වකුගඩු රෝගයෙන් ජන සමාජයට හා මිනිස් ජීවිත වලට වන හානිය කොතරම් ද යත් එය පිළිබඳව ප්‍රාදේශීයව ද, ජාතිකව ද, ජාත්‍යන්තරයේ ද කථා බහට සහ පර්යේෂණයට ලක්‌වෙමින් තිබේ. මේ වනවිට වකුගඩු රෝගය මිනිසා මෙන් ම ආර්ථීකය ද විනාශ කරනා මහා වසංගතයක් බවට පත්ව ඇත.
වකුගඩු රෝගය අප ආහාරයට ගන්නා ආහාර හෝ ජලයෙහි ඇති යම් අන්තර්ගතයක් හේතුවෙන් වැළෙඳෙන බවට බොහෝ පර්යේෂකයන්ගේ සහ වෛද්‍යවරුන්ගේ මතය වී තිබුණේය. එහෙත් ජලයෙහි හෝ පසෙහි ඇති කිනම් රසායනයක් හේතුවෙන් සෘජුවම වකුගඩු අකර්මණ්‍ය වේ දැයි තවමත් නිශ්චිතව සොයාගෙන නොමැත. වකුගඩු රෝගය පිළිබඳ විවිධ මත හා පර්යේෂණ ප්‍රතිඵල නිකුත්වන අවධියක අප විසින් මේ කියන්නේ වකුගඩු රෝගය ගැන වෙනත් කතාවකි. එනම් මේ හදිසියේ වකුගඩු රෝගය පහළ වූවා නොව, එය දැනට අවුරුදු සිය ගණනක සිට රජරට මිනිස්‌සු බිලි ගනිමින් සිටින බවයි. මේ ඒ කතාවය.
ඉතිහාසගත සාධකවලට අනුව එකල වකුගඩු රෝගය රජරට ප්‍රදේශයේ ව්‍යාප්තව පැවතියේ වෙනත් නමකිනි.
"හීං බංඩාටත් නරක ලෙඩේ හැදිලා... උන්දෑටත් ඉදිමුං ඇවිත් හොඳට ම අමාරුයි. තාත්තා අම්මා සමඟ පවසනු මට ඇසිණි. දැන් ඉතිං කළුටයි, ඒකිගේ දරුවන්ටයි දෙයියන්ගේ ම පිහිටයි. ''ඔය ලෙඩේ ආවොත් බේරෙනවා බොරු'' අම්මා කීවේ අගට සුසුමක් ද හෙළමිනි." රජරට ජන ජීවිතයේ අත්දැකීම් සහිත මට පුංචි සන්දියේදී ඇසුණු මෙවැනි කතා අරුමයක් නොවේ.
අද කාලයේ වකුගඩු රෝගින්ගේ දැකිය හැකි සියලුම රෝග ලක්‌ෂණ එකල නරක ලෙඩේ වැළඳුණු රෝගින්ට තිබිණි. "ඉදිමුම ආවොත් ආයේ බෑ" එකල ප්‍රචලිත කියමනකි. මුහුණ සහ අත් පා කහ පැහැ ගැන්වුණු ශරීරයේ ඉදිමුං ස්‌වභාවය ගත්, විවිධ ශාන්තිකර්මවලින් පසු අතට සහ බෙල්ලට කහ, රතු, සුදු නුල් කිහිපයක් ම බැඳි, මරණය බලාපොරොත්තුවෙන් සිටි මිනිසුන්ගේ මුහුණු මට අද ද මැවී පෙනෙයි.
වකුගඩු රෝගය (නරක ලෙඩේ) බොහෝ කලක සිට මිනිසුන් බිලිගත් බව අප මුලින් සඳහන් කර තිබිණි. අප කළ පර්යේෂණවලට අනුව දැනට වකුගඩු රෝගය පවතින බොහෝ ප්‍රදේශ අතීතයේ දී අධික ජනගහනයක් ජීවත් වී පසු කාලීනව ජන ශූන්‍ය ප්‍රදේශය. මේ සඳහා ඉතිහාස ගත කරුණු සහිත මහා වංශය, ථූපවංශය ඇතුළු ඓතිහාසික ලිත සාධක මතු නොව පුරා විද්‍යා නටබුන් සහ ජනප්‍රවාද ද සාක්‍ෂි සපයයි.
රාමායන ජනප්‍රවාදවලට අනුව රාවණා රාජ්‍ය කරවන කාලයේ ලොක්‌ගල්ලාව (මහියංගණය), ලකේගල (ලග්ගල) ආදී ප්‍රදේශ හා බැඳී ඇති ජනප්‍රවාද බොහෝ ඇත. මේ ජනප්‍රවාද කියන්නේ අඩුම තරමින් වසර දහස් ගණනක සිට රජරට පැවති සශ්‍රීක ජනවාස ස්‌වරූපයයි.
බුදුන් වහන්සේ ලක් දිවට වැඩම කළ කාලයෙහි "සිව වටුක" නමින් යක්‌ෂ ගෝත්‍රික රජු යටතෙහි ලක්‌දිව පාලනය වී යෑයි මහාවංශය කියයි. එකල ද මෙම ප්‍රදේශය පුරා යක්‌ෂ, දේව සහ නාග ගෝත්‍රික ජනතාව ජීවත් වූ බවට වන කතා මහාවංශයේ කොතෙකුත් වේ.
දුටු ගැමුණු මහ රජතුමා රට එක් සේසත් කළ සංග්‍රාමයේ දී සතියක් මහියංගණ ප්‍රදේශයේ කඳවුර බැඳ සිටි බව ද මහාවංශකරුවා දක්‌වයි. මෙතෙක් ආ දුරට වඩා බිහිසුණු යුද්ධයක් එතැන් සිට ඇති බැවින් සේනා විවේක ගන්වා ඇත්තේ විශාල සතුරු සේනාවක් මෙම ප්‍රදේශය තුළ ජීවත් වූ බැවිනි. පසු කාලීනව සේලාභය කුමරුට සඟබෝ (සිරි සඟබෝ) යන නම් තබන ලද්දේ ද බොහෝ දියුණුව තිබූ මහියංගණය රජ මහා විහාරයේ දී ය. මහාවංශය ලියෑවෙන්නේ පස්‌වන සියවසේදීය. අඩුම තරමින් පස්‌වන සියවස වනවිට වත් මේ රජරට වියළි කලාපය මනා ලෙස ජනාවාසව තිබෙන්නට ඇති බව පැහැදිලිය. දැනට වකුගඩු රෝගය බහුලව පවතින ප්‍රදේශ එකල මහා ජනකායක් සහ සෞඛ්‍ය සම්පන්න මිනිසුන් ජීවත් වූ ප්‍රදේශයක් බවට මේ පවත් සාක්‌ෂි දරයි.
දුටු ගැමුණු රජතුමා රට එක් සේසත් කර මියුගුණ සෑය කරවා වෙහෙර විහාර තැණු පසු නැවත මෙම ප්‍රදේශයේ සංවර්ධනයක් හෝ ජනජීවිතය පිළිබඳව විශේෂ වූ යමක් ගැන වංශ කතාවල වාර්තා නොවේ. නැවත මේ අඩවියේ සංවර්ධනය පිළිබඳ කතා ඇසෙන්නේ 1980 දශකයේ මුල් භාගයේදීය. ඒ එදා සොරබොර ජනපදය පිහිටුවා ජනපද වාසීන් පදිංචි කරන විට එහි පදිංචි කිරීම සඳහා ගිරාඳුරුකෝට්‌ටේ ප්‍රදේශයේ ඉතිරිව සිටියේ පවුල් 21 ක් පමණි. මාගමින් වහලයට නැගි කුකුළා පොළොන්නරුවෙන් බැසිය බවට ජනප්‍රවාදයේ සඳහන් වුවත් මෙම බිම් තීරුවේ විසූ සෞඛ්‍ය සම්පන්න ජනයා මෙම සශ්‍රීක බිම හැර ගියේ මන් ද? 1980 මහවැලි ජානපදිකයන් පදිංචි කරවන තෙක් මෙය පවුල් කිහිපයක් පමණක් ජීවත් වූ ප්‍රදේශයක් බවට පත්වන්නට තරම් සංග්‍රාමයක් හෝ වෙනත් වසංගතයක් පිළිබඳව වංශකතාවන්හි සඳහනක් නොමැත. ජන ශූන්‍ය වන්නට තිබූ එක ම සාධකය වන්නේ වර්තමානයේ දක්‌නට ඇති වකුගඩු අකරණය නමැති නරක ලෙඩේ නොවන්නේ ද?
භූ කම්පන පිළිබඳ ඉතිහාසයේ සඳහන්ය. කැලණිතිස්‌ස රජ දවස මුහුද ගොඩගැලු බවට කියනා කතාව ඒ අතුරින් එකකි. අප මෑතකදී අත්දුටු සුනාමි ව්‍යසනය ඒ අතීත කතාවට වර්තමාන සාධක සපයයි. මෙම භූ කම්පන වලින් පොළොව අභ්‍යන්තරයෙහි සිදුවූ පැළීම් හරහා වකුගඩුවලට හානි කළ හැකි යම් රසායනයක් කාලයක් තිස්‌සේ පොළොව මතුපිට තැන්පත් වීමට ඉඩක් තිබේ. මේ අභ්‍යන්තර භූ චලන ජලයේ ස්‌වරූපය වෙනස් කරනා ආකාරය ගැන සරල නිදසුනක් දැක්‌විය හැකිය.
නැගෙනහිර පළාතේ පදියතලාව ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයේ ස්‌වාභාවිකව ම පොළොව මතුපිටට ජලය ගලා එන උල්පතක් තිබේ. මෙය දුටු, හිටපු ජනාධිපති ආර්. ප්‍රේමදාස එයට නළයක් සවි කර පොළොවේ සිට අඩි 07 ක් පමණ උසින් ජලය වහනය වීමට සකස් කළේය. සුනාමි දිනයේ උදෑසන එම ජල උල්පතෙහි ජලය ගලා ඒම ක්‍රමක් ක්‍රමයෙන් නැවතී පැය කිහිපයකින් මඩ සහ කුඩා පාෂාණ කැබැලි සමඟ සෙමින් සෙමින් නැවත ආරම්භ විය. දැන් මේ ජල උල්පතෙන් සුපුරුදු ලෙස ජලය ගලා එයි.
ගැඹුරු ළිංවලින් ගන්නා ජලය පානය කරන අය වැඩිපුර රෝගයට ලක්‌වන බවක් ද පෙනෙන්නට තිබේ. මතුපිට ගලා යන ජලය පානය කරන්නන්ට සහ උස කඳු මුදුන්වල උස් ප්‍රදේශවල ජීවත් වන අයට මෙම රෝගයෙන් බලපෑම් නොමැත. මේ කාරණා නැවත නැවත අධ්‍යයනය කරනු වටී. මේ අප විසින් රටේ විද්වත් පාර්ශ්වවලට සිතන්නට යෝජනා කරනා එක් මානයක් පමණි. එය සාධාරණ නම් ඒ ඔස්‌සේත් පර්යේෂණ මෙහෙයවා විමසා බැලීම අපතේ යැමක් නොවන බව පමණක් විශ්වාසය.
එස්. බී. සොමිපාල, භාණ්‌ඩාගාරික, වකුගඩු අරමුදල
http://www.divaina.com/2013/09/08/feature07.html
සබැඳි ලිපි -
[
ලෝක සෞඛ්‍ය සංවිධානයේ අවසන් වාර්තාව අනුව රජරට වකුගඩු රෝගීන්ගේ මුත්‍රාවල ආසනික් ප්‍රමාණය ග්‍රෑම් 1කට මයික්‍රෝ ග්‍රෑම් 92.44 තෙක් වැඩියි - චන්න ජයසුමන
http://denethharinna.blogspot.com/2013/08/1-9244.html
]

2 comments:
වකුගඩු රෝගයක් තියේනම් ඒකට විසඳුම් හොයන්න කරන්න තියෙන්නෙ මුලින්ම දියුනු වෛද්‍ය විද්‍යාත්මකව විසඳුම් හොයන එක. එහෙම නැතුව ඉතිහාස පොත් පෙරලලා පස්ට පල් කෙබර ඇදබෑවට ඒ පැත්තෙ මිනිස්සුන්ට අබ මල්රේණුවක සෙතක් වෙන්නෙ නැහැ..
Monsanto has been created many enviramental problem & helth problem to get high profite. yellow wish colour may be due Jondise (Viral hepataitis )
Post a Comment