පැතුම් සහගත මිනිසුන් පරාජය කළ නොහැක. කෙතරම් බාධක, අභියෝග, කම්කටොළු, මැද වුවද ඔවුහු ජයග්‍රහණයේ ද්වාරය විවර කරනු ඇත.
අභියෝගයන්, අභියෝගයන් බවට පත් කර නොගත් මිනිසෙකු නිසා ඔහු රාජකාරි කරනු ලබන රාජ්‍ය ආයතනය රටට බරක් නොවී පවත්වාගෙන යැමට හැකිවූවා පමණක් නොව ලක්‌ෂ විසි එකකට අධික ජනතාවකගේ මුදල් පසුම්බියට සැලකියයුතු අස්‌වැසිල්ලක් ගෙන ඒමට එමගින් හැකිවී ඇත.
මේ කරුණු කාරණා නිසා ඔහුව පසුගියදා ඇගයීමට ලක්‌විණි.
ඒ මානව සම්පත් කළමනාකරණ ආයතනය මගින් පවත්වනු ලැබූ 2017 වර්ෂයේ ජාතික සම්පත් නිපුණතා තිළිණ ප්‍රදානෝත්සවයේ (National HR Excellence Awards 2017) මූල්‍ය අංශය නියෝජනය කරමින් එම වසරේ හොඳම නිලධාරියට හිමි සම්මානය ඔහුට හිමිකර දෙමිනි.
මේ ජයග්‍රහණයේ උරුමකරුවා ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්‌ඩලයේ අතිරේක සාමාන්‍යධිකාරී (මුදල්) දුෂ්මන්ත තොටවත්ත මහතාය .
සිය නිසඟ හැකියාවට ඉහළ වටිනාකමක් හිමිකර දුන් ඒ සම්මානයේ වටිනාකම තවත් තීව්‍ර කළේ වසර ගණනාවක් මුළුල්ලේ මානව සම්පත් කළමනාකරණ ආයතනය මගින් පවත්වන මෙම සම්මාන උළෙලේදී එම ක්‌ෂේත්‍රය තුළිsන් රාජ්‍ය ආයතනයක නිලධාරියකු ඇගයීමට ලක් වූ පළමු අවස්‌ථාව එය වීමය.
ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ අධි සාමාජිකයකු වන ඒ මහතා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් වාණිජවේදී (විශේෂ) උපාධිය ලබා කොළඹ විශ්ව විද්‍යාලයෙන් මුල්‍ය ආර්ථික විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධිය ලබා ඇත.
රාජ්‍ය සහ ප්‍රමුඛ පෙළේ පුද්ගලික අංශයෙහි ගිණුම් කටයුතු පිළිබඳ වසර තිස්‌පහකට වඩා අත්දැකීම් ඇති තොටවත්ත මහතා මුල්‍ය කළමනාකරණය, ආයතනික පාලනය, උපාය මාර්ග කළමනාකරණය,මහජන සම්බන්ධතා පිළිබඳ හසල පළපුරුද්දක් ඇත්තෙකි.
තමන් රැකියාව කරන ආයතනයට කීර්තියක් අත්කර දෙමින් වෘත්තීය ජීවිතය තුළ ඉහළ ඇගයීමකට ලක්‌වුණු තොටවත්ත මහතාගේ ජීවන මඟ තවකෙකුගේ ජයග්‍රණයට පරමාදර්ශයකි.
"මම ඉපදුනේ ගාල්ල ගෝනපීනුවල කියන ග්‍රාමයේ. මගේ පියාණන් වෘත්තියෙන් ගුරුවරයෙක්. මෑණියන් ගෘහණියක්. පියාණන්ට මුල් පත්වීම හිමිවුණේ මොනරාගල මාගන්දන මහා විද්‍යාලයට. අපි තාත්තත් සමඟ මොනරාගල යනකොට මට අවුරුදු තුනයි. පියාණන් වෘත්තියේ යෙදුන පාසලටම මම අවුරුදු තුනේ සිටම පාසල් ගියා."
තොටවත්ත මහතා මා අභිමුව අතීතයට පිය නඟමින් සිටි. අතිතාවර්ජනයේදී ඔහුගේ ඉරියව් කෙමෙන් කෙමෙන් වෙනස් වුයේ ඔහු මනසින් මොනරාගල පරිසරය තුළ ගමන් කරමින් සිටින නිසා යෑයි සිතේ.
"ඒක හරිම කටුක පරිසරයක්.අපි හිටියේ ගුරු නිවසේ. ඉලුක් සෙවිලි කළ ගොඩනැඟිල්ලකුයි තවත් එක ගොඩනැඟිල්ලකුයි විතරයි පාසලට තිබුණේ. මම ඉගෙන ගත්තේ දඹ ගහක් යට. ඒ අතීතය කටුක වුණාට හරි රසවත්."
"මගේ පියාණන් වාමාංශිකයෙක්. එතුමන්ව දේශපාලන පලිගැනීම් වලට හසුවෙලා මාගන්දන මහා විද්‍යාලයේ ඉදන් තවත් හැතැම්ම විසිහයක් එහා කෝන්ගහපිටිය කියන පාසලකට මාරු කළා. දැන් වගේ ඒ කාලේ බස් නැහැනේ. පියාණන් බයිසිකලයෙන් තමයි පාසලට ගියේ. අපිට ගමට එන්න වුණා. මට ගමේ. ඒ කියන්නේ ගෝනාපීනුවල පාසලට යන්න වුණා. මම හතරවැනි වසරට එනකොට පන්තිභාර ගුරුතුමිය මගේ සිංහල පොතේ ලිව්වා ඔයා සිංහලට දුර්වලයි ඒ නිසා ආපහු හෝඩියේ සිට එන්න කියලා."
මේ සිදුවීම ජීවිතයේ පළමු හැරවුම් ලක්‌ෂ්‍යය බවට පත්කර ගැනීමට තරම් දුෂ්මන්ත තොටවත්ත නම් ලාබාල සිසුවා ඉටා ගත්තේය. එය ඔහු වචන කළේ
"මං ගුරුතුමියත් සමඟ උරණ උනේ නෑ. පාසලට වෛර කළෙත් නෑ. මම ඉටා ගත්තා මං කවදාහරි හොඳ සිංහලෙන් වැඩ කරන්න පුළුවන් හොඳින් සිංහල ප්‍රගුණ කළ කෙනෙක් වන බව. ආපසු හැරිලා බලනකොට මං දිනලා කියල දැනෙන හැඟීම විස්‌තර කරන්න බැහැ."
"ඔහොම ගිහිල්ලා උසස් අධ්‍යාපනය සඳහා මම නගරයට ගියා. ඒ ගිංතොට මහා විද්‍යාලයට. මම ඒ පාසලට ඇතුළත් වෙන්න ගියේ තනියමයි. විදුහල්පතිතුමා මං දිහා හොඳින් බලලා මාව පාසලට භාර ගත්තා. විදුහල්පතිතුමාගෙන් මට හැමවිටම වාගේ විශේෂ සැලකිල්ලක් හිමිවුණා. ඒ දවස්‌වල පාසලේ වතු වැඩ තිබුණා. දවසක් අපිට පාසලේ වැටක් බඳින්න තිබුණ. මං වැට බඳින විදිහ දැකල විදුහල්පතිතුමා මට වේවැලෙන් ගහල කිව්වේ වැට බඳිනවා නම් ඒකේ මුල් ගැටය ශක්‌තිමත්ව බඳින්න අවශ්‍ය බව. එදා තමයි මං හිතට ගත්තේ වැඩක් පටන් ගන්නවා නම් මුල ශක්‌තිමත්ව හරියට පටන් ගන්න ඕන කියලා. එහෙම පටන් ගන්න හැම වැඩක්‌ම කෙලවර වෙන්නේ ජයග්‍රහණයෙන්. ඒ ආදර්ශයෙන් තමයි අවුරුදු තිස් පහක රාජකාරි ජීවිතේ අසාර්ථක නොවී අරගෙන ආවේ.
ඔහුගේ කථාව සැබෑවය. ඒ බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්‌ඩලයේ ගිණුම් වාර්තා සාක්‌ෂි දරයි.
"මගේ රාජකාරි ජීවිතේ යම් සාර්ථකත්වයක් ලැබුවා නම් ඒ සාර්ථක පිටුපස තිබෙන එක් ප්‍රධාන සාධකයක් තමයි ගිංතොට මහා විද්‍යාලයේ විදුහල්පතිතුමාගෙන් ලැබූ ගුරුහරුකම්. හරි දේ කරන්න කිසිවිට භය වෙන්න ඕන නැති බව මං කුඩා කල සිටම ඉගෙන ගත්ත තවත් එක දෙයක්."
තොටවත්ත ශිෂ්‍යයා 1978 දී උසස් පෙළ විභාගයට පෙනී සිට ඉන් ඉහළින්ම සමත්ව ශ්‍රී ජයවර්ධනපුර සරසවියට ඇතුළත් විය. උසස් පෙළ විභාගයෙන් පසු විශ්ව විද්‍යාල ප්‍රවේශය තෙක් කාලය ඔහු අපතේ හැරියේ නැත. ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ ලියාපදිංචිව විභාග සමත් වී අවශ්‍ය ප්‍රායෝගික පුහුණුවද පුද්ගලික අංශයෙන් ලබා ගැනීමට ඒ කාලය තුළ ඔහු කටයුතු කළේය. විශ්ව විද්‍යාල ජීවිතය සාර්ථක කර ගත් මේ තරුණයා පුද්ගලික අංශයේ රැකියා කිහිපයකින් පසු 1984 දී මුල්ම රාජ්‍ය අංශයේ පත්වීම ලෙස වරාය නීතිගත සංස්‌ථාවේ ගණකාධිකාරීවරයෙකු ලෙස පත්වීම් ලබා ගත්තේය.
"ඉන් වසර දෙකකින් පමණ පසු කඩිනම් මහවැලි ව්‍යාපාරයේ 'සී' කලාපයේ ගණකාධිකාරීවරයෙකු ලෙස එක්‌වුණා. එහි වසර හයක් පමණ සේවය කරන්න හැකි වුණා. 1990 දී තමයි මං විවාහ වුණේ. බිරිඳ වාසුලා තොටවත්ත. ඇය මුලින්ම වැඩ කළේ කොළඹ රාජ්‍ය බැංකුවක .ඒ නිසා මටත් කොළඹට එන්න වුණා. ආපහු පුද්ගලික අංශයේ කාලයක් වැඩ කළා."
මේ කාලය තුළ දුෂ්මන්ත මහතා පිය පදවියෙන් පිදුම් ලැබුවේය. ඔහුට තිරුෂි තොටවත්ත සහ අක්‌මල් තොටවත්ත යන දූ පුතු දෙපළකි. කාලය කෙමෙන් කෙමෙන් ගෙවී ගොස් 1998 වසරේදී ඔහු රාජ්‍ය අංශයේ රැකියාවක් සදහා වන සම්මුඛ පරීක්‌ෂණයකට පෙනී සිටියේය.
"එහිදී තමයි ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න සහ සමන් ඒකනායක මහත්වරුන් මුණ ගැහෙන්නේ. ඔවුන් මාව ජාතික තරුණ සේවා සභාවේ මුල්‍ය අධ්‍යක්‌ෂකවරයෙකු ලෙස සේවයට බදවා ගන්නවා. දැන් ලැබී ඇති ජයග්‍රහණ වලට මංපෙත් විවර වුණේa එතනින්. එතුමන්ලා සමඟ එකතුවෙලා තුරුණු ශක්‌ති වැඩසටහන හඳුන්වා දෙන්න අපිට හැකි වුණා. දැන් සුපර් ස්‌ටාර් වගේ නෙමෙයි තුරුණු ශක්‌ති වැඩසටහන. හරිම හරවත්ව කරන්න අපිට හැකි වුණා. රූපවාහිනියේ 'අයි' නාලිකාව මේ සමඟම තමයි අපි ජනප්‍රිය කළේ. 98 වසරේ සිට 2003 වසර වෙනකම් මම ජාතික තරුණ සේවා සභාවේ වැඩ කළා. 2003 ඉඳන් 2005 වෙනකම් සමෘද්ධි අධිකාරියේ කටයුතු කළා."
එතැන් පටන් ආරම්භ වූයේ අලුත් පරිච්ඡේදයකි. 2005 වසරේ ජූලි මස පළමු වැනිදා ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්‌ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මුදල්) ලෙස සේවයට එක් වූ හෙතෙම 2013 වසරේ දී අතිරේක සාමාන්‍යාධිකාරී (මුදල්) ලෙස උසස් වීමක් ලැබිය.
"මම මණ්‌ඩලයේ සේවයට 2005 දී එනවිට මට තේරුණා මෙහි මූල්‍ය විනය ශක්‌තිමත් නැති බව. අනවශ්‍ය නාස්‌තිකාර වියදම් බොහොම වැඩිවෙලයි තිබුණේ. අපේ තියෙන අකාර්යක්‍ෂමතාවට වන්දි ගෙවන්න වෙන්නේ රටේ ජනතාවට. ජල බිල ඉහළ දාන්න වෙන එක හේතුවක් ඒක. මේ දේ නතර කරන්න මට ලොකු වුවමනාවක් තිබුණා. 2004 වසරේදී විගණකාධිපති විසින් මණ්‌ඩලයේ ගිණුම් ප්‍රතික්‍ෂේප කර තිබූ වකවානුවක්. මෙයත් මට මහත් අභියෝගයක් වුණා. මට වෙලාවකට හිතුනේ විගණකාධිපති ගිණුම් ප්‍රතික්‍ෂේප කර තිබූ තැනකට ඇයි මම වැඩට ආවේ කියලා."
අභියෝග රැසකට මුහුණදීමේ පන්නරයක් සහිත මිනිසෙක් වූ තොටවත්ත මහතාට ඔහු ඉදිරියේ තිබු අභියෝග එතරම් ගැටලුවක් වූයේ නැත. ඒ සඳහා ඔහු කළේ අභියෝගයන්ට මුහුණදීම සදහා සැලසුම් සකස් කිරීමය.
"ආයතනයේ අභ්‍යන්තර පාලන පද්ධතිය හොඳට ශක්‌තිමත් කරන්න ඕන බව මම තේරුම් ගත්තා. ඒකේදී මම ආයතනයට අයවැය පාලන ක්‍රමවේදයක් හඳුන්වල දුන්නා. ඒකත් සමඟම බැදීම් ලේඛනයක් සහ වැය ලෙජරයක් හඳුන්වා දුන්නා. මේ නිසා අයවැයෙන් වෙන් කළ මුදල් අභිබවා මුදල් වියදම් කරන්න බැරි වුණා. මනා අයවැය පාලනයක් ක්‍රමයක් තුළින් වියදම් පියවගන්න අපිට හැකි වුණා."
"මම වැඩට ඇවිත් වසර දොළහක් තුළම ජල බිල අපි ඉහළ දමා ඇත්තේ දෙවරක් පමණක් වුණේ ඒ නිසා තමයි. අපි 2010 දී ජල බිල සියයට දහයකින් අඩු කළා. ඒ නිසා අවුරුද්දට අපිට රුපියල් මිලියන 1200 ක පමණ පාඩුවක් වුණා. මේ නිසා මණ්‌ඩලය අර්බුදයකට ගමන් කළා. මේ අර්බුදය වලක්‌වා ගන්න අපි ශුන්‍ය පාදක අයවැය ක්‍රමයක් හඳුන්වා දුන්නා. ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්‌ඩලය මෙම ක්‍රමය හඳුන්වාදුන් පසු රජයත් නිවේදනය කළා රජයේ අයවැය හදන්නේ ශුන්‍ය පාදක අයවැය ක්‍රමයට බව."
"මං මෙහිදී කළේ මගේ සැලැස්‌ම කිව්ව එකයි. මගේ නියෝජ්‍ය, අතිරේක සාමන්‍යාධිකාරිවරු, ගණකාධිකාරිවරු ඇතුළු අපේ කණ්‌ඩායමේ සියලු අයයි මෙය ක්‍රියාත්මක කළේ. ඒ නිසා මෙහි ගෞරවය ඒ සැමටයි හිමි විය යුත්තේ. තීරණ ගැනීමේ ක්‍රියාවලියට අපි සැවොම එක් කර ගත්තා. මේ නිසා අපිට අහිමි වුණ ආදායම අපි ආවරණය කර ගත්තා. අපි පහුගිය වසර පහ තිස්‌සේ මණ්‌ඩලය ලාභදායි මට්‌ටමට ගෙන ආවා. 2015 දී අපි රුපියල් කෝටි 198ක ක්‍ෂුද්‍ර ලාභයක් අරන් තියෙනවා."
සේවක පඩි නඩි ගෙවමින්, බෝනස් මුදල් ලබා දෙමින්, භාණ්‌ඩාගාරයේ ණය ගෙවමින් සහ කොතෙකුත් වූ ගෙවීම් කරමින් මෙවන් සුවිසල් ආයතනයක් පවත්වාගෙන යැම සුළුපටු නොවේ. එනමුත් ඒ අභියෝගයන්ට ඔවුහු එක කණ්‌ඩායමක් සේ මුහුණ දී ජයගෙන තිබේ. මහජනතාවගේ මුදල් පසුම්බියට සහනයක් වූවේ යෑයි අපි පෙරදී සඳහන් කළේ ඒ හේතුවෙන්ය. කැපවීම ජයග්‍රහණයේ රහස බවට ඔහු පසක් කරගෙන තිබේ.
"අපි ගන්න තීන්දු තීරණ ගන්නේ රුපියල් ශත එක්‌කයි. මෙය අමාරු දෙයක්. අපට හොද පරිචයක් ඇත්නම් මේ වැඩේ අමාරු නැහැ. ආතතිය නැතුව නෙමෙයි. ආතතිය මං භාර දී ඇත්තේ දුෂ්මන්ත තොටවත්ත කියන සාමාන්‍ය මිනිසටයි. ඒ ආතතිය අතිරේක සාමාන්‍යාධිකාරී මුදල් තනතුරට මං භාර දෙන්නේ නෑ. මං උපරිමයෙන් මගේ තනතුරට සාධාරණය කරලා තියෙනවා.ඒ නිසයි මෙවන් ඇගයීමක් මට හිමිව ඇත්තේ. මාව මහජනතාවගේ නායකයකු ලෙස තෝරාගෙන ඇත්තේ ඒ නිසයි."
"මම ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්‌ඩලයේ සේවය කළේ නැත්නම් මට මේ ඇගයීම හිමි වන්නේ නෑ. මේ මගේ පුද්ගලික ජයක් නෙමෙයි. මේ අපේ කණ්‌ඩායමේම ජයග්‍රහණයක්. මම මගේ ආයතනයට මගේ තනතුරට මා ලැබූ නිදහස් අධ්‍යාපනයට සාධාරණයක් කළා යෑයි හැඟීමක් මට තියෙනවා. මේ සැම ජයගන්න මගේ පවුලෙන්, මණ්‌ඩලයේ රාජකාරි කළ සහ කරන සභාපතිවරු අධ්‍යක්‌ෂක මණ්‌ඩල, ඉහළ නිලධාරීන් ඇතුළු සැමගෙන් ලද සහය මහත් සේ අගය කරනවා."
කැපවීමක් අධිෂ්ඨානයක් සහිත වූවන් පසුපස ජයග්‍රහණ පැමිණෙනවා මිස සෑම පසුපස එය එන්නේ නැත. ජයග්‍රහණයේ මිහිර විඳින කුලකය වෙත පියනඟන් නම් කළ යුතු දෑ බොහෝය.
සිරිමන්ත රත්නසේකර, ඡායාරූප - ධර්මසේන වැලිපිටිය
http://www.divaina.com/2017/07/09/feature30.html

0 comments:
Post a Comment