දෙමළ ජාතික සන්ධානය විසින් උතුරේ පළාත් සභා මැතිවරණය වෙනුවෙන් එළිදක්වන ලද ප්‍රතිපත්ති ප්‍රකාශය, මේ රටට හිතැති වූද පොදු ජාතික සමගිය අපේක්ෂා කරන්නා වූද සියලු දේශපාලන පක්ෂවලද වෙනත් ස්වාධීන ආයතනවලද බුද්ධිමත් ජනතාවගේද දැඩි අවධානයට යොමු විය යුත්තකි. මෙය මැතිවරණයක ජයග්‍රහණය අපේක්ෂාවෙන් ඡන්දදායකයා ආකර්ෂණය කරගැනීම සඳහා ඉදිරිපත්වූ ලියවිල්ලකැයි අපි කිසිසේත් නොසිතමු. සාමාන්‍යයෙන් මැතිවරණ ප්රකාශනවල එබඳු ජයග්‍රාහී අරමුණු සඳහා කෙරෙන යෝජනා අඩංගු වේ. එහෙත් මේ ලියෑවිල්ල එලෙස සරලව සැහැල්ලුව සැලකිය යුතු එකක් නොවන බව අපි ඉඳුරා කියන්නෙමු.
මෙය ඉතා පැහැදිලිවම ඊළාම්වාදී විස සඟවන ලද්දාවූද බෙදුම්වාදයේ අපේක්ෂාවන් උදෙසා පෙනී සිටින්නාවූද බිහිසුණු ලේඛනයකි. මේ සියලු විජයග්රහණ ආපසු හරවන්නා වූද මේ රට කැබලි කිරීමට බලා සිටින බටහිර අධිරාජ්‍යවාදීන්ගේ රූකඩ බවට පත්ව සිටින ප්රතිගාමිත්වයට අවකාශ සලසන්නාවූ ද දුෂ්ට ලියෑවිල්ලකි. එය ඉතා පැහැදිලිවම µeසිස්ට්වාදී ප්රභාකරන් වළෙන් ගොඩ ගෙන ඔහුට ගෞරව දැක්වීම සඳහා ඉදිරිපත් කරන ලද ප්රකාශනයකි.
දෙමළ සන්ධානයේ සැබෑ මුහුණුවර හෙළිකරන මේ දුෂ්ට ප්රකාශනය උතුරේ අහිංසක ජනතාව ලවා අනුමත කරවාගෙන නීතියේ හා සාධාරණත්වයේ සළුපිළි පළඳවා සමාජගත කිරීම මතු දවස හා බැඳෙන ව්‍යාපෘතියක ප්‍රථම පියවරද වන්නේය. මේ රටට විදේශ මැදිහත්වීම් සිදු කිරීම සඳහා ඉන් නොමඳව අනුබල ද අනුග්‍රහ ද ලැබෙන්නේය.
අපි පළමුවෙන්ම ඒ යෝජනා මාලාව සංක්ෂිප්තව විමසා බලමු. දෙමළ සන්ධානයේ පැහැදිලි ස්ථාවරය වී තිබෙන්නේ උතුරු නැගෙනහිර දෙමළ නිජබිම් ලෙස පිළිගත යුතු බවත් දැනට වෙන්ව තිබෙන ඒ පළාත් දෙක ඒකාබද්ධ කළ යුතු බවත්ය. මෙහි හරය වන්නේ ඒ පළාත් සඳහා ෙµඩරල් පාලනයක් ලබාදිය යුතු බවය. ඒ පාලනය සඳහා මධ්‍යම රජයේ කිසිදු මැදිහත්වීමක් ඔවුහු නොඉවසති. දෙමළ ජනතාවගේ ස්වෛරී අයිතියක් වන එම පළාත් පාලනය කිරීමට ආණ්ඩුවට අයිතියක් නැති බවද එයින් කියෑවේ.
මෙහිදී අප පළමුවෙන්ම නගන ප්රශ්නය නම් උතුරේ ඡන්දය සඳහා නැගෙනහිර ඈ¹ ගැනීමට තිබෙන අවශ්‍යතාව කුමක් ද යන්නය. මේ වන විට නැගෙනහිර වෙනම පළාත් සභාවක්ද සක්‍රීයව පවතී. එසේනම් මේ කියන ආකාරයට උතුරේ ජනතාවට නැගෙනහිර ගැන තීරණයක් ගත හැකිද? අනෙක් අතට දෙමළ සන්ධානය කිසිදු හිරිකිතයකින් තොරව යෝජනා කරන්නේ ප්රභාකරන් සමග දේශීය වශයෙන් වළලා දැමූ ඊළාම් සටන වෙනත් ආකාරයකින් ලබා ගත යුතු බව නොවේද?
අද උතුරේ ජනතාවට වුවමනා තමන් ඇතුළු අහිංසක ජනතාව තිස් වසරක් විඳ වූ, පීඩනයට ලක්වූ ඊළම ලබාගැනීම යෑයි අපි කිසිසේත් නොසිතමු. එබඳු අභිලාෂයක් ඇත්තේ මේ නායකයන් ලෙස පෙනී සිටින ස්වල්ප දෙනකුටත් බටහිර අධිරාජ්‍යවාදයේ සෙවණ යට වැඩෙන ඊනියා දෙමළ ඩයස් පෝරාවටත් බව අපි හඟිමු.
දෙමළ සන්ධානයට වුවමනා සිංහල, දෙමළ, මුස්ලිම් ජාතික සමගියක් නොව ඔවුන් වෙන වෙනම බෙදා සිය ගුප්ත අරමුණු ඉටුකර ගැනීමටය. දෙමළ සන්ධානය අදටත් සිය ගැලවුම්කාරයන් ලෙස පිළිගන්නේ බටහිරයන්ය. ඔවුන්ගේ මනස තුළ ඇත්තේ සිංහල ආණ්ඩුවකින් තමන්ට යුක්තිය ඉටුනොවන බවය. මේ ඊනියා අධම මානසිකත්වය තිබුණේ ප්‍රභාකරන්ටය. ප්රභාකරන් විසින් බලයෙන් සහ අවියෙන් තමන් වෙත නම්මවා ගත් දෙමළ වැසියන්ට ද ඔවුන්ගේ දරු පවුල්වලට ද ඔහු මේ මානසිකත්වය කදිමට කවා තිබුණි.
ප්රභාකරන් සහ ඔහුගේ දරු පවුල සුපිරි ජීවිත ගෙවමින් වන්නියේ සුවපහසු මැදුරුවල දිවි ගෙවද්දී අහිංසක දෙමළ වැසියෝත් ඔවුන්ගේ දරුවෝත් සයිනයිඩ් කරල් ගෙලෙහි එල්ලා ගෙන සටන් බිමට ගියහ. එහි පලයක් ලෙස උතුරේ මෙන්ම දකුණේ ද ලේ ගංගා ගලා ගියේය. අහිංසකයන්ගේ ජීවිත දහස් ගණනින් වීදිවලද, මහා මාර්ගවලද නිවෙස්වල ද වෙන නොයෙක් තන්හිද මිනී කඳු ලෙස ගොඩගැසෙන්නට විය. බෝම්බ පිපිරීම්, වෙඩි තැබීම්, මහ රෑ ගම්වලට පැන සමූහ ඝාතන යනාදී සියලු විපත් මේ රටේ සාමාන්‍ය දේවල් බවට පත් විය. පුදබිම යුද බිමක මෙන් ලෙයින් නැහැවිණි.
ඉතිහාසයේ අන්ධකාර යුගය අවසන් කිරීම සඳහා මේ රටේ ජනතාව එක පෙළකට එක ගොඩකට එකතු වෙද්දී ආරක්ෂක අංශ අධිෂ්ඨානයෙන් හා වීරියෙන් පමණක් නොව ජීවිත පරිත්‍යාගයෙන්ද ක්‍රියා කළ අයුරු යළි විස්තර කළ යුතු නැත. ප්රභාකරන්ට හෝ ඔහුගේ µeසිස්ට්වාදී සැහැසිකම්වලට අබැටකින් තරම්වත් විරෝධයක් නොව කනස්සල්ලක්වත් පළකිරීමට ධෛර්යයක් නොතිබුණු දෙමළ සන්ධානය අද ඒ පිළිවෙත යළි ජනතාවට ඉදිරිපත් කර තිබෙන්නේ ඇයි?
උතුරේ ජනතාවට වුවමනා අද නිදහස් ජීවිතයකි. ඔවුන්ගේ දරුවන්ට අධ්‍යාපනය, රැකියා මෙන්ම සෞඛ්‍ය පහසුකම් ඔවුන්ට වුවමනාය. අහිමි වී ගිය ඉඩම, කුඹුර ආපසු ලබාගැනීමය. විනාශ වී ගිය ජීවිතය ගොඩනගා ගැනීමය. උතුරේ ජනතාවගේ කරපිටින් බලය, සමෘද්ධිය, වැජඹීම අවශ්‍ය දෙමළ නායකයන්ටය. එයත් තම අභිමතය පරිදි පවත්වාගෙන යන්නටය.
අපි දෙමළ සන්ධානයෙන් තවත් එක ප්‍රශ්නයක් අසන්නෙමු. උතුර නැගෙනහිර පාරම්පරික නිජභූමි නම් මේ රටේ අනෙක් ප්‍රදේශවල ජීවත් වන දෙමළ ජනතාව වෙනුවෙන් ඔබලා ගන්නා පියවර කුමක්ද? හරියටම ඉරක් ගසා ඒ දෙපළාත වෙන් කරගෙන හිතුමතේ රජ වෙන්නට ඔබලා සැරසෙන්නේ අනෙක් පළාත්වල දෙමළ ජනයා නොතකන හෙයින්ද?
කුමක්ද මේ පංගුපේරුව? කාගෙද මේ සීමා මායිම්? මේ රටේ අනෙක් ජනතාව සමග ඔබලාට ජීවත් වන්න බැරි ඇයි? මේ පුංචි රටේ තවත් බෙදීම් කුමටද? නවිපිල්ලෙලාට හෝ බටහිර ඊනියා මානවහිතවාදීන්ට හෝ වුවමනා මේ රටේ ජාතික සමගිය නොවන බවද මතක තබාගන්න. ඔවුන්ට වුවමනා බෙදුණු රටකි. බිඳුණු සමගියකි. කුමටද? මේ රටේ ස්වාභාවික ජාතික සම්පත් කොල්ල කෑමටය. සිංහල බෞද්ධයා වැනසීමටය.
දෙමළ සන්ධානය සැරසෙන්නේ සිය මැතිවරණ ප්‍රකාශය ජනතාවට පෙන්වා යළිත් සිඳී බිඳී ගිය ඊළාම් අපේක්ෂාවන් කරළියට ගෙන ඒම බව ඉතා පැහැදිලිය. උතුරේ මහ ඇමැති පුටුව දෙස බලා සිටින විග්නේශ්වරන් මහතා මේවා අනුමත කරන්නෙහිද? පසුගිය දිනක ඔහු අමිර්තලිංගම් හා නීලන් තිරුචෙල්වම් ඝාතන සිදුවීම් අනුමත නොකිරීම දෙමළ සන්ධානයේ කනස්සල්ලට හේතු වූ බවද වාර්තා විය.
අපි විග්නේශ්වරන් හිටපු ගරු විනිසුරු උතුමාණන්ට මෙසේ කියමු. ඔබ මේ රටේ යුක්තිය පසිඳ ලූ ජනතාව හිස නමා කළ ගෞරවය පිළිගත් ප්රභූවරයෙකි. එහෙත් දැන් ඔබ දෙමළ සන්ධානයේ ඊළාම්වාදයේ කසකරුවෙක් මෙන්ම එහි මෙහෙයුම්කරුවෙක් බවට ද පත්ව සිටින්නෙහි නම් ඔබගේ විනිශ්චයන් පිළිබඳව ද රටට ප්‍රශ්නයක් මතු නොවේද? ප්රභාකරන්ට කෘතගුණ දක්වා ඔහුගේ අභාවයට මල්වඩමක් තැබීමට සූදානම් වූ නවනීදන් පිල්ලේ මහත්මිය මෙන්ම ඔබත් සූදානම් වන්නේ උතුරේ ජනවරම භාවිත කරමින් සිංහල, දෙමළ, මුස්ලිම් සමගියට මල්වඩමක් තැබීමටද? මේ රට විනාශ කළ දෙමළ ජන ජීවිතය වසර ගණනකින් ආපස්සට ඇද දැමූ µeසිස්ට්වාදී නායකයකු සමග ඔබට එක්විය හැකිද? ඊළාම්වාදයේ මළකඩ බැඳුණු දෙමළ සන්ධානයේ ජාතිවාදී නායකයන් සමග එක්ව උතුරට ලබාදිය හැකි විමුක්තිය කුමක්ද? ඔබම සිතා බලනු යෙහෙකි.
http://www.divaina.com/2013/09/08/editorial.html
සබැඳි ලිපි -
[
ටී. එන්. ඒ. ප්රකාශනයට පක්ෂ බහුතරයක් විරුද්ධයිhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_9.htmlඅප ඔවුන් හමුවිය යුත්තේ නන්දිකඩාල් කලපුවේදීමද?http://denethharinna.blogspot.com/2013/09/blog-post_5902.htmlද්‍රවිඩ ජාතික සන්ධාන මැතිවරණ ප්‍රකාශයෙන් පැහැදිලි වන්නේ වෙනම රාජ්‍යයක් ගොඩනැගීමේ අරමුණයි - අනුර කුමාර දිසානායකhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_8717.htmlඉඩම් - පොලිස් - සෞඛ්‍ය - අධ්‍යාපන සම්පත් මෙන්ම ස්වයං පාලනයක් ටීඑන්ඒ ඉල්ලයි. "ෆෙඩරල් ක්‍රමය යටතේ උතුර සහ නැගෙනහිර ඒකාබද්ධත් කළ යුතුයි"http://denethharinna.blogspot.com/2013/09/blog-post_8717.html
]

0 comments:
Post a Comment