවොත් උදව් කළා. රසායන විද්‍යාව සංකීර්ණ විෂයක්. මට ඇත්තටම අවශ්‍ය වුණා සරලව මේ දරුවන්ට උගන්වන්න. මම පාසලට එන්න කලින් කන්දයියා සහ තවත් මහත්මයකුයි සේවය කර තිබුණා. රසායන විද්‍යා ගුරුවරිය හැටියට දරුවෝ මට පුදුම බැඳීමකින් කටයුතු කළා. ඒ ළෙන්ගතුකම අදටත් එළෙසමයි.
1971 වර්ෂයේ උසස්‌පෙළ වර්තාවක් තබමින් අපේ පාසල සමඟ අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාල සම ස්‌ථාන හිමිකරගත්තා. මහින්දදාස කියන දරුවා තමයි අපේ පාසලේ උසස්‌ම ප්‍රතිඵලය හිමිකරගත්තේ. මගේ විශේෂ අවධානයක් යොමු වූ දරුවෙක් එයා. මම මේ ටික කියන්නේ ඒ දරුවට මදි පුංචිකමක් කරන්න නොවේ. රටේ අනෙක් දරුවන්ටත් ආදර්ශයක් ගන්නයි. සමස්‌ත ලංකා ජයග්‍රහණය හිමිකරගත් මේ දරුවා හරිම දුප්පත්. අභ්‍යාස පොතේ රූල් දෙක අතර තනිපෙළ වෙනුවට, පේළි තුනක් මේ පුතා ලියනවා. එහෙම දුක් විඳලා කැප කිරීම් කරලා තමයි එදා ඒ දරුවා ඉගෙන ගත්තේ.
එදා A එකක් ගන්න හරිම අමාරුයි. මට මතක විදිහට උසස්‌පෙළ උසස් අයුරින් ප්‍රතිඵල හිමිකරගත්ත අවධියෙම හර්මන් ලුස් කුසලානයත් විදුහල හිමිකරගත්තා. එදිරිසිංහ සහ ප්‍රඥරත්න විදුහල්පතිවරු මගේ මතකයේ හැටියට ඒ කාලයේ සේවය කළා. මට මතකයි උසස් පෙළ සාර්ථක ප්‍රතිඵල හිමිකරගත් බී. ඇම්. කරුණාරත්න දරුවා දෙවැනි වසර සඳහා විශ්වවිද්‍යාලයට ඇතුළත් කරගෙන තිබුණා. වසර දහතුනක් වේයන්ගොඩ මධ්‍ය විද්‍යාලයේ සේවය කළා. ඒ ගැන මම හරිම තෘප්තිමත්.
ඔය කාලේ අපි පදිංචිවෙලා හිටියේ ගම්පහ - පහළගම. සාමකාමි පරිසරයක්. දැන්නම් ආසයි ඒ පළාත්වලට ගිහින් එන්නත්. වේයන්ගොඩ සිට දෙහිවල මධ්‍ය මහා විද්‍යාලයට මාරුවීමක් ලැබුණා. 74 සිට 79 දක්‌වා එහි සේවය කළා. ඊට පසුව කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලයට පැමිණියා. එහිදී විසි හතර වර්ෂයක් සපුරා (1981) ගුරු සේවයෙන් විශ්‍රාම ලැබුවා. දෙහිවලට මාරුවීම් ලැබුණාට පසුව තමයි අපි වැල්ලවත්තට පදිංචියට අවේ.
ඔබ එවකට කොළඹ - වැල්ලවත්ත සිටි ජනප්‍රියම ප්‍රකට රසායන විද්‍යා ගුරුවරිය බවට පත්වුණා. අද වගේ අත් පත්‍රිකා, බැනර්, පෝස්‌ටර් හෝ දැවැන්ත ප්‍රචාරක මාධ්‍යයක් නැතිව කොහොමද ඔබ ඒ තත්ත්වයට පත් වුණේ....?
(සිනාසෙයි)... මම කරන දේ දරුවෝ... හරියට කළා. රසායන විද්‍යාව නිරස විෂයක්. අමාරුයි, ඒ අමාරු දේ සරලව මම දරුවන්ට බෙදලා දුන්නා. දරුවෝ වාර්තා තබමින් රසායන විද්‍යාව සමත් වුණා. මම මුදල් බලාගෙන කරපු දෙයක් නොවේ ඒක. ඔබ කී පරිදි කිසිම ප්‍රචාරක මාධ්‍යයක් නැතිව, දරුවෝ මම සොයාගෙන දහස් ගණනක් එන්න ඇති. කටින් ... කට පැතිරිලා ගියා මිසක්. ළමයි මා ළඟට ගෙන්වා ගැනීමට සත පහක වියදමක් මම දරලා නැහැ. අනික අතුල්වීමේ ගාස්‌තු නෑ. පංතියට ඇතුළත් කරගැනීමේදී නම් ගම් ලේඛනගත කළා. පංති පීස් දුන්නද නැද්ද කියලවත් කිසිම සටහනක් තිබුණේ නැහැ. බොහෝ දෙනා මාසික රුපියල් තිහ දුන්නා. දෙන්න බැරි අයත් සිටියා. රට වටෙන්ම දුර කතර ගෙවාගෙන දහස් ගණනක් මගේ පංතියට ආවා. නම්ගම් අවශ්‍ය නෑ කියන්න. පාසල් ගිය කාලෙත් යම් යම් ආර්ථික දුෂ්කරතා ඇති දරුවන්ට උදවු උපකාර කළා. ඒ දරුවෝ අද සාර්ථක ජීවිත ගත කරනවා. ඒක මට ලොකු සතුටක්. අද ලොකු මහත්වෙලා ලොකු රැකියා කරන දරුවන් තුන් දෙනෙක් මට කියනවා... ටීචර් එක මාසයක අපි ටිචර්ට පංති පීස් කට් කරලා චිත්‍රපටි බැලුවා. අපරාදෙ කියන්න බෑ ටීචර් අපෙන් පීස් ගැන කවදාවත්ම ඇසුවේ නැහැ... සිනාසෙමින්... එලෙස වල්ලිපුරම් මහත්මිය පැවසුවාය.
ඔබේ පවුලේ තොරතුරු කොහොමද?
අපේ පරම්පරාවම නිර්මාංශිකයි. අපිත් එහෙමයි. මගේ දරුවන් දෙදෙනාත් හොඳට ඉගෙන ගත්තා. ලොකු දූ බාල සරස්‌වති වල්ලිපුරම් කොළඹ වෛද්‍ය විද්‍යාලයෙන් මූලික වෛද්‍ය උපාධිය ලබාගෙන වැඩිදුර විදේශ අධ්‍යාපනය ලබා අක්‌ෂි විශේෂඥ වෛද්‍යවරියක ලෙස කටයුතු කළා.
ඉංජිනේරුවරයකු සමඟ විවාහ වී සිටියා. අනුරාධපුර සහ මීගමුව රෝහල්වල සේවය කළා. තිස්‌අට හැවිරිදි වියේහිදී ලොකු දූ පිළිකාවක් වැළදී මියගියා. ලොකු දුවගේ අභාවයට පසුව මගේ මහත්මයාත් පිළිකා රෝගය නිසා අභාවප්‍රාප්ත වුණා. පංචලක්‌ෂ්මි මගේ දෙවන දූත් වෛද්‍යවරියක්. ඒ දූ... ටත්... පිළිකාවක් හැදුණා... දරුවෝ. දූ... ට ඔපරේෂන් එකක් කළා. ඒ ඔපරේෂන් එක කරල මගේ... දූ... වසරදහයක් ජීවත් වුණා. ඔය.... විදිහට තමයි... මගේ මහත්තයත්... දරුවෝ දෙන්නත් මට නැති වුණේ. ඉන් අනතුරුව අප අතරේ... ඇති වූ දැඩි නිහැඬියාව බිදිමින්.... විදේශ යුවතියන් තිදෙනකු අප ඉදිරියට පැමිණීමත් සමඟ, එම යුවතියන් සමඟ සුළු මොහොතක් කතාබස් කර මා සමඟ නැවත වල්ලිපුරම් ගුරු මාතාව පිළිසඳරට එක් වූවාය.
83 කළු ජූලිය කාලයේදී ඔබ කොළඹ - වැල්ලවත්ත පදිංචිව සිටියා. ඒ සිදුවීම කොහොමද ඔබ පවුලට බලපෑවේ.
අනේ.... දරුවෝ.... මගේ ජීවිත කාලයෙන් වැඩිම කාලයක් ගත කළේ සිංහල දරු දැරියන්ගේ නෙත් පාදන්නනේ. මම දමිළ කියන අදහසකින් නෙමෙයි ඒ දරුවෝ මට සළකන්නේ. මමත් එහෙමයි. අපි අතර ජාති බේදයක් එදත් නෑ අදත් නෑ හෙටත් නැහැ. එදත් අපිට ලොකු විශ්වාසයක් තිබුණා කරදරයක් අපට වෙන්නෑ කියලා. අපි ගෙදරම සිටියා මාසයක්. කොහෙවත් ගියේ නැහැ. ඩී. ඇස්. එකේ දරුවෝ හාල්, පොල්, පරිප්පු අඩුම කුඩුම දෙවල් අවශ්‍ය ප්‍රමාණයටත් වඩා ගෙනත් දුන්නා. ඒ දරුවොත් සමඟ විදුහල්පතිව සිටි අලස් මහත්තයත් ආවා ගියා. අපේ පවුලට කියන්න තරම් කිසිම කරදරයක් වුණේ නැහැ.
''අම්මයි - අප්පන් නිවස්' ආරම්භ කරමින් ඔබ තවත් සමාජ සත්කාරක මෙහෙවරක යෙදී සිටිනවා. යමක් ඒ ගැන පවසනවා නම්.
මගේ දෙවැනි දුවගේ අදහසක් මේ ක්‍රියාත්මක කළේ, දුව මැරෙන බව දැනගෙන හිටියේ. ඒ නිසා මේ වගේ දෙයක් කරන්න එයාට අවශ්‍ය වුණා. දුවට ඒ කිසිම දෙයක් කරගන්න බැරිවුණා. අදහස සහ සැලසුම ඉතිරි කරලා දුව ජීවිතයෙන් ද සමුගත්තා. දුවගේ අපේක්‌ෂාව ඉටුකරන්න තරම් මුදලක් මා ළඟ තිබුණේ නෑ. වැල්ලවත්ත ගෙදර..... මහත්තයත්....දරුවෝ දෙන්නත් නැතිව මට වැඩක් නැහැ. වර්ෂ 2006 දී ලක්‌ෂ හතළිහකට විකුණුවා.
තිරුකේතීශ්වරන් කෝවිල ළඟ මේ ඉඩම ඒ මුදලින් අරගෙන මේ නිවාසය ආරම්භ කළා. වල් බිහිවෙලා තිබුණු මුඩු ඉඩම අද ගොඩනැඟිලි තුනක් සහිත ඇඳන් හැටක නිවසක් බවට පත්ව ඇත. අපි ආරම්භක අවධියේදී මේ ප්‍රදේශවල යුද්ධයෙන් අනාථ වූ වැඩිහිටියන් දෙසීයකට පිළිසරණ වුණා. යුද්ධය අවසන්වී උතුරු - දකුණු සබඳතා ගොඩ නැගුණයින් පසුව මන්නාරමට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ට නවතින්න තැනක් තිබුණේ නැහැ. එදා සිටම හමුදාව මට උදව් උපකාර කරනවා විශේෂයෙන් එය පැවසිය යුතුමයි. බහුතරයක්‌ම එන්නේ සිංහල අයයි. ඕනෑම කෙනකුට මෙහි නැවතීමට හැකියි. බේද කිසිවක් නැහැ.
කෝවිලට සහ මන්නාරම ප්‍රදේශයට පැමිණෙන සංචාරකයන් සඳහා නවාතැන් පහසුකම් සැපයීම සඳහා දෙමහල් ගොඩනැඟිල්ලේ පළමු මහළ කාමර දහයකින් සහ දෙවන මහළ රැස්‌වීම් ශාලාවක් ලෙස ඉදිකිරීම සඳහා රුපියල් ලක්‌ෂ සීයක් ඇස්‌තමේන්තු කර තිබෙනවා. එහි වැඩකටයුතු ආරම්භ කළා. ඊට රුපියල් ලක්‌ෂ විසිපහක් කැනඩාවේ සේවයේ නියුතු එස්. ෂන්මුගම් වන මගේ මල්ලී ලබා දුන්නා. මගේ සහ මහත්තයාගේ විශ්‍රාම වැටුපෙන් ලද මුදල් ඇතුළු සොයාගත් රුපියල් ලක්‌ෂ විසිපහක් එකතුව ලක්‌ෂ පනහක් දැනට තිබෙනවා. ඉතිරි ලක්‌ෂ පනහක මුදල සඳහා පරිත්‍යාගශීලින්ගේ අනුග්‍රහය මා බලාපොරොත්තු වනවා. මට දැන් වයස අවුරුදු අසූදෙකයි. මේ කිසිම දෙයක් මගේ පුද්ගලික සුඛ විහරණයට මා යොදාගෙන නැහැ.
මගෙන් පසුව භාරකාර මන්ඩලයකට මේ සියල්ල පැවරෙනවා. මේ සත්කාරය සඳහා දායකත්වය තමයි අපේක්‌ෂා කරන්නේ. ජීවිතේ මේ ඉතිරි කෙටි කාල සීමාව තුළ ජාති, ආගම්, කුල මල බේදයකින් තොරව මට කරන්න හැකි දෙයක් තියෙනවා නම් ඒ දේ ''අම්මයි - අප්පන් නිවස්' තුළින් සිදුකිරීම තම එකම අරමුණ බැව් වල්ලිපුරම් ගුරුමෑණීයෝ වැඩිදුරටත් පැවසූහ.
මන්නාරම - ඓතිහාසික මාතොට රජමහා විහාරාධිපති අඹගහවැවේ සංඝරක්ත හිමියෝ මෙසේ පැවසූහ.
මහත්තයෝ ජාතික සමඟියට ඔය කියන සංහිඳියාවට හොඳම අරුත මේ වල්ලිපුරම්... අම්මා. රට වටෙන් එන කීදෙනෙක් එනවද මේ පංසලට නවාතැන් ඉල්ලාගෙන. කෝ අපට දෙන්න තැනක් තියෙනවද? ගම්පොල ප්‍රදේශයේ හාමුදුරුවරු 40 නමක් දවසක් වැඩියා. නවාතැන් දුන්නේ මේ වල්ලිපුරම් අම්මගේ නිවසෙයි. බස් පිටින් ආවම යවන්නේ මම එතනට. මේ පළාතේ නෑ. නවතින්න තැනක්. මේ අම්මා කරන්නේ ලොකු මෙහෙවරක්. නිවාසයේ පැවැත්ම සඳහා බොහෝම සාධාරණ මුදලක් තමයි ගන්නේ. මේ ස්‌ථානය වැඩිදියුණු කරගන්න ඇත්තටම උදවු උපකාර කළයුතුයි. දරුවො දෙන්නයි - මහත්තයයි නැතිව අවුරුදු 82 ක ගැහැණියකට කරන්න හැකි දෙයක් නෙමෙයි මේ අම්මා කරන්නේ. රුපියල් ශතවලට මේ සේවය මිල කරන්නත් අගයන්නත් බැහැ.
එස්. වල්ලිපුරම් මහත්මිය, අම්මෙයි - අප්පන් නිවස, තිරුකේතීශ්වරන්, මන්නාරම. එම ගුරුමාතාවගේ ලිපිනයයි. මන්නාරම ලංකා බැංකු ශාඛාවේ 990000 ගිණුම් අංකයට පරිත්‍යාගශීලීන්ගේ අනුග්‍රහය යොමුකළ හැකිය. 023-2050822 දුරකථන අංකයෙන් මේ පිළිබඳව වැඩිදුර විස්‌තර විමසිය හැකිය.
නිමල් දයාරත්න
http://www.divaina.com/2017/07/23/feature08.html

0 comments:
Post a Comment